සකුරා මල් පිපෙන රටේ
සීතල හිම වැටෙන රැයේ
ඇඳගෙන හැඩ කිමෝනාව
රෝස පාට මල් වැටිච්ච
රැළි වැටිච්ච දුඹුරු
පාට
කුඩේ පොඩ්ඩ ඉහළාගෙන
කොච්චරවත් හිනාවෙච්ච
ගමන් ඉන්නෙ මං.....
අනේ කවුරුහරි ඇවිදින්
මාව ගෙදර එක්ක යන්න
පාර දිහා බලං ඉඳල
දැන් නම් මට ඇතිත් වෙලා
මාව හැඩට තියාගන්න
කෙනෙක් මටත් ඕනවෙලා....
ඇස් පිල්ලම් ගගහා
සිංදු කියන්නත්
පුළුවන්...
කැරකි කැරකි බෝලෙ වගේ
යසට නටන්නත් පුළුවන්..
කවුද කැමති මාව අරං
ගිහින් ගෙදර තියා
ගන්න...
ඉපදුනෙ නම් වෙනත් රටක
මෙහෙට ආවෙ මූදු ගමනෙ
ගාණ මගේ දන්නෑ මං
අහන්න මුදලාලීගෙන්
කතා කරන පුංචි ජපන්
බෝනික්කී මං....
මේක පිරිමි ළමයි කියවල ඔන්න
මට අනම් මනං කියන්න බෑ...
හිතට එන එව්වා තමා ලිව්වේ...
නැත්නම් කියයි "අපෝ ශානි, ඔයා තාම බබෙක්ද? " කියලා.... L
කවි ටික දැක්කාම නම් ගාන කීයක් වුනත් අරන් යන්න හිතුනා..
ReplyDeleteහි හි..ඉතින් අරං යන්න අෆ්ෆා..කමක් නෑ.මම තරහ නෑනේ...:))
Deleteඅනේ ෂෝයි
ReplyDeleteදැක්කම ආස හිතෙනව නේ....
Deleteහලේ..... අර පුංචි කාලේ අපි නිතරම කියන සින්දුව මතක් වුණා.. :DD
ReplyDeleteඒ මොකක්ද නගේ "හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා" ද?
Deleteමාර වැඩේ මට ඔය සිංදුව මතක් උණේ ඔයාගේ කමෙන්ට් එක දැක්කට පස්සෙ.. මුල් පද දෙක තමා ඉස්සෙල්ලම හිතට ආවෙ... :)))
මුදලාලිගෙ ගානත් සැර නැත්නම්
ReplyDeleteමගෙ පොකට්ටුවට එය ගැලපේ නම්
අවුරුද්දට බොනසයකුත් ලැබුනොත් නම්
අයියගේ දේණියට නුඹ අරගෙන යන්නම්
අපොයි අපොයි මුදලාලිගේ ගාන සැරයි
Deleteපොකට් එකට පාර වදී කියල බයයි
බෝනස් එක ලැබෙයි කියා ඔබට සැකයි
අනේ මක් කරන්නද හිමි අල්මරියයි
සකේ බොන්නත් පුලුවන්නම් මම අරගන්නව
ReplyDeleteබෝනික්කෝ එක්ක සකේ දෙන්නෙ කවුද හලේ?
Deleteඅනේ ඉතිං ශානිටත් හිතෙන දේවල්..:D හරිම ලස්සන වගේම සුරතල් කවියක්..! කවිය කියෙව්වට පස්සේ ගාන කීයක් වුනත් බෝනික්කීව අරන් යන්නමයි හිතේ....:))
ReplyDeleteඅනේ ඔන්න ඔහෙ අරං යන්න මෙයා... මම තරහ නෑ... ඒකනේ, බලන්නකො කොච්චර හුරතල් කවියක්ද? මේ පිරිමි ළමයින්ට ඒක තේරෙන්නේ නෑනේ... :)))
Deleteඅනෙ අපිට එපා බෝනික්කෝ. සෙල්ලං කාර් එකක් එහෙම ගන්න නැද්ද?
ReplyDeleteකාර්....ම්ම්ම්ම්ම්ම්.... තියෙනවා අයියල දෙන්න සෙල්ලම් කරපුවා.. ඕනද??? :)
Deleteඅපෝ ශානි, ඔයා තාම බබෙක්ද?
