ලෝකෙට ආපු අය

Monday, December 19, 2011

ගණ දෙවියනි බැල්ම හෙලනු මැන

         මුලින්ම මම මගේ පළවෙනි පෝස්ට් එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න කැමතියි.දැන් එමු මේකට...මේ අවුරුද්දේ උසස් පෙළ විභාගෙට මූන දීලා ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලා ගැන හිතල තමයි මේක ලියන්නේ.. (නංගිලා  මල්ලිලා කිව්වට මොකද මාත් මේ පාර කොළා..) පළවෙනි පාරවත් දෙවෙනි පාරවත් නම් නෙමෙයි ඕන්...

                  ඉතින් ගිය අවුරුද්දෙත් විභාගෙ කරපු ළමයෙක් හැටියට මටත් සෑහෙන්න හොඳ මතකයක් තියෙනවා.ගිය පාර රිසල්ට්ස් ආවෙ දෙසැම්බර් 7 වෙනිදා... අද කවදද 18 වෙනිදනෙ... 2නි පාර කරපු අයයි අපියි පරණ සිලබස්.. 1නි පාර කට්ටිය අළුත් සිලබස්... ඔන්න ඕක තමා පුරස්නෙ...

                 රිසල්ට්ස් එන දවස ගැන කීදෙනෙක් නම් මොන මොන කතා කිව්වද..විභාගෙ ලියලා මාස දෙකෙන් එනවා කිව්වා,නොවැම්බර් 20 එනව කියලත් අපේ තාත්තට පන්සල් එන මගේ වයසෙ කෙල්ලෙක් කිව්වා කියල තාත්ත මට කිව්වෙ නොවැම්බර් 10 වෙනිදා පෝයට පන්සල් ගිය වෙලාවෙ.. මට තරු පෙනි පෙනි උන්නෙ.. මොකද දන්නවද? ඒ ළමයත් හරි මීටරේ.. ගිය පාරත් රෑන්ක් එක අසූ ගානක්.. ඉතින් මම පව් නෙ නේ... කොහොමහරි නොවැම්බර් 20 වෙනකල් බලාගෙන උන්නා වැඩි සද්ද බද්ද නැතුව.. ආවෙ නෑ.. ඔන්න ඊට පස්සෙ නොවැම්බර් අග වත් ඒද කියල බලන් උන්නා... ඒත් ආවෙ නෑ...විභාග කොමසාරිස් උන්නැහේ කිව්වෙ මුලදි ඉස්කොලෙ නිවාඩු දෙන්න කලින් රිසල්ට්ස් එවනවා කියලමනෙ.. ඔන්න ඉතින් ඒ පාරත් බලන් උන්න දෙසැම්බර් 8/9 වෙද්දි වත් රිසල්ට්ස් ඒවි කියල...කොහෙද.. දැන් ඉස්කෝල නිවාඩු දීලත් සුමානයකට වැඩිය ගියා.. තාමත් රිසල්ට්ස් අවුට් කලේ නෑ නොවැ.. ගිය පාර නම් මම මෙලහකට පන්ති යන්නත් පටන් අරන්...ඒ අස්සෙ මම යන කොම්පියුටර් පන්තියෙ නංගිලා වගයක් කතා වෙනව මම අහගෙන රිසල්ට්ස් එන්න සති තුනක් යනවා..ඒ කියන්නෙ ඉතින් ජනවාරි නෙ... මොන උනත් කමක් නැ කියල හිතගෙන උන්න...

