එදා බ්‍රහස්පතින්දා දවසක්. පංතිත් නැති නිසා මම වෙනද වගේම
ඉස්කෝලෙ ඇරිල ඇවිත් ඇඟ හෝදගන්න බාත්රූම් එකට ගියා. ඒ වෙනකොට මගේ ඇඳුම් හෝදල දෙන
එකෙන් අම්ම නිදහස් වෙලයි හිටියෙ. ඉතින් මම කලින් දා ඇඳපු ඇඳුම් ටිකයි සුදු ඇඳුම්
ටිකයි හෝදල දාල ගෙට එද්දි පැයක් විතර ගිහින්. ඒ අස්සෙ අම්මගෙ ගෝරනාඩුව...
“මොකද සුදු මැණිකේ, ඕක අස්සෙ පැල වෙලා හිටියද මෙච්චර වෙලා. මම දවල් කෑම එක බෙදල කොයි වෙලේද?”
“හරි හරි අම්මේ, ඉතිං ඕකට ඔය හැටි කෑගහන්න ඕනයැ. සීතල උණත් මම නොකා ඉන්නෙ නෑනේ”
එහෙම කියල අම්මගෙන් ශේප් උණු මම සීතල වෙච්ච කෑම එකත් අරන්
අම්මගෙ හිරමනේ උඩ වාඩි උනේ බත් කටක් කටට දාගන්න ගමන්මයි. කුරුල්ල කනවා වගේ කියල
හැමදාම අපේ සෙට් එක නෝන්ඩි කරන මගේ කෑම එක කන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. කාල ඉවර
උණු හැටියේ පිඟාන හෝදල, අම්ම දීපු උණු වතුර කෝප්පෙත් අරං මම
සාලෙට ගියේ උදේ ඉස්කෝලෙ කරපු කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකේ රිපෝට් එක ලියන්න
හිතාගෙන.. බාගයක් විතර ලියාගෙන යද්දි ෆෝන් එකට මැසේජ් එකක් ආවා.
Tharu,heta eddi lalith sirge alkyle halide tute eka aran waren.bs.. මැසේජ් එක මල්කිගෙන්.
Hari kelle, mama danmama bag eke dagaththa. heta apu gaman magen mathak karala illaganin. bs.. මාත් ආපිටට රිප්ලයි කළා.
Thanks sweety, bs.. ආයෙත් මැසේජ් එකක් ආවා. මම ආයේ රිප්ලයි කරන්න ගියේ නෑ..
කර කර හිටපු වැඩේ ඉවර කරල බයෝ පොත අතට ගත්තෙ පාඩම් කරන්න
හිතාගෙන. නිදි මතයි වගේ. අම්මට කියල තේ ටිකක් හදව ගන්න හිතපු මම හෙමීට කුස්සිය
දිහාට ගිහිං අම්මව බදා ගත්තෙ අම්මත් එක්ක ටිකක්
හුරතල් වෙන්න තිබ්බ ආසාවටත් එක්කමයි.
“කෝ එන්න මම අම්මව වඩා ගන්න.. ඉතිං කිව්වම
එන්නකෝ” මම කිව්වා.
“අම්මෝ මට නම් බෑ. ඔයා මාව වට්ටයි, මට නම් බෑ..” අම්ම
බය වෙලා.
“ඔය ඉතිං.. අම්මත් එක්ක බෑ නේ.. ඉන්න මම
වඩාගෙන පෙන්නන්න. වට්ටන්නේ නෑ..” මම ආයෙත් කිව්ව.අම්ම කෑගහද්දීම මගේ බලේට අම්මව වඩා ගෙන කුස්සිය
ඇතුලෙ ඉඳං එළියට උස්සගෙන ගියා..
“අනේ මාව බස්සන්න.. මුරුගන් මාමා දකී..” ආයෙත් චරු චුරු ගානවා.
“නෑ නෑ, එයා
කොහෙ දකින්නද? ඔන්න කියන නිසා බස්සන්නම්.. අම්මේ මට
තේ ටිකක් ඕන..” හෙමීට පොත දැම්මා.
“ආ.. ඒක තමා මෙයාගෙ මේ කෝලම.. හරි හරි මම තේ
එක හදා ගෙන සාලෙට අරං එන්නම්. ඔයා ගිහිං පාඩම් කරන්නකෝ..” අම්ම එහෙම කිව්ව.
“එද්දි මගේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට්
එකත් ගේන්න.. මම යනෝ..”
