ලෝකෙට ආපු අය

Tuesday, December 27, 2011

සිරකළ සිතුවිලි


















සිනාසෙමි මම..
හඬනු  බැරුවා නොව නවත්වනු බැරි නිසා
මඟ බලමි මම..
ඔබ එයි කියා නොව දකින්නට හෝ ලැබෙයි කියා
ඔබ දෙස බලමි මම..
ඔබ සිනා සෙයි කියා නොව අහක නොබලනු ඇතැයි සිතා
බලාපොරොත්තු ඇති කර ගනිමි මම..
මා ගැන නොව ඔබ මගේම වෙයි කියා
ජීවත් වෙමි මම..
මැරෙනු නොහැකිව නොව මැරුනොත් ඔබ මට නැති වේය කියා
තවම ඔබ ගැන සිතමි මම..
අමතක කරනු නොහැකිව නොව ඔබ මගේ ජීවිතය  නිසා
හිත හදා ගනිමි මම..
ජීවිතය තව දුර නිසා

25 comments:

  1. කොහොමහරි අන්තිමට හිත හදාගත්ත නම් එච්චරයි....

    ReplyDelete
  2. @Kasun
    ඔව් අයියේ.. හිත හද ගත්තා මම. නොලැබෙන දෙයකට ආසා කරලා හිත රිද්දගන්න බෑ තවත් මට.

    ReplyDelete
  3. හ්ම්ම්
    කොහොමහරි හිත හදාගෙන නේ

    ReplyDelete
  4. හ්ම්..ඇත්ත සිදු වීමක්ද? ලස්සනයි....

    ReplyDelete
  5. මේකට උත්තර විදියට මම ලියපු නිසදැසක් දාන්නම් ඊළගට

    ReplyDelete
  6. සිහිනෙක කිමිද ඔබ ගැන සිතපු.....
    කාලේ ගෙවිලා
    නොසිතුව විලස මා නෙතු ගාව.....
    කදූළු පිරිලා
    ඔබ යලි හැරිලා
    මා දෙස බලලා
    එන හැටි දුවලා
    මවා සුසුම් හෙළුවා........සිහිනෙන්

    තේමාව:-ආදරය එන්නේ ඉබි ගමනින් ඒත් අපි හිතන්නැති වෙලාවට ආදරය පියඹන්නේ අපිට හිතාගන්නවත් ඉඩක් නොතියා.ඒතට අපිවත් ඒ ආදරයවත් පලි නෑ.මොනා උනත් ඒවා දරාගෙන අපි ජීවත් වෙන්න ඕනේ....

    සැලෙන්න එපා අක්කේ ජීවිතේ රස වෙන්න මේ දේවල් අවශ්‍යයි.ලියන්න දිගටම එතකොට දුක අඩුවෙනවා කියලා මම දන්නවා

    ජය වේවා

    ReplyDelete
  7. මොකද මේ ඔයාට වුනේ.පැමිණෙන දුක පැණි රසයි බෝ සතුන් සිතුවො .එහෙමයි බුදු බණේ තියෙන්නේ

    ReplyDelete
  8. ආ ඒක නෙමෙයි කොහොමද නංගිගේ රිසල්ට් එහෙම...හොඳින් සමත් වෙලා ඇති කියල හිතනවා..:)

    ReplyDelete
  9. ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  10. @මහිම මධුරංග
    ඔව් අයියා,හිත හදාගත්තා..

    ReplyDelete
  11. @සයුරි
    ඔව් අක්කෙ,ඇත්ත සිදුවීමක් තමයි.දැන් ටිකක් කල් හැබැයි..ඒකනේ කිව්වේ "හිත හදා ගනිමි මම" කියලා.රිසල්ට් මම ඔයාගේ මූණු පොතට එවන්නම් අක්කෙ.

    @ගැමියාගේ පත් ඉරුව
    ඔව් මල්ලි,අපි නොසිතපු වෙලාවක අපි ලඟට ඇවිත් නොසිතපු වෙලාවක අපිව දාලා යන ආදරේ ගැන මම දැන් හිතන්නේ නෑ.. හිත හදා ගෙන ඉවරයි.
    ඔයාගේ නිසදැසත් ගොඩාක් ලස්සනයි.ඔව් මම දිගටම ලියනවා.එතකොට දුක තුනී වෙවී.
    ජය වේවා!

