ලෝකෙට ආපු අය

Tuesday, January 10, 2012

එයා(ර්)ටෙල්


මේ දවස් වල ටී.වී එකේ යන ඇඩ් එකක් ගැනයි අද මගේ කතාව. මම ඔහෙ ආවට ගියාට නෙ ඕක බලන්නෙ. ඉතින් මේක කොයි කාලෙ ඉඳං යනවද කියන්න මම දන්නෙ නෑ. අනික මේ පොස්ට් එක දාන්න හිටියෙත් මීට දවස් තුනකට විතර උඩදියි. ඒ මම මේ ඇඩ් එක දැකපු මුල්ම දවස.. දැන් කට්ටිය විහිලු කරන්න එපා හරි?   කොහොමින් කොහොමින් හරි මඟ හැරුනා.. ඉතින් පරක්කු වෙලා හරි මට මේ පොස්ට් එක දාන්නම ඕන උනා.ඇති වැල් වටාරම්. කතාවට බහිමු.

මම කියන්න හදන්නෙ  එයර්ටෙල් ඇඩ්  එක ගැන. ඔයා ටීවී බලනව නම් මේක දැකල ඇති.. ඒකෙ තියෙන්නෙ බොහොම සුන්දර  අත්දැකීමක්.



මෙන්න මෙහෙමයි සීන් එක. ( මේ කියන්නෙ දන්න අයට නෙමේ, මං වගෙ කරුමෙට ටී.වී නොබලන උන්ට.) ඇත්තටම මේක ඉන්දියාවෙ හදපු එකක්නෙ. ලංකාවෙ සම්පුර්න ඇඩ් එකම පෙන්නන්නෙ නෑ..You Tube එකේ නම් මුළු ඇඩ්  එකම බැලිය හැකි. මම කතා කරන්නෙ ලංකාවෙ පෙන්නන කොටස ගැන විතරයි. ඒ ඇඩ්  එකේ එක සිද්ධියක් මගෙ හිතට හොඳින්ම දැනෙනවා. ඔයාලටත් එහෙමද බලන්න.






පන්ති කමරෙක කොල්ලො කෙල්ලො පිස්සු නට නට ඉන්නවා. ඒ අතරෙ එක කොල්ලෙක් ගිහින් ඊළඟට උගන්නන්න එන සර්ගෙ කාටුන් ෆොටෝ එකක් බෝඩ් එකෙ අඳිනවා. ඇඳලා මොකුත් දන්නෙ නෑ වගේ වාඩිවෙනව. ඔන්න තව ටිකකින් සර් පන්තියට ඇවිත් බෝඩ්  එකදැකල බෙරිහන් දෙනව “කව්ද මේක ඇන්දේ?” කියල. ඇඳපු එකා ටිකක් බය වෙලා වගෙ. ටිකක් වෙලා යනකල් කවුරුත් අත උස්සන්නෙ නෑ.. ඊට පස්සෙ එක කොල්ලෙක් අත උස්සනව. ඔන්න ඊට   පස්සෙ මුලු පන්තියෙම ළමයි ටික අත් උස්සනවා. එතනින් ඇඩ් එක ඉවරයි. පහල තියෙන්නේ ඇඩ්එක තමා..

මේක මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් හදපු එකක් වෙන්න පුලුවන්. ඒත් මේකෙන් ලොකු දෙයක් කියවෙනවා. ‍යාලුවෙක් කරදරේ වැටුන වෙලාවක එයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මුලු පන්තියකම ළමයි ඉන්නවා කියන්නෙ ඒ එකිනෙකා අතර කොයි තරම් නම් යාළුකමක් තියෙන්න ඕනද? ටිකක් ඔයාගෙ යාලුවො ගැන කල්පනා කරල බලන්න. අර වගෙ අවස්ථාවකට ඔයා පත් වුනොත් ඔයාව බේරගන්න කීදෙනෙක් ඉන්නවද ඔයාව සර්ට අහු කරල දෙන්න, “සර්, මෙයා තමා ඇන්දේ ” කියල කියන්න කීයක් ඉඳීද? අපි හැමෝටම යාළුවො කියන්නෙ ගොඩක් සමීප කට්ටියක්. හැබැයි එයාල කොයි විදියෙ අයද කියල හොඳට තේරුම් අරන් ඒ ඒ පුද්ගලයා අනුව තම අපි වැඩ කරන්න ඕන..

