ලෝකෙට ආපු අය

Wednesday, January 11, 2012

එපා නම් මට එපාමයි


මේ දවස් වල මගේ ආදරණීය අම්මට ටිකක් අසනීපයි. එයාව සාලේ ලෙස්සල වැටිලා.. දැන් තෙල් බඳිනවා..එක උනේ පහුගිය සිකුරාදා හවස් වරුවේ. හවස කිව්වට හවසමත් නෙමේ. රෑ 7.20 ට විතර.ලෑන්ඩ් ෆෝන් එකට ආපු කෝල් එකක් ආන්සර් කරන්න ගිහින් තමා ඕක උනේ.

අම්ම සාලේ 7 ප්‍රවෘත්ති බල බල උන්නේ. සාමාන්‍යයෙන් අපේ ගෙදරට එන කෝල් මම ගන්නේ නෑ. වෙන කවුරුත්ම නැත්නම් තමා මම ගන්නේ.. ඉතින් එදා උනෙත් ඒකමයි. මම කාමරේ ඇඳට වෙලා ඉද්දි සාලේ උන්නු අම්ම තමා කෝල් එක ගන්න ගියේ.. යන්න හම්බුනේ නෑ එයාට මම ඉන්න කාමරේ පහු කරන්. ( සාලෙන් එද්දිම ඊළඟට පහු වෙන කාමරෙයි මම හිටියේ) අනේ මගේ අම්මව  දඩාස් ගාල වැටුණා!! ඒ අස්සේ එයා මට කෑගහනවා ගිහින් ෆෝන් එක ගන්නකියලා..මට දැන් ෆෝන් එකේ සිහිය නෙමේ තියෙන්නෙ අම්මගෙ සිහිය. කවුද දන්නෙත් නෑනේ කියල ෆෝන් එක ගාවට දිව්වා. සුදූ, අම්මයි ඔයයි ලෑස්ති වෙලා ඉන්න, මම ආවම දොස්තර නොනලගේ ගෙදර පිරිතට යන්න. කෝල් එක තාත්තාගෙන්. විස්තරයක් කියන්නත් කලින් කෝල් එක කට් කරපු නිසා මම ආයේ කෝල් කරන්න ගියෙත් නෑ. අම්ම ගාවටයි දිව්වෙ. අනේ මගේ දෙවියනේ! අම්ම තාමත් බිම. එයාට නැගිට ගන්න බැහැ. වේදනාවෙන් හෙමීට අඬනවා මට ඇහෙනවා. මගේ අම්මට දණිස් අමාරු. ඉතින් වැටුනොත් කවුරු හරි නැගිට්ටන්නම ඕන. මම තමා අම්මව බිමින් උස්සල අරගෙන වත්තම් කරගෙන මම නිදාගෙන හිටපු ඇඳට එක්කන් ගියේ. තාත්ත ගෙදර ආවට පස්සේ  අම්ම කැමති උනේ නෑ පිරිත් ගෙදර නොගිහින් ඉන්න. (එය හුඟක් ආගමට දහමට ලැදි) ඉතින් අම්ම මට කිව්වා තාත්තට කියන්න එපා කියල. කොහොම හරි එයාල පිරිත් ගෙදර ගිහින් එද්දී මම සැපට නිදි. ඒත් අම්මල ආවම මට ඇහැරුණා. මොකද මම නිදා ගන්නෙ අම්මගෙ කාමරේ.

