ලෝකෙට ආපු අය

Saturday, December 31, 2011

ඕපදූප

දැන් ඔයාලා බලනව ඇති අවුරුද්ද ඉවර වෙන්න පැය ගාණක් තියෙන මේ වෙලාවේ මම මේ ලියන බහුබූතෙ මොකක්ද කියලා..ඇත්තම කියනවා නම්  ලංකාවේ ගොඩාක් දෙනක්ට තියෙන ලෙඩක් මේක.. තමන්ගේ දෙකට වැඩ කොච්චරවත් හොයන්නෙම අනුන් ගැන.. නිකමට හිතල බලන්න ඔයාලගේ ජීවිතේට සම්බන්ධ කොයිතරම් නම් අය ඒ වගේද කියලා.. මට නම් ඒ සම්බන්ධව හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. අනුන්ගේ ඕන කුණු ගොඩක් තමන්ගේ විදියට හිතාගෙන ඒ දේවල් පස්සෙ පන්නන අය ඕන තරම්.


මේ ලඟදි ඒ ලෙවල් ප්‍රථිපල ආවනේ. (මාත් ලිව්වා) ඒ අස්සෙ පහුවදා අපේ අම්මා පන්සලේ බෝධි පුජාවකට යන්න ලෑස්තිය..මම දන්නව ගියොත් පන්සලේ කට්ටියට විස්තර විචාරයක් දෙන්න වෙන බව. මම ගියේ නෑ,අම්මව යැව්වා. ඔය එකෙක්වත් අපේ ගෙදරක ආසාවට ඇවිත් තියෙන උන් නෙමේ. ඒත් හොයන්නෙම අනුන්ගේ වගතුග. මට නම් පේන්න බෑ..බොරුවට පෝයට සුදු රෙදි පොරවාගෙන මහා ලොකුවට සිල් ගන්න නම් යනවා. ඒත් සිල් අරගෙන කරන්නෙත් කේලම් කියන එකම තමා. ඊට වඩා සිල් නොගෙන ගෙදර ඉන්න එක හොඳයිනේ. දැන් කට්ටිය සිල් ගන්න යන්නේ සිල් ගන්න නෙමේ.. යාලුවෝ හම්බෙන්න,එක එකාගේ ඕපාදුප කියවන්න, දවල්ට වළඳලා බුදියන්න.. ඕවට තමා.


 අනිත් කට්ටිය ගුරුවරු. ගියා පාර මම රිසල්ට් කියන්න ඉස්කෝලේ ගියවෙලේ අපිව ගණන් වත් ගත්තේ නෑ එයාලා. මොකද ගියා පාර පුත්තලම් දිස්ත්‍රික්කේ මෙරිට් 10 න් වැඩි හරියක් තිබුනේ අපේ ඉස්කෝලේ.ඉතින් උනුත් එදා ඉස්කෝලේ ඇවිත්.උන් එක්ක හිනා වෙනවා,කතා කරනවා..අපි එක්ක මුනිච්චාවට කට කොනින් හිනා වෙනවා. නිකමට වත් මාව අල්ලාගෙන රිසල්ට් අහල මගේ හිත හැදෙන්න කතා කලේ අපේ බයෝ මිස් විතරයි.එයා මට ඒ දවස් වල ඉඳලම ආදරෙයි. (හිත හැදෙන්න කිව්වට මම ගිය පාර ෆේල් නෑ හරි?) අපේ පන්ති භාර මිස් පවා හරියට කතා කලේ නෑ. මට ගොඩාක් දුක හිතුනා.


මේ පාර රිසල්ට් ආව වෙලේ බයෝ මිස් ඇවිත් තාත්තා හම්බෙන්න මගේ රිසල්ට් අහන්නම. ඒ ගිය බ්‍රහස්පතින්දා .එදා උදේ මට විද්‍යාපීට ලියුම ඇවිත්.මම දන්නේ නෑ.. තාත්තා මිස් ආපු වෙලේ කියලා විද්‍යා පීට වලට ලියුනුත් ඇවිත් තියෙන්නේ යවනවා කියලා.මිස් කිව්වලු "අනේ ඇයි එයාව පීට යවන්නේ කැම්පස් යවන්න. එය දක්ෂ ළමයෙක්නේ" කියලා..( ඕක මම නෙමේ කිව්වේ අපේ බයෝ මිස්..නැත්නම් කියයි මම අතින් දා ගත්තු එකක් කියලා) ඔන්න ඊයේ මම පන්ති ඇරිලා ඇවිත් නිදාගෙන ඉන්නකොට හවස ගෙදරට කෝල් එකක් ආවා. මම නෙමේ ගත්තේ අම්මා. අම්මා මට කතා කළා. මම හෙලෝ කිව්වම ගියේ මෙහෙම දෙබසක්

මම : හෙලෝ
කෝලර් : හෙලෝ මම මිස් කතා කරන්නෙ.
මම : ආහ් බයෝ මිස් ද?
කෝලර් :  නෑ මම ශාන්ති මිස් කතා කරන්නෙ. කොහොමද රිසල්ට්?
මම : මගේ ### මිස්.
කෝලර් : රෑන්ක් එක කියද?
මම : ### මිස්
කෝලර් : ඉසෙඩ් එක කියද?
(දැන් මෙයා දානවා ඒ ගැන පුර්ණ විමර්ශනයක්. මාත් ඉතින් මොන උනත් අවුරුදු 2 ක් පන්තිභාරව උන්න මිස්නේ කියලා මාත් කතා කළා)
මම : මගේ 0.#### මිස්.
කෝලර් : අනිත් අයගේ කොහොමද? තව කාගේද දන්නේ?
(මාත් ඉතින් දන්න කට්ටියකගේ රිසල්ට් ටිකක් කියලා දැම්මා)
මෙන්න මිස් එක පාරටම "හා එහෙනම් තියන්නම්" කියලා කෝල් එක කට් කරපි.

මට ඉතින් ශෝක් ඒවා මතක් උනා. මිස් නේ .. මාත් "හා මිස්" කියලා තිබ්බා...

