අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ.. |
හදවතේ මාවතේ
කෙසේ නම් තනි වුණිද මා..
ඇතිය ගිලිහී සිහින මාගේ
අළු මෙන් තැනින් තැන විසිරි ...
නිදා සිටින්නට වූයෙන් සතුට
සැනසුම අහිමි වූ නියාව නම්..
ආදරය කිරීමේ වරදට ඔබට
විඳීමට සිදුවූයේ මටය දඬුවම්...
සිහිනයෙන් දිටිමි ඔබේ රුව මා...
සිහිනය වියැකී ගිය නමුදු
මතකය පමණක් සිත තුළ ඉතිරි වී ඇති සෙයකි..
ඊයේ කිසිවෙකු මා හා සිටියද
අද මගේ සෙවණැල්ලද මා අතහැර ගොසිනි...
රිදුම් දෙන මතකය
සර්පයෙකු වී මහද සුසුම් තුළ අරක් ගෙන සිටී..
කොතරම් කටුක වුවද ම'පැතුම්
මෙසේ වූයේ මන්දැයි මට නොහැඟෙන අරුමයකි..
බොහෝ දුර යාමට තිබුණද
වෙහෙසට පත්ව ඇති සෙයකි මා...
ඉතින් නම් දැන් කොහේ කියා යන්නද
කවරෙකු නම් මා තේරුම් ගනීවිද..
මා පැතූ දෙය වෙනුවට
දෛවය කුමක් ලබා දුන්නාදැයි නොතේරේ..
ඇරඹුමටත් කලින්දෝ මන්දා
අප හට කවරක්ද සිදු වූයේ..
මගේ නෙතු කෙවෙනි යට
කඳුළු කොතරම්ද සැඟවූයේ...
මහා දහවලකදී වුව
අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..
ඒක හරි..දවාලක උනත් අතරමං වෙන වෙලාවල් තියනවා..
ReplyDeleteඅක්කටත් හොරාට වගේ තේරිලාද මන්ද :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපට්ට මෙව්ව එක ඈ... ඇඬෙනව... :'(
Delete“ආදරය කිරීමේ වරදට ඔබට
විඳීමට සිදුවූයේ මටය දඬුවම්...“ මෙන්න මේ පද පේලි දෙක මට ටිකක් වැඩිපුර දැනුන..
හොඳ නිර්මාණයක්, ජය ශ්‍රී...!!!
ප.ලි. මගේ සින්ඩියට එකතු වෙලා මට දීපු සහයෝගයට බොහෝම ස්තුතියි ඈ...
ස්තුතියි මල්ලි... ඔයාටත් ඔන්න ජයවේවා කිව්වා !!!
Deleteප.ලි. අපි හැමෝම එකතු වෙලා යන ගමනෙදි එකිනෙකාට සහයෝගය දක්වන්න එපැයි නේද?
ලස්සනයි.. මම මේ ශානි ලියපු නිසදැසක් කියෙවුවමද කොහේද...
ReplyDeleteඔන්න ඉතින් බොරූ කියනවා... මේක 3 වෙනි පාර. ඔයා 2 නි පාර කවි වලට කමෙන්ට් කරලත් තිබුණේ.... :) ස්තුතියි අය්යා
Deleteමොකැ බං මේ උනේ?
ReplyDeleteඇරඹුමටත් කලින්දෝ මන්දා
අප හට කවරක්ද සිදු වූයේ..
මගේ නෙතු කෙවෙනි යට
කඳුළු කොතරම්ද සැඟවූයේ...
මහා දහවලකදී වුව
අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..
මොකුත් උනේ නෑ... 50% ක් අත්දැකීම්... 50%ක් සිතුවිලි... අවුලක් නෑනේ... :)
Delete"ඇරඹුමටත් කලින්දෝ මන්දා
ReplyDeleteඅප හට කවරක්ද සිදු වූයේ.."අනේ අක්කේ මොකෑ උනේ.... දුක හිතෙනවා... :,(
ඒක නම් මට අදාලම දෙයක් නෙමේ මල්ලි... ඒ කොටස සිතුවිල්ලක් පමණයි... ආදරේ කොතනද එතන යම් ප්‍රමාණයකට දුක කලවම් වෙලයි තියෙන්නෙ..
Deleteම්ම්ම්ම්ම්ම්....ලස්සනයි....
ReplyDeleteම්ම්ම්ම්ම්ම්....ස්තුතියි තරූ අයියා.....
Deleteලස්සන කවිය... හබැයි කියකිය තව තවත් කරනවනෙ අප්ප!
ReplyDeleteස්තුතියි යාළුවේ.... කියා කියා කරනවා කිව්වේ??? තේරුණා හොරයි වගේ!!!