පහුවදා සෙනසුරාදා උදේ බලද්දී කකුල ඉදිමිලා.. හොඳටම... දම් පාට වෙලා.. අනේ මගේ අහිංසක අම්මා පව්.. එදා දවසෙම අම්ම ඇඳේමයි. මම උදේ 5.45 ට විතර නැඟිටලා අපේ කුස්සියේ දර ලිපේ අළු අස් කරල, කට්ටියටම කිරි හදල දීල, උයන්න පටන් ගත්තා. (මොනාද ඉව්වේ කියල නම් අහන්න එපා දැන් මතක නෑ) ඉතින් හවස තමා යන්න උනේ වෙද මහත්තයා ගාවට. ගියාම එයා කකුල පරික්ෂා කරල කිව්වෙ මහපට ඇඟිල්ල කෙටිල කියලා. තැවිල්ලකුයි  මැල්ලුමකුයි ලියල දුන්න බේත් තෙල් බෝතලේකුත් දුන්න. ඉතින් ඒ ගමන්ම අපේ මාමලාගේ ගෙදර ගිහින් අවශ්‍ය කරන බේත් ටික හොයාගෙන ආවෙ පහුවදා උදේ ඉඳල වත් පටන් ගන්න කියලයි.

ඉතින් සෙනසුරාදා උදේ සිට මේ වන තුරුත් මගේ කාරිය පාන්දර නැගිට කිරි හැදීම, බත් මාලුපිනි ඉවීම, අම්මගෙ- මගේ සහ තාත්තාගේ රෙදි සේදීම, හවස මාළුපිණි රත් කර වළන් සේදීම, රෑට බත් ඉවීම, ගෙදර වැඩ කරන මාමාට ඕනා වෙලාවක තේ හදා දීම ඇතුළුව මෙකී නොකී සියළුම ගෙදර වැඩ. කොටින්ම hawamahawama." ෆෝන් එක ගාවට දිව්වා. "අම්මගෙ බත් එකයි වතුර එකයි පවා මමමයි ලඟට ගිහින් දෙන්නේ.. ඔය කියපු වැඩ වලට අමතරව ඉරිදා උදේ ඉඳං තවත් වැඩක් එකතු උණා.අම්මගෙ බේත් තැම්බීම, තැවීම, තෙල් ගෑම, මැල්ලුම මලවා කකුලේ බැඳීම ... උදේ හවස දෙකේම. ගෙදරම වැඩ තනියමම කරන්න උනාමයි ඒකෙ අමාරුව තේරුණේ..

ඒත් මම ඒක දුකක් කරදරයක් කියල හිතුවේ නෑ... මගේ සුදුරයක් කියල හිතුවේ නෑ... මගේ සුදූ අම්මට මෙහෙමවත් මට උදව් කරන්න ලැබෙන එක කොච්චර ලොකු දෙයක්ද කියලයි මම හිතුවේ. ඉතින් ඒකාකාරී හා අවිවේකී බව නිසාම මට දවස් 2 ක් විත‍ර බ්ලොග් එක බලන්නත් බැරි උණා. ඊයෙ මම නිදාගද්දී ගොඩක් රෑ වෙලා. මම දන්නෙම නැතුව ලැපී ඉස්සරහ මට නින්ද ගිහින්. ඉතින් මේක බල බල ඉන්න වෙලාවක් නෑ. පාන්දර ගෙදර වැඩ කරන්න නැගිටින්න එපැයි.

දවස තිස්සෙම දුවල පැනල මහන්සි වෙලා රෑට මේකට ආවහම ඊයෙ බලපු පෝස්ට් එකකින් මම හුඟක් දුක් උණා. (දැන් කිසිම කෙනෙක් කරුණාකරලා මගෙන් අහන්න එපා මොකක්ද පෝස්ට් එක, කව්ද එයා, මොකක්ද ලින්ක් එක) ඒ කෙනා මගේ බ්ලොග ෆලෝ කරනවා, ඒ වගේම මාත් එයාගේ බ්ලොග ෆලෝ කරනවා. ඉතින් දුක හිතෙන දේවල් වලින් ඈත් වීමනේ හොඳම දේ.. ඒ නිසා මට එයාට කියන්න ඕන මම ආයේ ඒ පැත්තට එන්නෙ නෑ, ඔයා මගේ බ්ලොගට කමෙන්ට් නොකලට කිසි අවුලකුත් නෑ කියල. මොකද  ඔයා කමෙන්ට් නොකළ කියල මහා වෙනසක් වෙන්නේ නෑ. අනික ඔයාට මට වඩා ෆලෝවර්ස්ලා ඉන්නවානේ.