    @අසරණයා
    අද ඊයේ වෙච්ච දෙයක් නෙමේ අයියේ දැන් ටිකක් කල්.ඉතින් බෝ සතුන් එහෙම සිතුවාට අපිට දුක දැනෙනවනේ,අපි බෝධිසත්වයො යැයි.. කොහොමත් ගියා දේ ගියා..ඒ දේ මට අයිති නෑ..

    @හර්ෂ එම්. හේරත්
    මේ පැත්තේ ආවටයි කමෙන්ට් කලාටයි ස්තුතියි සහෝදරයා..ඔයාලා කියවන නිසානේ මම ලියන්නේ..

    ReplyDelete
  12. මොනවාහරි කරලා දෙයියනේ කියලා හිත හදා ගත්තා නම් එච්චරයි. මොකද හිතක් කඩලා දාලා ගිය එකාවත් එන්නේ නෑ අන්තිමේදි ඒ හිත හදන්න. තමන්ම තමයි තමන්ගේ හිත හදාගන්න ඕනේ.

    කතාවටත් කියන්නේ තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා.

    ReplyDelete
  13. හ්ම්ම්... ඒක තේරෙන්න ටිකක් පරක්කු උනා. ඒකයි තාම හිත දුක් වෙන්නේ.. ඒත් ඒ හිතුවිලි වලට ඉඩදෙන්නේ නෑ මම.. අලුත් අවුරුද්දක්.අලුත් ආරම්භයක්... මේ පැත්තේ ආවටයි කොමෙන්ටුවටයි ස්තුතියි අයියේ.:D

    ReplyDelete
  14. ඔව්වා ඔහොම තමයි... මොනා කරන්නද බන්

    ReplyDelete
  15. @වර්ණා
    හ්ම්ම්.. කරන්න දෙයක් නෑ බන්, හිත හදා ගන්නවා මිස...

    ReplyDelete
  16. හ්ම්............ලස්සනයි..

    ReplyDelete
  17. ස්තුතියි... කොමෙන්ටුවට වගේම ෆලෝ කරාටත්. ජය වේවා!!!

    ReplyDelete
  18. හ්ම්...මොනවා කියන්නද හිතා ගන්න බැ..

    තවම ඔබ ගැන සිතමි මම..
    අමතක කරනු නොහැකිව නොව, ඔබ මගේ ජීවිතය නිසා
    හිත හදා ගනිමි මම..
    ජීවිතය තව දුර නිසා

    බොක්කටම වැදුනා....

    හිතුවාට මම තවම ඔබ ගැන
    සිහින ලෝකෙක තනිවෙලා
    වෙනත් කෙනෙකුගේ සුරත අරගන
    ඔයා යන්නට ගිහිල්ලා .........

    ReplyDelete
  19. ස්තුතියි... බොක්කෙන්ම ලිව්වම බොක්කට වදිනවා නේ..? ඔයාගේ කවියත් හුඟක් ලස්සනයි රෙප් මහත්තයා..:)

    ReplyDelete
  20. //අමතක කරනු නොහැකිව නොව ඔබ මගේ ජීවිතය නිසා
    හිත හදා ගනිමි මම..
    ජීවිතය තව දුර නිසා//

    නියමයි ශානි!! අවසානෙදි විය යුත්තෙ ඕක තමා.. හිත හදාගන්න එක..

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවට ස්තුතියි යාලුවේ... හ්ම්ම්, හිත හදා ගත්ත තමයි.. ආයෙත් එන්න, ජය වේවා!!!

      Delete
  21. අලුත් ලිපියෙ කොමෙන්ටුවෙන් තමා මේ පැත්තට තල්ලුවෙලා ආවෙ.. බොක්කටම වැදුන..
    “හිත හදා ගනිමි මම..
    ජීවිතය තව දුර නිසා...“ මෙන්න මේ ටික නම් කාට කාටත් ආදර්ශවත්.. ජය ශ්‍රී..!!!

    ReplyDelete
  22. බොක්කටම වැදුනා නම් එච්චරයි.. :) ජය වේවා මල්ලි!!!

    ReplyDelete
  23. ඔයා ලියපු නිසදෙස්‌ වලින් මට නම් එලම මේක...

    ReplyDelete
  24. හ්ම්ම් වැඩියම නිසඳැස් ලියන්නේ නෑ මම... බුකියෙත් පොඩි කවි (වගේ) කෑලි දානවා... ස්තුතියි..!!!

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..