Delete"අද මගේ සෙවණැල්ලද මා අතහැර ගොසිනි..."ඇඬෙනව හොඳේ !! :)
ReplyDeleteඅද නේද මේ පැත්තෙ ආවේ.... වෙල්කම් කිව්ව මල්ලිට, අඬන්න එපා ඉතින් කවියක්නේ... :)
Deleteඇත්තම සිද්දියක්ද මන්ද?...කොහොම වුනත් ලස්සන පදගැලපුමක් යාලු..
ReplyDeleteඇත්ත 50%ක් පමණ අන්තර්ගත නිර්මාණයක්.... ස්තුතියි !!!
Deleteපිය නගන හැම විටක
ReplyDeleteහුරු පුරුදු මාවතේ
සුළං රැලි ලුහුබඳියි
සිහිල දනවන ලෙසේ
දරාගත හැකි වුවත්
හදට සිසිලස දැනේ
ඒ හැඟුම දුරලන්න
ඔබ මගේ ළඟ නැතේ
මේකට උත්තර බඳින්න ගිහින් සෑහෙන්න ලියවුනා මේ ටික දාන්නම් නැත්තම් මෙතන පෝස්ට් එකක් දැම්මා වගේ වෙනවානේ....සෑහෙන්න හැඟීම්බර විදියට ලියලා තියෙනවා....
//ඇරඹුමටත් කලින්දෝ මන්දා
අප හට කවරක්ද සිදු වූයේ..//
කොල්ලෙක්ට හිතින් ආදරය කරලා කොල්ලා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කද නැත්තම් ආදරේ පටන් ගත්තු අළුත ආදරේ වියැකුනාද???
ඒ කොටස නම් ඇත්තමම නෙමේ මල්ලි... ඒ ටික මගේ පරිකල්පන මෙව්වා එකෙන් බිහි උණු කවි කෑල්ලක්...:) කමෙන්ටුවට ස්තුතියි.. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔය 2 ම නෙමේ.....!!!
Deleteආදරය කිරීමේ වරදට ඔබට
ReplyDeleteවිඳීමට සිදුවූයේ මටය දඬුවම්...
මේ කොටසට තමයි මම ආසම
ඒක ආදරේ කරපු හැමෝටම පොදු කාරණයක් වගේ නේද?
Deleteලස්සනයි ශානියෝ....
ReplyDelete//ඇරඹුමටත් කලින්දෝ මන්දා
අප හට කවරක්ද සිදු වූයේ..
මගේ නෙතු කෙවෙනි යට
කඳුළු කොතරම්ද සැඟවූයේ...
මහා දහවලකදී වුව
අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..
//
මටත් ඔහොම මහ දවාලෙ අතරම්ං වෙලා වගේ දැනුනු වෙලාවල් තිබ්බා...
හ්ම්ම්.... එක පාරක් අතරමං උනාට ආයේ අතරමං වෙන්න එපා... රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑනේ නේ...... ස්තුතියි හිතූ :)
Deleteආදරය කිරීමේ වරදට ඔබට
ReplyDeleteවිඳීමට සිදුවූයේ මටය දඬුවම්. මේ කොටස ගැහැණු පිරිම දෙපාර්ශයටම පොදු වේදනාවක්.
හ්ම්ම්...ඒක නේන්නම්...ඔයාට නම් ලෙසටම තේරුණා නේ... :)
Deleteඅනේ මන්ද අක්කෙ!
ReplyDeleteවිරහව විතරයි අන්තිමට ඉතුරු!:((
ඒකත් එක්තරා ආකාරයක ආදරයක් තමානේ මල්ලි... ළඟ නොහිටියත් සැරින් සැරේ මතක් වෙනවා කියන්නෙ ආදරේ තමා...
Deleteමොකෑ මේ දවල්ට අතරමං වෙන්න හදන්නේ ??
ReplyDeleteඇයි අනේ දවල් අතරමං වෙන්න හොඳ නැද්ද??? :)
Deleteදුකක් වගේ....හොඳට ලියන..
ReplyDeleteආදරයක් ඇති තැනක දුකක් නොතිබුණේ කවද්ද සහෝ...
Delete//මහා දහවලකදී වුව
ReplyDeleteඅන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..//
සිරා.. අතරමංවූ තරම දැනෙනවා මේ ටිකෙන් ම..
සිරාවටම තේරුණා නම් එච්චරයි....:)
Deleteලස්සනය.. එලය. පස්ටය ...විසිස්ටය.. සිරාවට කිව්වේ ඇ....
ReplyDeleteහි හි.... ටැංකු ඈ... එල...
Delete