Tuesday, January 19, 2016
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට..
මා සිටියත් නැතත් කොහි හෝ මා තුළ ඔබ රැඳී
සිටින්න....
මගේ අවසන් නින්ද තුළට
සිහිනයක් වෙමින් නුඹ පැමිණෙමින් හිඳින්න...
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට...
යම් දිනෙක වර්ෂාවක් පැමිණියහොත් - මා ඒ වැහි බිංදු
තුළ සිටින බව සිතන්න....
උදෑසන හිරු රැසින් නුඹ තැවේ නම් - ඒ කිරණ තුළ මා
සිටින බව සිතන්න....
මා යමක් කීවද නොකීවද නුඹ මා අසමින්ම සිටින්න...
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට...
Subscribe to:
Post Comments (Atom)
2014ට එකයි 2015ට එකයි මේ 2016 එක වෙන්ටෑ :D :D
ReplyDeleteකැම්පස් යන නිසා ඉස්සර වගේ ලියන්න විවේකය අඩුයි...
ReplyDeleteඇයිමේ නිතරම අපේක්ෂාභංගත්වයට පත් වේලා වගේ .............!
ReplyDeleteකොයී....මම... නෑ නෑ ඉතින් කවියක් ලිව්වා... එච්චරයි..!!!
Delete