එහෙම කියපු මම කුස්සියෙන් එළියට ආවෙ අම්මගෙ මූණට කිස් එකක්
දීගෙනමයි. ගිහිං බයෝ පොත පෙරලගත්තා. ජෛව විවිධත්වය පාඩමේ ආත්‍රෝපෝඩා
වංශය සී.ආර් පොතේ ලා කොළ පාටින් ලියල තිබුණා. මම
පාට පෑන් සෙට් එකයි බාල හාෆ්ශීට් කොළ ටිකකුයි අතට ගත්තෙ කෙටි සටහන් ගහන්න.. ටික
වෙලාවකින් අම්ම තේ එකයි බිස්කට් පැකට් එකයි අරං ඇවිත් කතා නොකරම හිනා වෙලා, ඒක මම වැඩ කර කර හිටපු ටිපෝ එක උඩින් තියල ගියේ මට පාඩම් වැඩට බාධාවක්
වෙයි කියල.
බිස්කට් හතරක් පහක් කාල නිකල් පාට මගේ කෝප්පෙන් බාගයක් විතර තේ
බිව්වම මට අළුත් පණක් ආවා වගේ. නිදිමතත් නැති වෙලා ගියා. හවස හය හමාර වෙද්දි
ඔක්කොම වැඩ ඉවර කරපු මම ගේ අතු ගාන්න ගත්තා. වෙලාව 7යි. අම්ම ප්‍රවෘත්ති බලන්න
ගියා.විශේෂ වැඩක් නොතිබුණත් හැමදාකම වගේ ෆේස්බුක් ගිහිං අළුත් විස්තර මොනාද කියල
දැනගන්න පුරුද්දක් මට තිබුණා. එදා රෑත් මම 7ට කොම්පියුටරේ on කර ගත්තේ
කාලෙකින් සින්දුවක් අහන්නත් බැරි උනා කියලත් මතක් කරන ගමන්මයි. ඒවෙද්දිත් මගේ
යාළුවො හිටියෙ
65කට කිට්ටු
ගාණක් නිසා මම යාළුවො එකතු කර ගනිද්දී වැඩිය හොයල බැලුවෙ නෑ..
හැමදාම සෙල්ලම් කර කර හිටපු ක්‍රිකට් සෙල්ලම ටිකක් වෙලා ගහ ගහ
ඉඳල ඒක එපා උණු නිසා මම ආසා සිංදුවක් දැම්ම...
කල්පයක් පුරා හිඳගෙන
සොරාගෙන මගේ හදවත
සොඳුර නුඹ මටම
මාවත්..
පුදුමයක් කළා...
හෙඩ් ෆෝන් එක දාගෙනම මම හෙමිහිට සිංදුවේ පද මිමිණුවා. ඊයේ රෑ ඇවිත් තිබුණ මැසේජ් එකක්
දැකල අහ අහ උන්නු සිංදුවත් අමතක උණා.. ඉස්සෙල්ලම ඇස් පොඩි කරල බැලුවෙ
මේ ඇත්තටම මට එවපු එකක්ද කියල.. ඇවිත් තිබුණේ පිරිමි නමකින්. සඳුනිල් නිමන්ත දබරේරා... අහල පුරුදුම නැති නමක්.. කවුරු උණත් කමක් නෑ
කියල මම මැසේජ් එක බලන්න හිතාගෙන ඒක උඩ ක්ලික් කළා.. ගෙදර ටෙලිෆෝන් එක හැඬවුණා.
“සුද්දියේ, මෙන්න පොඩි අය්යගෙ යාළුව ඉසුරු කතා කතා කරනවා ඔයාට..” තාත්ත කතා කළා.
“හෙලෝ, කියන්න
ඉසුරු අයියේ” මම කිව්වා.
“හරි අයියේ, තැන්ක්ස්. බුදු සරණයි.”
“බුදු සරණයි නංගි”
මම ෆෝන් එක තියල අම්මටයි තාත්තටයි පණිවිඩේ කියාගෙන ආපහු ඇවිත්
වාඩි උණා. බැලින්නම් එතකොටම Unable
to Connect Internet කියල වැටුණේ කරුමෙට. මළ හත්ඉලව්වයි.. ආයේ
ඉතින් ෆේස්බුක් යන්නත් බෑ. අම්මල කොම්පියුටරේ ඉස්සරහ හිටගෙන. විනාඩි 5 කට විතර
පස්සෙ ඉන්ටර්නෙට් connect වෙච්චි ගමන් මම ස්කයිප් ලොග් වෙලා පොඩි අය්යට කෝල් එකක් ගත්තා.
“හෙලෝ නංගි, කෝ
අම්ම ඉන්නවද?” පොඩි අය්ය ඇහුවා.
“ඔව් මේ මෙතන ඉන්නේ, අම්මේ අයිය එක්ක කතා කරන්න.. මම නිදාගන්නවා. කතා කරලා ඉවර වෙලා මාව
නැගිට්ටන්න..”