ReplyDeleteහික් හික්! :D
Delete@හිත හොඳ පිස්සා
Deleteහිකිස් හිකිස්...,,, බබාලට කියන කවි බබාලට ලිව්වා හැකිද බං... ලොකූ අයනෙ ලියන්නේ? කියවන ඔයාල බබාලාද කියල නම් මම දන්නෙ නෑ... :D
@බට්ටා
මොකෝ හික් හික් ගාන්නෙ.. ඔයත් බබෙක්ද? :)))
අනේ ශානිට තරහ ගියැයි....මං ඔච්චමටනෙ ඇහුවෙ........:D
Deleteඅනේ මෙයා පොඩි එකියක් වගේනේ..... හූ........
ReplyDeleteඅහ්හ් වැඩේමයි... බෝනික්කෝ ගැන කවි ලියන්න ඕන බබාලද එතකොට... ???
Deleteබබිබු බබිබු හිත හොද බබ්බු
ReplyDeleteඅලේ මට කිලි බඩගිනියි
:))
Deleteඅපෝ මටත් එපා බෝනික්කෝ, අපෙ ගෙදර නම් එක්කෙනෙක්වත් නෑ(ඉන්න හේතුවක් නෑනේ! ) නැද්ද ජපන් කාර් එකක් එහෙම...
ReplyDeleteහයියෝ නැද්ද බෝනික්කෝ... එහෙනම් අනාගතේට ඕන වෙයිද කියන්න බෑ නෙ දැන්මම අරං තියාගන්න.. ඒ කාලෙට ගණන් යයි !!!
Deleteමාර වැඩේ කියන්නේ මං කොල්ලෙක් වෙලත් පහ වසරට විතර එනකන්ම අම්මගෙන් ඉල්ලලා කරදර කලේ සෙල්ලම් කාර් නෙමෙයි බෝනික්කෝ. ඇයි කියන්න මං අදටත් දැනේ නෑ... පස්සේ කොහොම හරි ඒක නැවතුනා. කොහොමද දන්නේ නෑ. ඔයාගේ කවිය කියවද්දී මට ඒක පාරට මතක් වුනේ අමතක වෙලා තිබුන ඉස්සර කාලේ.
ReplyDeleteඒක නම් මාර වැඩක් තමා... මම මේ ඔහොම කතාවක් ඇහුවමයි.. ඉස්සර මතක හරි සුන්දරයි නේද?
Deleteතංගිටත් ඉන්නවද මේ වගේ බෝනික්කෙක්... :D
ReplyDeleteප්‍රින්ටින් මිස්ටේක් හොදේ......
Delete"නංගිටත්"
මට ජපන් බෝනික්කෙක් නම් නෑ අයියේ... හැබැයි පුංචි කාලේ බෝනික්කෝ 4ක් විතර උන්නා... :D
Deleteහෙ හේ...ලස්‌සන කවියක්‌නේ..
ReplyDeleteහි හි... ස්තුතියි...
Deleteඅනේ...... මටත් බෝනික්කියෙක් ඕනෙ වුනා මේක දැක්කාම..:D :D ශෝයි!!!! ලස්සනම ලස්සනයි
ReplyDeleteහ්ම්ම්ම් දැක්කම ආස හිතෙනව නේ...... ලස්සනයි කිව්වේ බෝනික්කිද කවි ටිකද?
Deleteබෝනික්කාටයි, කවි ටිකටයි..:D
Deleteඅපෝ ශානි, ඔයා තාම බබෙක්ද???
ReplyDeleteකවි නං අපූරුයි සහෝදරී..
ඔන්‍න ඔන්න ඉතිං ඕන නැති එව්වා අහනවා... ස්තුතියි රජෝ...:))
Deleteමෙයා මේ බෝනික්කෙක් ගැනනේ කියලා තියෙන්නේ.. මම හිතුවේ මෙයාව අරන් යන්න කියනවා කියලා..
ReplyDeleteඒක තමා දිනේශ් අයියෙ ඔය වහෙන් ඔරෝ කියල තියෙන්නෙ! :D
Delete@Dinesh
Deleteඒක තමා..මේ ජපන් බෝනික්කෙක් නේ..මාව කවුරු අරං යන්නද හලේ..
@බට්ටා
හා හා වැඩිහිටියන්ගේ කතා වලට පොඩි ළමයි කට දාන්න හොඳ නෑ.. :)))
අපි නොදන්නවා උනාට අරං යන්න හිතාගෙන ඉන්න අය ඇති..
