ලෝකෙට ආපු අය

Friday, January 13, 2012

වැඩිපුරම කැමති?

මම ඔය ගෙදරට වෙලා ඉන්න අතරේ මට එක එක පිස්සු විකාර කල්පනා වෙනවා නේ.. ඉතින් මේකත්  එහෙම මතක වෙච්ච පිස්සු කේස් එකක් තමා. මේක රස්සා කරන අයට ඒ තරම් අදාළ නෑ. ඒත් ඉගෙන ගන්න අයට වැදගත් දේවල් කීපයක් ගැන තමා මම අහන්නේ. ඒවත් හරිම සිම්පල් ඒවා.. රස්සා කරන අය උනත් හිතෙන් පොඩි වෙලා හරි උත්තර දුන්නට අවුලක් නෑ. දැන් මගේ ප්‍රශ්නේ....

ඔයාට වැඩියෙන් වටින්නේ 

1.පැන්සලක්
2. මකනයක්
3. අඩි රූලක්



ම්ම්ම්... තව කියන්න ඕන මේ පැන්සල එකක් රතු පාට මෝස්‌තර තියෙන එකක්... අනික කහ පාට මෝස්‌තර තියෙන එකක්. 

මකනයත් ඒ වගේම රතු පාට කවරයක් තියන එකක් අනික කහ පාට මෝස්තරේ...

 පැන්සල් දෙකම එක පාර ගන්න බෑ. මකන දෙකම එක පාර ගන්නත් බෑ. ( කරුමෙට මගේ ආසම පාට නම් නෑ) 

එතකොට අඩි රූල එහා මෙහා කරද්දී රූප දෙකක් පේන එකක්. 

දැන් ඔය අය්යල අක්කල නංගිලා මල්ලිලා මට කියන්න බලන්න මේ කියන ද්‍රව්‍ය තුනෙන් එකක් තෝර ගන්න කිව්වොත් ඔයාල තෝරාගන්න දේ මොකක්ද? නිකන්ම බෑ, හේතුවකුත් ඕන.. 

මගේ පිළිතුර දවස් දෙකකින්... 

43 comments:

  1. මොනවා කියනවද මන්දා?
    මටනම් එකක්වත් එපෝ

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ... මොකක් හරි එකක් කියන්න ඕනා

      Delete
  2. මාව මොංගල් උනාද මන්ද ...................මන් නම් කැමති රතු පාට පැන්සල ගන්න මොකද පැන්සලෙන් චිත්‍රයක් වත් අදින්න පුළුවන් නේ ............රතු ගන්නේ රතු පාටට මන් අස නිසා

    ReplyDelete
  3. වයසක අපිට තහනම්ද?

    ReplyDelete
    Replies
    1. හෆෝයි නෑ විවෘත ප්‍රශ්නයක්... ඔයාටත් උත්තරයක්‌ තියේ නම් කියල යන්න..

      Delete
  4. රතු පාට පැන්සල තෝරගන්නව මම....
    මම හරි ආසයි...

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මම කහ පාට පැන්සල තෝර ගන්නවා.
    හේතු -
    1. මම මේ ලෝකේ අසම පාට කහපාට.(ඉස්සර ඇදුමක් ගත්තොත් ගන්නේ කහ. ළමයී කිව්වේ මට කහ උණ තියෙනවා කියලා.)
    2. පැන්සලකින් හිතේ තියෙන රූපයක්වත් කුරුටු ගාන්න පුළුවන්.
    3. පැන්සලක් නැතුව මකනයක් වැඩක් නෑ. මොකද නොලිය මොනවා මකන්නද? ඒවගේම පැන්සකල් නැතුව අඩිරූලකුත් වැඩක් නෑ. එහෙම වුනොත් රූපේ බල බල ඉන්න වෙනවා. හැබැයී ඉතිං හිතුනොත් කාටහරි ගහන්න පුළුවන්.
    ප.ලි. පණ්ඩිත වැඩිද මන්දා?