එහෙම කියාගෙන රෑට කෑම බෙදාගෙන කාල, දත් මැදල, කකුල් දෙකත් හෝදගෙන ඇඳට ගියේ
ඇත්තටම නිදිමත නිසා නෙමේ.. අද දවසට ආයේ ෆේස්බුක් ගිහින් එන්න වෙලාවක් නැති බව
දන්නා නිසාමයි.. ඇඳේදී මතක් උනා මල්කියට ටියුට් එක ගේනවා කිව්ව කියල. ටියුට්
එකත් බෑග් එකේ දාල ආයෙමත් ඇවිත් නිදා ගත්ත.
කතා කරලා ඉවර වෙලා අම්ම ඇඳ ගාවට ඇවිත් මාව කීද්දුවේ
කොම්පියුටරේ වහන්න කියන්න. මම කම්මැලි කමට ඇඹරි ඇඹරි නැගිට්ටෙ ඔරලෝසුව දිහාට ඇස්
කරකවන ගමන්.. “හයියෝ
10.30 ත් වෙලානේ.. දැන් නම් ආයේ ෆේස්බුක් යනව බොරු. නිදා ගන්න තමා
වෙන්නේ”.. තනියම
හිතින් කියා ගත්තු මම ඇඳෙන් බැස්ස. සෙරෙප්පු දෙක දාගෙන පොඩි අය්යගේ කාමරේ තිබුණු
කොම්පියුටරේ ඕෆ් කළා. කාමරේට ඇවිත් ෆෝන් එක කොට්ටේ යටින් තියාගෙන නින්දට වැටුණේ
කවුද මේ සඳුනිල් කියල හිතන ගමන්මයි..
------------------------------------------------------------------------------------------------------------
තරූෂිට
මැසේජ් කරපු සඳුනිල් කවුද? එයා එවපු මැසේජ් එකේ තිබුණේ මොනවද? දැනගන්න
සඳයි තරුයි දෙවෙනි කොටසත් එක්ක එකතු වෙන්න...
ප.ලි - මේක
මම මුලින්ම ලියන්න හිතපු කතන්දරය. වැරදි අඩුපාඩු ගොඩක් ඇති .. කිව්වොත් ලොකු
උදව්වක්. ඊළඟ කොටස සාර්ථක කරගන්න ඔයාලගේ පුංචි අදහස ප්‍රයෝජනවත් වේවි..!!!
අප්පේ.. නැගලම යයි වගේ, කතාව මැද්දෙදි අම්ම එක්ක දාපු කොමලෙ නිසා මට හිතුන මේක ශානි අක්කගෙ සීනිකෝන් එකක්ද කියලත්... අනෙක පොඩි අයිය කෙනෙක් ශානි අක්කටත් ඉන්නවනෙ. කතාව නම් එල, මට නම් අවුලක් පෙනුනෙ නෑ, තරහ නැත්තම් පොඩි දෙයක් කියන්නම්, /එහෙම කියල අම්මගෙන් ශේප් උණු මම සීතල වෙච්ච කෑම/ මෙන්න මෙතන උණු* කියන එක ලියපු විදිය නිසා මාව ටිකක් පඹගාලෙ පැටළුනා. මෙතෙන්ට ලියන්න ඔනෙ වුනු* කියන එක නේද, උණු* කිව්වොත් රස්නෙනෙ. හැක්...හැක්.... මම කල්පනා කලා “ශේප් උණු මම සීතල වෙච්ච“ කිව්වම උණු වුනේ “ශේප්“ ද “ඔයාද“ කියල. කතාව එලම කිරි, මට නම් කිසිම අවුලක් පේන්නෙ නෑ මට තේරෙන හැටියට, අක්කට ජය ශ්‍රී...!!!
ReplyDeleteමම නං හිතන්නේ මණ්ඩි අයියේ "වුණු" කියන එකද කොහෙද හරියට ම හරි. අතීත කාලයෙන් ක්‍රියාපදය තියනකොට 'න' 'ල' අකුරු මුර්ධජ වෙනවා. "වැටුණේය" , "කළාය" වගේ. "උණු" කියන එකනං එතනදි වැරදි තමා. පණ්ඩිතකං කියෙව්වට මටත් වරදිනව හැබැයි ඈ! පොඩ්ඩක් හොයල බලන්න.
