කලින් කොටස් කියවපු නැති අයට සහ අළුතින් මේ පැත්තට ආපු අයට...
කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ...
------------------------------------------------------------------------------------------------------------
අද එතැන් සිට...
අපි
දෙන්න පංතියට යද්දී අර දෙන්න අපිට ඉඩක් අල්ලගෙන තිබුණා. ගිය ගමන්ම කළේ උදේ කෑමට
ගත්තු එව්වා කාල දාපු එක.. ඊට පස්සෙ කාඩ් එක අරගෙන පෝලිමට ගියා. කොහොමටත් කාඩ්
ලකුණු කරන්න පැය බාගයක්වත් යන එකේ කයියක් ගහන්න හොඳ වෙලාව.. මාෂියි, මධූයි,
මල්කියයි බරටම කයිය..
“මචං,
අදනම් තරූ මනෝ පාර ගහල ඉන්නෙ.. මොකෝ දන්නෙ නෑ...”
එහෙම
කියා කියා මාෂි හිනා වුණා. එන පොට හොඳ නෑ වගේ.
“ෂික්.. මුන් එක්ක මෙලෝ දෙයක් කරන්න බෑ”
මනෝ ලෝකයෙන් මිදිලා මම පියවි ලෝකෙට ආවා.
“ නෑ
නෑ එහෙම දෙයක් නෑ”
මම
එහෙම කිව්වට උන්දැලට මොනා හරි හිතෙන්නම ඇති..මටත් මොකෝ...
උදේ
6.30 ඉඳලා හවස 5.30 වෙනකල් පැවැත්වුණු පංතියේ විවේක කාල දෙකේදී ඇති පදම් විහිලු
තහළු කර කර වෙනද වගේම සතුටින් ඉගෙන ගත්තා.. පංති ඇරිච්ච ගමන් ගාල කඩාගත්තු හරක්
රංචුව වගේ එළියට යන්න පොරකන ළමයි කට්ටියට අපි කට්ටියත් එකතු වුණා. ජා ඇලට එනකල්
එකට ආවට එතනින් එහාට මම තනියම... ඉස්සෙල්ලම බස් එක ආවේ මට.
“එහෙනම්
තුන් දෙනාම පරිස්සමින් යමල්ලා, බුදු සරණයි”
කියලා
අත වනාගෙන බස් එකට නැගපු මම යන්තමින් හරි අල්ලගන්න සීට් එකක කොණක් හෙව්වේ ඒ වෙලාවට
බස් එකක ඉඳගෙන යාම හීනයක් වගේ හින්ද.. ගෙදර එද්දී අටට පහයි වෙලාව..
“තරූ,
අන්න මම ඔයාට උණු වතුර ටිකකුත් බේසමට දැම්ම..ඉක්මණට ඇඟ හෝදගෙන එන්න දුවේ,මහන්සිත්
ඇතිනේ.. මම කෑම එක බෙදල මේසෙ උඩ වහල ඇති..”
අම්ම
එහෙම කියාගෙන සාලෙට ආවෙ ප්‍රවෘත්ති බලන්න..
“හරි
අම්මේ”
කියල මම ඉක්මණට ඇඟ හෝදගෙන රෑ කෑම
කෑවා. පහුවදා ඉරිදා දවසක් උණු නිසා මට නිවාඩු.. ඒ නිසා දෙපාරක් නොහිතම මම ෆේස්බුක්
ලොග් උනේ ප්‍රශ්නෙට උත්තරේ බලන්න.. මැසේජ් එකක් තියෙනවා..!!!
Sandunil Nimantha Dabarera
Oya
log wena welawak kiyanna tharushi. Mama online
ennam. ( 3 hours ago)
Mata ehema welawak kiyanna amarui. Oyage
photo ekak wath nadda oyawa adura ganna puluwan?