    ReplyDelete
  7. දැන් මතක ඇති කාලෙක ඉදන් මම ඔය අඩි රුල්, මකන කියන ජාති නම් පාවිච්චි කරන්නේම නෑ. පැන්සලෙන් නම් ඔය මොනවා හරි කුරුටු ගාන්න බැරිනම් විකුණලා වත් දාන්න බැරියැ. ඒ නිසා පැන්සල ( ඔව්වා ඔක්කොම අපේ කොම්පැනියේ ඒවා වෙන්න ඇති නේ)

    ReplyDelete
  8. ආපු මුල්ම දවසෙම ප්‍රශ්නයක්!:/
    අව්ලක් නෑ,පැන්සල ගන්නවා!(රතු 1)

    ReplyDelete
  9. මම ගන්නෙ රතු කවරෙ තියන මකනයක්.
    හේතුව - මම මකන ඇඟිල්ලෙන් කඩ කඩ ඉන්න ආසයි. අම්මා ඉස්සර මට මකන අරන් දෙන්නෑ ඒ හින්දා. රතු පාට ගන්නෙ ආසා පාට නැති හින්දා..

    ReplyDelete
  10. මම ගන්නෙත් රතු පාට මකනය...මොකක් හන්දද මන්දා මම රතු පාටට කැමතිත් නෑ..ඒ උනත් ඔය වගේ චූටි චූටි දේවල් ගන්න ගියාම ටිකක් තද පාට ( රතු පාට වගේ ) එව්වා ගන්න කැමතියි...

    ReplyDelete
  11. අනිවාර්යෙන් පැන්සලක් ගන්නේ පාට නම් වැඩක් නෑ ඒත් පැන්සලෙන් මොනා මොනා හරි ලිය ලියවත් ඉන්න බැරියැ හි හි

    ReplyDelete
  12. මං ගන්නේ අඩි රූල.. මොකද මේ වගේ ප්‍රශ්න අහන අයට ගහන්න අඩි රූල වැදගත් වෙයි.. හි හි..

    ReplyDelete
  13. නොමිලේ දුන්නත් මම නම් එකක්වත් ගන්නේ නෑ.. මොකද මට ප්‍රයෝජනයක් නැති නිසා.. :)

    ReplyDelete
    Replies
    1. ඔයා මහිම අය්යට හපන් නේ.. එහෙම බෑ. හෙට රෑ වෙන්න කලින් කියන්න ඕන.

      Delete
  14. මේකට උත්තර දෙන්න පුළුවන් ඉගෙන ගන්න කට්ටියට විතරද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අනවශ්‍ය ප්‍රශ්න ... එහෙම එකක් නෑ. උත්තරයක්‌ තියේ නම් කියන්න.

      Delete
  15. අනේ මන්දා...නිකන් දෙනවනම් ඔන්න ඔහේ ඕනි එකක්....

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ.. එකක් කියන්න...

      Delete
  16. මම නම් ගන්නේ මක්කයක් !
    මක්කේ ගත්ත හැටියේ ලවක් දෙවක් නැතුව කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඉස්සර ඉදන් මම් සුවඳ ගහන මක්ක කන්න ආසයි.
    ඒ නිසා මම ඉන්න තැනක කවුරුවත් මක්කයක් පේන්නවත් තියන්නේ නෑ.
    ඔන්න පාටක් කියන්නත් ඕන නිසා රතු පාට !

    රතු පාට මක්කය තමා මම ගන්නේ !

    ප.ලි. - සෙල්ලම ඉවර උනාම ඉතුරු මක්කෙත් ගන්න බැරිද කියලා දැනගන්න කැමතියි.

    ReplyDelete
  17. හරි හරි මට බනිනවා නේ
    ඔන්න මම රතුපාට පැන්සලක් ගන්නවා

    ReplyDelete
  18. අනේ මන්ද. කමක් නෑ ඉතින් මොනවා හරි ගන්න ඕන නේ.:) මාත් රතු පාට පැන්සල ගන්නවා. බට්ටි කිව්වා වගේ පැන්සල නැතුව අනිත් දෙකම වැඩක් නෑ නේ. රතු ගන්නේ කහ වලට වඩා ආස නිසා.

    ReplyDelete
  19. මේ ලෝකේ හැමෝටම පිස්සු හැදිලා තිබුණා නම් කොහොම වෙයි ද.... පැන්සල් හොඳයි, ළඟ ඉන්න කාට හරි අනින්න වත් බැරියැයි...

