දෙයියනේ
කියල අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම දාන පෝස්ට් එකෙන් ඉතාම මෑතකදී මම ලබපු අත්දැකීමක්
ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.තාම සති 2 ක විතර නේද ගියේ නත්තල් පහු වෙලා.ඒ තරම්
නැද්ද මන්ද,
කොහොමහරි මේ පෝස්ට් එකට හේතු වෙච්ච සිද්ධිය උනේ පහුගිය දෙසැම්බර්
24 සහ 25 වෙනිදා හරිද..
25 වෙනිදා රෑනේ රිසල්ට් ආවේ. අනික ඒ දවස් වල හැමෝටමත් නිවාඩුනේ.ගෙදරට වෙලත් හරිම
කම්මැලි කමේ උන්නේ. අපේ ටවුන් එකත් කතෝලික බහුතරයක් වෙච්චි එකේ මට හිතුන නත්තල් දවස් දෙකේ
කඩේක වැඩ කරලා බලන්න.( නිකන් නෙමේ සල්ලි වලට.) ඉතින් මම ඔය හවස් වරුවක ටවුන් එකේ
සවාරියක් දාන ගමන් ටිකක් ලොකු සිල්ලර කඩේකට ගිහින් මුදලාලිගෙන් ඇහුවා නත්තල් දායි
ඊට කලින් දවසෙයි කඩේ වැඩට එන්න..මුදලාලිත් කැමති උනා දවසට රු 700 ගානේ දවස් 2 ට
1400 ක් මට ගෙවන්න..ඉතින් මාත් හා කියල ගෙදර ගිහින් අම්මට කිව්වා මෙහෙම,
“අම්මේ,මම 24,25යි යනවා ####### කඩේට. මම මුදලාලිගෙන් අහල ආවේ.”
ඒ
ගමන අම්ම
මට කියනවා..
“අනේ හැබෑට මේ ළමයට වෙලා තියෙන දෙයක්..හා හා කමක් නෑ.මම තාත්තට
කියන්නම්කො ගිහින් දාන්න කියලා”
(අම්ම
එහෙම කිව්වට ඉතින් දවස් 2 ට පඩි නෙ... J නේද
??)
ඔන්‍න ඉතින් 24 වෙනිදත් උනා. මාත් ඉතින් තාත්තට කියල උදේ 8
වෙද්දී කඩේ ගාවට ගිහින් දම්ම ගත්තා. හැබැයි පයින් යන්නත් බැරි
දුරක් නෙමේ.. එතකොටත් මුදලාලි ඇවිත්. මම ආපු ගමන් කොස්ස අරගෙන කඩේ ඇතුළ අතු ගෑවා. ඒකෙ තව වැඩ කරන්නෙ අයිය කෙනෙකුයි අක්ක කෙනෙකුයි විතරයි. අක්කා එහෙ පැත්තේ රොටී කඩේ
උදේට කෑම කකා හිටියේ.. අතුගාල ඉවර වෙලා, කඩේ ඇතුළ අස් පස්
කරලා කඩේ අරිනකොට 8.30 විතර උනා. අක්කත් ඒ ගමන්ම වගේ ආවා.. ටික වෙලාවක් යද්දී
කස්ටමර්ස් ලා එන්න ගත්තා. 24 වෙනිදනේ. නත්තල් සම්බන්ධ බඩු තමා වැඩි හරියක් කස්ටිය
ඉල්ලන්නේ.. මට දැන් කේක් හදන බඩු ලැයිස්තුව කට පාඩම්. නෝනලා එනවා එක එක මොස්තරේ
ඇඳුම් ඇඳගෙන කේක් බඩු ගන්න. පිටි, සීනි, බිත්තර, ඇස්ට්‍රා, ප්ලම්ස්,රට ඉඳි ,තෙල් කඩදාසි...ම්ම්ම් ඔව්වනේ සාමාන්‍යයෙන්
ගන්නේ. සමහර කට්ටිය එක එක විකාර දානවනෙ තව. (මං නම් ආසා නෑ ඒවාට.මට නිකන් බටර්
කේක් තරං කිසිම කේක් එකක් රහ නෑ) චෙරිෂ් කියයි කරන්ස් කියයි මුද්‍රික කියයි
කැන්ඩි පීල් කියයි.. මට නම් එලෝ විකාරෙන් මෙලොව අත ගානවා වගේ ඔය කේක් බඩු දැමිල්ල. මම දන්න ඇති කැන්ඩි පීලක් නෑ. ඉතින් මගේ වැඩේ අක්කට කෑ ගහල අහනවා
“අක්කේ, මේ කේක් බඩු කොහෙද තියෙන්නේ?”