"මේ ඕන ෆ්‍රෙන්ඩෙක් වැදගත්නේ මචං"

ලා..ලාලා.. ලලලල ලාලා.. ලලලල ලලලා ලාලලා...

මේ පෝස්ට් එක ලිව්වෙ එයාර්ටෙල් ප්‍රමෝට් කරන්න නෙමේ ඕන්. ලංකාවෙ අපිට නම් ඩයලොග් තමා..

40 comments:

  1. නංගි, ඔයා ඇඩ් එක වෙනුවට දාල තියෙන්නේ අර ෆ්ලෑෂ් මොබ් ඩාන්ස් එක නේද? :)

    ReplyDelete
  2. ඕක මම දන්නේ නැ ගැනුලම්යි අතරේ කොහොමද කියලා
    ඒ උනාට කොල්ලො අතරේනම් කොහොමත් ඔහොමතමා
    අපිත් ඉස්ස්කොලේ යනකාලේ ඕනතරං එකෙක් කරපුවෙරදී වලට ගෙවල් වලින් එක්කගෙන ඇවිත් තියෙනවා පිනාගේ ඔෆිස් එක ඉස්සරහා හිටගෙන ඉදලා තියෙනවා
    කවදාවත් කොල්ලෝ පාවලා දෙන්නේ නැ

    ReplyDelete
  3. එයාටෙල් නම් නෙමෙයි, ඩයලොග් ප්‍රමෝට් වුනාද මන්ද.. හැක්...හැක්... නිකමට කිව්වෙ ඈ, හිතේ කහටක් අමනාපයක් ඇති කරගන්නව එහෙම නෙමෙයි ඕං.. කතාව නම් ඇත්ත, එකට ඉන්නව වගේම එකා වගේම ඉන්නව නම් තමා හොද... ජය ශ්‍රී..!!!

    ReplyDelete
  4. මමත් දැක්කා අර කො‍ටුවේ ස්ටේසම ඉස්සරහ ඩාන්ස් සීන් එක...එළ වැඩක්...අළුත් අයිඩියා එකක්...යූ ටියිබ් එකේ තිබුනා මේ වගේ ඒවා ගොඩක්....

    ReplyDelete
  5. හි හි මාත් ඩයලොග් ඩොංගත් ඩයලොග්....ඔහොම වැඩක් වුනා මටත් ඒක කිව්වට කමක් නෑ මයේ හිතේ

    අපේ ඉස්කෝලේ හිටපු පොරක් දවසක් මගුල් දැන්වීමක් ලියලා තිබුනා මඩක් විදියට පන්තියෙම කෙල්ලක්ට ඕක ඉතිං කොල්ලෙක් පන්තිය ඉස්සරහට ඇවිල්ලා සද්දෙට කියවනවා මම පන්තියට ගියේ ඕක බාගයක් කියවලා තියෙද්දි ඉතිං අරූ කියවල ඉවර වුනු ගමන් මමත් පැනලා කොලේ ගත්තා බලන්න එතකොට අපේ සෙක්ෂන් බාර මිස් එනවා යකා ආවේස කොරන් මල කෙලියයි කැලෑ පත්තරේ මගේ අතේ මිසා මගේ අතින් ඇදන් පිනා ගාවට යන්න ලෑස්තියි මගුල් නටනවා කියලා මම කිව්වා මම නෙමේ මිස් කියලා...

    "එහෙනම් කවුද??"

    මම යාළුවා දිහා බැලුවා.හැම තිස්සෙම අළුගුත්තේරු වැඩ කරන මූ ඉන්නවා වාඩි වෙලා මොනා උනත් අපේ එකෙක්නේ කියලා මම මිස්ට කිව්වා මම තමයි කියලා.(මට ලියුම් නිසා හෙන අපලයි)

    පස්සේ අරූ ඇවිත් කිව්වා මිස් මෙයා නෙමෙයි ඕක කියෙව්වේ මම මාව එක්කන් යන්න මෙයා මොකකටවත් සම්බන්ධ නෑ කියලා අන්තිමේ ලියපු එකත් ආවා මමයි ලිව්වේ කියලා.පස්සේ මමත් ගියා අදහස මගෙන් කියලා හි හි මිස්ලා දන්නවා මම ඕවාගේ වැඩ කරනවා කියලා...