ඔන්න ඔහොමයි එයාලගේ හැටි. මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ගෙදර නම්බර් එක මිස්ට කොහොමද අහු උනේ කියලා. මම දැනුවත්ව නම් කවදාවත් මිස්ට දීල නෑ. ඉතින් හොර වැඩක් වත් කල හැකිය, ගෙදරට කිව්වොත් එහෙම දැකලා..එයාට ඕන කරන ඔක්කොම හොයාගෙන හෙමීට ශේප් එකේ කතාව අවසන් කළා.. නිකමට දැක්කම හිනා වෙන්නෙත් නැති සයිස්.ඒකට විතරක් මාව මතක් වෙලා..අනේ මෙහෙමත් ගුරුවරු.


මේ දෙවෙනි සීන් එක.

අපේ පවුලේ කට්ටිය හැම අවුරුද්දෙම එකතු වෙලා ට්‍රිප් එකක් යනවා. මේ පාරත් ගියා. ගියේ කතරගම පැත්තේ.. කිරි වෙහෙර, කතරගම දේවාලේ, දෙවුන්දර දේවාලේ, යාල,....... ම්ම්ම්ම් තව කැස්බෑ අභිජනන මද්‍යස්ථානයක් බලන්නත් ගියා. දවස් 3 යි. ගියේ අපේ අම්මගේ පවුලේ සහෝදරයන් සහ ඒ පවුල් වල කට්ටිය. රෝස බස් එකක් ගියේ. ඔක්කොම සීට් ෆුල්. වැඩේ කියන්නේ දවස් 3 ගමනේ දවස් 2 ක් ම මම ජම්පින් සීට්. කොන්ද රිදුන නොසෑහෙන්න. ඒත් කාටවත් කරදර කරන්න අකමැති නිසා මම මගේ පාඩුවේ ඒකට වෙලා උන්නා.. එකට සෙට් වෙලා ගියාට මොකෝ කට්ටිය අතරේ එක එක විරසක. හැබැයි කවුරුත් එළිපිට පනාව දාගෙන තමා. නැති තැන කපනවා. ඒ අයත් කල්පනා කරන්න ඕන තමන් නැති තැන අනිත් අයත් මෙහෙම කරනවා ඇති නේද කියලා. සමහරු සීට් වලට රණ්ඩු. අනේ මන්ද සංසාරේ.... මැරෙද්දි අරන් යන්නය.. එක නැන්ද කෙනෙක් තව නැන්ද කෙනෙක් එක්ක තරහා වෙලා එයා ඉන්න සීට් එක ගාව යන්නත් බෑ කිව්වා.. පින් අතේ වැඩකටයි අපි ආවේ. කිරිවෙහෙරට දානයක් දෙන්න සිල් ඇත්තන්ට. ඒකට මහන්සිවෙලා වැඩ කරපු නැන්දලා හොරට වැඩ කරපු නැන්ද කෙනෙක්ට ඇනුම් පද කියනවා. අනේ මන්ද ඔක්කොමල වෙස් මූණු දාගෙන ඉන්නෙ .. බොරූ සොබ්බෙට හිනා වෙන්න.. උඩින් හකුරු යටින් කතුරු. මොනා උනත් ඔය සෙට් එකම අපේ තාත්තට කෙසේ වෙතත් අම්මට නම් හරි ආදරෙයි. මොකද අපේ අම්මා හරි අහිංසකයි. කාවවත් බිඳවන විදියෙ දේවල් කියන්නේ නෑ එයා කොච්චර හිතේ තද කරන් හිටියත්. (මට තමා පොඩ්ඩක් එහෙන් මෙහෙන් සැර වැර දාන්නේ.)

ගිහින් ආවට පස්සෙත් කට්ටිය අප්සෙට්. ඉතින් ඔහොම හිත නරක් කරගන්න ට්‍රිප් යන්න ඕනය..අපේ ලොකු අය්ය තමා සුපිරි කතාව කිව්වේ. ඕකට කියන්නේ "ඇනුවල් ගොසිප් ට්‍රිප්" ලු. ඇත්තම තමා. ඒ නිසාම එයයි අක්කයි බබාලා 2 යි අපි යන ට්‍රිප් වලට එන්නේ නෑ පුරුද්දක් වශයෙන්.


ඔන්න තව පොඩි කතා කෑල්ලක්. අපේ අම්මගේ බාලම මල්ලිගේ දුවලා ගියෙත් මගේ ඉස්කොලෙටම තමා. දවසක් අම්මා මගෙන් කව්දෝ මන්ද මිස් කෙනෙක් ගැන අහනවා.. මම ඉතින් එයාව දන්නෙ නෑ. මම කිව්වා "මම දන්නෙ නෑ එහෙම කෙනෙක්" කියලා. ඒ ගමන අම්මා කියනවා " ඔයා ඉස්කෝලේ ඉඳල ඉස්කෝලේ මිස් කෙනෙක් වත් දන්නෙ නෑනේ. අර නංගිගෙන් ඇහුවනම් කියයි"කියලා.. (ඉතින් එයාල දන්නව කියලා ඒ තරම් ෂුවර් නම් එයාලගෙන්ම අහගන්න එපැයි. මගෙන් අහන්නෙ? මම නොදන්නවයි ඒ දෙන්න ගැන.. ඕපාදුප මලු) අම්මට මාත් එක්ක තරහා. මම කිව්වා "මට ඒ මිස් කවුරු උනත් වැඩක් නෑනේ එයාගෙන්" කියලා.


අනේ මන්ද ඇයි මේ තරම් මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න පන්නන්නේ? තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි ඇයි? දැන් ඔයාලා හිතනවද දන්නෙ නෑ මේක ලියන එකීට පිස්සු කියලා අපිටත් පිස්සු යැ කියලා.. මේ මගේ හිත කියන දේ.. ඔයාලා හිතන දේට පහලින් ඉඩ තියෙනවා..

එහෙනම් කට්ටියටම 2012 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බත බුලතින් සරු, සියලු පැතුම් ඉටුවන, වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මගේ ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ ආයෙත් හම්බෙමු. ගිහින් එන්නම්. කට්ටියටම ජය වේවා!!