ඉතින්
අපරාදේ කියන්න බෑ ඒකිත් හරි හොඳ කෙල්ල. කර කර උන්න වැඩේ දමල ගහල දුවගෙන එනවා මගේ
සපෝර්ට් එකට. මම ඉතින් සෑහෙන්න දුෂ්කර ක්‍රියාවක් කරලා බඩු ටික හොයාගෙන දාලා
දෙනවා. එදාම කඩේක වැඩට ගිය මං දන්නවයි කොහේ කොහේ නම් ඔය බඩු භාණ්ඩ තියෙනවද කියල.. ශෝක් වැඩේ කියන්නේ ඉතින් තෙල් කඩදාසි තියෙන්නේ 2 නි තට්ටුවේ. ඉතින් කවුරුහරි තෙල්
කඩදාසි ඉල්ලපු ගමන් මම තමා උඩට දුවල ගිහින් අරන් එන්න ඕන.. ඉතින් වැඩිපුර ගෙනත්
තියාගන්න දෙන්නෙත් නෑනෙ මුදලාලි, ඉල්ලන ඉල්ලන සැරේට
ගිහින් ගේන්න ඕන. එදා දවසට ඒකට විතරක් කී පාරක් උඩ තට්ටුවට ගියාද කියල මට
මතකත් නෑ. J බෑ
කියන්නත් බෑනේ ඉතින් මම පඩියට හරියන්න වැඩ කරන්නත් එපැයි. එක පාරක් මම කැන්ඩි පීල්
දාන්න ගොහින් නෑවා. ඒක දැකල සුරංග අයිය කියනවා
“
මට කිව්වනම් දාලා දෙනවනේ නංගි”
කියලා. මාත් ඉතින් බොහොම අහිංසක හිනා පාරක් දාලා එතනින් කැපුනා.(සුරංග කියන්නේ ඒකෙ වැඩ
කරන අයියගේ නම) කොල්ලො කුරුට්ටො එනවා රතික්ඤා, අහස කූරු, බඹර චක්කර අරන් යන්න. වැඩිහිටි පිරිමි අය නම් එන්නෙම ගෝල්ඩ් ලීෆ්,
බ්‍රිස්ටල් අහගෙන තමා. මොකද මුළු ටවුමටම සිගරට් විකුණන කඩ 2 යි
තියෙන්නේ. අනිත් ඒවල සිගරට් නෑ. ආපු පිරිමි අයගෙන් 90 % ක් විතරම ආවේ ඒකට විතරමයි. මේ ගැන වැඩිපුර ලියන්න ඕන නෑ කියල මට හිතෙනවා. (මම නම් අකමැතිම දෙයක් තමා සිගරට්) කොහොමත් ඒ අංශය කඩේ වැඩ කරන අයට අදාළ නැති අංශයක්. අපිට ඒවා දෙන්න තහනම්. මුදලාලි
මොකක්හරි වෙන වැඩක හිටියොත් කොයි වෙලේ හරි එයා දෙනකන් මිස අපි දෙන්නේ නෑ. තව 24 වෙනිදා ප්‍රධාන වශයෙන් විකිණිච්ච දෙයක් තමා කොකාකෝලා “සතුට
බෝ කරන්න අරන් යන ඒවා” සහ ස්ප්‍රයිට් ( ඒක නම් මගේ ප්‍රියතම
බීම -ඇල් වතුර හැරුණම J)... තව සමහර මහත්හොරු සෝඩා,
බීම බොන කප් එහෙමත් අරන් යනවා.. අපිත් ඉතින් මොකුත් තේරෙන්නෙ නෑ
වගේ ඉල්ලන බඩු ටික දීල බලන් ඉන්නවා.