කවුරු හරි මේක කියවන කෙනෙක් හිතාවි මම මේක හිතේ තරහින් ලියපු එකක්ය කියලා. නෑ... මම මේක ලියන්නෙ හුඟක් කණගාටුවෙන්. අපේ චූටි අය්යාගේ වයසෙ මම අය්යා කෙනෙක් විදියට හිතපු කෙනෙක් එයා. සහෝදරයා, වයස 21 ක් උනාට මගේ හිත තාම පුංචියි, ඒ පුංචි හිතට සතුටට වඩා දුක හොඳින් දැනෙනවා. ඉතින් එයා ගැන එපමණයි. (සමාවෙන්න, ඔයාව අහු වෙන විදියේ කිසි දෙයක් මම මේකේ ලියලා නෑ)

මම දැන් යනවා. මොකද හෙට උදේ පාන්දර ඉඳං මට ආයෙත් ඩියුටි තියෙනවා...දැන් මම යන්නේ මගේ ආදරණීය අම්ම ගාවින් පොඩ්ඩක් ඇළ වෙන්න. මෙතෙක් කියෙව්වට ඔබට ස්තුතියි.

ප.ලි: කවුද කියල මගෙන් අහන්න නම් එපා කිසි කෙනෙක්, මම මේ කියපු කෙනා බට ලයිට් නෙමේ නම් එයාට තේරේවි.

37 comments:

  1. හ්ම්ම් අම්මාට සාත්තු කරන එක තරම් සැපක් තවත් නැහැ.
    හ්ම්ම් ගණන ගන්න එපා වැරදි හැමෝ අතින්ම වෙනවා.සමාවදෙන්න. බ්ලොග් ලෝකයේ මිතුරන්ව මිතුරියන්ව තරහා කරගන්න එපා. කොටින්ම යාලුවෙක් නැති වෙනවා කියන්නේ හොද දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ කෙනාට එයා වැරදිනම් වැරැද්ද තේරුම කරලා දීලා මිතුරු වෙන්න.

    ReplyDelete
  2. නංගිගේ අම්මගේ කකුල ඉක්මනින්ම සුව වෙන්න කියලා පතනවා.
    නංගි ඉන්න නිසා අම්මට ගෙදර වැඩ ගැන බය වෙන්න දෙයක් නෑනේ. ඔය වගේ දේවල් වලට සිංහල බේත් තමා හරි යන්නේ.

    මේ කතාව කියෙව්වම මතක් උනේ දවසක් මම් වැටිලා දනිහ පැන්නත් එක්ක.

    ReplyDelete
  3. හොඳ නංගියෙක්. අම්මට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔහොම තමයි නගෝ, බ්ලොග් ලියද්දි හිත රිදෙන දේවල් නිතරම වෙනවා. ඒත් වර්ණා කිව්වා වගේ කාවවත් තරහ කරගන්න එපා.

    ReplyDelete
  4. දයාබර ශනි..මං දන්නවා ඔයාට දුක හිතුනේ මගේ බ්ලොග් එකේ ඔයා ගැන කියල තිබුණු දේවල් නිසා කියල.ඒත් කවුරුවත් තරහ කර ගන්න නෙවෙයි.ඔයාට වඩා ප්‍රවිනයෝන්ටත් මං එකේ විස්තර කරා.ඒ හැමෝම ඒ දෙය විහිළුවක් කියල තේරුම් ගතා.ඔයාට හිත් රිදුමක් සිදුවුනනම් මට සමාවෙන්න.

    වර්ණගේ කෝමෙන්ට් එක තෙරුන්ම් ගන්න.මිතුරන් ඇතිකරගන්න හරි අමාරුයි නැති කරගන්න ලේසියි.ඔයාට කැමති දෙයක් කරන්න.

    ReplyDelete
  5. අම්මට සනීප වෙන්න කියල පතනවා ...
    ඔයා අර වර්ණත් එක්ක ගාලු ගිය ශානිද ..?