    අතීතෙට වැලලිලා තිබුනු මේ කතාව මට මතක් කලාට බොහෝම ස්තූතියි අක්කේ ටීවි එක කරුමෙටවත් නොබැලෙන්නේ ඉස්සර fb නිසා දැන් බ්ලොග් නිසා

    ReplyDelete
  6. මාත් මේ ඇඩ් එක දැක්කා.. ඉන්දියන් එක මාරම විදිහට හිතට වදිනවා.. යාළුවෝ.. හැම කෙනෙක්ම අපිට වැදගත්..

    ReplyDelete
  7. අපේ අයගේ මේ වගේ වැඩ නැත්තම් හුලන් ටෙලුත් හොදායි.................

    http://ape-ambalama.blogspot.com/2011/07/plan.html

    ReplyDelete
  8. @මහිම මධුරංග : කෙල්ලෝ කියල නැතෝ අපිත් ඔහොම තමයි....

    අපේ ඉස්කෝලෙත් ඔය වගේ තමයි.. එකෙක්ට ප්‍රශ්නයක් වුණොත් ඔක්කොම ගුටි කන්න ඉදිරිපත් වෙනවා. මුළු පන්තියකටම ගහන්න කම්මැලි කමට මැඩම්ලා වැඩේ අතරල දානවා... හික් හික්...:D

    මගේ ඩොන්ගලේට නම් ඕන් 'හැම ෆ්‍රෙන්ඩෙක් ම වැදගත් නේ මචන්'.. ෆෝන් එක නම් 'හූ කෙයාර් ඕල්වේස්'... හිකිස්.. :PP

    ReplyDelete
  9. අපිට නම් ඩයලොග් තමයි හරිය..

    ReplyDelete
  10. පොඩ්ඩා හරි.. ලංකාවේ අපිට මොබිටෙල් බොල. :/
    ඇත්තටම ඒ වෙළද දැන්වීම ට මමත් මාරම ලයික්..

    ReplyDelete
  11. මම කලින් දැකලා තිබ්බේ නෑ මමත් අර කිව්ව, ඔයාවගේ කරුමෙට ටී.වී නොබලන එකෙක්. මාර ගතී. මටත් ආස හිතුනා දෙවෙනි වීඩියෝ එකේ තියෙන ස්ටෙප් ටික පුරුදු වෙන්න.

    ReplyDelete
  12. @Ice (අයේෂා කුලතුංග)
    හරි හරි ඉතින් මම කිවේ මම දන්නේ නැ කියලනේ :P

    ReplyDelete
  13. කෝ ඔය කියපු විදියේ එකක් නැහැ නේ.මත් ඉතින් ටීවී බැලෙන්නේ නැහැ නේ.

    ReplyDelete
  14. ඔය කියන දේ අපි කොච්චර කරලා ඇත්ද?පංතිය පිටින්ම කොච්චර ගුටිකාල ඇත්ද? සැබැවින්ම සොඳුරු මතකයන් අවදි කරනවා

    ReplyDelete
  15. පන්ති කාමරයේ හැසිරෙන හැටි අපේ පොඩ්ඩන්ට ආදර්ශයක්ද මන්දා?

    ReplyDelete
  16. පන්ති කාමරයේ හැසිරෙන හැටි අපේ පොඩ්ඩන්ට ආදර්ශයක්ද මන්දා?

    ReplyDelete
  17. පන්ති කාමරයේ හැසිරෙන හැටි අපේ පොඩ්ඩන්ට ආදර්ශයක්ද මන්දා?

    ReplyDelete
  18. පන්ති කාමරයේ හැසිරෙන හැටි අපේ පොඩ්ඩන්ට ආදර්ශයක්ද මන්දා?

    ReplyDelete
  19. නෑ නෑ. වී කෙයාර් ඕල්වේස් !!
    වැදගත් දේවල් වලට වැදගත් නම්බර් එකක් !