ඒ
අස්සෙ මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ හිටපු නංගිලා මල්ලිලා- අය්යල අක්කලා එහෙමත් එනවා
ඒ කඩේට. මට ලැජ්ජාවේ බෑ. ඇයි ඉතින් එයාල දන්නවයි මම මේ ජොලියට කරන වැඩක්ය කියල.. උන් හිතනවා ඇති මම දැන් කඩේක රස්සාව කරනවා කියලා. කමක් නෑ. මාත් ඉතින් ශේප් එකේ
හිනාවක් දාලා මාරු වෙනවා. නැත්නම් අනම් මනං කියවන්න ගිහින් අන්තිමට මුදලාලි ගෙන්
හොඳට අහ ගන්නයි වෙන්නේ.
කොච්චර
උනත් ඒ කඩේ මුදලාලිට නම් පුදුම හදිස්සියක් තියෙන්නේ. කස්ටමර්ස් ලාටත් වඩා හදිස්සි
එයාට.
සැරින් සැරේ මටත් සැර දානවා.
“ළමයෝ,අර මිනිස්සු මොනාද බලනවා.. ටිකක් එතනට
ගිහින් බලන්න.”
දැන්
ඔයාල බලයි ඒක තරහින් කියපු එකක් වෙන්න බෑනේ.ඔය අපූරුවට කියල තියෙන්නෙ කියල. ඒත්
ඉතිං ඒක මට කියපු ටෝන් එක අනුව තමා ඒක හිතාගන්න වෙන්නේ. (පොඩ්ඩක් ට්‍රයි කොරලා
බලන්ඩලකෝ
මුදලාලි කෙනෙක් වැඩකාරයෙක්ට කියන විදියට ඒක කියන්න) තරහත් ගියා
මට ඒත් කට තදීන් පියාගෙන හිටිය මම. අක්ක කිව්වා;
“
මුදලාලි ඔහොම තමා. ගණන් ගන්න එපා නංගි”
කියල. මුදලාලිට අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක් වත් කොයිම වෙලාවකවත් වැඩක් නැතුව කතා කර කර
උන්නොත් යකා නඟිනවා. ඒ නිසා එකක් ඉවර වෙද්දී තව වැඩක්. ඒක ඉවර වෙන්න කලින් තව
වැඩක්.. ඒ විදියට අපිට වැඩ පැවරුවා. එක මොහොතක් නිකන් ඉන්න දුන්නෙ නෑ. එක
විනාඩියක් වාඩිවෙන්න දුන්නෙ නෑ.
“කෙල්ලේ, මේ හිස් බීම බෝතල් ටික උඩ තියෙන කේස්
එකට දාලා අලුත් ඒවා ගෙනත් ෆ්‍රිජ් එකෙන් දාපං”
“කෙල්ලෙ, මේ කාඩ්බෝඩ් පෙට්ටි ටික තියෙන තැනින්
අඩුක් කරපං” (තරහ ගිහින් ඉන්න වෙලාවට බාසාව.)
“දුවේ, ඔය චොක්ලට් බිස්කට් කේස් එක ගහලා ඉවර
වෙලා මේ සන්ලයිට් කේස් එකත් ගහල දාන්න” (මේ තරහ නිවුනම)
මොනා
කියල හරි එයාට ඕනේ හැමවෙලේම වැඩම කරන්න වැඩම කරන්න....
ඔය
උලව් අස්සෙ ටුවරිස්ට්ලා එනවා නානාප්‍රකාර දේවල් අහගෙන,
මුදලාලි ඒ වෙලාවට ඉස්සරහට යැව්වෙත් මාව. මට දැන් මක්ඤං වගේ.. එදා
දවසට සුද්දෝ කට්ටි 2 ක් ආව. මං හිතන්නේ එයාල ඉංග්ලිෂ්
නම් වෙන්න බෑ. කියපු මෙලෝ හසරක් තේරුණේ නෑ. කොහොමහරි උන්ම කඩේ ඇවිදලා ඇවිදලා ඕන
කරන දේ හොයාගන්න අපි ඉඩ දුන්නා. අන්තිමට අරන් ආවේ මොනාද දන්නවද??? ඉබියතුරක් !!! අන්තිමට යද්දිත් මම තැන්කූ කියල හිනා වුනාම මුන් වෙන මොනාද අපබ්‍රංශයක් දොඩවල ගියේ.. මට තනියම හිනා.