Tuesday, December 27, 2011

සිරකළ සිතුවිලි


















සිනාසෙමි මම..
හඬනු  බැරුවා නොව නවත්වනු බැරි නිසා
මඟ බලමි මම..
ඔබ එයි කියා නොව දකින්නට හෝ ලැබෙයි කියා
ඔබ දෙස බලමි මම..
ඔබ සිනා සෙයි කියා නොව අහක නොබලනු ඇතැයි සිතා
බලාපොරොත්තු ඇති කර ගනිමි මම..
මා ගැන නොව ඔබ මගේම වෙයි කියා
ජීවත් වෙමි මම..
මැරෙනු නොහැකිව නොව මැරුනොත් ඔබ මට නැති වේය කියා
තවම ඔබ ගැන සිතමි මම..
අමතක කරනු නොහැකිව නොව ඔබ මගේ ජීවිතය  නිසා
හිත හදා ගනිමි මම..
ජීවිතය තව දුර නිසා

Wednesday, December 21, 2011

ඊයේ දහවල් සිට යුද්ධයක් කළෙමි


වෙලාව දවල් 12 .20 ට විතර ඇති.මම ඔහේ කාමරයට වී පාඩුවේ පොතක් කියව කියව  හිටියෙ.ටික වෙලාවකින් මට බයික් එකක සද්දයක් ඇහුනා..ඒ ගමන්ම හුරු පුරුදු කටහඬ වල් කීපයකුත් ඇහුනා..කියව  කියව හිටිය පොත පැත්තකින් තියලා මම නැගිටලා එළියට ගියා.ඇවිත් තියෙන්නේ ලොකු අය්යා.එයත් එක්ක පොඩ්ඩයි පොඩ්ඩිත් ඇවිත්.දැන්  ඉතින් මට සිදුවීමට යන සන්තෑසිය මට ඉවෙන් වගේ තේරෙනවා.

“බබෝ,පොඩ්ඩක් මේ දෙන්නාව බලාගන්න.”( බැඳලා පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්න, මට වඩා අවුරුදු ගාණක් වැඩිමල් එයාට මම තවමත් බබා .) ඉතින් මාත් බයික් එක ලගට ගිහින් පොඩ්ඩි ව වඩා ගත්තා.එයත් පැන්න ගමන් මගේ අතට ආවා.පොඩ්ඩත් බයික් එකෙන් බැහැලා මා ලඟට  ආවා. අපි  කට්ටිය ගෙට ගියාම ලොකු අයියා ගියා . මට එතරම් විස්තරයක් අහ ගන්නත් බැරි උනා. පොඩි උන්ගෙන් ඕවා අහන්න ගිහින්  බොරු කිව්වොත්.. මම ඉබේම ගියේ ලැපී ගාවට..ඒ ටීවී එකෙන් මට එතරම් සතුටක් ලැබෙන්නෙ නැති නිසා..එතනට යැවුනාට කරන්නේ මොනාද යැයි හිතා ගන්න බෑ..අවුරුදු හතරහමාරක පොඩි එකී “මට අම්මා ඕනෑ” කියලා  අඬනවා .ඒකි මගේ අතින් බහින්නෙත් නෑ..කොහොමින් හරි එයාවත්  වඩාගෙනම වයර් පටලවාගෙන  ඔන් කර ගත්තා .වයර් ඔක්කොම ගසා  තිබුනා නම් මේ කරදරේ නෑ..දැන් ප්‍රශ්නය අවුරුදු හතරහමාරක කෙල්ලෙක්ට හා අවුරුදු හයහමාරක කොල්ලෙක්ට සුදුසු දෙයක් මගේ ලැපී තුළ ඇද්ද කියන එකයි.. මා ගාව තිබ්බ  ෆිල්ම් වලින් කීපයක් සුදුසු යි කියලා හිතුනු නිසා මුලින්ම  Home Alone දැම්මා.මොනා උනා මන්දා එකක් වත් display උනේ නෑ..ඊට පස්සෙ මතක උනේ ටින් ටින් ව. කාටුන් අතර මගේ ප්‍රියතම කාටුන් එක ඒක.. උන් දෙන්නා කැමති නෑ. දැමූ වෙලේ සිට පොඩි එකාගේ එකම චරු චුරුවය.

“අනේ නැන්දි ,ඕක එපා. ඕක මම බලලා තියනවා .වෙන එකක් දාන්නකෝ.”කණක් ඇහිලා ඉන්නට නම් බෑ.. ඊගාවට  මම Harry Potter collection cd එක දැම්මා.. ටික වෙලාවක් යද්දී  පොඩ්ඩා ට ඒකත් එපා උනා..මට දැන් හෙණම මළ..ඇයි යකෝ මුන්ට දවල්ට කෑම කවන්න ඕනෙත් මම.. මුන්ට මම දාන එක ෆිල්ම් එකක්වත් අල්ලන්නෙත් නෑ .. ඉතින් හත්වලාමේ කාට කියන්නද මේ දුක කියල මම ආයෙත් ෆිල්ම් ලිස්ට් එක චෙක් කරලා බලන කොට අහු උනා Cats & Dogs (පරණ එක නෙමේ අලුත් එක ) ..දෙන්නම් වැඩේ කියලා මාත් එක දාලා දෙන්නට බලන්න කියලා කුස්සියට ගියා කෑම ටිකක් බෙදා ගෙන එන්න . එනකොට පුත්‍ර රත්නය නම් හොඳට හරි බරි ගැහිලා ඇහැ  කටේ දාගෙන ඒක බලනවා.. බඩුම තමා  කියලා  මාත් ළඟින්ම වාඩි වී වැඩේ පටන් ගත්තා. පොඩ්ඩි ට නම් ෆිල්ම් එකේ වගේ වගක් නෑ..