    ReplyDelete
  20. එහෙම යාලුවො ගොඩක් අඩුයි

    ReplyDelete
  21. @පොඩි මෑන්
    නෑ නෙමේ ඔව්... ඔයා මොබිටෙල් උනාට ඉතින් මම ඩයලොග් නේ...

    @සයුරි
    සිංහල සිංදුව දාන්න ඕන නිසයි ඒක දැම්මෙ අක්කෙ.. ඔන්න ඔයා කියපු නිසා මම ආයෙ පෝස්ට් එක එඩිට් කරල හින්දි සිංදුවත් දැම්මා.. හැබැයි ඒකෙත් මම කියපු කොටස නම් නෑ.

    @මහිම මධුරංග
    හ්ම්ම්,ඔයා කියපු විදියේ කොල්ලො වගේම කෙල්ලොත් ඉන්නවා... මොනා උනත් පාවා නොදෙන. කේලම් කියන කෙල්ලො වගේම කොල්ලොත් නැත්තෙම නෑ.ඒ බව මම දැකලා තියෙනවා. අපේ ඉස්කෝලෙ මිශ්‍ර එකක්නේ...

    @මන්ඩිපාල
    හෆෝයි.. මම මොනවත් ප්‍රමෝට් කළේ නෑ ..... මම ඩයලොග් බව කිව්වෙ... හික් හික්...මොකට කහටක් ඇති කර ගන්නද මල්ලි? සුභ පැතුමට ස්තුතියි. ජය වේවා!!!

    @ඔබ නොදුටු ලොවක්
    මම ඒක දැම්මේ සිංහල සින්දුව දාන්න නිසා. ලංකාවෙ හඬ කවපු ඇඩ් එක යූ ටියුබ් එකේ තිබ්බේ නෑ..

    @ගැමියාගේ පත් ඉරුව
    මට නම් ඉතින් ඩොන්ගෙක් නෑ. ඒත් මම නම් ඩයලොග් තමා..

    අන්න නියම යාලුවෝ.. නියමයි මල්ලි. ඒ කාලෙ ඉඳන්ම ඔය වගේ ලිය කියවිලි සම්බන්ධ දේවල් වලට දක්ෂයි වගේ ඈ..

    ඔයත් අර මං වගේ කරුමෙට වත් ටී.වී නොබලන කෙනෙක්ද? හුරේ..මාත් ඉතින් ඔය ලෙසටම මූණු පොත සහ බ්ලොග් නිසා ටීවී බැලීම අතපසු කරන කෙනෙක් තමා. ම්ම්ම් මම දාපු පෝස්ට් එකෙන්නෙ තවත් රස කතාවක් එලියට ආවෙ...

    @Dinesh
    ම්ම්ම් ඔයා දැක්කද? මරු නේද? අරමුණ මොකක් උනත් නියමයි. හින්දි ඒක තමා සුපිරි. යාළුවෝ හැම කෙනෙක්ම අපිට වැදගත් තමා....

    @රෙප් මහත්තයා
    ඔයා දීල තිබ්බ ලින්ක් එකෙන් ගිහින් බැලුවා. කියවද්දිත් බයේ බෑ.. අම්මෝ........

    @Ice (අයේෂා කුලතුංග)
    ඒකනේ නංගි දාන්න පහක්... කෙල්ලොත් ඔහොම තමා නේ..? අපෝ ඔයාලගේ ඉස්කෝලෙ මැඩම් ලා ගහන්න විතරයි නේද කම්මැලි? උගන්නන්න එහෙම කම්මැලි නෑනේ? :)

    ඔයාටත් ඉතින් කියන්න වෙන්නේ ගැමියාට දුන්නු උත්තරේම තමා.මට නම් ඉතින් ඩොන්ගෙක් නෑ. ආහ් ඔයා 'හූ කෙයා ඕල්වේස්' ද? මම හිතුවේ 'වී කෙයා ඕල්වේස්' කියලා.... හික් හික්..

    @ඇට්ටර අප්පු
    එල තමා.. මේ පැත්තට ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි සහෝ.. ජය වෙවා!!!