    ReplyDelete
  20. @ALL
    දැනට ප්‍රකාශිත චන්ද අනුව

    * රතු පාට පැන්සල ගන්න අය - 5 යි
    * කහ පාට පැන්සල ගන්න අය - 1 යි
    * මොන පාට හරි කමක් නෑ පැන්සලක් ගන්න අය - 2 යි
    * රතු පාට මකනය ගන්න අය - 3 යි (මධුරංග අයියගේ කමෙන්ටුව මේකට ඇවිත් නෑ)
    * කහ පාට මකනය ගන්න අය - 0 යි
    * අඩිරූල ගන්න අය - 1 යි
    * බහුබූත කතා කියමින් කිසිවක් නොගන්නා අය - 4 යි

    මම ගන්න කැමති එකට ප්‍රතිචාර ලැබී තිබුනේ එකයි.. මගේ තේරීම අඩිරූල.. ඒ ඒක හැරෙව්වම පාට පාට රූප දෙකක් පේන නිසා නෙවෙයි.

    * පැන්සල- ලියන්න ලියන්න තුල මොට්ට වේ. නැවත නැවත උල් කිරීමට සිදුවේ. ඉවර වූ පසු විසි කර දමයි.
    * මකනය- මකන්න මකන්න ගෙවෙයි. ඉවර වූ විට තව එකක් ගැනීමට සිදුවේ.
    * අඩිරූල- කොතරම් ඉරි ගැසුවද ගෙවෙන්නේ නැත. පරණ උවද විසි කරන්නේද නැත. බලෙන් කඩා ගත්තොත් මිස කැඩෙන්නේ ද නැත.

    ඉතින්, මගේ තේරීම අඩිරූලයි... ඔන්න ඔය එක එක දේවල් වලට කැමතියි කිව්වා කට්ටිය ඉන්නවා නම් කඩේට ගිහින් ජම්බෝ සිග්නල් ටූත් පේස්ට් එකක් ගත්තනං..

    මම කියපු මේ ජාති සේරම හම්බෙන්නේ ඒකෙන්නේ... හැබැයි මකනෙයි පැන්සලයි එකට.. අඩිරුල එකේ නෑ. අඩිරුල තියෙන එක ගත්තොත් අනිත් ඒවා නෑ... ඔන්න එහෙනම් මං ගියා..

    කස්ටියටම "සිනා බෝ වේවා!!!" කිව්වා.

    ReplyDelete
    Replies
    1. සිග්නල් කොම්පැණියෙන් කියක් ගෙව්වද උබට මේ ඇඩ් එක දැම්මට. අඩි රුල අරන් මේකිගේ පිස්සුව හොද වෙන්න දෙකක් දීලා මකනෙයි පොතුයි පැන්සලුයි මකනයි කාට හරි අඩු ගානකට විකුනලා දානවා.

      ඔයාටත් සිනා බෝ වේවා කිව්වා එහෙනම්.............

      Delete
    2. අඩේ මෙන්න ඇඩ් දානෝ මේ අක්කේ ඔයාට එයාර්ටල් ඩයලොග් සිග්නල් කොම්පැණි වල ෂෙයාර්ස් තියෙනවද ඈ මදැයි කොලා

      Delete
    3. ෂෙයාර් මාර්කට්ටුව පැත්තේ යනවනම් යමක් ඉගනගන යන්න. ගොඩ වෙන්න රෙපාගේ ආයෝජන ක්ලාස් එකට

      www.pinage-kuppiya.blogspot.com

      ඔන්න මමත් ඇඩ් එකක් දැම්මා ......

      Delete
    4. අනිත් හැමෝම යථාර්තය දැනගෙන වෙනස් වන සුලු බව දැනගෙන ලෝක සොබාවයට අනුව තෝරගත්ත ගෙවිල ක්ෂය වෙලා යන පැන්සල් මකන වගේ දේවල්...
      ඒත් ශානි තවමත් කිසිවක් වෙනස් නොවන එයාගෙ හීන ලෝකෙන් පැන්සලක් තෝරගෙන...
      :D :D :D

      Delete
  21. මෙන්න මෙයා ඒපාර ඇඩ් දාන්නත් අරන්
    :)

    ReplyDelete
  22. මොන පාටින් හරි පැන්සලක් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔයාට මොකටද පැන්සලක් ඕනා..... ලියන්නද, කුරුටු ගාන්නද එහෙමත් නැත්නම් කට හරි අනින්නද? :)

      Delete
  23. මම නම් ගන්නේ මක්කයක් !
    මක්කේ ගත්ත හැටියේ ලවක් දෙවක් නැතුව කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඉස්සර ඉදන් මම් සුවඳ ගහන මක්ක කන්න ආසයි.
    ඒ නිසා මම ඉන්න තැනක කවුරුවත් මක්කයක් පේන්නවත් තියන්නේ නෑ.
    ඔන්න පාටක් කියන්නත් ඕන නිසා රතු පාට !