Deleteකතාව මරු ශානි අක්කේ! හැබැයි මෙගා කරන්නෙ එහෙම නෑ ඕං! :ඩී
@මන්ඩිපාල මල්ලි
Deleteහයියෝ... මේකේ තරූට ඉන්නව පොඩි අය්යා කෙනෙක්.. එහෙම කියල තරූ මම උණහැකිද මලේ..?? ඔයා අකුරු ගැන වැඩිය හිත හිතා ඉන්න එපා යන්තමට අදහස ගන්න කියවන්න...(හිතනව වැඩි.. :P) කතාව කියවන්න කැමති නම් දිගටම ලියනවා... සුභ පැතුමට ස්තුතියි මල්ලියෝ.. ජයවේවා!!!
@බට්ට මල්ලි
අනේ මට ඔය න ණ ල ළ බේදේ එච්චර තේරෙන්නෙ නෑ අෆ්ෆා... මම කතා කරන විදියනේ ඉතින්.. හරි හරි මෙගා උණත් නැතත් ඇවිත් කියවල බලන්න ඉතිං තරහ නැතුව ඈ.. ස්තුතියි මල්ලියා..
ඇත්ත ස්ටෝරියක් නැගල යයි වගේ එල !
ReplyDeleteනැගල යයිද බැහැල යයිද කියල ඉස්සරහට බලමු.. ටැංකු ඈ..
Deleteශානි නංගිගෙනුත් කතාවක්.. ලියමු ලියමු.. අපි එනවා කියවන්න..
ReplyDeleteඔව් අයියේ කට්ටිය කතා ඉවර කරපු නිසා මට හිතුණා කතාවක් ලියන්න... දෙවෙනි කොටසටත් එන්න...
Deleteනියමයි..මාත් ඔන්න කියවන සෙට් එකට එකතු වුණා.. :D ඒක නෙවෙයි ශානියෝ... වචනයක් හැලිලා වගෙයි..."විනාඩි 5 කට විතර පස්සෙ ඉන්ටර්නෙට් වෙච්චි ගමන් " කීවට මොනා වෙච්චි ගමන්ද කියල ලියලා නෑනේ.. ;)
ReplyDeleteආ.. අලුත් යාළුවෙක්.. සාදරයෙන් පිළිගන්නවා.... අඩුපාඩුව පෙන්නා දුන්නට ස්තුතියි.. මම ඒක හැදුවා..:)))
Deleteඅසාවෙන් කියෙවුව. ඉක්මනට ලියමුකො ඉතිරි කොටසත්
ReplyDeleteස්තුතියි අයියා... හරී පුළුවන් තරම් ඉක්මණට ලියන්න බලන්නම්කෝ..දෙවෙනි කොටසටත් එකතු වෙන්න.. ඔයාලගෙ අදහස් මට හුඟක් වටිනවා..
Deleteමටත් සැකයි මේක ඇත්ත කතාවක්ද කියලා..හි හි...හොඳ ආරම්භයක් වගේ.
ReplyDeleteටියුට් එක දැම්ම දාගත්තා කියලා මල්කිට මැසේජ් එක ගැහුවට මෙයා ඒක දාගෙන තියෙන්නේ නිදා ගන්න යද්දී...:))
අපෝ ඔයාලත් එක්ක බෑ අෆ්ෆා... කතාවක් ලියන්න ගත්තොත් ඇත්ත කතාවක්ලු.. :(((
Deleteආරම්භය හොඳයිද? ස්තුතියි අක්කා...
ඒකනේ බලන්නකො තරූටත් සිහි නෑ.. :))
ජය වේවා අක්කියෝ.....ගොඩාක් ලස්සනයි කතාව...ඉක්මනට ඊළඟ කොටස දාන්න හොදේ....ආසාවෙන් බලන් ඉන්නව....:)
ReplyDelete(මම නිසපුගේ ලෝකය හොඳේ...නම වෙනස්කලා...)
සුභ පැතුමට ස්තුතියි නංගා.. පුළුවන් තරම් ඉක්මණට දාන්නම්කො... එතකල් බලන් ඉන්නකෝ...
Delete( මොකෝ නම වෙනස් කලේ, නිසුපා අක්ක එක්ක පැටලෙන නිසාද? :P )
ලස්සන කතාවක් වගේ කියවන් යද්දී නම් ආස හිතුන... දිගටම ලියන්න අක්කේ..
ReplyDeleteඅනේ එහෙම හිතුණද මල්ලි.. මට නම් කතා ලියන්න තේරෙන්නෙත් නෑ එහෙමට.. ඊළඟ කොටස මීට වඩා හොඳ වෙයිද බලමු.. දෙවෙනි කොටසට එකතු වෙන්න... !!!