Deleteමං මේ කල්පනා කළේ දැන් දෝණිලා විතරයි බෝනික්කො ඉල්ලන්නෙ. ඒකත් දැන් අඩුවෙවි යනවා. දැන් ඉන්න දරුවො ප්ලේ ස්ටේෂන් ගේම් ගැජට් වලට හරිම කැමතියි. අනික ජපන් බෝනික්කෙක්ගෙ ගණං ඇහුවම.ප්ලේ ස්ටේෂන් ගේම් හොඳයි කියල හිතෙනවා.
ReplyDeleteකවි සිත නම් නියමයි.
මට ජපන් නැතත් බෝනික්කෝ 4ක් හිටියා එක එක සයිස් එකේ අය... ජපන් බෝනික්කෝ ගණන් නම් තමා.. ඒත් මම ආස බෝනික්කන්ට.. ප්ලේ ස්ටේෂන් ගේම් වලට වඩා..
Deleteසංකීර්ණ කවි ලියන්න මම දන්නෙ නෑ.. ලියවෙන්නෙම සරල ඒවමයි.. ඔබට ස්තුතියි..!!!
ජපානෙට සම්බන්ධ ගොඩක් දේවල් වලට මම හරි ආසයි...කිමෝනාවට, සකුරා වලට, බෝනික්කන්ට..හැම දේටම..
ReplyDeleteමාත් හරි ආසයි අක්කෙ ජපානෙට... :))) ඉස්සර අපි ශිෂ්‍යත්ව විභාගේ කරද්දී ගුරුවරු කියන්නේ ලංකාවේ පළවෙනියෝ 10 ජපන් යවනවා කියල..
Deleteහුග කාලෙකින් මේ පැත්තට ආවේ..වැඩ වැඩි උනානේ:( අනේ හරි ශෝයි..අරගෙනම යන්න හිතෙනවා කවිය කියෙව්වාම...:D කවිය නම් හරි ලස්සනයි නංගෝ..:)
ReplyDeleteපරක්කු වෙලා හරි ආවනේ... ඒ මදැයි... අරං යන්න අෆ්ෆා... මම තරහ නෑ.. ස්තුතියි අක්කා..:)))
Deleteබෝනික්කියො නෙවේ බෝනික්කෝ ගැන ලියන්න කාලෙ හරි
ReplyDeleteඅනේ බෝනික්කෝ ගැන ලියන්න තරම් දෙයක් නෑ අෆ්ෆා... :)))
Deleteදැන් කොහෙද ඔව්ව..දැන් තියෙනේ බාබි ඩොල්ස්ලානේ..
ReplyDeleteඑයාල නම් මා ගාව නෑ.. ලිව්වට ජපන් බෝනික්කොත් නෑ.. ඉන්නේ ශ්‍රී ලංකන් බෝනික්කෝ තමා..:))
Deleteලස්සනයි කවි ටික....මේ..අනේ මටත් හිතුන ඔන්න බෝනික්කියෙක් ගන්න..ජපන් එකියක් තාම මා ගාව නැහැනෙ.......
ReplyDeleteස්තුතියි... බලන්නකො ලස්සන.. ඔන්න ඔහේ ගන්න ඔයත් එක්කෙනෙක්..
Deleteඇස් පිල්ලම් ගගහා
ReplyDeleteසිංදු කියන්නත් පුළුවන්...
කැරකි කැරකි බෝලෙ වගේ
යසට නටන්නත් පුළුවන්..
ශෝයිනෙ :-)
ඒකනේ... ඉතින් තවත් බල බලා ඉන්න එපා... ගිහින් ගන්න... :)))
Deleteඅපෝ ශානි, ඔයා තාම බබෙක්ද?
ReplyDeleteකවුද කියල බැලුව.. මේ ගෝල්ඩ් ෆිෂ් අයියනේ... හි හි... දැනට අවුරුදු 19කට 20කට පෙර බබෙක් තමා... කොමෙන්ටුවට ස්තුතියි...:)))
Deleteබෝනික්කෙක් හොයනවා නාඩි වැටෙන.
ReplyDeleteහරි හරි අසාර් අයියෙ! ඉන්නවා.......... මේ කවිය කියන එක්කෙනා.....:)
Deleteඔහොම යනකොට හම්බ වෙයි අනේ .
Delete@අසරණයා
Deleteඅප්පොච්චියේ එහෙම බෝනික්කොත් ඉන්නවද??
@බට්ටා
අනේ මේ නිකන් ඉන්න.. කව්ද කිව්වේ මම බෝනික්කෙක් කියල... :P
@Gimhani
හ්ම්ම් ඒකනේ අක්කේ.. හම්බවෙනකල් ඉවසිල්ලක් නෑ වගේ... :)
බෝනික්කෙක් තරමටම කවිත් ලස්සනයි! :)
ReplyDeleteස්තුතියි... :)
Deleteඅපෝ ශානි, ඔයා තාම බබෙක්ද?