    රතු පාට මක්කය තමා මම ගන්නේ !

    ප.ලි. - සෙල්ලම ඉවර උනාම ඉතුරු මක්කෙත් ගන්න බැරිද කියලා දැනගන්න කැමතියි.

    ප.ප.ලි. - ආයෙම කමෙන්ට් එක ඩිලීට් කරගත්තොත් බලාගමු !!!

    ReplyDelete
    Replies
    1. මම ඔය පැත්තෙ එන වෙලාවක මකන පෙට්ටියක්ම දීගෙන යන්නම්කො.. අපෝ ඔයත් කැමති රතු පාටටද? මම නම් ආසා නිල් පාට (මෙතන නෑ):(
      ප.ලි. - ඔයාත් ඉතින් ගන්න ජම්බෝ සිග්නල් එකක්. මට නම් හම්බුනේ අඩිරූලක්..!! ඔයා මක්කේ තියෙන එකක් ගන්න, පැන්සලකුත් තියෙනව..
      ප.ප.ලි.- ඩිලීට් කලේ නෑ අයියේ ස්පෑම් වෙලා!!!

      Delete
  24. පාට දෙකටමා අසා නැහැ. ඒත් බාහිර පාට කන්නද? පැන්සල ගන්නවා ඕන පාටක,

    ReplyDelete
    Replies
    1. ඔයා මොකටයි පැන්සලක් ගන්නේ ??? ලියන්නද? කුරුටු ගාන්නද? අනින්නද?

      Delete
  25. අයියෝ.... :( මම ඡන්දෙ දාන්න එනකොට ඡන්දෙ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලත් ඉවරයිනෙ, ඒව ඔට්ටු නෑ ශානි අක්කේ, එව්ව හෙන කැත වැඩ අප්පා... කොහොම උනත් මම කැමති පැන්සලකට, පාටක් නෑ.. ඕනෙ එකක්. පාටක් කියන්නම ඕනෙ නම් රතු පාට, රතු පාට ගත්තම පැන්සල හොයද්දි තියෙන තැනකින් ඉක්මනට පේනව නෙව. අනෙක අඩි රූල අරන් ඉරි ගහන්න නැත්තම් වෙන වැඩක් කරන්න බෑ නෙව, මකනෙ ගත්තත් මකන්න දෙයක් තියෙන්න එපෑය.. පැන්සලක් ගත්ත නම් නිකමට හරි කුරුටු ගගා ඉන්න පුලුවන් නෙව...
    “කුරුටු ගෑ ගී පොතේ...
    කුරුටු ගී කෑ ගසා...
    ගිලන් හද පාරවා...
    ගෙනේ හද වේදනා...“
    හැක්... හැක්... ජය වේවා...!!!!

    ReplyDelete
  26. එහෙම තමා අපි වෙලාවට කලාවට වැඩ නේ.. බහුතර කැමැත්ත පැන්සල...හද පාරවා වේදනා ගේනවා නම කුරුටු ගාන්න එපෝ... :) ජය වේවා !!!

    ReplyDelete
  27. අපොයි..ආපු මුල්ම දවසෙ ප්‍රශ්න පත්තරයක්නෙ..මම නම් ගත්තොත් ගන්නෙ කහ පාට පැන්සල තමා..පැන්න්සලක් පෑනක් අහුනොත් මම නම් ඉතිං කරන්නෙ කාටුන් චිත්‍ර අදින එක තමයි..:D

    ReplyDelete
  28. ඔයයි බට්ටි අක්කයි විතරයි කහ පැන්සලට කැමති... මාත් රටතු පාටට වැඩ කහ පාටට නම් ආසයි... මේ පැත්තේ විත් කමෙන්ට් කළාට ස්තුතියි.. ආයෙත් එන්න... ජය වේවා!!!

    ReplyDelete
  29. අර ටූත්පෙස්ට් ගන්න ඕනි කාගේ කඩෙන්ද... :D

    ReplyDelete
    Replies
    1. අයියෝ දැන් ඒ ඔෆර් එක ඉවරයි හලෝ... වැඩක් නෑ...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..