එදා
දවල් මම කද්දී වෙලාව 1.30 ට විතර. සෙනඟ පිරෙන්න කලින් කට්ටියම කන්නත් එපැයි. දම්මි
අක්ක කෑවේ මට කලින්. අපේ අම්ම බත් එක දීල තියෙන්නෙ හොඳ කෙනාට.සුරංග
අය්යා මට ඉඳං කියනවා;
“අපෝ නංගි, මොකක්ද මේ බත් එකේ හැටි. මේක නිකන්
වඩ මුලක් වගේනේ”
“එහෙම තමා.. මම ගෙදර කන විදියට තමා අම්ම එවල තියෙන්නෙ”
එහෙම
උත්තර දුන්නෙ මම. ඔය වගේම කතාවක් අපේ චුටි අය්යත් මට කියල තියෙනවා දවසක්. J
හවස්
වෙන්න වෙන්න ගොඩක් සෙනඟ ආවා. ඇයි ඉතිං 24 වෙනිදනේ.. මරු මරු වැඩ තමා ඉතිං මටත්
වෙන්නේ. පිටි දාන්න ගියාම පිටි අත් දෙකේම. හුණු ගාලා වගේ. මම ඉතිං ඒ ගමන්ම ගිහින්
නළ ලිඳ ගහල හෝදගෙන ආවා අත් දෙක. පොල්තෙල් බෝතලයක් දාන්න කියල එක මහත්තයෙක් මට
කිව්වා. පොල්තෙල් දදා ඉද්දි ටින් එක වැටුන බැරල් එක ඇතුළට. මගේ එක අතක බෝතලේ. හෙමීට අත දාලා ටින් එක ගත්තා. එකේ කොක්ක අහු වුනෙත් නෑ. අතේ ගන්න දෙයක් නෑ
පොල්තෙල්.
වෙලාවට ඒ බැරල් එක ඇතුළට වෙන්න තිබුනේ. මම අත් සබන් දාලා හෝදගෙනම
ඉස්සරහට ගියා. .
මුදලාලි
නම් එයාට
ඕන වෙලාවට අල්ලපු කඩෙන් තේ එකක් ගෙන්න ගන්නවා. වැඩ කරන ජනතාවට (ඒ
කියන්නේ අපිට) හුළං. අපි ඉතිං තිබහ උනාම පිටිපස්සට ගිහින් වතුර ටිකක් බීල ආයෙත්
වැඩ. ඉස්සරනම් ඒ කඩේ තේ හැදුවලු. දම්මි අක්ක තමා
කිව්වේ. ඒත් දැන් හදන්නේ නෑ. එයා නම් කොහොමටත් තේ බොන්නෙත් නෑලු. රෑ 8 වෙද්දී
වෙනදට ඒ කඩේ වහනවා. ඒත් නත්තල් දවස නිසා වහන පාටකුත් නෑ වේලාසන. දැන් නම් කකුල්
දෙක මැන්ඩලින් ගහනවා වගේ.. රිදේනවා. ඉඳ ගන්නවත් නෑනේ ඒ උනාට. අක්කත් ගියා හවස 6
වෙද්දී එයාට බස් එක මිස් වෙනවා කියලා. අය්යා නම් බයිසිකලේ එන නිසා හිටියා. දැන්
මායි, සුරංග අයියයි , මුදලාලියි
තමා කඩේ. කොහොමහරි 10 විතර වෙනකල් ඇද්දා. අපේ තාත්තත් ඇවිදින් මාව එක්ක යන්න. ඔන්න
කඩේ වහන්න ඔන්න මෙන්න කියලා ආපි ජෝඩුවක් පත හෑල්ලක් උස්සගෙන. මට ඉතිං යක්ෂ තරහ. ඇයි යකොඩෝ මුන්ට තව ටිකක් වේලාසන එන්න බැරිද? අපිට ගෙවල්
වලට යන්න දෙන්නෙත් කරුමේ කරුමේ... තරහටත් වඩා මට එහෙම කියවුණේ අමාරුවටමයි. යන්තම්
අය්යාවත් අඩගහගෙන ඒකත් දාලා හිතින් වෙන හෙනහුරෙක් නම් කඩාපාත් වෙන්න එපා කිය කිය
මායි අයියයි ඉක්මන් කරලා එළියේ දාලා තිබුණු බඩු ඇතුළට කරා. යන්න ලෑස්ති වෙද්දි
මුදලාලි බෑග් වලට චෙකප් පාර දාන්න අමතක කලෙත් නෑ. මං නම් ඉතිං ගෙනිච්චෙත් නෑ. මොනා
අරන් යන්නද ඔය ටික දුරට.. මට සල්ලිත් හම්බුණා. තාත්ත එක්ක විගහට ගෙදර දිව්වෙ බඩ
ගින්නට.