“සුදු මැණිකේ, අන්න සුදු අයියා ඔයාට ලියුමක් ටයිප් කරල තියන්න කියල දීල
ගියා. හෙට උදේ එනවලු ගෙනියන්න.”
සාලෙ ඉඳං අම්ම කෑ ගැහුවා..
“එක පාරටම මතක් වෙලාද කොහෙද”
මට මොකටද ඒ වගක්.. කරන්න කියපු වැඩේ කරලා තිබ්බ නම් ඉවරනේ..
“හරි හරි මම නිදාගන්න කලින් කරලා තියන්නාම්...”
සාලේ දෙක වෙන්න මාත් කෑ
ගැහුවා.මේසෙ උඩ තියල ගිහින් තිබ්බ ලියුම අතට ගත්තු මම ඒක ටයිප් කරල ඉවරවෙලාම
නිදාගන්නව කියල හිතා ගත්තා.
“අයියෝ, මේක ලියුමක්යැ මාගලක් නෙ.. මෙයත් වැඩ දෙන්නෙම එපා වෙන වෙලාවටනේ ”
මොනා උණත් ඉතිං මගෙ අයියනෙ.. ඔන්න ඔහේ ටයිප් කරලා දැම්ම.. අන්තිම හරියෙදි
නම් ඉන්න බෑ.. මොනා ටයිප් කළාද මතකත් නෑ.. සුදු අයියා හෙට ආවම වැරදි හදනවා කියල
මාත් නිදාගන්න ගියා..
----------------------------------------------------------------------------------------------------
“නංගි, අපෝ කම්මැලිච්චි.. තාම නිදිද? කෝ මගේ ලියුම ගැහුවද?”
මම නැගිටින්නත් කලින් සුදු අයියා ගෙදර ඇවිදින්.
“ආ අයිය කොයි වෙලේද ආවෙ? ඔව් ඔව්, මම ඊයෙ රෑ ඒක ගහලමයි නිදා ගත්තේ.. ඉන්න
පෙන් එකට දාල දෙන්නම්..”
ඇඟමැලි කඩ කඩ ඇඳෙන් බිමට බැහැපු මම වෙරි කාරයා වගේ වැනි වැනි කොම්පියුටරේ
ලඟට ගිහින් ඒක ඔන් කළා.
“හෝව් හෝව් වැරදි එහෙම තියෙනවද බලන්න ඕන. මම ඊයේ රෑ නිදිමතේ ගැහුවේ” නැත්නම්
එහෙම මෙයා මාව කයි. වෙලාවට වැරදි තිබ්බෙත් නෑ හැබැයි..
“හා හා හරි හරි... ඔන්න වැඩේ කළා”
මට ගොඩක්ම ළඟින් ආදරෙන් හිටියේ පොඩි අයියා උණත් එයා රට ගියාට පස්සෙ සුදු
අයියා මට යාළුවෙක් උණා. වයසින් මමයි සුදු අයියයි ගොඩක් ඈත උණත් එයා හොඳ යාළුවෙක්..
“අම්මේ, මම යනවා”
සුදු අයිය එහෙම කියද්දී මම තවම දත් මදිනවා..
“මොකද හලෝ අපි නැඟිටින්නත් කලින්
කොහේ යන්නද? මෙන්න මෙහෙ උදේට කාල යන්න ඉන්නවකෝ”
“අයියෝ පරක්කු වෙන්න බෑ ඕයි. මට වැඩ තියෙනවා..”
“හරි වැඩ.. මේ ඉරිදා උදේ පාන්දර? මේ නිකං බොරු නොකිය ඉන්නවා”
අන්තිමේ කොහොම හරි සුදු අයියා තව ටිකක් ගෙදර උන්නේ මගෙ පෙරැත්තය නිසාමයි.