    ReplyDelete
  6. නෑ මේ ඒ ශානි කෙල්ල නෙමෙයි, මේ මගේ බ්ලොග් ශානි කෙල්ල. මම දන්නවා දන සින් කෝන් එක. අනේ කෙල්ලේ ඔන්න ඕවා අතැරලා දාලා අපි එක බත් පත කළා ඉමු සතුටින් හැමෝම.

    ReplyDelete
  7. අහ්හ්..එතකොට වර්ණා දාපු ෆොටෝ වල හිටියේ මේ ශානි නෙමෙයිද? හනේ මං හිතුවේ එහෙමනේ...

    ශානි නංගා..මටත් දැන් මීටර් උනේ වැඩේ..අසරණයා කමෙන්ට් එකේම කියල තියනවනේ...අනේ ඒවා ගණන් ගන්න එපා නගෝ...දැක්කේ නැද්ද අසරණයා මට දීලා තිබුන චරිත සහතිකේ :)) ඒ ඔක්කොම විහිළු බව අපි කවුරුත් දන්නවනේ...

    බ්ලොග් ලෝකේ කියලා වෙනසක් නැහැ ළමයෝ..හැම යාලුවෙක්ම අපිට වටිනවා (මතකනේ..එයාර් ටෙල්). ඔන්න ඔය තරහා මරහා අමතක කරලා දාන්න..:)

    ReplyDelete
  8. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..ඉංගිරීසි වෙදකමත් කරන්න අමතක කරන්න එපා එක්ස් රේ එකක් අරං බලන්න..මගේ අත පැනලා ඔය මැල්ලුම් සීන් එකක් බැන්දා ගොඩක් ඉස්සර..වැරදිලා පොඩ්ඩක් කැවුනා...බැලින්නං මේවා රසයිනේ..ඇත්තමයි....බොරුනං ටිකක් කාලා බලන්න...

    ReplyDelete
  9. ගෑනු ළමයි වුනාම එහෙම තමා ඉන්න ඕන

    ReplyDelete
  10. @ මහිම මදුරංග
    මම කොහොමත් හොඳ ළමයා තමයි...:D

    @වර්ණා
    අම්මට දැන්නම් ටිකක් හොඳයි. මම හොඳට හිතලා බලලා තමා ඒ ගැන තීරණය කළේ. හොඳ උනත් නරක උනත් මට ඒ යාළුකම තව දුරටත් අවශ්ය‍ නැහැ. ඒ ගැන කතා නොකර ඉමු.

    @මධුරංග
    එහෙම ප්‍රාර්ථනා කලාට ඔයාට පිං අයියේ... ඕව්, හොඳ වෙලා ටික කාලයක් යනකල් අම්මට වැඩ කරන්න දෙන්නෙ නෑ මම. සිංහල බේත් හොඳයි තමා අපේ මාමා සිංහල වෙදමහත්තයෙක් නෙ..:D එහෙ තමා ගියේ බේත් හොයන්න. ඔයාටත් එහෙම සීන් එකක් වෙලා තියේද? හයියෝ...

    @Kasun
    මම ඉතින් හොඳයි තමා... ඔයාටත් පිං අයියේ... අම්ම ඉක්මනට සනීප වේවි. කවුරු මොනා කිව්වත් මම ඒ තීරණේ ගත්තෙ හොඳට හිතල.. ඒකෙ කිසි වෙනසක් නෑ. නිකන් බොරුවට කාවවත් තරහ කරගන්න මට ඕන නෑ. උපදෙසට ස්තුතියි අයියේ..:D

    @අසරණයා
    මම කිව්වේ නෑනේ එහෙම එකක්. ඔයා මොකටද පාවෙන තොප්පි අහුලාගෙන දාගන්න හදන්නේ? :D මිතුරන් ඇතිකරගන්න අමාරුයි නැති කරගන්න ලේසි බව මම දන්නවා. ඒත් මම කාගෙවත් හිත රිදවන විදියේ දේවල් නොකරන නිසා කවුරු හරි මට එහෙම කරනවා නම්, එයාව මට ඉන් එහාට වැදගත් නෑ. කොහොම නමුත් උපදෙසට ස්තුතියි අයියා..:D

    @Kumaraya
    ඔයාල හැමෝම ප්‍රාර්ථනා කරන විදියටම අම්මට ඉක්මනින් සනීප වේවා කියල තමා මාත් හිතන්නෙ. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ පහල තිබුනා මම දැක්කා. මම ආවෙ නෑනේ ගෙට්ටුවට... මේ පැත්තට ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි. ජය වේවා!!!

