ලෝකෙට ආපු අය

Thursday, January 19, 2012

පොරොන්දුව


මා හද සනසමින්
තෙපලමින් මුදු වදන්
දයාබර...
කෙසේ අමතක වේද මා හට
නුඹම දුන් ඒ අරුම ප්‍රේමය

මහද පුදසුන ඔබටම
සදා කැපකර...
බලා හිඳිමි මම
එනතුරා 
අපට (අ)හිමි
සොඳුරු වසන්තය
පැතුමන් පිරුණු දෑසින්...

මගේ සවනත නිබඳ රැව් දෙන
නේක රැවුම් ගෙරවුම් වල
නිමක් නැති මුත්,
පියමනිමි මම දිරිය ගෙන
මේ රුදුරු දිවි මාවතේ...
සදා ඔබ මා පසුපස
හිඳී නම් සෙවණැල්ල සේ...

ප.ලි - මේක මම දැනට අවුරුදු 2 කට විතර කලින් ලියපු එකක්.. අද මට හම්බුණා.ඔන්න දැම්ම ඔයාලටත් බලන්න.

52 comments:

  1. කවුද ඉතින් මේ "ඔබ" කියන්නේ? :)

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ ඉතින් .... හිතා ගන්න අෆ්ෆා...

      Delete
  2. ලස්සන කවි පෙලක්... සයුරි අක්කා ඇහුවත් වගේ කවුද මේ "ඔඹ"??

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔය කියල තියෙන්නෙ හෙවනැල්ල ඇතිව වෙන කවුද... :D

      Delete
    2. ඔබ නොදු‍ටු කෙනෙක්වත් ද...

      Delete
    3. @Dinesh
      ඔබ කියන්නෙ... ඉතින් ඔයාට හිතා ගන්න බැයිද අෆ්ෆා...

      @පොඩි මෑන්
      අන්න පොඩ්ස්ට තේරුණා නේ... සන්තෝසයි !!!

      @ඔබ නොදුටු ලොවක්
      නෑ නෑ දුටු කෙනෙක් !!

      Delete
  3. ම්ම්ම්... ලස්සනයි! ඉතින් කෝ ඒ සෙවණැල්ල... ?

    ReplyDelete
    Replies
    1. සෙවණැල්ල අතුරුදහන් වෙලානේ :(

      Delete
  4. පසුපසින් රැදෙන - කළු පාට සෙවනැල්ල
    නොවී දිවි මාවතේ - පටලන්න සුලැගිල්ල

    පට්ට පට පට !

    ReplyDelete
    Replies
    1. සුලැඟිල්ල පටලන්න - තව බොහෝ කල් ඇතිය
      පැටලෙන්න කලින් මට - කරන්නට වැඩ ඇතිය

      මෙන්න වෙඩි පුපුරනෝ!!!

      Delete
  5. :-/
    සෙවණැල්ල කියන්නෙ ඉතින් අර අරයනේ!;-)

    ReplyDelete
    Replies
    1. ආහ්... ඔය මල්ලිටත් තේරුණේ, අර අරයා තමා.. :)

      Delete
  6. ඉතින් ඊට පස්සේ ?...... ( අවුරුදු දෙකකට කලින් කිව්වා හින්දා)

    ReplyDelete
    Replies
    1. ඕක මුලින් දාන්න ඕන කවි ටිකනේ. මේක බලලා ගිය මාසේ කවි ටිකත් බලන්න අෆ්ෆා...

      Delete
  7. හ්ම්ම් ලස්සනයි බන් පට්ට හැකියාව

    ReplyDelete
    Replies
    1. එල එල බං... මාසෙකට එකක් වත් දාන්නයි හිතන් ඉන්නේ..:)

      Delete
  8. ම්ම්ම්ම්....ලස්සනයි...

    ReplyDelete
  9. ගොඩක් ලස්සනයි
    හිතට දැනෙන්න ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලස්සනක් නම් මම දන්නේ නෑ අයියේ, හිතට දැනුන දේ වචන කළා.. හැබැයි අවුරුදු දෙකකට උඩදී..:)

      Delete
  10. //පියමනිමි මම දිරිය ගෙන
    මේ රුදුරු දිවි මාවතේ...
    සදා ඔබ මා පසුපස
    හිඳී නම් සෙවණැල්ල සේ...//

    ම්ම්.. ලස්සන කවි පෙළක් ශානියෝ.. ඇත්ත තමා, ඕනම දේකට ධෛර්‍ය ලැබෙනවා අපිට ළඟ, කිට්ටු, අඅදරේ කරන කෙනෙක්ගෙ ඇල්ම බැල්ම තියෙනවනම්...ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. ඒත්, ඒ ඇල්ම බැල්ම නැතිව ගියොත් මොකද කරන්නේ???