Deleteබොරු මැසේජ් ගහන්න එපා බන් ;)
ReplyDeleteමේ බලන්නකො... මම යැ.. තරූ නේ ගැහුවේ.. :))
Delete//අම්ම කෑගහද්දීම මගේ බලේට අම්මව වඩා ගෙන කුස්සිය ඇතුලෙ ඉඳං එළියට උස්සගෙන ගියා..//
ReplyDeleteතරුෂි වේට්ලිෆ්ටින්ග් කරන පොරක්ද ශානි........:O
දිගටම ලියන්න සුභ පතනව ඕං....
නෑ නෑ අයියෝ..අම්මට තියෙන ආදරේට කියල හිතමුකෝ... :(
ReplyDeleteසුභ පැතුමට ස්තුතියි.. ඊළඟ කොටස බලන්නත් එන්න..!!!
අම්මට හුඩු!:D
ReplyDeleteකියවද්දී නම් හිතුනේ මෙයාගේ ඇත්තම ස්ටොරිය කියල:p.අඩු පාඩුවක් නම් කියන්න තේරෙන්නෙ නෑ.හැබැයි අපිට සමීප භාෂාවකින් සහ අත්දැකීම් ලියල තියෙන නිසා ඇත්ත වගේ දැනෙනව.කොහොම උණත් එල හොදේ!;)
අපි කියවනව දිගටම!:)
කියවන අයට කතාව දැනෙන්න ඕන නිසා තමයි හැමෝටම සමීප භාෂාවකින් ලිව්වෙ. කතාව තරූගෙ උනාට ලියන්නෙ මම නෙ.. ඉතිං මම කතා කරන හැටියට තමා කතාව ලියවෙන්නෙත්.. ස්තුතියි මල්ලියා... දිගටම කියවන්න එන්න...
Deleteකව්ද මේ හොඳට ඉගන ගන්න ගෑනු දරුවන්ට ෆේස්බුක් මැසේජ් දාන්නෙ ආ.. :P
ReplyDeleteෆේස් බුක් වනාහී පිළිකාවකි..
Deleteනිකං නොව සමාජය පුරා දරුණු ලෙස උඩු දුවා ඇති සුව කළ නොහැකි මාරාන්තික පිළිකාවකි.
Delete@ සිත්රූ සිහින
Deleteඅනේ මන්ද අක්කෙ, දෙවන කොටසින් බලමුකො කවුද කියල... :))
@Senna & බට්ටා
අනිවා...
ලස්සනයි කථාව ඉතිරියත් කියන්න ඉක්මනට....ඔය වගේ ස්කයිප් ෆෝන් එකක් ගන්න PC එක නැතුව කෙලින්ම රවුටර් එකට ගහන්න පුළුවන්....හික් හික්...
ReplyDeleteතරූගෙ ගෙදර එතරම් ඇඩ්වාන්ස් නැතුව ඇති... ස්තුතියි... ඊළඟ කොටසත් ඉක්මණට දාන්නම්කෝ.. හික් හික්..
Deleteලලිත් සර් ගේ පන්තිද ගියේ නාත්තන්ඩියේ :ඩි
ReplyDeleteතරූ ගියපු පන්ති ගැන විස්තර ඉස්සරහට... :))) ඉවසපන් කෙල්ලෙ ඉවසපන්...
Deleteෂාහ් කම්මැලිකමක් නැතිව ෆුල් ජොලියේ කියෙව්වා ලියන විදිය මරු මේකත් ලව් ස්ටෝරියක් වෙයි වගේ ඒත් බොලේ කොහෙන්ද ඒ මැසේජ් එක කඩාගෙන පාත්වුනේ....දිගටම ලියන්න අක්කේ එල ආ
ReplyDeleteලව්ද ඉලව්ද බලන්න දිගටම කියවන්න එන්නකෝ... කියවද්දි කම්මැලි නැත්නම් කොච්චර හොඳද... කතා නායිකාව තරූ උනාට ලියන්නෙ ශානි නෙ.ඉතිං ලියන්නෙ ඔහොම තමා... ස්තුතියි මල්ලියා !!!
Deleteකතාව නම් නියමයි අක්කෙ.මුලදිනම් ටිකක් තේරුනේ නෑ වගේ ඒත් පස්සෙනම් කතාව නියෙමෙට සෙට් උනා.දිගටම ලියන්න ශක්තිය ලැබේවා.අක්කගෙ ජීවන අත්දැකීම් නේද වැඩිපුර තියෙන්නෙ
ReplyDeleteකතාව ලියද්දි මගේ ජීවන අත්දැකීම් සමහර වෙලාවට යොදාගන්න වෙනවා... ඉතිං මල්ලියා දිගටම ඇවිත් බලන්නකො තරූ ගෙ කතාව... සුභ පැතුමට ස්තුතියි....