ගෙදරට
අඩිය තියන්නත් කලින් අම්ම අහනවා;
“කොහොමද දුවේ, වැඩ අල්ලගත්තද? ලේසිද? මහන්සිද?”
ප්‍රශ්න
වැලයි. අනේ ඕවට උත්තර දිදී ඉන්න පුලුහන් කාටද අෆ්ෆා.. මම කිව්වා "මට ඇඟ
හෝදන්න උණු වතුර ටිකක් දෙන්න. ඇඟ හෝදන් එද්දී බත් බෙදල තියන්න" කියලා. කාපු
ගමන් නිදා ගත්තා. හම්මෝ එවෙලේ නිකන් නිවන් ගියා වගේ...
පහුවදා
මම නැගිටිද්දීම 8 යි වෙලාව. තාත්ත මාව ගිහින් දැම්මෙත් නෑ. මම පයින්ම ගියා. මම
යද්දී සුරංග අයියා කේක් තියෙන මේසේ හදනවා. මාත් ඉතිං එතෙන්ට ගිහින් පොඩ්ඩක් සප් එක
දීල ඇතුළට ගියා. ඊයේ තරම් අද සෙනඟ නෑ වගේ කිය කිය උන්නේ මම. 25 නේ. කන මිනිස්සු
කාල,
බොන මිනිස්සු බීල ගෙවල් වලට වෙලා පාටි දාන දවසනේ.. අපරාදේ මාත්
ගෙදර හිටිය නම් මට සුපිරි කෑමක් කන්න තිබ්බා.. අපේ ගෙවල් වටේම කට්ටියට නත්තල්.අපිට අවුරුදු නේ..J කලින් දවසේ තරම්ම නැති
උනත් සෙනඟ ආවා සෑහෙන්න. වැඩිපුරම වික්කේ කේක් පෙට්ටි, බිස්කට්
පෙට්ටි, අයිස් ක්‍රීම් වගේ දේවල්.
දවල්
කෑම එක බෙදන වෙලේ අම්මට මාව මතක් වෙලාද කොහෙද මට සැන්විච් එකකුත් බත් එකට උඩින්
ඔතල එවලා.. ඉතිං කොහොමින් කොහොම හරි දවල් කෑම වලට සහ රෑට කෑම වලට යන කට්ටිය තමා
ගොඩක්ම ආවේ. බීල විකාරෙන් දොඩවන පිස්සොත් ආවා. මම නම් ගියේ නෑ එයාලට බඩු දෙන්න. අහලින් මරු වෙන්න බෑ අරක්කු ගඳ L...
එදා 9 විතර වෙනකොට කඩේ වැහුවා.. දම්මි අක්කත් 9 වෙනකල් හිටිය,එයාගේ
මහත්තයා ආවා එයාව එක්ක යන්න. මම සල්ලිත් අරගෙන, අය්යටත්
යන්නම් කියාගෙන,ලොලිපොප් එකකුත් කටේ දාගෙන, තාත්තට කියල පොප්කෝන් එකකුත් අරෝගෙන ගෙදර
ආවා. ..