“අම්මේ, තරූ එක්ක නම් ලේසියෙන් කතා කරල දිනන්න හම්බෙන්නේ නෑ. මේකි නම්
ගිරවියක්ම තමා”
උදේටත් කාලා දවල්ටත් කෑම එකක් අරගෙන බයිසිකල් එකේ තාත්තව තියාගෙන පාර ගාවට
ගියපු අයියා එතනින් බස් එකක නැගල ගියා. තාත්තා බයිසිකලේ ගෙදර ආවේ ඉරිදා පත්තරෙත්
අරං. එයා දන්නවා මම පත්තර කියවන බව..
“ඔහොම කිරි බීල වැඩක් තියෙනවද
ළමයෝ?”
අම්ම උදේම හදල තියෙන රසම රස කිරි වීදුරුව ඇල් වතුර වෙනකල් ඉඳපු මම හැමදාම
කිරි බොද්දි අම්ම බනිනවා..
“අනේ ඉතිං මට කිරි එකවත් නිදහසේ බොන්න බැරි හැටියක්. රස්නෙන් බොන්න බැරි
නිසානේ නිමිලා බොන්නෙ..”
පණ්ඩිතකම් කියවන්න යන්නේ මොකටද? ඔන්න ඔහේ බීල දැම්ම එක උගුරට.. කෑම එක
අරගෙන පත්තරෙත් අකුලගෙන මම සාලෙට ගියා.. ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඒ ගමන..
මැසේජ් එකක්.. අප්පටසිරි.. කවුද බොලේ මේ විවේකි ඉරිදා උදේ පාන්දරම මට
මැසේජ් එවන්නේ !!!
ම්ම්ම්ම්... බලමු..
මැසේජ් එක මල්කියගෙන්
Tharu,
Don’t try to make us fool.. Uba ka gana hari hithanawa neda? Mama waradi
nathnam ara eda apen ahapu boy gana……..
හප්පච්චියෝ, මේකි හිත් කියවන්නත් අරගෙන.. දැන් මොකෝ කරන්නේ? කියනවද?
නැද්ද? මම ප්‍රශ්න දෙකක හිරවෙලා...
මොනා කිව්වත් මල් මගේ හොඳම යාළුවෙක් බොරු කියල මොකටද? තුන් දෙනාටම එක පාර
කියනවා, එකෙක්ට ස්පෙෂල් කරන්න ඕන නෑ..
Mama heta scl awama kiyannamko
machan. Bye. Bs
උදේ පත්තරේ බලලා ඉවර වෙලා කම්මැලි කමට සිංදුවක් අහන්න හිතාගෙන මම
කොම්පියුටර් එක දැම්ම..
වලාකුලට
පාවෙන්නට
කියාදෙන්නේ
නෑ...
කිරිල්ලියට
ගී ගයන්න
උගන්නන්න
බෑ...
ලස්සන සිංදුවක මුල් පද පේළි මුමුණ මුමුණ මම ෆේස්බුක් ආව උදේම
නිවාඩු දවසේ
යාළුවෙක් එක්ක චැට් එකක්වත් දාන්න.. ෆෝන් එකෙන්ම මැසේජ් යවන්න කොහේ
තියෙන සල්ලියක්ද අපිට..
මේ දවස් ටිකේම වගේ
අදත් උදේම මැසේජ් එකක්..
Sandunil
Nimantha Dabarera
Oya
ape scl eke Ishan wa dannawa neda? Eyage photo ekaka mama tag karala athi. Ona
nam balanna.. ( 10 minutes ago)
“හෑ.. මෙයා ඉන්න ෆොටෝ එකක්..!! හිත හිතා ඉන්නේ මොකටද තව.. ඉක්මණට බලපන්
කෙල්ලේ.” හිත මට
ඒක බලලා ඉන්න බල කළා. හිතට ඉඩ දුන්නු මම ෆොටෝ එක උඩ එයාගෙ නම හෙව්වා..