Deleteමම හිතුවේ මේක මේ ශානි අක්කට උන සීන් එකක් කියලා..... :)
ReplyDeleteඔය ඉතිං... මම කියල ලියන්න ගත්තොත් ඉවරයි.. මේක උත්තම පුරුශෙන් ලියවෙන කතාවක්.. දෙවෙනි කොටස බලන්නත් එන්නකෝ මල්ලියා... :))
Deleteහපොය් අපි ගැන දුක නැද්ද ඔච්චර අපේ කුතුහලය අවුස්සන්න එපෝ ;) ඔන්න එහෙනම් ඉතුරු ටිකත් ලියන්න අපි කියවන්න එන්නම් කෝ :)
ReplyDeleteහප්පේ... ඒ තරමට කුතුහලය ඇවිස්සුනාද? ඊළඟ කොටසෙදී මොකද වෙන්නෙ කියල බලමු.. ආයෙත් එන්න......:)))
Deleteහ්ම්..හොඳයි... දිගටම ලියමු...
ReplyDeleteහ්ම්.. හොඳ නම් කමක් නෑ.. ඊළඟ කොටස ළඟදීම...
Deleteහයියෝ...මම හිතුවෙ මොකක් හරි ගැන කියන්න යනවා කියලා...සිද්ධිය පටන් ගන්න තැන හොයන් දිගටම කියෝගන කියා..
ReplyDeleteපස්සෙනෙ දන්නෙ කතාවක් ලියන්න පටන් අරන් කියලා..
ලියමුකො බලන්න..
මම ඉතිං වෙන මොනා හරි ගැන කියන්න යද්දිත් ඔහොම තමානෙ... කතන්දරයක් උණත් සිද්ධියක් උණත් ලියන්නෙ මමනේ..
Deleteකතන්දරේ ලියන අතරෙ අනිත් දේවලුත් ලියනවා..
ස්තුතියි.. ආයෙත් එන්න..
අම්මටසිලි කිව්වලු...නංගිත් කතාවක් ලියන්න පටන් ගත්තද...මරුනේ ආ....එළ එළ..ඔහොම යං....දිගටම ලියන්න......
ReplyDeleteඅම්මට මොකක්? හ්ම්ම් හ්ම්ම් මටත් ලියන්න හිතුණනෙ අයියේ... හරි හරි ලියන්නම් දෙවෙනි කොටස ළඟදීම.. ස්තුතියි...
Deleteෂා... ඔයා ලස්සනට ලියනවනේ! අපරාදේ මේ තරම් කල් නොලියා හිටියෙ! දිගටම ලියන්න නංගියෝ!
ReplyDeleteඅප්පොච්චියෝ... ඒ හැටි ලස්සන නෑ මයෙ හිතේ... මේතරම් කල් නොලිය උන්නට ලියන කතාව ගැන හිත හිතා උන්නේ... කියවන්න කැමති නම් දිගටම ලියන්නම්කො අයියා... ස්තුතියි..
Deleteලස්සන කතාවක් හොඳට ගලපනවා .අර මුලින්ම සහෘද කීපදෙනෙකම් කියල තිබ්බ වගේම. භාෂාව ගැනත් ටිකක් සැළකිලිමත් වෙන්න එතකොට භාෂාවෙන් කතාව අලංකාර වෙනවා. දැනුමටත් හොදයි.
ReplyDeleteමේ කතාව නම් පෞද්ගලික අත්දැකීම් ඇසුරින් ලියවෙන එකක් වගේ කියලා හිතෙනවා. ලස්සනට කතාව ගොතනවා. රසවත් දිගටම ලියන්න.
එක් එක් කෙනාගේ රුචිකත්වය විවිධාකාරයි.. මේ මම කතා බහ කරද්දී යොදා ගන්න සාමාන්‍ය ශෛලිය.. ඉදිරි කොටසේදී භාෂාව පිලිබඳ තවත් අවධානය යොමු කිරීමට උත්සහ කරනවා..
Deleteගොත ගොතා හිත හිතා ලියද්දි ටිකක් කල් ගත වෙනවා.. මට සෑමදෙයක්ම ගෙතීමටම අමාරුයි.. ගැළපෙන විදියට මගේ අත්දැකීම් කතාව තුළ ඇතුළත් කරනවා... දිගටම ලියන්න තමා බලාපොරොත්තුව.. දිරිගැන්වුවාට ඔබට ස්තුතියි...