                  ඔන්න දැනට දවස් 4කට විතර උඩදි අම්මා මට කියනවා ඉසෙඩ් අගය ලබා දෙන ආකාරය ගැන තීරනය කරන්න කමිටුවක් පත් කරල කියලා.. අනේ ඉතින් කමිටු හදාගෙන ඕව කවද කෙරෙන වැඩ ද නේ.... මේ සිලබස් කේස් එක කොයිතරම් දුරට බලපෑවද කියනව නම් එස්.බී මාමටත් පාර්ලිමෙන්තුවෙ මේ ගැන ප්‍රකාශයක් කොරන්ඩ උනා.. දන් අර පිහිටෙව්ව කියන කමිටුවේ තීරනෙ සිලබස් දෙකෙම එකම විදියට ඉසෙඩ් අගය බලන්නලු... නැත්නම් කැම්පස් ගනිද්දි ප්‍රශ්නයක් වෙනවාලු...දින 2කින් ප්‍රතිපල නිකුත් කරන්න සූදනම් කරන වගක් තම එස්.බී මාමා කියල තියෙන්නෙ..ඒ කියපු හටියට නම් රිසල්ට්ස් එන්න ඕන අද තමා.. සමහර විට ඔයාලා මේකට කොමෙන්ට් දාන්න එද්දි රිසල්ට්ස් ඇවිත් තියෙන්නත් පුලුවන්...නැති වෙන්නත් පුලුවන්... (මොකද අද උදේ ගුවන් විදුලි සංස්ථාවෙ නිව්ස් වලට බන්දුල ගුණවර්ධන මාමා කිව්වා ලබන අවුරුද්දට කලින් රිසල්ට්ස් දෙනවා කියලා.. මරු කතාව නේද?) ඉතින් ඕකෙන් මේකෙන් උනේ රිසල්ට්ස් බල්ලට ගිය එකයි...

                මට තවත් කට්ටියක් ගැන මතක් කරන්න තියෙනව... 2011 පළමු වර පෙනී සිට තාම පන්ති යන්න ගත්තෙ නැති අය එහෙම ඉන්නවද? එහෙම අය ඉන්නව නම් ඉක්මන් කරල පන්ති යන්න ගන්ඩලා... මොකද art ,commerce  කෙසේ වෙතත් science,maths වල රහ දන්නෙ කරපු අයම තමයි නේ... 2011 දෙවෙනි වර කරපු අයටත් සෑහෙන පාඩුවක්.. මම නම් දෙවෙනි පාර කරද්දි සැප්තැම්බර් ඉදන්ම පන්ති ගියා.. 3 නි පාර නම් රිසල්ට්ස් ආවට පස්සෙයි කරන්න ගත්තෙ... මට නම් ඉතින් දැන් ප්‍රශ්නයක් නෑ පන්ති ගිහින් ඉවරයි නෙ...

               අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ඉතින් කරන දෙයක් අපිට අසාධාරණයක් නොවෙන්න කරන්න කියල තමයි... මොකෝ ඉතින් අපි හතරවෙනි පාර කරන්නයැ නේ....

මේං බලන්නකො මටත් වඩා අවුරුද්දක් වැඩිමල් 3නි පාර විභාගෙ කරපු අයියා කෙනෙක්ගේ මූනුපොතෙන් හොයාගත්තු ෆොටෝ එකක්...

ලිව්වේ Shani දැන් වෙලාව හරියටම 01:33 AM 

17 comments:

  1. ඇත්ත ඇත්ත විද්‍යා විෂයන් කරාම වෙන්නේ පූර්ණ කාලීන ශිෂ්‍යයෙක් වෙන්න මමත් මේ සැරේ කරන්න හිටියේ පොඩි පොඩි ප්‍රශ්න නිසා ලබන අවුරුද්දේම කරන්න හිතුවා මමත් විද්‍යා විෂයන්ම තමයි.දිගු ගමනකට මගෙන් සුභ පැතුම් දිගටම ලියන්න

    ReplyDelete
  2. හ්ම්ම් ඔහොම තමයි අක්කේ, ඕවා එන්නේ නැහැ , එන්නේ එත අපි හිතපු නැති වෙලාවක. අපේ මල්ලිත් මේ පාර කළා. පලවෙනි පාර. එයාත් බලාගෙන ඉන්නේ එනකම්..

    ReplyDelete
  3. @ගැමියගේ පත් ඉරුව
    ඔව් සහෝදරයා,පූර්ණකාලීන වෙලා මට දැන් එපා වෙලා තියෙන්නෙ..සුභ පැතුමට ස්තුතියි...

    @වර්ණා
    නත්තල් පහුවෙලා ආවොත් හොඳා නේද? නැත්නම් අපේ කතෝලික යාලුවො පව්නේ..