    @වර්ණා
    පොඩ් ඩා වැරදී...ගැමියයි මායි ඇට්ටර අප්පුයි තමා හරි බං..
    ඇඩ් එක මාර ගති නේ?

    @බට්ටි
    බලන් යද්දී මම වගේ තව සෙට් එකක් ඉන්නවා වගේ කරුමෙට ටීවී නොබලන..බලාගෙන අක්කෙ, ස්ටෙප්ස් පුරුදු වෙන්න ගිහින් අඬු කඩා ගන්න එහෙම එපෝ....

    @Sabith
    හ්ම්ම් හැමෝටම ඒ වගේ සොඳුරු අත්දැකීම් තියෙනවා... පසුව ඒ ගැන වෙනම ලියමු. මේ පැත්තට ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි සහෝ. ජය වේවා!!!

    @today
    ඒවා ගැන එච්චර හිතන්න එපා. කොල්ලො කෙල්ලො ඔහොම තමානෙ කොහොමත්.. විසේ විසේ.. :) මේ ඇයි ඔයා එකම කමෙන්ට් එක හතර පරක් දැම්මේ..??? :P

    @මධුරංග
    නෑ නෑ... ද ෆියුචර් ඉස් ටුඩේ...
    වැදගත් දේවල් නෑ මට ඒ තරමට... හික් හික්

    @කස්ස
    හ්ම්ම්... එහෙම යාළුවෝ අඩුයි නේන්නම්. මටත් ඉන්නේ එහෙම යාළුවෝ හතරයි පහයි.අනිත් උන්ගෙ බොරූ චාටුව... මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි සහෝ.. ජය වේවා!!!

    ReplyDelete
  22. මාත් ඒ ඇඩ් එකට ගොඩක්ම කැමතියි නගෝ. බොහොම ලස්සන පණිවිඩයක් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකනේ අයියා... ලස්සනයි නේ???

      Delete
  23. "ලංකාවෙ අපිට නම් ඩයලොග් තමා.." ඒත් ‍ඩේටා සිම් නම් "එයාර් ටෙල්"

    පට්ට වීඩියෝව..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ෆට්ට නිසා තමා නෙ මම ඒක දැම්මේ... කවුරු මොනා කිව්වත් ඉතින් මම නම් ඩයලොග්මයි ඕන්..

      Delete
  24. ඇඩ් එකනම් නියමයි.... කෙල්ලන් කොහොම උනත් කොල්ලෝ නම් ගොඩක් ම ඔහොම තමා, බීටලත් අනන්තවත් පන්ති පිටින් ගුටිකාලා ඇති එක එකා කොරපු වැඩ නිසා.අපිට අපේ සෙක්ෂනල් හෙඩ් කාරයත් කියන්නේ "මුන්ගෙන් නම් කවදාවත් වචනයක් එලියට ගන්න වෙන්නේ නෑ දෙන්ට ඔනේ සෙක්ෂන් එකටම" කියලා.

    අපිට නම් ඉතින් මොබිටෙල් තමා

    ReplyDelete
  25. එහෙනම් ඒ තරමට කස්ටිය වෙන්නැති නේ? සෙක්ෂන් එකටම දෙන්න තරම්...:) ඔයත් එහෙනම් වී කෙයා ඕල්වේස් වගේ ආහ්..

    ReplyDelete
  26. කෙල්ලො ගැන නම් දන්නේ නැත...

    භැබැයි මම කරපු අහිංසක සමනළ වැඩ වලදී නම් පංතියේ හතලිස් තුනක් මයේ නම වෙනුවෙනි....


    කෙහෙම්මල.... ලංකාවේ අපිට නම් මොබිටෙල්... හැබැයි "වැදගත් සැම අත" පමණකි රැඳෙන්නේ!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ... මාරයි නේ? පන්තියෙ ඔක්කොම කීයක් ඉන්නවද හතලිස් හතරද?

      කෙහෙම්මල නෙමේ.. ලංකාවේ අපිට ඩයලොග්... හි හී..