      Delete
  11. හරිම ලස්සනයි අක්කේ අවුරුදු දෙකකට කලින් මෙහෙම නම් දැන් කොහොමද තත්වේ

    මම දුර තනිවෙලා
    ඔබ ගැන සිහිකලා
    සිහිනෙන් අමතලා
    මුළු රැය එලිකලා

    දැකගන්නට ඔබෙ රූ
    තව වෙයි පමා
    ඒ ටික දින ඉන්නම්
    මේ දුක දරා
    ඔබ දකිනට එනතුරු
    මට ලංවෙලා
    ඉන්නා එක සතුටක්
    දුරකතනින් ඔයා

    ඕං මගෙනුත් අමාරුවෙන් ගැටගහගත් කවියක් වගේ එකක්....දිගටම ලියන්න අක්කේ

    ReplyDelete
    Replies
    1. මේක තමා මුලින් දාන්න ඕන කවිය, අවුරුදු දෙකකට පසු කවිය දෙසැම්බර් මාසේ ලිව්වේ.. හොඳ මල්ලි වගේ බලන්නකෝ..

      නෙතඟින් ගැලූ කඳුලැලි වල නිමක් නැතී
      මසිතින් සිතූ සිතුවිලී කෙළවරක් නැතී
      හැර මා ගියත් මගෙ හිත තරහකුත් නැතී
      කොහෙ උන්නත් යහතින් නම් එයම ඇතී

      ඔයාගේ කවියක් වගේ එකට මගෙනුත් ඒ වගේ එකක්.. මාසෙට එක පාරක් වත් කවි ටිකක් දාන්න හිතන් ඉන්නවා...(මම 2004 දී 9 වසරේ)ස්තුතියි මල්ලි...

      Delete
    2. ආ මම එතකොට 8 වසරේ හි හි...පද ගැලපීම නම් මාරයි සුපිරියි මෙන්න මේවා තමයි කවි කියන්නේ එල එල ජයවේවා දිගටම ලියමු අක්කේ....

      Delete
  12. එතන එක සෙවනැල්ලක් නෙවෙයි සෙවනැලි දෙකක්.අනෙත් එක කාගේද?

    ReplyDelete
    Replies
    1. ඈ... කොහෙන්ද අෆ්ෆා ඔයාට විතරක් සෙවණැලි දෙකක් පෙනුණේ?? මට පේන්නෙත් නෑ නේ!!!

      Delete
  13. අපූරු පද පෙළක්නේ අක්කෝ........ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන ඒවා තමා නගෝ... තැන්කු ඈ..:)

      Delete
  14. අවුරුදු දෙකක් පරණ කවියක්,අවුරුදු දෙකකට පස්සෙ මේ කවිය තාම වලංගුද?
    කවිය ලස්සනයි ගොඩක්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ, දැන් අවලංගුයි... ඔයත් දෙසැම්බර් මාසේ කවිය ටිකක් බලන්න තරහ නැතුව ඈ..:)

      Delete
  15. මේ කවිය කාටද කිව්වේ ??
    දැන් එතකොට කාටද ඔබ කියලා කියන්නේ ?
    කවි සෙට් එක ලස්සනයි !!!

    ReplyDelete
    Replies
    1. ඇයි අර පොඩි මෑන්ස් කිව්වෙ... මගෙ හෙවනැල්ලට තමා අෆ්ෆා..

      Delete
  16. ආහ් මේ පරණ සීන් එකක්ද? එහෙනම් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි අලුත් සීන් එකක්නම් මොකද?

      Delete
    2. යකෝ මේකිගේ සද්දේ බලපන්කො දැන්...!

      Delete
    3. @Kasun
      හ්ම්ම් හ්ම්ම් පරණ සීන් එකක් තමා...!! කමක් නෑනෙ නේ :)

      @වර්ණා
      අනේ උඹල දෙන්න ඕකටත් වලිද? වර්ණෝ මේක පරණයි බං. අලුත් එක වැරදිලා කලින්ම දැම්මනෙ ගිය මාසෙ :( දැන් දෙන්නම සද්ද බද්ද නැතුව ඉන්න ඕනා..

      Delete
    4. මට බෑ සද්ද නැතුව ඉන්න :/

      Delete
  17. "පියමනිමි මම දිරිය ගෙන
    මේ රුදුරු දිවි මාවතේ...
    සදා ඔබ මා පසුපස
    හිඳී නම් සෙවණැල්ල සේ..."