“අහ්හ්... මෙයාද මේ සඳුනිල්... හයියෝ කවුද
දන්නෙ මේ මෙයා කියලා”
නම හොයාගත්තම මාව පුදුම උණා. මෙයා නම් ඉතින් මාව නොදැන ඉන්න බෑ
නේ කොහොමටවත්.. ඉස්සර අපේ ගණන් පංති ආව මටත් මතකයි.. අපි ඉතින් නම දන්නවයි...
මම ෆොටෝ එකට ලයික් එකක් දැම්ම.. කමෙන්ට් එකකුත් දාන්න ලෑස්ති
උණා විතරයි, තව මැසේජ් එකක්..!!!
Hi Tharu, Good morning!!! Kohomada?
මෙන්න බොලේ මේ ටිකට මම තරූෂි නෙමේ තරූ වෙලා... එයා දැනගත්තනේ
මම ඉන්නවා කියල ...
Hi,
good morning. Waradak na. mama hodin. Tika dawasakata mata fb enna wenne na.
හිතලම බොරුවක් කිව්වා.. මොනා කියයිද දන්නෙ නෑ... ම්ම්ම්... බලමු...
Sandunil Nimantha Dabarera
E moko? Ehenam puluwan welawaka mis call ekak msg ekak
ewanna.. Habai call karanna epa.
ටික කාලයකට මම ෆේස්බුක් එන්නෙ නෑ කියල ස්ටේටස් එකකුත් දාල මම
ලොග් අවුට් වුණා. ෆෝන් එකට ඉක්මණට නම්බර් එක සේව් කරගෙන පත්තරේ පත්තර ගොඩේ යටින්ම
තිබ්බ.. අම්ම හරි සුදු අයිය හරි දැක්කොත් ඉවරයිනේ... තාත්තා නම් මගේ පොත් පත් එක්ක
ගණුදෙනුවක් නෑ...
නිවාඩු ඉරිදා දවසේ කොහේදෝ මන්ද ගමනක් යනවා කියල අම්මට කියල
තාත්තා ගෙදරින් එළියට බැස්සෙ සුදු අයිය බත් කද්දි.. අම්මත් වත්ත පල්ලෙහාට යනකල් බල
බල හිටපු මම ගැහුවා සඳුනිල්ට මිස් කෝල් එකක්..
ආ.. මෙයා රින්ගින් ටෝන් වලට සිංදුවක් දාල අපිට අහන්න... සුරේන්ද්‍ර කියන සිංදුවක්.. ආන්සර් කළොත් එහෙම..
මම කට් කළා. විනාඩි පහකින් විතර ෆෝන් එකට මැසේජ් එකක් ආව..
Who are you?
හිතුවත් වගේ මැසේජ් එක සඳුනිල්ගෙන්..
Hi Sandunil, Mama tharushi
හිතටත් කලින් ඉක්මන්උණ මම ටයිප් කරලා උත්තරේ යවලත් ඉවරයි...
Ah, me oyada? Ok ok.. Bye.Tc. God bless
ආපු රිප්ලයි එකෙන් මාව ටිකක් ගැස්සුනා..
ගෝඩ් බ්ලෙස් කියන්නෙ මොකෝ? මෙයා කතෝලිකද එතකොට? වෙන්නත් බැරි
නෑ. වාසගම දබරේරා නෙ.. ආයෙමත් හිත පිළිතුරු නොදන්න ප්‍රශ්නයක් ළඟ නැවතුනා. ඒත් මම මොකටද ඒකට ගැස්සෙන්නේ..
හෙට
මල්කියාගෙන් අහගන්න බැරිය.. අපේ සෙට් එකේ එකම නත්තල් කෙල්ල වුනේ මල්කි. කොහොමත් හෙට
ඉස්කෝලේ ගියාම මේ විස්තර කට්ටියටම කියන්නත් ඕන..
Yeah, Mama padam kara gaman. Ok. Bye. Bs
රිප්ලයි කරලා ෆෝන් එකේ රින්ගින් ටෝන් සයිලන්ට් දාල ලාච්චුවේ
දාල වැහුවේ ඒක ළඟ තියං පාඩම් කරන එක අමාරු නිසා..