ගෙදර
ඇවිත් බැලින්නම් නත්තල් විමානේ. ඇඟ හෝදන්නත් කලින් කළේ කොකිස් 4 ක් 5කට වග කියපු
එක.. නත්තල් දා රෑ යන හින්දි ෆිල්ම් එක බලන්න කලින් අදහස් කරගෙන උන්නත් ඇඟේ පතේ
අමාරුව නිසා ඇඳට වැටුණු ගමන් අපරාදේ කියන්න බෑ මට හොඳට නින්ද ගියා...ඔන්න ඔහොමයි
මගේ නත්තල ගෙවුණේ.
මේ
බලන්නකෝ නිදා ගෙන ඉන්න අපූරුව.... J
අලුත් අවුරුද්ද සුභ වේවා!
ReplyDeleteගෙදර නිකන් ඉන්න බැරි අමරුවනේ. හොඳ වැඩේ..
ReplyDeleteපිස්සුද කොහෙද? :P
ReplyDeletenidagana inna vidihata asa hetanawa
ReplyDelete***********Wish you a happy new year************
හරි ලස්සනට නිදාගෙන ඉන්නේ. හික්ස් :)
ReplyDeleteඒක නෙමේ මොනවද මේ "කැන්ඩි පීල්" කියලා කියන්නේ ? දන්නේ නැති නිසයි ඇහුවේ.
ප.ලි. - පොඩි දෙයක් නංගි. පෝස්ට් එක ගොඩක්ම දිග වෙනවා නම් කොටස් දෙකකට ලියන්න. එතකොට කියවන අයට පහසුයි. මටනම් එහෙම අවුලක් නෑ. මාගලක් උනත් කියවලා දානවා.:)
ඒත් උඩින් පල්ලෙන් ස්ක්‍රොල් කරන එකෙක් කියවන්න කලින් ලිපිය ලොකුයි කියලා යයි. ඒක වලක්වාගන්න පෝස්ට් එක කඩලා ලියන්න. මම කියන්නේ මීට වඩා දිග වෙනවා නම්.:)
නත්තල් දවස හරි අපූරු විදියට ගෙවල තියනවා...මටත් ආසාවේ බෑ ඔහොම පොදු ජනතාවත් එක්ක ඩිරෙක්ට් වැඩ කරන ජොබ් එකක් කරලා බලන්න :)
ReplyDeleteදෙනදේ කාලා ගෙදරට වෙලා ඉන්ට....
ReplyDeleteඉල්ලගෙනනනේ කාලා තියෙන්නේ හි හි ඇති ඔයින් ගියා
ReplyDelete@පූසා
ReplyDeleteමේ පැත්තේ ආවට ස්තුතියි සහෝ.. ඔයාටත් එසේම වේවා කිව්වා!!!!
@අසරණයා
එහෙම කියන්න එපා අනේ, මම පව් නේ.. ඒකත් ජොලි වැඩේ අනේ ඒ වුනාට.. :)
@මහිම මධුරංග
පිස්සු තමා... නැත්නම් ඔහොම වැඩක් කරයි යැ. නේ.... :)
@Indika
හි හි,මාත් ඔහොම තමා නිදාගෙන හිටියේ..පෝඩ්ඩක් වෙනස්.මම ඔලුවේ ඉඳං පොරෝගෙනනෙ නිදියන්නෙ.. ඔයාටත් සුභ නව වසරක් වේවා සහෝ.. මේ පැත්තට ආවට ස්තුතියි.
@මධුරංග
ඒකනේ.. ලස්සනයි නේ :)
කැන්ඩි පීල් කියන්නෙ කේක් හදද්දී දාන මොනාද මන්ද කෑලි කෑලි වගයක්. ඒවා නිකන් ලුනුදෙහි වගේ පාට නම්.හොඳ සුවඳයිත් එක්ක.. හරියටම මම දන්නෙත් නෑ ඉතින්..[අපේ අම්ම ඕව දාන්නේ නෑනේ.. :(]
අනේ, දිග වැඩිද? මම ඉතින් හිතට ආපු ඔක්කොම ලියාගෙන ගියා. හරි මම අනිත් දවසෙ දිග පෝස්ට් දාද්දි කොටස් 2 කට දාන්නම්කො අයියේ...:) උපදෙසට ස්තුතියි හොඳේ
@සයුරි
ඒකනේ අක්කේ මම නත්තල් දවසෙ මටත් වැඩක් කරගෙන පොදු ජනතාවටත් සේවයක් කළා.... :)
@ඔබ නොදුටු ලොවක්
අයියෝ..ආයේ නම් කඩේක වැඩට යන්නේ නෑ කියල හිතාගත්ත.. මේ දවස් වල ඔයා කියපු විදියට තමා ඉන්නේ...