කොහොමහරි  ප්‍රමාණවත් කියලා  හිතෙන තරම් කෑම ටිකක් කවා ගන්න පුළුවන් උණා . කොයිතරම් ෆිල්ම් තිබුනද මට නම් ඕවා  බැලීමට එතරම් ආසාවක් නෑ.. කෑම කවලා මං නැගිට්ටේ  මගේ වැඩක් කර ගන්න යන්නයි.. ඒත් කොහෙ යන්නද ..පොඩි එකී මම යන යන තැන පස්සෙන් එනවා..ලැපී ගාව ඉඳං  කුස්සියට,කුස්සියෙන් කාමරයට ,කාමරයෙන් සාලයට ,සාලයෙන් ආයේ කාමරයට.. මේ හැම තැනකටම මාත් එක්ක ආවා..අන්තිමේදී මං  ලෑස්ති වුනේ නා ගන්නයි . බොහොම අමාරුවෙන් මං එනකල් අපේ අම්මා එක්ක ඉන්න කැමති කර ගත්තා..අනේ දෙවියනේ, කියලා  මාත් සැනසිල්ලේ නා ගන්න  බාත්රූම්  ඒකට ආවා.. එහෙන් අම්මා “ඉක්මනට එන්න” කියලා මට කෑ ගානවා.. අනේ කාලේ වනේ වාසේ කියලා.. මාත් ඉතින් රෙදි හේදීම හෙටට කල් දාලා  ඉක්මනින් ගෙට ගියා.. වැඩිම උනොත් විනාඩි 5 ක් යන්න ඇති .. ලෑන්ඩ් ෆෝන් එක රිං උනා. කෝල් එක තාත්තාගෙන් කියාගෙන  පොඩ්ඩිත් දුවන්  එනවා..කෙල්ල හරි .. කෝල් එක ලොකු අයියාගෙන්.
 “බබෝ ,අක්කා නර්සින් හෝම් එකේ. පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්නවද ? මම ත්‍රීවීල් එකක් එවන්නම්”. “හරි මම ලෑස්ති වෙලා ඉන්නම්”.මාත් කිව්වා.. ඒත් දැන් අම්මට සිද්ධිය කියන්නත් බෑ.. දෙන්නාම හොරෙන් ඇන්ටෙනා දාගෙනයි ඉන්නේ..මමතාත්තා මට එන්න කිව්වාකියලා  කාමරයට  ගිහින්  දොරත්  වහගෙන ඇඳුම් අඳින්න පටන් ගත්තා.. ඒ ගමන පොඩි එකීගේ කරදරය නම් ඉවසන්නට බෑ.. “නැන්දි, දොර අරින්නකෝ..මට ඇතුලට එන්න ඕනෑ”. මෙන්න ටික වෙලාවකින් ආයෙත්.. “නැන්දි, තාම ඉවර නැද්ද?” . “මම කොන්ඩෙත්  පීරගෙනමයි එන්නේ.” මම කිව්වා. ඒ ගමන පොඩි එකී කියනවා මට  හිතුනාලු. අනේ අනේ ,බටු ඇටේ වගේ ඉන්න එකිටත් හිතෙන දේවල්.මම කිව්වා එහෙනම් හොඳයි  නේ කියලා.. කොහොමහරි දොර වහපු  වෙලේ ඉඳං අරින කල් දොර ගාවින් හෙල්ලුනේවත් නෑ.මම එයාලට නොතේරෙන්න අම්මට යන්තමට ශේප් එකේ කතාව  කියලා  දැම්මා. මම ටවුන් එකට යනවා කියලා  ලැපී කාමරේ දාලා ලොක් කරලා ටීවී එකෙන් බලන්න Harry Potter දාලා  දුන්නා.දැන් මුන්ගේ හිතේ මම කඩේට යනවා කියලා.. මට දුන්න බඩු ලිස්ට් එකක්ම එද්දී නොවරදවාම අරන් එන්න කියලා. කඩල  පැකට් 2 යි,චොකලට් බිස්කට් පැකට් 2 යි,ඩේලි 2 යි,තවත් මොනාදෝ කිව්වා මට මතකත් නෑ. ඇත්ත සීන් එක කිව්වා නම් එහෙම කෙලීව නළවන්න අක්කව නර්සින් හෝම් එකෙන් එක්කන් එන්න වෙනවා.

ලෑස්ති වෙලා විනාඩි 10න් විතර ත්‍රීවීල් එක ආවා .මම යද්දී අය්යා අක්කට වතුර පොවනවා. දෙන්නගේ මාර ලව්  එක ඉතින්.මම අක්කා ගාවට වෙලා ඉද්දි අයියා එළියට ගියා.ගිහින් ටිකකින් ආවා.නිකන් නෙමේ, ක්‍රීම් සෝඩා 2 කුයි ටොෆි වගේකුයි අරන්.දීලා එයා ගියා. දැන් මට අරක බොන්නේ කොයි වෙලේද කියලා සිහියක් නෑ.(දෙකක් ගෙනාවේ මටත් එක්ක වෙන්නැති නේ) ඉතින් අක්කත් අමාරුවෙන් ඉන්න නිසා මට අහන්නත් බෑ. චාටර් නේ. සද්ද නැතුව උන්නා.නර්ස් කෙනෙක් ඇවිල්ල රිමෝට් 2 දීල ගියා ටීවී එකේ කියලා.(ඩයලොග් ටීවී තිබුනේ.) ඔන්න දැන් අක්කා ඇඳේ හාන්සි වෙලා උඩ බලාගෙන ඉන්නවා. ඒ ගමන මෙයා කියනවා. “නංගි , මෙතනින් වතුර වැටෙනවා නේද ?” කියලා.අනේ හත්ඉලව්වේ,  මම උඩ බලන්  හිටපු එකක් යැ. ගිහින් බැලින්නම් වතුර වැටිලා තමා  ... කතාව ඇත්ත. තව ටිකක් වෙලා  බැලුව.හීන් පොදකුත් ගියානේ.තාම ඉවරයක්‌ නෑ.කියන්න කෙනෙකුත් නෑ. නර්ස් කෙනෙක්ටම තමා කියන්න වෙන්නේ.මම කාමරෙන් එළියට ගිහින් ඔලුව දාලා බැලුවා. ලෙඩ්ඩු ගොඩක් ඇවිත් වගේ.නර්ස්ලා කඩිමුඩියේ එහෙ මෙහෙ දුවනවා,ඒ අස්සේ වතුර වැටෙනවා කියන්න ගියොත් යකා නගී කියලා මම ආයෙත් ඇතුලට ආවා.කොහොමත් සර්ජන් එන වෙලාව ලං වෙද්දී නර්ස් කෙනෙක් ආවා.මම කිව්වා “මිසී ,මෙතන වතුර වැටෙනවා” කියලා.සුදු ටයිල් එකේ පේන්නෙත් නෑ. හදිසියේ කවුරු හරි දැක්කෙ  නැතුව ලෙස්සල වැටෙන්න උනත් පුළුවන් නේ.යන්තම් ඊට පස්සෙ වැඩ කරන එකෙක් ගෙන්නලා වහලෙට නග්ගල ඒකත් හැදුවා. සර්ජනුත් ඇවිල්ලා අක්කව බලලා ඇසිස්ටන්ට් දොස්තරට කඩ්ඩෙන් මොනාද මන්ද බස බස ගාලා කියවල ගියා.
මේ වෙද්දී රෑ  කෑම විදියට ඉඳිආප්ප 1010101100දහයක් පමණ සහ අල හොදි සමඟ මාළු  හොදි අපිට දීලයි තිබුනේ.අක්කා දවල්ටත් කාලා නැතිලු. සර්ජන් ගියා විතරයි  “අපි කමුද නංගි?” කිව්වා.මාත් ඉතින් කිසිදු පැකිලීමකින් තොරව හා කිව්වා.(අරුන් දෙන්නට කවලා මට පන ගිහින් උන්නේ,ඉතින් මම දවල්ට කාලත් නෑ.ඒත් ඉතින් ඕක අක්කට කිව්වම එයාගේ කෑම එක මටත් කන්න වෙනවනේ,නැත්නම් අයියට කියලා ගෙන්නවල හරි දෙයි.මම නිසා මොටද කාටවත් කරදර. මම අක්කට කෑම දීලා මගේ පාඩුවේ හිටියා.)