හවස හතරට පහට විතර ආයෙමත් ෆෝන් එක අරන් බැලුවා.. මිස් කෝල්
තුනයි. මැසේජ් දෙකයි.මිස් කෝල් තුනෙන් දෙකක්ම සඳුනිල්ගේ..
ෂික්.. ඒ කියන්නෙ මෙයා මට කෝල් කළා වත්ද? අයියෝ දැන් එයා
හිතනවා ඇති මම ලොකුකමට කතා නොකර ඉන්නව කියල...
මැසේජ් එකකුත් එයාගෙන්..
Hi tharu, oya mokada karanne? Oyath ekka
tikak katha karanna asai.
ම්ම්ම් ඒ පාර මොකෝ මේ?... එවල තියෙන්නෙත් හවස තුනට විතර..
කමක් නෑ, තාත්තත් ගෙදර නෑ නෙ..අම්ම රෑ 8 ප්‍රවෘත්ති බලන්න
ගියාම කෝල් එකක් දෙනවා.. දැන් මම හොඳ ළමය වෙන්න මොනා හරි කියන්නත් එපැයි.
Sorry halo, mama amma ekka katha kara kara
hitiye. Dakke na. I’ll call u later.
පිළිතුරක් එයි කියල බලං හිටියත් ආවෙ නෑ.
“අම්මේ... මට බඩගිනි වගේ.. කමුද?”
“අනේ අනේ, පොඩි නෝනට දැන්මම බඩගිනි උනාද? තාම 7 ටත් නෑනේ.. යන්න ගිහින් ඇඟ හොදන් එන්න..”
අම්ම සිරික්කිය දැම්මට මම ආස කෑම ජාති දෙක තුනක්ම හදල...
“හරී, ඔන්න මම ආවා... දැන් දෙන්නකෝ මට බත්...”
අම්මගේ පොඩි එකානේ, හුරතලේට ඇඟේ දැවටුනාට අම්ම මොකුත් කියන්නෙ
නෑනෙ.
8 වෙනකල් උන්නේ නොඉවසිල්ලෙන්. අම්ම ගියා පුරුදු විදියටම
සාලෙට..
මට හරිම පුදුමයි. ගොඩක් කාලෙකින් ඇහැට දැකලත් නැති, ජීවිතේටම
කතා කරලත් නැති කොල්ලෙක් එක්ක මං ෆෝන් එකෙන් කතා කරන්න හදනවා..
ගත්තා ඇමතුමක් සඳුනිල්ට.. එහා පැත්තෙන් ඇහෙන්නේ උදේ ඇහුණු
සිංදුව නෙමේ වෙන එකක්.. ගොඩක් වෙලා වැදුණා.. තව සිංදුවක් පටන් ගත්තා...
“මෙයා අපිට සිංදු අහන්නද දන්නෙ නෑ
නම්බර් එක දුන්නේ..”
ගොඩක්
වෙලාවකට පස්සේ කට් වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දී බලාපොරොත්තු නොවූ විදියට කවුරු හරි එහා කොණින් කතා කළා...
සඳුනිල් කතා කරන්න වෙලා ගියේ ඇයි? කෝල් එකේදී තරූෂිට කිව්වේ මොනාද?
හමුවෙමු තවත් කුතුහලය රැඳි කොටසකින්...
හනේ...එතකොට සුදු අයියා ඉන්නේ ගෙදර නෙමෙයිද? එයා කොහේ ඉඳලද උදේ ආවේ...?
ReplyDeleteපොඩි අයියනේ රට ඉන්නේ., සුදු අයියා ගෙදර
Delete@ සයුරි
Deleteඅයියෝ... මට ඒක කියන්න මිස් වෙලා නේද? ඊළඟ කොටසේදී ඒක දාන්නම්කො... :)))
@ වර්ණා
කතාවේ පොඩි අයියා රට ඉන්නේ.. සුදු අයියා උදේ ආවෙ කොහේ හරි ගිහින් නේ... කොහෙද ගියේ???? ඊළඟ කොටසින්......