මටත් හිතුනා ඕක ඇත්ත සිද්දියක් කියලා
ReplyDeleteහොදට ලියලා තියෙනවා එලම තමා :) :)
හයියෝ මට නම් බෑ අෆ්ෆා... කතාවක් ලියන්න හැදුව විතරයි ඇත්ත සිද්ධියක්ලු... :(((
Deleteහොඳට ලියල තියෙනවනම් එච්චරයි නෙ... ස්තුතියි.... :):)
කතාවේ තිබ්බේ එක නමක් ඇරෙන්න ඔක්කොම හොදා :D
ReplyDeleteඅනේ... මොකක්ද ඒ අස්පට් නම??? :(
Deleteනෑ නෑ..කතාවට අප්සෙට් එකක් නැත.. තියෙන එක නමක් මට නිකන් අරහං තත්වයක් තියෙන්නේ ;)
Deleteකවුද ඇත්තට ඒ මැසේජ් එක එව්ව සඳුනිල්?? මේක ඇත්ත කතාවක්ද??;)
ReplyDeleteසඳුනිල්ගෙ කොටස පටන් ගන්නෙ දෙවෙනි කොටසෙ හිතූ.. එතකල් චුට්ටක් ඉවසමු... :))
Deleteඇල්කයිල් හේලයිඩ !!!! මරු පාඩමක්. මම් ගොඩක් ආස පාඩම් වලින් එකක්. කොටින්ම මම් කාබනික රසායනයට මාරම ලයික් ය.
ReplyDeleteඅනිත් ඈයොන්ට වගේම මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. කවුද සඳුනිල් කියලා කියන්නේ ?
ඇල්කයිල් හේලයිඩ ඔය කියන තරම් ෂෝක් ද? අනේ මන්ද... තරූට කොහොමද දන්නෙ නෑ.. ඔයා ලයික් නම් ඕකේ ය.
Deleteප්‍රශ්නයට උත්තරේ නම් අනිත් අය වගේම සුට්ටක් ඉවසල ඉන්ට ඈ... දෙවෙනි කොටසෙන් සඳුනිල් කරලියට ඒවි..
හ්ම්ම්, කුතුහලය ඇවිස්සෙන විදියට ලියල තියනවා. ලස්සන කතාවක් වගේ. හැබැයි 'කිස්' වගේ ඉංග්‍රීසි වචන පාවිච්චි නොකර ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ නගෝ.
ReplyDelete“හයියෝ 10.30 ත් වෙලානේ.. දැන් නම් ආයේ ෆේස්බුක් යනව බොරු. නිදා ගන්න තමා වෙන්නේ”
මෙන්න මේකට නම් මම මුකුත් කියන්නේ නෑ.:P
හ්ම්ම්.. කුතුහලයක් ඇති කරන්න තමා ඕන උණේ,, කොච්චර සාර්ථකද මන්ද.. උඩ කමෙන්ට් කළ කීප දෙනෙක්මත් ඔය භාෂා ප්‍රශ්නය ගැන මාව දැනුවත් කළා.. අඩුපාඩු පෙන්නුවට ස්තුතියි අය්යන්ඩි...
Deleteඉතිං තරූ පාඩම් කරන ළමයෙක් නෙව.. එච්චර රෑ වෙනකල් ෆේස්බුක් ඉන්න බෑනෙ නේ... මොකුත් කිඉයන්න එපා ඉතිං දෙවෙනි කොටස කියවන්නත් එන්නකෝ..!!!
බ්ලේටඩ් කොමෙන්ට් ඈ එල වගේ සෝ හිට් එකක් වෙයි
ReplyDeleteඈ.. බ්ලේටඩ් කොමෙන්ට්??? දන්නෙ නෑ... මොනා කිව්වත් ඉතිං බලන්න ඇවිල්ලනේ.. ස්තුතියි..!!!
Deleteදිගටම ලියන්න සුභ පතනව
ReplyDeleteස්තුතියි...ආයෙමත් ඇවිත් යන්න එන්න...
Deleteමගෙ ඔය කාලෙනං හොඳට හෝ නරකට මට නෙට් තිබ්බෙ නෑ.
ReplyDeleteම්.. අපෙත් ටිකක් ඔය වගේ තමා..
sBlock pBlock dBlock, ලුවිස් ව්‍යුහ, සම්ප්‍රයුක්ත වයුහ, ජීවයේ රසායනික පදනම, කොමර්ස් පන්තියේ අක්කා, හා වියපත් බඹරා ect ect :D
හා වියපත් බඹරා ලෙස නිවැරදි වියයුතුය!
Deleteඔයාට නැතුවට මගෙ කතාවේ තරූට ඒ/ ලෙවල් පන්තියේ කාලෙත් නෙට් පිස්සුව ගහලනේ, බලන්නකො අලියො...
Deleteකොමස් පන්තියෙ අක්කා???? වියපත් බඹරා??? ( සොයා බැලීම වටි) :)))
කොමස් අක්ක ගැනනං ලියල අැති. අලි තනිය යටතේ අැති post බලන්න. අහවලා හා වියපත් බඹරා කතාවනං ටිකක් අමාරු කතාවක්! :D
Deleteබලමුකෝ මේ සද කවුද කියලා...