    මම ආසම ටික ඕක
    ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරිත් කිව්වේ ඒ ටික ගොඩක් ලස්සනයි කියලයි.. ඉතින් ඔයත් ආස ඒ කොටසටමද?

      Delete
  18. අයියෝ තීම් එක මාරු කරලා.... මේකට වඩා කලින් එක ලස්සනයි, බ්ලොග ලෝඩ් වෙද්දි මම හිතුව වෙන යූ.ආර්.එල්. එකකට ආවද කියල, බලද්දි තීම් එක මාරු කරල... අනේ ශානි අක්කේ කලින් තීම් එකම දාමුකෝ... ඒක එළම කිරි... මේක යටින් ස්ක්‍රොල් වෙනව, ඒ නැතත් පරණ එක තමා භාණ්ඩෙ.. ඒක දාමුකෝ....////
    හැබෑටම මේ “ඔබ“ දැන් කෝ අක්කේ... ලඟ පාතකද... දුර ඈතකද...?? දැන් එයා ඔයාගෙ සෙවනැල්ල හැටියට වැඩ බාර අරන්ද...?? නැත්තම් ඔයා පත්වීම් ලිපිය වෙන කාටහරි දුන්නද.. එයා වෙන කාගෙ හරි පත්වීම් ලිපියක් භාරගත්තද...?? හැක්...හැක්... නිසඳැස නම් ලස්සනයි ඈ... එළම කිරි... ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි... නිල් පාටට මම ගොඩාක් ආසයි. ඒකත් මේක දාන්න හේතුවක්. වෙන කවුරුත් නම් ඔය වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ නෑ.. බහුතරයකගේ කැමැත්ත ලැබුනොත් ආයේ වෙනස් කරන්නම්කො..

      ඔයත් මම දෙසැම්බර් මාසේ ලියපු කවිය කියවන්නකෝ තරහ නැතිව... මේක අවුරුදු දෙකකට පෙර... ඒක අවුරුදු දෙකකට පසු..

      ජයවේවා!!!

      Delete
    2. හ්ම්.. මගේ තියෙන්නෙ ඩෙස්ක් ටොප් මැෂිමක් නෙව, මොනිටරේ හරි හතරැස්, ඒක වෙන්න ඇති මගේ ස්ක්‍රොල් වෙන්නෙ, ඔයාලගෙ ලැප් පුළුල් තිරනෙව... අවුලක් නෑ මම පොඩි කරල බලනව.. ඒක නෙමෙයි දැන් දෙසැම්බර් කවිය හොයන්න එපැයි ඔක්කොටම ඉස්සෙල්ල... ජය ශ්‍රී..!!!

      Delete
    3. හරි.. බඩු හෑව්..!!! චැක් මම මහ චාටර් ප්‍රශ්නයක්නෙ අහල තියෙන්නෙ. මම නිකම් ජොලියට වගේ ඇහුවෙ, ඒත් ඒක සැර වැඩිද මන්ද.. හිත රිදුන නම් සොරි ආ... ඕන්නැති කුණු ගොඩක් ඇවිස්සුව නෙමෙයි නිකම්ම කුණු බක්කියට අතගියා... දිගටම ලියන්න අක්කා..
      ජය ශ්‍රී..!!!

      Delete
    4. අවුලක් නෑ මල්ලි.. මසකට වරක් නිසඳැසක් කියෙව්වම ඇති නෙව.. :)

      මේ, ඔයා කොහොමද කමෙන්ට් අස්සේ ලින්ක් දාන්නේ මල්ලි..???

      ජයවේවා!!!

      Delete
    5. මන්ඩිපාල පොඩි වැඩක් තියෙන්නෙ, මේකෙ ඒක පෝස්ට් කරන්න දෙන්නෑ.. mandipala@gmail.com එකට නිකම් ඊයක් එවන්නකො, මම කෝඩින් එක එවන්නම්...
      මේ විදියෙ නිසඳැසක් නම් මාසෙකට වරක් කියෙව්වත් ඇති තමා... හැක්... හැක්...
      ජය ශ්‍රී..!!!

      Delete
  19. අපූරු හැකියාවක්........දිගටම මෙවන් ලස්සන දේ ලියන්න...මගෙන් සුභපැතුම්...මොබට ජය....!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි සහෝ..!! දිගටම නිසඳැස් නම් ලියන්නේ නෑ.. අතරින් පතර, මසකට වරක්.. ආයෙත් එන්න.. ජය වේවා!!!

      Delete
  20. ඹන්න ලව්...

    ReplyDelete
  21. හ්ම්ම්... සිරා... මේ පැත්තට ආවටයි කමෙන්ට් කළාටයි ස්තුතියි... :)

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..