මේක තනිකරම ෆේස්බූක් ආදර අන්දරයක් නේද.. ? බුකියත් එක්ක ගනුදෙනු නැති නිසා සමහර ඒවා මටනම් අන්ඩර දෙමළ වගේ.
ReplyDeleteමේක කියවපුවමනම් මට හිතුනේ පාසල් යන වයසේ ළමයින්ට ෆේස් බූක් සහ ජංගම දුරකථන තහනම් කරානම් හොඳයි කියලා.. දැන් ඔය සඳුනිල් හොඳ එකෙක් උනොත් හොඳයි.. වංචා කාරයෙක්නම් ?
හ්ම්ම්..මමත් එකඟයි..
Delete@ Senna
Deleteඉස්සරහට කතාව වෙනස් වේවි... පොඩ්ඩක් ඉන්නකෝ...
එහෙම හිතුණට කවුරුවත් එහෙම කරනවද? බලමුකෝ තරූෂි අහුවෙන්නද යන්නෙ කියලා... කිව්වත් වගේ වංචාකාරයෙක් වෙන්නත් බැරි නෑ...
@ සිත්රූ සිහින
මාත්................
ම්...මෙයා මොකද මේ කොල්ලා ගැන මෙච්චර උනන්දු වෙන්නේ....හ්ම්.හ්ම්..බලමුකෝ ඉස්‌සරහට..ලස්‌සනයි මෙතෙක් කතාව.
ReplyDeleteම්ම්ම්ම්.... ඉතුරු කොටසත් බලලම ඉඳිමු නේද?
Deleteප්‍රශ්ණ හිතට ආවට දැම්ම අහලා කතාවේ රසය නැති කරන්න හොද නෑ.. ඒ නිසා නිහඩවම කියවන් යන්නම්..
ReplyDeleteකියවද්දී ප්‍රශ්න මතු උණා කියන්නෙ ලිවීමේ අඩුපාඩුවක්ද අයියේ... කියන්නකෝ මට නිවැරදි කරගන්න...
Deleteකව්ද එහා කොනින් කථා කරේ......ම් ම් සදුනිල්ගේ අම්මවත් ද.....
ReplyDeleteම්ම්ම්ම්ම්..... එහෙම උනොත් තරූ අතේ මාට්ටු නේ... බලමු බලමු අම්මද වෙන කවුරු හරිද කියල....
Deleteහෆෝයි අහිංසක කොල්ලා අහුවුණා වගේ නේද... බලමුකෝ ඉස්සරහට!
ReplyDeleteපොඩ්ඩක් ඉන්නකෝ අයියා අහුවුණේ අහිංසක කෙල්ලද කොල්ලද බලමු....!!!
Deleteඅයියෝ...කන්ද උඩ...ට අරන් ගිහිල්ලා බ්‍රේක් කරලා..අපොයි..
ReplyDeleteඊළඟ කොටසත් ඉක්මනින්න දාන්න හොඳේ..
ඊළඟ පෝස්ට් එක අනිවාර්යයෙන් කතාන්දරය තමා... හි හි ඔයාගේ ප්‍රශ්නේ විසඳන්නම්කෝ.......
Deleteකොල්ලනං මං වගේමයි ගේම ගහන්න යන්නෙ...හොදා හොදා අපි බලමුකො ඉස්සරහට
ReplyDeleteඈ... ඔයා මේ වගේ වැඩ කරනවද?? මේ රජාගෙන් කවුරු කවුරුත් පරිස්සම් වෙන එක හොඳා... ඊළඟ කොටසෙදිත් එකතු වෙන්න...
Deleteසඳුනිල්ගෙ යාලුවෙක් තමා කතා කරන්නෙ මම හරිනෙ...........