දැන්ම බේත් දෙන පාටකුත් නෑ වගේ. අක්කටත් නිදිමතයි ලු. ගියා වෙලේ සිට ක්‍රියාත්මක වූ මගේ කට නිසා එයට නිදා ගන්න වුනෙත් නෑනේ..ඒ කමටමද කොහෙද එයාට හරි ඉකමනටම නින්ද ගියා.මම දැන් කාමරේ ඇතුලේ තනියම. ඔන්න එවෙලේ මීටරේට ආවා අපිට දීල ගිය රිමෝට් 2...රු .7000 ක් ඩිපොසිට් කලේ බම්බුවකට යැ. ටිපෝ එකකට නැගල ටීවී එක දාගත්තා.ඒ ඩයලොග් ටීවී කෙහෙල්මල මෙලෝ දෙයක් පෙන්නේ නෑ.අරාබි අකුරු වලින් මොනාද display වෙනවා,අක්කයි මායි දන්නා අරාබි. මට දැන් රිමෝට් 2 පොලේ ගහන්න තරම් තරහ.. ඇයි දෙයියනේ අක්කත් නිදි කොට මමං ඒ කාමරේ ඇතුලේ මොන මඟුලක් කරන්නද? ඒකට ඔට්ටු වෙච්ච ඔට්ටු විල්ලට අක්කත් ඇහැරිලා.දෙන්නටම බැරි උනා. අන්තිමේ වහල දල නිකන් හිටිය.. ආයෙත් නොදැනීම අක්කා නිදි. මම ඉතින් කාමරේ ජනේලෙ ගාවට ගිහින් පාර දිහා බලාගෙන උන්නා.


මේ දවස වල හවසට අපේ පැත්තේ නත්තල් සිංදු දානවා.හීමිට ඒ සිංදුවක් මුමුණ මුමුණ ඉද්දි අක්කට කෝල් එකක් ආවා  අයියගෙන්. පොඩි උන් දෙන්නා අපේ ගෙදර නිසා මම යන්න ඕනෑ එයාලව කවලා නිදි කරවන්න. අපේ අම්මත් මම ඇවිත් පැයකින් විතර කතා කරලා කිව්වා දෝනි ඇඬුවා  කියලා. අයියා මට ගෙදර යන්න කලින් ත්‍රීවීල් එකම එව්වා. ඒ දෙන්නගේ බඩු  ලිස්ට් එක මතක වෙලා මම යන ගමන් බිස්කට් පැකට් 3 කුයි බීම බෝතලෙකුයි අරන් ගියා.

අනේ,මම යනකොට පොඩි එකී සෙටි එකේ දොයි.පුතා නම්  අරක  බල බලා උන්නා .(මම හවස දාලා දීලනේ ගියේ) අම්මා කිව්වා පුතා කිව්වලු  “කිරි අම්මේ, මට හොඳ  රසට සම්බෝලයක් හදල දෙන්න බත් කන්න” කියලා. අපේ අම්මා දෙන්නටම කොහොමහරි කවලා.කද්දී පුතා කිව්වලු “ම්ම්ම්... අපේ  අම්මගේ සම්බෝලේ වගේමයි” කියලා. මම ගෙදර ගියා ගමන් පොඩි එකීව උස්සල ඇඳෙන් ගිහින් තිබ්බා. පොඩ්ඩාට ගෙනාපු බිස්කට් පැකට් 1 කුයි බීම ටිකකුයි දීල එයාවත් නිදි කලා.

ඔහොම පැය  2 ක් විතර ගියා. මෙන්න කෙල්ල  අඬාගෙන නැගිටගෙන එනවා “නැන්දි”.. කියාගෙන. ඉතින් එලවන්නැයි . ඇඳට එක්ක ගිහින් ටිකක් වෙලා යනකල් මාත් ඇඳටම වෙලා උන්නා.නින්ද ගියාමයි කියලා ස්ථිර වෙනකල්. ආයෙත් මම නැගිටලා ලැපී ගාවට ගියා. මූණු පොතේ හිටියේ මම.අම්මා සාලේ ටීවී බලනවා. වෙලාව හරියටම 11.25 යි.ඔන්න අයෙමත් මට ඇහෙනවා “නැන්දි” කියාගෙන එනවා. මේ පාර  කොල්ලා .ඒකා  ඇඳේ චු දාලා .දැන් ඉතින්  මැරෙන්නය.මම කාලත්  නෑ රෑට. කන්නත් ඕනෑ,පොඩ්ඩාගේ ඇඳුම් මාරු කරන්නත් ඕනෑ,නිදි කරවන්නත් ඕනෑ.. අනේ දෙයියනේ, මම ලැපී ඕෆ් කරලා එන්න කියලා අම්මා ගාව  පොඩ්ඩක් ඉන්න කියලා කාමරේට ආවා. කොරේ පිටට මරේ.අනිකත් අයෙ ඇහැරලා. දැන් දෙන්නාම සාලේ අම්මා එක්ක ටීවී බලනවා. වෙලාව 12 ට  විස්සයි. මම ලැපී ඔෆ් කරලා කෑම ඒකත් අරන් සාලෙට ගියා. අම්මා බයිනවා මට “කොයි වෙලේද බෙදල? අනිත් දවස ඔයාට උයන්නේ නෑ. බොරුවට කන්නෙත් නෑ” කියලා.