    @සයුරි
    නෑ නෑ අක්කා, මම ගෙට්ටුවට ආවෙ නැතෝ... ඒ එයාගේ කවුරු හරි වෙන්ටැ...

    හෆෝයි, මොකද අනේ ඔයාලා අර බෝ පැලේ වගේ ඉන්න අසරණයා අයියට එහෙම කියන්නෙ. මම කිව්වද එහෙමයි කියල. එයාට පිස්සුවට ඒ ගැන හිතාගෙන උන්නට ඔයත් ඒක බලලා කමෙන්ට් කළා නේ?

    හැම යාලුවෙක්ම වටිනා බව මම දන්නවා.. තරහ නැතුව අක්ක ඔය ප්‍රශ්නෙට මම උඩින් දීල තියෙන කමෙන්ට් ටික කියවන්න හොඳේ?

    @ඔබ නොදුටු ලොවක්
    අම්මට සනීප වෙන්න කියල ප්රා ර්ථනා කළාට ඔයාටත් ගොඩක් පිං. හනේ... ඔයාටත් එහෙම එකක් වෙලා තියේද? රස කෙසේ වෙතත් ලිපේ තියෙද්දී කන්න තරම් සුවඳක් නම් එනවා මල්ලුමේ.. ම්ම්ම්... ඒත් ඉතින් ඒකට දල තියෙන්නෙ අමුකහයි,බැලතණයි, පොලුයි... පොල් කෙසේ වෙතත් අමු කහ කෑවොත් නම් මගේ දත් ටික අපුල්ලන්න වෙයි. අනික තණකොළ කන්නත් බෑ නොවැ.:D

    @කස්ස
    ඒක තමා මම එහෙම ඉන්නෙ.. :D

    ReplyDelete
  11. අම්මට හොදටම සනීප වෙනකම් එයා ගැන බලා ගන්න නංගී... අම්මට ඉක්මනින්ම සනිප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..

    බ්ලොග් ලියද්දි එක එක විදිහේ ප්‍රශ්ණ එනවා නංගී.. ඕවා ගනන් ගන්න එපා....

    ReplyDelete
  12. අක්කිගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. :) :)

    ReplyDelete
  13. අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  14. @Dinesh
    මම තමා අම්මව බලා ගන්නෙ අයියෙ, අය්යලා දෙන්නෙක් හිටියට එයාලා කවුරුත් නෑ ළඟපාත.. හ්ම්ම් අම්මට ඉක්මණින් සනීප වේවි. උපදෙසට ස්තුතියි හොඳේ.. :)

    @Ice(අයේෂා කුලතුංග)& බට්ටි
    නංගිටයි අක්කටයි දෙන්නටම ස්තුතියි. ඒ වගේම පිං.

    ReplyDelete
  15. මීට පස්සෙ දුවම ආන්සර් කරන්න ෆෝන් එකට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... දැන් අම්මට කාමරෙන් පිට යන්න දෙන්නේ නෑ.. හරි පරිස්සම්.

      Delete
  16. ඔයා කියන කෙනා විහිළුවක් කරන්න ඇත්තේ..

    මම මේ බ්ලොග් එක හොයා ගත්තෙත් එයා නිසා...

    ReplyDelete
    Replies
    1. හෆෝ, ඔයත් කාගෙහරි ගැටේ කට අහුවෙලා වගේ... මම එහෙම කෙනෙක්ව ඇල්ලුවේ නෑ. පාවා දෙන්නත් මට බෑ... කොහොම හරි මේ පැත්තට අවට ස්තුතියි, ජය වේවා සහෝ!!!