ReplyDeleteකවුද කතා කරන්නේ..............?? ම්ම්ම්ම් බලමු බලමු පිස්සා හරියන්නත් ඉඩ තියනවා...
Deleteහෑ....මාලයි....ඉක්මනත ඊළඟ කොස ඩාන්ඩෝ..............
ReplyDeleteමොකක්ද හලේ මාල?? හලි හලි ඊළඟ පෝස්ට් එක 4 කොටස...
Delete64 මායම් වල තරම!:-/
ReplyDeleteපව් අර කොල්ල!:P
64 ඩබල් වෙයිද දන්නේ නෑ ඉස්සරහට... බලමු බලමු...................
Deleteමට හිතෙන විදියට නම් තරු වැඩ කරන වේගය වැඩියි.. කෙලව ගන්න තැන තමයි.. බලමුකෝ..
ReplyDeleteකතාවට ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙමුකෝ... මොනවා වෙයිද කවුද දන්නේ...
Deleteමේක ඇත්ත සිදුවීමක් වගේ නංගියො ..තාත්විකයි..අද කාලෙ වෙන දේවල්නෙ..:)
ReplyDeleteතාත්විකව ලියන්න පුළුවන් නම් කොච්චර හොඳද අක්කා... හ්ම්ම්ම් අද කාලේ මේ වගේ දේවල් නොවෙනවා නෙමෙයිනේ.. :))
Deleteඅර ring in tone එකේ තිබුනේ සුරේන්ද්‍ර කියපු "දිය කිඳුරිය සේ සාගරේ" සිංදුව නැත්නම් "වැහි පබළු" වෙන්න ඇති.
ReplyDeleteෆේස් බුක් ආදරය අන්දරය ලස්සනයි
රින්ගින් ටෝන් එක මගේ යාළුවෙක් දාල තිබුණා.. ඒක මතක් වෙලා ලිව්වේ.. වැහි පබළු සින්දුවට නම් මම ටිකක් විතර කැමතියි...
Deleteස්තුතියි !!!
ත්‍රාසය භීතිය කුතුහලය සමග....... අධිතාක්ෂණික අාදර අන්දරයක්! :)
ReplyDeleteහයියෝ අලියෝ... සෙනෙහෙ කොළ ලියපු කාලේ ගියා... දැන් 21 වෙනි සියවසනේ... .. මම නම් අපේක්ෂා කළේ කුතුහලය විතරයි... මේකේ ත්‍රාසය භීතිය කොහෙද තියෙන්නේ??
Delete[සෙනෙහෙ කොළ ලියපු කාලේ ගියා... දැන් 21 වෙනි සියවසනේ] සපුරාම එකඟයි. හැබයි පරණ දේවල් ටිකක් මතක තියාගන්න! නමුත් එ්වට අාවඩන්නවත් කුනුගොඩට දාන්නවත් එපා!
Deleteඅාදරය යන් ත්‍රාසය භීතිය තමයි! :D :D :D
සුදු අයියත් එක්ක යාලුයි වගේ.. ඒකනේ බලෙන්ම තියා ගත්තේ..
ReplyDeleteහ්ම්ම්ම් ඒ වගේ නේ... ඇයි දන්නේ නෑ එතරම් යාලු... ඉස්සරහට බලමුකෝ...
Deleteහේ හේ මේකට කියන්න ඕන එක මෙතන කියන්න බෑ. බුකියේදී අහුවෙයන්කෝ :P
ReplyDeleteහා හා මොනාද කියන්න හදන්නේ? :))))
Deleteහිකිස් ඔහොම යං ඔහොම යං....
ReplyDeleteඈ... මොකෝ මෙය හිකිස් ගාන්නේ... හිනා වෙන්න දෙයක් තියෙනවද මේකේ...