@ගැමියාගේ පත් ඉරුව
අපෝ එහෙම නෑ.. හැමදේම අත්දැකීම් නේ මල්ලි. කරලා බලන්න ඕන උනා.
ඒකයි. මේ ඒක නෙමේ ඔයාගේ බ්ලොග් එකේ මොකක්හරි අවුලක් ද? මට ඒකට යන්න බෑනේ... :(
මටනම් යන්න පුළුවන් මොකක් හරි අවුලක්ද දන්නේ නෑ එහෙමනම් මට කියන්න හොදේ.ඇත්ත ඇත්ත අත්දැකීම් වටිනවා තමා එල එල අක්කේ
ReplyDeleteකැන්ඩි පීල් නෙවේ නගෝ.කැන්ඩීඩ් පීල්(Candied peel).පලතුරු කේක් වලට පාවිච්ච් කරන්නෙ.පුහුල් දොසි වගේ.
ReplyDeleteඅදමයි පළවෙනි වතාවට මේ පැත්තෙ ආවේ. ශ.... නියම එක්ස්පීරියන්ස් එක.
ReplyDelete@Ano
ReplyDeleteම්ම්ම්... ඔයා නම් ඒ ගැන දන්නවා වගේ..අනේ මම ඉතින් දන්නේ නෑ ඕවා. :) ඔයාට ස්තුතියි.. ඒක කියා දුන්නටයි මේ පැත්තේ ආවටයි.
@මධුරංග
ඔන්න අය්යෙ ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ඇනෝ කෙනෙක් මට කියා දුන්නා......
@Observer
ඔන්න ඉතින් ඔබා මාමා බොරු කියනවා.. මේ මගේ 6 වෙනි පෝස්ට් එක. ඔබා මාමා මගේ 3 වෙනි පෝස්ට් එකට කමෙන්ට් කරලා තිබුනා.එදා ඉඳං බ්ලොග ෆලෝ කරලත් තිබුනා.හැබැයි ඊට පස්සේ මේකට තමා කමෙන්ට් එකක් ආවෙ.. අමතක වෙන්න ඇති නේ.. වයසෙ වැරැද්ද නේ..:)
එක්ස්පීරියන්ස් එක ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒවා කරලම තමා බලන්න ඕන. හෆ්ෆේ..
මගේ බ්ලොග් කෑල්ලෙ කොමෙන්ටුවෙන් හොයාගෙන ආවෙ, ඔයාටත් හොදට රස කරල කතා ලියන්න පුළුවන්... නියම අත්දැකීම, කියල වැඩක් නෑ... :) සුභ පැතුම්..
ReplyDeleteස්තුතියි මල්ලි.. අත්දැකීම නම් සුපිරි..:)
ReplyDeleteඅනේ කෙල්ලේ මේක පොස්ට් කරපු දවසේ කලබලේට ගෙදර යන්න ඔන්න මෙන්න තියලා කියෙව්වේ. කෝ කමෙන්ටුවක් දාන්න වුනේ නෑ නේ. සොරි වෙන්න ඕන ඒකට නම්.
ReplyDeleteකඩේ වැඩ නේද? මට නම් අහන්න තියෙන්නේ ඔව්වත් වැඩද නංගී ඔව්වත් වැඩද කියලා? :D :P
@බට්ටි
ReplyDeleteවැඩ තමා.. කරල තියේද අක්කා? :D
ගොඩක් වටින අත්දැකීමක් නගෝ. මටත් ඔය වගේ අත්දැකීමක් තියනවා. හැබැයි මම නම් ගියේ එක දවසයි.