ReplyDeleteඔන්න මමවත් ඇහුවා !
චූටි අයියට කිව්වා නම් ගෙනත් දේවි. අපෝ ජපන් බෝනික්කන්ගේ ඇස් දිගටියි නේ.
අයියෝ... උඩ දෙන්නෙක්ම අහලානේ... :(
Deleteමට දැන් ඕන නෑ බෝනික්කෝ... ඉස්සර එව්වා තාම තියෙනවා... :)))
අපොයි බෝනික්කි... අපි නම් හරි කැමතී බෝනික්කන්ට :)
ReplyDeleteඔය කිව්වේ ඇත්තටම බෝනික්කියන්ටමද? :P
Deleteඅනේ බෝනික්කෝ නම් එපා
ReplyDeleteඇත්ත ජපන් කෙල්ලෙක් දෙනවනම් ගන්නවා;)
ඉතින් එපා නම් කරන්න දෙයක් නෑ... ජපන් කෙල්ලො හොයාගන්න ජපානේටම යන්න වෙයි.... :)
Deleteහරි සෝක් බෝනික්කියෙක්....
ReplyDeleteහි හි ඒකනේ....
Deleteඅනේ මටත් බෝනික්කෙක් ඕන......හෝව්..හෝව්..මම මේ මගේ අක්කට ගිහින් දෙන්නයි ඉල්ලුවේ...
ReplyDeleteඉතින් කමක් නෑ... ඕනම ගෑණු ළමයෙක් බෝනික්කන්ට කැමති ඇති කියල මම හිතන්නේ...
Deleteමටත් එකෙක් ඕනේ හැමදාම ලගින් තියාගන්න...........
ReplyDeleteලස්සන කවි ටික
ඔය ඉල්ලන්නෙ අසරණයා අයිය කිව්වා ජාතියෙ බෝනික්කෙක් වෙන්ටැ...
Deleteස්තුතියි..
මටත් ආස හිතුන ජපන් බෝනික්කෙකුට .
ReplyDeleteලස්සනයි නේ අක්කා... බලන්නකෝ මූණේ තියෙන හුරතලේ...
Deletekiwwa wagema baba kawi tikak thamaidala tiyenne. babek nalawanna ona wayase inna meyata bonikko nalawanna hitune mokada appa ettatama??????????????
ReplyDeleteohoma yanakota nangiyata hambawey shok bonikkek..........
මේ ඇනෝවෙක් ගෙන් තියෙන වදයක්... බබෙක් නළවන්න ඕන වයසෙ ඉන්නෙ ඔහේ වෙන්ට ඇති... මේක කවියක්... එතකොට සිබිල් වෙත්තසිංහ නැන්දා ළමා කවි පොත් ලියද්දි මොකද කියන්නේ, හෙට අනිද්දා දීග යන්න ඉන්න කෙනෙක් කියලද? මෝඩ ප්‍රශ්න... :P
Deleteඅන කවරහ ඇຩන
ReplyDeleteමව ගදර එකක යනන
පර ຩහ බල ඉඳල
දන න මට ඇතත වල
මව හඩට තයගනන
කනක මටත ඕනවල....
ane hafoy hodata hitapu kella neda me???????
මේ මොකද මේ කොටු කොටු දාල මේකේ 18+ මොකුත් නෑ..
Deleteඅනේ කවුරුහරි ඇවිදින්
Deleteමාව ගෙදර එක්ක යන්න
පාර දිහා බලං ඉඳල
දැන් නම් මට ඇතිත් වෙලා
මාව හැඩට තියාගන්න
කෙනෙක් මටත් ඕනවෙලා.... :P
හෑ....මෙයා මේ බොනික්කෙක් පිට ඩාල කීන්නෙ මොකඩ්ඩ......o.O
ReplyDeleteහා හා ටේලේ....ඩැන් මට ටේලේ.....:)
බෝනික්කෙක් පිට දාල කියපු දේ කාටවත් තේරිලා නෑ නඟා.. ඔයාල කියන විදියේ බොළඳ අදහසක් නෙමේ මම කියන්න උත්සහ කළේ.. තේරුම් ගන්න බලන්න තව ටිකක් කියවල.. අන්තිම කවිය කියෙව්වොත් අදහසක් එයි.. :)
Deleteපොඩි කාලේ මටත් බෝනික්කෙක් හිටියා. හැබැයි ජපන් එකෙක්ද මන්දා...:D
ReplyDeleteඅහ්හ් අයියටත් හිටියද? උඩ කවුදෝ කිව්වා ජපන් බෝනික්කෝ ගොඩක් ගණන් කියලා... මට හිටිය ලෝකල් බෝනික්කෝ 4 ක්.... :)))
Deleteකොමෙන්ටුවට ස්තුතියි...