ReplyDeleteදෙවෙනි කොටසෙ සඳ එනවා...!!! බලන් ඉන්නකෝ....
Deleteහලේ,.. ඔන්න මමත් ආවෝ...බලමු බලමු වෙන දේ... :D
ReplyDeleteආහ්හ්... මෙන්න ප්‍රාර්ථනා අක්කත් ඇවිත්... සාදරයෙන් පිළිගන්නවා කතාවට... ඉස්සරහට බලමු...:))
Deleteඔයා ලියන විදිය ලස්සනයි.... ජයවේවා!!
ReplyDeleteස්තුතියි අක්කේ.. ඔයාටත් ජය වේවා... මේ පැත්තට ඇවිත් ගියාට ආයෙමත් ස්තුතියි..!!!
Deleteමේකෙ එයාගෙ නමත් තියෙන්නෙ ( දැන් අහන්න එපා මොන නමද?කාගෙ නමද? කියල හ්හි..)
ReplyDeleteලස්සන ආරම්භයක්.දිගටම කතාව බලන්න මාත් එනවා....ලසනයි!!!
අය්යෝ... මොකක්ද අනේ ඔය නම??? උඩ කමෙන්ට් එකක චම්ම නම් කේස් එකක් කියලා තිබුණා... ඔයා නම් කියන්නම ඕන.. මාව අන්ද මන්ද කරන්නෙ නැතුව..
ReplyDeleteස්තුතියි.. දිගටම එන්න.. දෙවන කොටස ළඟදීම...!!!
නෑ... මේ... මේ...හිහ්....
Deleteහිහ් ගාන්නෙ නැතුව නම කියන්නයි කිව්වෙ.. මං වසයි !!!
Deleteහ්ම්ම්...නෑ යාලු..කියන්න හැදුවෙ එක නමක් දැක්කම මාව ටිකක් අතීතයට ගියා කියල...තලහ ගන්න එපා....
Deleteහලි හලි... මම තලහ නෑ.. මොකක්ද මේ කියන්නෙ කියල තේරුණේ නැති නිසයි ඇහුවෙ... මම එහෙම තලහ වෙනවයි මගෙ යාළුවො එක්ක... :)))
Deleteමෙගා සීරිස් ලියන්න එපා අනේ... කියවන්න කම්මැළියි... :D
ReplyDeleteමෙගා වෙයිද කියන්නත් බෑ.. ඔයා අනිත් පෝස්ට් බලන්න එන්නකො එහෙනම්.. මම වෙන දේවලුත් ලියනවනෙ කතාව ලියන අතරෙදි...:)
Deleteආ එහෙම නම් කමක් නෑ..... :D
Deleteලස්සන ආරම්භයක් . ඇත්තම කතාවක් වගේ . මෙගා සිරිස්නම් මම බලනව හරිම අඩුයි . ඉඩ තියන විදියට බලන්නම්කෝ .
ReplyDeleteමෙගා වෙයිද කියන්නත් බෑ අනේ... කමක් නෑ.. මම වෙන පෝස්ට් දානවා.. ඒව බලන්න එන්නකො අක්කා... ස්තුතියි..!!!
Deleteලස්සන ආරම්භයක්! so, දිගටම නොවරදවාම එනවා කියවන්න..:) Best wishes!!
ReplyDeleteස්තුතියි සහෝදරී... දිගටම එන්න... සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් කෑල්ලට... !!!
Deleteඔන්න මමත් ඇවිත් පලවෙනි කොටස කියෙව්වා.ලස්‌සන කතාවක් වගේ.බලමු බලන්න දැන් දෙවෙනි කොටසත්..
ReplyDeleteස්තුතියි...! :)))
ReplyDeleteකාමරේට ඇවිත් ෆෝන් එක කොට්ටේ
ReplyDeleteමේ වැඩේ එච්චර හොද නෑ දරැවො
අනිත් පොස්ට් ටික බලන්න නැවත එන්නං
ලස්සනයි......
ReplyDelete(මාත් චූටි අවවාදයක් දෙන්න කැමතියි, ඒ phone එක කෙට්ටෙ යට තියා ගැනීම,සම්බන්දවයි...!)
මෙය කතාවකි... මම එසේ නොවෙමි... ස්තුතියි කමෙන්ටුවට...
DeleteWhat is the casino? - SEPT
ReplyDeleteThe best casino online is the ventureberg.com/ One of the main reasons why people are spending apr casino money on a game is by having a few www.jtmhub.com options. One septcasino of the reasons