ReplyDeleteඔයාගේ ඒ පෝස්ට් එක කියවලා තමා මට මේ පෝස්ට් එක දාන්න හිතුනෙ අයියෙ....:D
Deleteආස්කිං ඇන්ඩ් ඊටිං.. මරැ කතාව..
ReplyDelete//ප.ලි. - පොඩි දෙයක් නංගි. පෝස්ට් එක ගොඩක්ම දිග වෙනවා නම් කොටස් දෙකකට ලියන්න. එතකොට කියවන අයට පහසුයි.//
මධුරංග ගේ කතාවට එකග වෙමි
ජය පතමි.. අපේ පැත්තේ එන්න..
හරි ඔයාල ඔක්කොම කියනවා නම් ඊළඟ දිග පෝස්ට් කොටස් වශයෙන් දාන්නම්. සුභ පැතුමටත් කොමෙන්ටුවටත් ස්තුතියි. ඉතින් ඔයාගේ නම උඩ ක්ලික් කලාම බ්ලොග් එක නෙමේනේ එන්නේ.. මට ඔයාගේ බ්ලොග හොයාගන්න බෑ, නැත්නම් මම එනවා අනිවා.. ජය වේවා!!!
ReplyDeleteඅෆොයි එහෙමත් කේස් එකක් ද? එහෙනම් මෙන්න.. www.samindikasrimantha.blogspot.com
Deleteඔන්න රෙප් මහත්තයෙක් කඩේට ආවා.මුදලාලිත් කොහෙද ගිහිල්ලා, මුණ පේනවට ශානි කෙල්ල හැංගිලා ඔඩ්රේ දෙන්නේ දැන් සුරංග අයියද දම්මි අක්කද?
Deleteඔන්න ඔහේ උඹල දෙන්නගෙන් කවුරු හරි ඕඩරේ දීපල්ලා බං. මුදලාලි කෑමට ගිහින්.. :)
ReplyDeleteශා... මරු ජොබ් එකනෙ..;) කඩේක වැඩ කරන එකත් ලේසි නෑනෙ බැලුවාම...ඇඟේ පතේ අමාරු වෙන එක සාධාරනයිනෙ
ReplyDeleteහ්ම්ම්.. ඔව් පිටින් පේන තරම් කිසි දෙයක් ලස්සන නෑ........කරලම බලන්න ඕන. :)
Deleteමමද රැකියාවක් කරමි. නමුත් පුර්ණ කාලීනව නොවේ. (පාර්ට් ටයිම් එකට සිංහල වචනෙ මතක නෑ). අධ්‍යයන කටයුතු වලටත් සහභාගී ව්ය යුතු නිසාත් ඒ සඳහා ගෙවිය යුතු වියදම සොයාගතයුතු නිසාත් මා උදෑසන 7 සිට සවස 7 දක්වා විශේෂ අවසර සහිතව රාජකාරි කරමි... එසේ වුවත් කෙතරම් රාජකාරි තිබුනත් මා නම් ඔතරම් කාර්ය බහුල වී නැත. වරක් විශේෂ අවශ්‍යතාවක් නිසා දින දෙකක කලයුතු රාජකාරිය එක දවසකින් නිම කිරීමටත් සිදු වී තිබුනි. නමුත් එදිනවත් ඔතරම් කාර්යබහුල බවක්වත් වෙහෙසක් වත් මට නම් දැනුනේ නැත. (ඒකට නම් හේතුවකුත් තියෙනව ;) )
ReplyDeleteඉතින් මමද පුර්ණකාලින රැකියාවක් නොකළෙමි. එය හුදු මාගේ වින්දනය සඳහා පමණි. දැන් එවැන්නක නොයෙදෙමි. ඉදිරියට එහි නිරත වීමේ ආශාවක්ද මට නැත. මට නම් දැනුනු වෙහෙස නිවීමට එකම උපකාරය වූයේ නින්දයි.. අවසානයේ දැක්වූ හේතුව කුමක්දැයි දැනගැනීමේ ආශාවෙන් පසුවෙමි.. ;-)
Delete