      Delete
  17. ඉක්මනට අම්මව සනීපවෙන්න කියලා පතනවා..දුක් වෙන්න එපා සොයුරිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නේ..අම්මට හොදට බේත් කරලා ඉක්මනින් හොද කර ගන්න.හැමදාටම පිං ලැබෙන උතුම්දෙයක්..ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අද බේත් ගන්න ගිය වෙලේ අලුත් තැවිල්ලක් හා මැල්ලුමක් ලැබුණා.. එයාව ඉක්මනට සනීප කර ගන්න තමා මටත් ඕන... මේ පැත්තට ආවට ස්තුතියි ඔයාටත් ජයවේවා සහෝ!!!

      Delete
  18. බට ලයිට්....?. ඔයාගේ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්වා ගණන් ගන්න එපා. නැට්ට පිටින් අලි මැරෙන ලෝකේ සතුට දුක හැම දේම තාවකාලිකයි. ඒක තේරුම් ගත්තොත් හැමදාමත් නැව ගිලුනත් බෑන් චූන් තමා නංගි,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. හෆෝ... ඔයාට නෙමේ... අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළාට ඔයාටත් පිං හොඳේ.. කොහොමත් මම බෑන් චූන් තමා අය්යා.. ඊයේ තිබ්බ කණගාටුව අද නෑ.. හික් හික්..

      Delete
  19. අදයි ආවෙ මේ පැත්තට..ආයිත් එන්නම්කෝ..ඔන්න ෆලෝ පාරකුත් දැම්මා...
    අම්මගෙ කකුලත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට.. හැමදාම එන්න, සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොගට.. ප්‍රාර්ථනාවට ගොඩක් පිං. ජයවේවා!!!

      Delete
  20. මේ පෝස්ටුව කියෙව්ව ගමන් මම කලේ මම පෙර්දා දාපු පෝස්ට් එක ආයේම කියවපු එක මම හිතුවේ මගෙන් වැරදි දෙයක් කියවිලා ඇතිදෝ කියලා පෙනෙන්න එහෙම යමක් නැති වුනාට නොදැනුවත්ව මගේ අතින් වැරද්දක් වුනානම් මම සමාව අයැද සිටිනවා.හිතාමතා වැරදි සිදුවන්නේ නෑ...

    ඔයාගේ අම්මා ගැන නම් කණගාටුව ප්‍රකාශ කරනවා මගේ අම්මාගේ කකුල් දෙකේම දණිස් ඔපරේෂන් කරලා තියෙන්නේ අපේ අම්මට බිම ඉදගන්න පඩිපෙල් නගින්න එහෙම හරි අමාරුයි මට අපේ අම්මා වගේම අම්මා කෙනෙක් මැවිලා පෙනුනේ මේ ලිපිය කියවද්දි.ඔයාගේ අම්මගේ අසනීප සම්පූර්ණවෙන් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කසාය තම්බන එක ගැනත් කියන්න ඕනේ හි හි ඕවා හරියටම හින්දන්න ඕනේ හොදේ චුට්ටක් වැඩිවුනාම අහක දාන්නත් අඩු වුනාම වතුර දාන්නත් බෑ හොදේ....මමනම් කලේම හලන එකයි වතුර දාන එකයි බීලා සීනී බෝතලේට විදින එකයි හි හි

    ReplyDelete
    Replies
    1. අය්යෝ මල්ලියා, ඔයා හරියට කියවා නැති පාටයි. අපේ චුටි අය්යාගේ වයසේ අය්යා කෙනෙක් බව මම ඒකෙ කියල තියෙනවා. ඔයා සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ.