අම්මටත් පොඩි බටර්  පාරක්  ගාල කාල  ඉවරවෙලා පොඩි දෙන්න එක්කම මම ඇඳට ගියා . ශේප් එකේ චූ ඒරියා එක මඟහැරලා වෙන පැත්තකට වෙන්න දැන් අපි තුන් දෙනාම නිදි. ටිකක් හොඳටම නින්ද ගියා. මෙන්න මගේ කනට රහසින් කව්ද මොනවද කියනවා. “නැන්දි,මම චූ දැම්මා.අපි වෙන ඇඳුමක් දාමුද?” කාලා වරෙන්කො. මට දැන්  ඌරු ජුවල්. එහෙමයි කියලා ගහන්නයැ ඉතින්.නැගිට්ටා. එක්කගෙන ගිහින් ඇඳුම  මාරු කළා.අනේ දැන්වත් මට නිදාගන්න දීපල්ලා වස්තුවේ..(කිව්වේ නෑ  මං හිතින් එහෙම හිතුවා.) සෑහෙන වෙලාවක් යනකම් කරදරයක් උනේ නෑ. මට කලින් කොහොම හරි දෙන්නම නැගිටලා,කිරිත්  බීලා. මම තාම පොඩි එකා වගේ ඇඳට  වෙලා හිටියා. දැන් මට තද නිදි මතකුත් නෑ, ඒත් හොරට ඇඳට වෙලා හිටිය..අයියෝ..... ඔහොම සැපට ඉද්දි එක පාරටම පොඩ්ඩා කිව්වේ නැතයි “අත්තා කිව්වා නැන්දි ව නැගිට්ටන් එන්න කියලා”. මට දැන් තාත්තා එක්කත් තරහා.ඇයි වදේ පොඩ්ඩක් නිදාගන්න හැදුවම බාල්දිම පෙරලනවා.

 මම නැගිටිද්දීම 8.10 යි. එතකොට අයියා ඇවිත්, ඒ දෙන්නට අදත් ඩාන්සින් ක්ලාස්. ඉතින් දනී පනි ගාල මාත් දත් මැදලා  මුණ හෝදන් ඇවිත් උන් දෙන්නගේ කොස්ටියුම් ඇන්දෙව්වා...කොන්ඩෙත්  පීරලා, මගේ ඔඩිකොලෝන් බෝතලෙනුත් ටිකක් ඔළුගෙඩි 2 ට හලලා ලෑස්ති කරලා යැව්වා.වෙලාව 8.30 යි.දැන් මගේ වෙලාව..ආයේ  එන්න කලින් කොරගන්න දෙයක් තමා.අක්කා තාම අහරෙනේ. මම ඉතින් උන්  දෙන්නා එන වෙලාව වෙන කල්ම ලැපී දාගෙන උන්නා. එන්න ටිකකට කලින්  රෙදි ටික ලෑස්ති කරා හෝදලා දාන්න. ආව ගමන් පොඩ්ඩට ඕනෑ ෆිල්ම් 1 ක් බලන්නයි, පොඩ්ඩි වැඩිය අසා නෑ ඕවට. අදත් මං  පස්සෙමයි. වෙලාවකට එපා වෙනවා. අඩියක් හොල්ලන්න බෑ. රෙදි හෝදන්න ගියාම බාත්රූම් එකේ දොර ගාවට වෙලා ඉන්නවා. අරයා අහරේ ෆිල්ම් බලනව.. රෙදි වනද්දීත් මා  ගාව .. අද දාලා දුන්නේ Denis.. කොහොමහරි අදත් ඒ පිහිටෙන් කෑම කවා  ගත්තා . මාත් එතන ඉඳගෙන ඒක  බැලුවා.

ඒක ඉවර වුනාම දැන් දෙන්නට දාංගලේ . මිදුලට පැනගෙන අයියා නංගිව විල්බැරෝ එකේ තියන් තල්ලු කරනවා,කෝම්පිට්ටු හදනවා.එකම මඩ  ගොඩයි.පුතා කෝම්පිට්ටු 11 යි, දුව 7 යි. මෙන්න ඒ අතරේ  කෝල් එකක්. “ බබෝ, පොඩි දෙන්නාව ලෑස්ති කරලා තියන්න, දැන් අපි එනවා”.. මම පොඩි දෙන්නට කිව්වා හරි හරි දැන් ඕක නවත්තල එන්න ඇඟ  හෝදන්න,තාත්ති එනවලු”  කියලා. කිව්වා විතරයි දෙන්නා පැනගෙන බාත්රූම් එකට දිව්වා. දෙන්නා ගියාම ඇඟ  හෝදනවා නෙමේ ජල ක්‍රීඩා කරනවා. වදෙන් පොරෙන් ඇඟ  හේදුවා .ඒ පාර බැලින්නම් අඳින්න ඇඳුම් ගෙනල්ල දීල නෑ ලොකු අය්යා.. අපේ අම්මට ආවා  ගණ දෙවි නුවණ .. අම්මා ඇඳුම් බෑග් එකක් අරන් ආවා. ඒ අම්මා අපේ පරණ ඇඳුම්  ලස්සනට පරිස්සම් කරලා අරන් තියන් ඉන්න බෑග් එක. අම්මයි මායි  දෙන්නම එකතු වෙලා දෙන්නට ඇඳුම් හෙව්වා. ලොකු අයියා චුටි කාලේ ඇදපු ඇඳුමක් පුතාටයි මගේ පුංචි කාලේ ඇඳපු  සායකුයි හැට්ටේකුයි  දුවටයි  ඇන්දුවා. “ම්ම්ම් දෝණිට මගේ ඇඳුම් හරි හැඩයි නේ”  මට නිකන්ම කියවුණා.
කොන්ඩෙත්  පීරගෙන දැන් දෙන්නා එයාලගේ අම්මට දෙන්න අපේ ගෙවත්තෙන් මල්  නෙලාගෙන ඉන්නවා. ලොකු අයියගේ බයික් එකේ සද්දේ ඇහුන විතරයි දෙන්නා දුවගෙන ගිහින් එයාලගේ ඇඟේ එල්ලුනා. එයාලව දැකල අක්කටත් හිනා. දවස් 1.5 ක්  විතර අපේ ගෙදරම කාපු, බීපු, නටපු පොඩි උන් දෙන්නා අම්මටයි මටයි වැඳලා අත  වනාගෙන හිනා වෙවී පිටත් උනා..