පුංචි කාලෙ බෝනික්කො මතකය අළුත් උනා ඔයාගෙ කවිය කියෙව්වම....
ReplyDeleteඒ කාලේ ෂෝයි නේ අක්කා...:))
Deleteගෑණු ලමයි බබා කාලේ කැමති චූටි බෝනික්කියන්ටලූ.....
ReplyDeleteපිරිමි ලමයි බබා කාලේ කැමති ලොකු යෝධයන්ටලූ...
.
.
.
ගෑණු ලමයි ලොකු බබා උනාම කැමති ලොකු යෝධයන්ටලූ....
පිරිමි ලමයි ලොකු බබා උනාම කැමති චූටි බෝනික්කියන්ටලූ....
මාලයි මාලයි........
මට පේන්නේ දැන් මෙයත් බෝනික්කෙක්ට ඇඳලා ඇස් කරකව කරකව ඇත්තේ මෙයාගේ යෝධයා ඇවිත් උස්සන් යනකන් හි හි
බෝනික්කන්ට අකමැති අයට පුළුවන් වෙනත් අදහසක් ඔලුවේ තියාගෙන කවි කියවන්න... අන්තිම කවිය කියෙව්වොත් සමහරවිට තේරෙයි ඇත්තටම මේ කවිය බෝනික්කෙක් ගැන විතරක්මද කියල...
Deleteඅපෝ ශානි, ඔයා තාම බබෙක්ද?
ReplyDeleteහි හි එපා කියන එව්වමයි අහන්නේ... බබාලට කවි ලියන්න බෑ නේ... එයාලට කියන්න කවියක් මම ලිව්වා...
Deleteගැමියාගේ කතාවට නම් මමත් එකඟයි ඔන්න.. හි හි...
ReplyDeleteඑහෙනම් ඒ උත්තරේම බලන්න පොඩ්ඩක් මල්ලියා... :)))
Deleteමමනම් ආස කිමෝනොවට.ජපන් බෝනික්කි ලස්සනයි.
ReplyDeleteමමත් ආසයි... ස්තුතියි...
Deleteගාණ මගේ දන්නෑ මං
ReplyDeleteඅහන්න මුදලාලීගෙන්.. ඔයා උඩ කමෙන්ට් වල කියල තිබුනනෙ අක්කේ //අන්තිම කවිය කියෙව්වොත් සමහරවිට තේරෙයි ඇත්තටම මේ කවිය බෝනික්කෙක් ගැන විතරක්මද කියල...// කියල. ඉතින් මට මේ පද පේලි දෙක දැක්කම හිතුනෙ මේක කියන්නෙ කය විකුණන/විකිණෙන කතුන් ගැන කියල(අනේ වැරදියට හිතන්න එපා හොඳේ මං ගැන..). මට ඒ මාතෘකාව මතක් වෙනකොට පුදුමුකාර කල කිරීමක් එනව, බුලත් විටක් විකුණල ජීවත් වෙන්න තරම් මොළයක් නැති ගෑනු සහ එවන් ගෑනු බිහිකරන කාලකන්නි පිරිමි.
ඒ මාතෘකාවෙන් බැහැරට ඇවිල්ල සෙල්ලම් බොනික්කෙක් ගැන ඔලුවෙ තියන් කියෙව්වොත් මේක පුදුමාකාර සුන්දර කවි පෙළක්. ජයග්‍රාහී 95 හොඳේ, සමාවෙන්ට ඕනෑ... අක්කට ජය ශ්‍රී..!!!!
එහෙම කිව්වට පස්සෙවත් තේරුණේ මල්ලිට විතරයි... !!! අදහස තේරුම් ගත්තට ඔයාටත් ස්තුතියි... ඔව් මල්ලි ඒක හරිම කණගාටුදායක සිද්ධියක් තමා...
ReplyDeleteබෝනික්කෙක්ගේ සුන්දරත්වය තුලින් මම ඒ ගැහැණුන්ගේ අසුන්දර පැත්ත ගැන කතා කළා...
100 උණත් කමක් නෑ මලේ... ඔයාටත් ජය වේවා!!!