    ReplyDelete
  4. අනේ ඔන්න ඕක එනදාකට එවන්න කියන්න... මට ඉතින් මෙන්න මේකයි මතක් උනේ... අධ්‍යාපනය නම් කැඳ හැලිය හැඳි බන්දුල එස්බී මාමල හැඳි ගගා ග්‍රේරු මාමගෙ රෙසිපියකුත් ඉල්ලන් අඩුම කුඩුම තව දානව...අනේ ලොකු මාමෙ පුළුවන්නම් වෙන මුකුත් නොහදා රටේ අධ්‍යාපනේ හදල කැපෙන්න..හික්

    ReplyDelete
  5. @චරිත්
    ඒ කතාව මාත් පිළිගන්නවා..ඔය කතාව කිව්වම කැම්පස් එකේ ඉන්න මගෙ යාළුවෙක් කියනව "දැන් නම් එස්.බී මාමව යවන්න ඕන,නැත්නම් තව මොනා කරයිද දන්නෙ නැහැ" කියලා

    ReplyDelete
  6. ඔය ඔච්චර ආසවෙන්ද ඉන්නේ රිසල්ට් බලන්න.කමක් නැහැ. සුභ අනාගතයක්!!

    ReplyDelete
  7. @අසරණයා
    නෑ ඉතින්, මොනා උනත් ඉදිරියට කරන දේකට යොමුවෙන්න තියෙන කාලෙනේ..

    ReplyDelete
  8. මෙච්චර කල් හිටිය වගේ ඔන්න ඔහොම තව පොඩ්ඩක් ඉවසගෙන ඉන්න නගෝ.

    ReplyDelete
  9. @කසුන්
    අයිය නම් කියයි..ඒ දවස් වල රිසල්ට්ස් පරක්කු වෙන්න නැතුව ඇති මගෙ හිතේ....

    ReplyDelete
  10. ඔහ්..මටත් ශානි කියලා යාළුවෙක් ඉන්නවා. මම බැලුවා එයා වත් ද කියලා..බලනකොට නංගියෙක් නේ..:) අපේ පාර නම් හිතුවටත් වඩා කලින් රිසල්ට්ස් ආවා ද කොහෙද...හි හි..බය වෙන්න එපා හොඳ රිසල්ට් එකක් එයි ඔයාට...

    ReplyDelete
  11. @සයුරි
    මාත් දැක්කා අක්කේ බ්ලොග් එකෙත් තව ශානි කෙනෙක් ඉන්නවා...හී හී.. අද හෙටම එයි කියලා තමා මාත් බලන් ඉන්නේ.මේ පැත්තට ආවටයි කමෙන්ට් කලාටයි ස්තුතියි..

    ReplyDelete
  12. මෙදාපාර විභාග දෙපාර්තමේන්තුව අහිංසක ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරලා. මේවයේ බරපතල කම තේරෙන්න විභාග කොමසාරිස්ගේ හරි එහෙම නැත්නම් එයාගේ නෑදෑ කෙනෙක්ගේ දරුවෙක් විභාගේ ලියන්න ඕනා.

    නැත්නම් කිසි ගානක් නෑ. ඔහේ ඕන සෙල්ලමක් දානවා. පවු අහිංසක ජීවිත.

    ReplyDelete
  13. @මධුරංග
    සහතික ඇත්ත අයියේ, මේ පාර මහා පිස්සුවක් නේ නටල තියෙන්නේ.. ජනවාරි ඉඳං අලුත් කෙනෙක් එනවලු නේ.. බලමු එයාවත් බැනුම් නාහන්න වැඩ කොරයිද කියලා..

    ReplyDelete
  14. මේ පාර මමත් කොරා නෙව(පළවෙනි පාර නම් නෙමෙයි ආයිබොවං), මැත්ස් කොරන්න අපි දෙන ගේම කොමසාරිස් උන්නැහේ දන්නැහැ නෙව, මිනිහ ඒකෙන් චක්ගුඩු පනිනව. කාලයක් තිස්සෙ හොර බොරුවක් වංචාවක් නැති දේකට අපේ රටේ තිබුනෙ අංඩුවෙ විභාග ටික විතරයි, දැං ඒකත් බල්ලට ගියා නෙව...

    ReplyDelete
  15. ඔයා මැත්ස්ද? මම සයන්ස් නේ... :)සහතික ඇත්ත සහතික ඇත්ත...

    ReplyDelete
  16. රිසාල්ට් කෝමෙයි? අහන්නත් බැරි උනා කියපන් මචං බුකියේදී ප්‍රයිවට් එකේ ?

    ReplyDelete
  17. හරි මචන් මම කියන්නම්කො..

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..