      ඉතින් අපේ අම්මටත් එහෙම තමා. හැබැයි ඔපරේෂන් කරලා නම් නෑ, හැබැයි බිම ඉඳගන්න නම් බෑ. පඩිපෙලවල් නම් නගිනවා, හැබැයි කඳු එහෙම නගිද්දී මම අල්ලගෙනමයි යන්නෙ. වෙලාවට කසාය නෑ මල්ලි. කකුල තවන්නයි තෙල් ගාන්නයි මැල්ලුම් කේස් එකයි විතරයි තියෙන්නෙ, මම කසාය බොද්දි නම් අම්මට කියලම සීනි දම්මගෙන බොන්නේ.. ඒ අතින් මං හොඳයි වගේ නේ මල්ලි? හික් හික්

      Delete
    2. //අපේ චූටි අය්යාගේ වයසෙ මම අය්යා කෙනෙක් විදියට හිතපු කෙනෙක් එයා. //

      මට මේක ඒතරම් තේරුණේ නෑ ඒකයි මම කලබල වුනේ හි හි...ඔයා හොදයි නෙමේ හොදාාාායි හි හි

      Delete
  21. අක්කියා ඔයාගේ අම්මාට ඉක්මන් සුවය පතනවා.....
    ගෙදර අය හරි ආසාවෙන් කනවා ඇතිනේ මේ දවස් වල... හිකික්..
    සීනියි කිරියි නැති තේ... ඒතකොට තව මිරිස් ලුණු නැති මාලු ජාති... ආසාවේ බැරුවා.....
    ඔන්න බීටත් අය දිගටම මේ පැත්තේ එනවා, බීටගේ බ්ලොගේ ෆලෝ කරාට ස්තූතියි හොඳේ.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා ඔයාව..අම්මට සනීප වෙන්න පතපු ඔයාටත් පිං.එතරම් අවුලක් නෑ අනේ, ජීවිතේට උයන පළමු අවස්ථාව නෙවේ.. දැන් මට පුරුදුයි. ඔයත් එන්නකෝ වෙලාවක කාලා යන්න. :) එහෙනම් ජය වේවා!!!

      Delete
  22. හත්වලාමට ගහපු කලාබර කිව්වලු, ඒ මොකක්ද බොලේ ඒ හතර බීරි කතාව...හ්ම්...හ්ම්... ඒවට කාරි නෑ. අම්මට කොහොමද දැන් හොදටම සනීප ඇතිනේ, දැන් සතියක් විතර වුනානෙ. අම්මට නිදුක්නීරෝගී බව දීර්ඝායුෂ වේවා...!!! අක්කේ අම්මව පොඩ්ඩක් පරිස්සම් කරගන්න වෙයි, වැටෙන්න හොද නෑ නිතරම... ආයෙ වැටෙන්න දෙන්න එපා... එහෙනම් ඔන්න ආයෙත් කියනව අම්මට නිදුක්නීරෝගී බව දීර්ඝායුෂ වේවා...!!! ජය ශ්‍රී..!!!

    ReplyDelete
    Replies
    1. අම්මට නම් දැන් සෑහෙන්න හොඳයි මල්ලි.. ඒත් තාම එයාට ගෙදර වැඩ නම් කරන්න දුන්නේ නෑ, හොඳ වෙච්ච ගමන් වැඩ කරන්න ගියොත් ආයේ අමාරු වෙලා වැඩ වැඩි වෙනවනෙ.. අම්ම වෙනුවෙන් ඔය කළ ප්‍රාර්ථනාවට මල්ලිට පිං...පරිස්සම් කරගෙන තමා ඉන්නෙ... මම එවෙලේ ගෙදර උන්න කමට හොඳා.. ජය වේවා!!!

      Delete
  23. ඔයාගෙ ආදරණිය අම්මාට ඉක්මණින් සනීප වෙලා ඉස්සර ව්අගේම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...හිත් රිදවනවනම්, එහෙම රිදෙන තැන් වලින් ඈත් වෙන එකයි හොඳම විදිය...

    ReplyDelete
  24. ස්තුතියි හිතූ උපදෙසට... අම්මට දැන් නම් සෑහෙන්න හොඳයි.. ජය වේවා!!!

    ReplyDelete
  25. හොඳ දියණියක් කියල නම් පේනවා.. දැන් නම් සනීප ඇති අම්මට.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා... අම්ම දැන් හොඳින්...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..