      Delete
    2. ආසයි නේහ්... ;)
      මා ද ඇතුලුව හතලිස් හතරකි.
      එහෙත් උදෑසන නාමලේඛනය ලකුණු කරන මොහොතේ දකින මුහුණු හතලිස් තුන නැවත දකින්නට ලැබෙන්නේ පාසල නිම වන්නට මිනිත්තු කීපයකට පෙර ය!!!!

      කෙහෙම්මල ඩයලොග් තමයි....
      අපි මොබිටෙල්!!
      "වැදගත් සැම අත"
      :)

      Delete
  27. අපේ උසස් පෙල සෙට් එකත් ඔය වගේ... කොල්ලෝ මොන පිස්සුවත් නැටුවත් කෙල්ලෝ කටේ කෙළ බිඳක් හෙලන්නෑ... අපේ සෙක්ෂන් හෙඩ් කියන්නේ මේකේ කෙල්ලෝ ටික හින්දා තමා මුන් ටික නරක් වෙලා තියෙන්නේ කියලා...!!!

    යාළු ෆිට් එක කියන්නේ බුදු ෆිට් එකක් තමා...!!!

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙම තමයි... ස්තුතියි මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කළාට

      Delete
  28. ශානි ඔයාට විතරක් නෙවේ අවංකෙන්ම කියනවනම් ඔය ඇඩ් එක මගෙත් හිතට හොදට වැදුන ඇඩ් එකක්කොක ගිය පලවෙනි දවසෙත් මගේ ඇහැට පොඩි කදුලක් ආවා.මම අම්මටත් කිව්වා ඉස්කෝලෙ මතක් වෙනවා කියලා (බොරැ නෙවේ සිරා)මොක්ද අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය ඇඩ් එකේම වගේ සීන් ඉස්කෝලෙදි දාපු නිසා.මිස් උගන්නද්දි කට්ටියම කතා වෙලා පංතියම ගල් ගැහිලා ඉන්නවා..බෝඩ් එකේ ලියද්දි බෝඩ් එකට ලේසර් ගහනවා..මිස් අනිත් පැත්ත හැරිලා ඉද්දි හූ... කියනවා.කියලා කව්රැත් දන්නෑ වගේ ඉන්නවා..මාර දුකයි අප්පා දැන් ඒ ජීවිත ඉවරයි දැන් උදේ ඉන්දං හවස් වෙනකල්ම වැඩ :'(

    ReplyDelete
  29. ගත්තම ඉතිං මෙහෙමයි.. අපේ නම් කෝමත් ඔහොමයි. කාට හරි එකෙක්ට මොකක් හරි උනොත් හැමෝම යයි. යාළුවෙක්ට පන්තියෙ සර් කෙනෙක් කුඩුකේඩු කතාවක් කිවුවයි කියලා අපේ සෙට් එකම ඒ පන්තිය නවත්තන්නයි ඉන්නෙ. හිකිස්.. ලබන සතියෙ සර් ට පෙනෙයි තරු..

    ReplyDelete
  30. sure all frriends are important.



    Thanks.
    TimmBlog

    ReplyDelete
  31. ඔය වගේ යාලුවොත් ඉන්නවා. :)

    ReplyDelete
  32. මම මේ කමේන්ට්1ක දාන්න, මම මේ page1ක කියවා කියවා පහලවම ස්ක්‍රෝල් කර කර පයලටම ආවා. මටත් මගේ පාසල් කාලයට හිත ඉබේම දිවගියේ මටත් නොදැනීමයි. ඉතිං ඒගැන සටහනක් නොතියාම මේ පෝස්ට්1ක ක්ලෝස් කරන්න හිත දුන්නෙම නෑ....!
    මම ගියේනම් ලංකාවේ සුප්‍රසිද්දම අගනුවර පිරිමි විදුහලටයි.! ඉතිං මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑ නේ....! ආ....ඔව් ඔව්...ඒකට තමා, කෙටියෙන් කිව්වොත් ඔය පවා දීම් කියන වචනෙ වත් අපි අතර නෑ......ඒ දවස් මතක් වෙනකොට...................වැඩක් නෑ ඒවා කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... පරක්කු වෙලා හරි ආවනේ... ඒක ගැන සතුටුයි... දිගටම එන්න.. කෝ ඔයාගේ බ්ලොග් එක...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..