කොයිතරම් තරහා ගියත් මම එයාලගේ හිත රිද්දන්න කැමති නෑ. මොකද ළමයි කියන්නේ ළමයිම මිසක් පොඩි වැඩිහිටියන් නොවන නිසා.

Monday, December 19, 2011

ගණ දෙවියනි බැල්ම හෙලනු මැන

         මුලින්ම මම මගේ පළවෙනි පෝස්ට් එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි කියන්න කැමතියි.දැන් එමු මේකට...මේ අවුරුද්දේ උසස් පෙළ විභාගෙට මූන දීලා ගෙදරට වෙලා ඉන්න නංගිලා මල්ලිලා ගැන හිතල තමයි මේක ලියන්නේ.. (නංගිලා  මල්ලිලා කිව්වට මොකද මාත් මේ පාර කොළා..) පළවෙනි පාරවත් දෙවෙනි පාරවත් නම් නෙමෙයි ඕන්...

                  ඉතින් ගිය අවුරුද්දෙත් විභාගෙ කරපු ළමයෙක් හැටියට මටත් සෑහෙන්න හොඳ මතකයක් තියෙනවා.ගිය පාර රිසල්ට්ස් ආවෙ දෙසැම්බර් 7 වෙනිදා... අද කවදද 18 වෙනිදනෙ... 2නි පාර කරපු අයයි අපියි පරණ සිලබස්.. 1නි පාර කට්ටිය අළුත් සිලබස්... ඔන්න ඕක තමා පුරස්නෙ...

                 රිසල්ට්ස් එන දවස ගැන කීදෙනෙක් නම් මොන මොන කතා කිව්වද..විභාගෙ ලියලා මාස දෙකෙන් එනවා කිව්වා,නොවැම්බර් 20 එනව කියලත් අපේ තාත්තට පන්සල් එන මගේ වයසෙ කෙල්ලෙක් කිව්වා කියල තාත්ත මට කිව්වෙ නොවැම්බර් 10 වෙනිදා පෝයට පන්සල් ගිය වෙලාවෙ.. මට තරු පෙනි පෙනි උන්නෙ.. මොකද දන්නවද? ඒ ළමයත් හරි මීටරේ.. ගිය පාරත් රෑන්ක් එක අසූ ගානක්.. ඉතින් මම පව් නෙ නේ... කොහොමහරි නොවැම්බර් 20 වෙනකල් බලාගෙන උන්නා වැඩි සද්ද බද්ද නැතුව.. ආවෙ නෑ.. ඔන්න ඊට පස්සෙ නොවැම්බර් අග වත් ඒද කියල බලන් උන්නා... ඒත් ආවෙ නෑ...විභාග කොමසාරිස් උන්නැහේ කිව්වෙ මුලදි ඉස්කොලෙ නිවාඩු දෙන්න කලින් රිසල්ට්ස් එවනවා කියලමනෙ.. ඔන්න ඉතින් ඒ පාරත් බලන් උන්න දෙසැම්බර් 8/9 වෙද්දි වත් රිසල්ට්ස් ඒවි කියල...කොහෙද.. දැන් ඉස්කෝල නිවාඩු දීලත් සුමානයකට වැඩිය ගියා.. තාමත් රිසල්ට්ස් අවුට් කලේ නෑ නොවැ.. ගිය පාර නම් මම මෙලහකට පන්ති යන්නත් පටන් අරන්...ඒ අස්සෙ මම යන කොම්පියුටර් පන්තියෙ නංගිලා වගයක් කතා වෙනව මම අහගෙන රිසල්ට්ස් එන්න සති තුනක් යනවා..ඒ කියන්නෙ ඉතින් ජනවාරි නෙ... මොන උනත් කමක් නැ කියල හිතගෙන උන්න...

                  ඔන්න දැනට දවස් 4කට විතර උඩදි අම්මා මට කියනවා ඉසෙඩ් අගය ලබා දෙන ආකාරය ගැන තීරනය කරන්න කමිටුවක් පත් කරල කියලා.. අනේ ඉතින් කමිටු හදාගෙන ඕව කවද කෙරෙන වැඩ ද නේ.... මේ සිලබස් කේස් එක කොයිතරම් දුරට බලපෑවද කියනව නම් එස්.බී මාමටත් පාර්ලිමෙන්තුවෙ මේ ගැන ප්‍රකාශයක් කොරන්ඩ උනා.. දන් අර පිහිටෙව්ව කියන කමිටුවේ තීරනෙ සිලබස් දෙකෙම එකම විදියට ඉසෙඩ් අගය බලන්නලු... නැත්නම් කැම්පස් ගනිද්දි ප්‍රශ්නයක් වෙනවාලු...දින 2කින් ප්‍රතිපල නිකුත් කරන්න සූදනම් කරන වගක් තම එස්.බී මාමා කියල තියෙන්නෙ..ඒ කියපු හටියට නම් රිසල්ට්ස් එන්න ඕන අද තමා.. සමහර විට ඔයාලා මේකට කොමෙන්ට් දාන්න එද්දි රිසල්ට්ස් ඇවිත් තියෙන්නත් පුලුවන්...නැති වෙන්නත් පුලුවන්... (මොකද අද උදේ ගුවන් විදුලි සංස්ථාවෙ නිව්ස් වලට බන්දුල ගුණවර්ධන මාමා කිව්වා ලබන අවුරුද්දට කලින් රිසල්ට්ස් දෙනවා කියලා.. මරු කතාව නේද?) ඉතින් ඕකෙන් මේකෙන් උනේ රිසල්ට්ස් බල්ලට ගිය එකයි...

                මට තවත් කට්ටියක් ගැන මතක් කරන්න තියෙනව... 2011 පළමු වර පෙනී සිට තාම පන්ති යන්න ගත්තෙ නැති අය එහෙම ඉන්නවද? එහෙම අය ඉන්නව නම් ඉක්මන් කරල පන්ති යන්න ගන්ඩලා... මොකද art ,commerce  කෙසේ වෙතත් science,maths වල රහ දන්නෙ කරපු අයම තමයි නේ... 2011 දෙවෙනි වර කරපු අයටත් සෑහෙන පාඩුවක්.. මම නම් දෙවෙනි පාර කරද්දි සැප්තැම්බර් ඉදන්ම පන්ති ගියා.. 3 නි පාර නම් රිසල්ට්ස් ආවට පස්සෙයි කරන්න ගත්තෙ... මට නම් ඉතින් දැන් ප්‍රශ්නයක් නෑ පන්ති ගිහින් ඉවරයි නෙ...

               අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ඉතින් කරන දෙයක් අපිට අසාධාරණයක් නොවෙන්න කරන්න කියල තමයි... මොකෝ ඉතින් අපි හතරවෙනි පාර කරන්නයැ නේ....

මේං බලන්නකො මටත් වඩා අවුරුද්දක් වැඩිමල් 3නි පාර විභාගෙ කරපු අයියා කෙනෙක්ගේ මූනුපොතෙන් හොයාගත්තු ෆොටෝ එකක්...

ලිව්වේ Shani දැන් වෙලාව හරියටම 01:33 AM 

Saturday, December 17, 2011

ඇත්තද මේ කියන්නෙ

            හැමෝටම සුභ සන්ද්‍යාවක් වේවා. සන්ද්‍යාවක් කිව්වට මොකද වෙනද නම් මේ වෙලාවට මම ‍සැපට නිදියන වෙලාව.. මම කියන්න හදන්නෙ අපි හැමෝගෙම ජීවිත වලට හුඟක් සමීප ආදරේ ගැන... කී දෙනෙක් නම් ඒ ගැන දවසට කීපාරක් නම් කථා කරනවද...ඒත් මේ වෙනතෙක් ඒක හරියට තේරුම් ගත්තු කෙනෙක් හමිබෙලා තියෙන්නේ කාටද කියල මං ඇහුවොත්..... හොඳ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි සෙට් වෙලා සතුටින් ඉන්න අය නෑ නෙමේ... ඒත් අපිට හම්බෙන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න බැරිවිම තමා ලොකුම අවුල.
                  මේ වෙලාවෙ ඒ අදහස හොඳින්ම ඒත්තු ගැන්වෙන සිංදුවක් විදියට මට මතක් උනේ චන්දන ලියනාරච්චි මහත්මයාගේ  ප්‍රේමය ලොව හැම තැනම ඇතී.. කොයි තරම් ඇහුවත් එපා නොවෙන, ටිකක් පරණ උනත් හැමදාටම වලංගු ලස්සන සිංදුවක්... ඔන්න මම සිංදුවෙ වචන ටික දැම්මා.. කැමති කට්ටිය බලන්ඩකො..


               
              ආදරේ කියන්නේ හරියට දුකයි සතුටයි දෙපැත්ත ගහපු කාසියක් වගේ. කොයි පැත්ත පෙරලෙයිද කියල බිම වැටෙන කල් කියන්න බැහැ.. මම ආදරේ නිසා තාමත් විඳවනවා.. තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරන එක තමයි ආදරේ.. අවුරුදු ගානක් ආදරේ කරල කරල ඒ මත්තෙ නැහිල කසාද බැන්දට පස්සෙ වෙනස් වෙන නෝනල මහත්තයලා කොච්චර නම් ඉන්නවද ඒ වගේම කිසීම දෙයක් නොදැන යෝජිත විවාහයකින් විවාහ වෙලා දරු මල්ලොත් හදාගෙන බොහොම අපූරුවට ජීවිතේ ගෙනියන අහිංසක අම්මල තාත්තලත් එමටයි..පෙර ආත්මෙ කරපු පින් පව් අනුව ඒ දේවල් වෙනව ඇත්තෙ..

               මම ඔය ආදරේ නිසා ගොඩක් දුක් විඳපු කෙනෙක්.. ඕනාවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියන එක තමා ආදරේ ගැන මම දරන අදහස. මොකද ආදරේ කරන තරමට නැති උනාම දැනෙන වේදනාව වැඩි නිසා.. කව්රුත් ආදරේ කරන්න ඕනා,ආදරේ ලබන්න ඕනා.. මම නෑ කියන්නෙ නෑ.. ඒත් බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්.. වැරදි කෙනෙක් ජීවිතයට ළං කර ගත්තොත් නම් ඉතින් ජීවිතේම දුකේ තමයි... ජීවිතේ විඳින්න හැමෝම ආසයි විඳවන්න කවුරුත් කැමති නෑ...ඒ නිසා කාටවත් දුක් දෙන්න,හිත් කඩන්න,බොරු සෝබනේට නම් ආදරේ කරන්න එපා.. අන්තිමට ආදරේ කරපු එකත් දුක් විඳිනවා,ලබපු  එකත් දුක් විඳිනවා.
     
              කොලු කෙලි වයසට ආදරේ ගැන හිතෙනව.. ඒක සමහරවිට උසස් පෙළ කරද්දි පටන් ගත්තා වෙන්න පුලුවන් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ කරද්දි පටන් ගත්තා වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ඊටත් කලින් වෙන්නත් බැරි නෑ. ඒ කොයික උනත් මම නම් අනුමත කරන්නේම නෑ. ඉස්කෝලෙ යනකල් හීනලෝකෙ පාවි පාවි ඉඳී.. විභාගෙ ළං උනාම තරු පෙනෙයි.. ප්‍රථිපල ආවම තරු විසි වෙයි... මටත් ඒ වගේ තරු පෙනුනා..
               
                ලියන්න ගත්තෙ ඊයෙ.ඒත් දැන් තමයි ඉවර කරන්න වුනේ..


                   
           
               
               මේක මට facebook එකේ හම්බවුන එකක්..  කියවන ඔයාලගෙ අදහසුත් දැනගන්න මම කැමතියි..

ලිව්වෙ shani වෙලාව 01:24 AM