Deleteකතාව හරි රසවත් නේ.....එක හුස්මට කියවගෙන ගියා
ReplyDeleteඔය හරියට කියවන්නේ නැතුව නේද කමෙන්ට් දාන්නේ... :)) රසවත් නම් එච්චරයි... ස්තුතියි...
Deleteතරු මොකටද එකපාරටම මිස් කෝල් ගහන්න ගියේ. මම නම් ආත්මෙකට මුණු පොතේ ඉන්න අයට නොම්බර දෙන්නේ නැහැ බොලව්
ReplyDeleteමෝඩකමට බේත් නෑලු බං.... මොකද වෙන්නේ කියල බලමුකෝ තරූට.....
Deleteහිකිස්......
Deleteහෆ්ෆටසිරි... නම්බරෙත් දීලා...;) වැඩේ ගොඩ.. දැන් ඔය සඳුනිල් දොයිද ?? කතා කරන්න පරක්කු??
ReplyDeleteකවුද දන්නෙ? දොයිද කියල අනිත් කොටසෙන් බලමු... :)))
Deleteඅඩේ බ්ලොග් අවකාශේ මඟුල් සක්වලක් නේ !
ReplyDeleteඅන්න අරහේ ප්‍රාර්ථනා නංගිගේ බ්ලොග් එකෙත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොඩ ගිහින් !
මේන් මෙහෙත් එහෙම වෙන්ඩ යන්නේ !!!! කතාව නම් මරු ඈ.....
මම් සාත්තරයක් කියන්නද ? (කතාව ගැන නම් නෙමෙයි.)
ඔයා නෙට් එන්න පාවිච්චි කරන්නේ ඩෙස්ක්ටොප් එකක් නෙමෙයි. ඔයා පාවිච්චි කරන්නේ වයිඩ් ස්ක්‍රීන් ලැප් එකක්. ඔයාගේ බ්ලොග් එකේ විඩ්ත් එක හරියටම ලැප් එකේ ඉක්‍රීන් එකට සෙට් වෙනවා. ඒ කිව්වේ ලැප් එකේ ස්ක්‍රීන් එක පිරෙන්නම බ්ලොග් එක තියෙනවා. මම හරිද ?
හ්ම්ම් හ්ම්ම්ම් ප්‍රර්ථනා අක්කගේ කතාවත් එළකිරි වගේ නැගලා යනව නේ... ටැංකු අයියා..!!!
Deleteසාත්තරේ හරි... :))))
හය්යෝ .... හොඳම තැන නතර කරලා අපසාදේ... :) මේ නංගි බබෝ මේක නම් අත්දැකීමක් නේද ම්...?? නෑ කියල නම් කියන්න එපා.අපායේ යයි ඕං ..
ReplyDeleteඑහෙම තමා... මම හොඳම තැන බලල තමා නතර කරන්නේ... සියලු විස්තර පසුවදනින් කියන්නම්කො... එතකල් කතාව රසවිඳිමු නේද අයියා!!!
Deleteවැඩේ හරියාගන වගේ එන්නේ... මේ මට තරුගේ number එක දෙන්න බැරිද... අපි කෙල්ලෙක්ට number එක දුන්නොත් හිත හැදෙන්නවත් මිස් චාල්ල් එකක් ගහන්නේ නෑනේ!!
ReplyDeleteඅහ් උඩ කමෙන්ට් එකේ අමුතු වචනයක් තිබිලානේ...
ReplyDeleteවැඩේ හරියාගන වගේ එන්නේ... මේ මට තරුගේ number එක දෙන්න බැරිද... අපි කෙල්ලෙක්ට number එක දුන්නොත් හිත හැදෙන්නවත් miss call එකක් ගහන්නේ නෑනේ!!
මොනා කරන්නද මලේ ලැබීම තමා... වැඩේ හරියයිද වැරදෙයිද බලමු...!!!
Deleteමම මේ පැත්තට කලින් ඇවිත් නැද්ද මන්දා...:O
ReplyDeleteවෙලාව මදි නිසා පොඩ්ඩක් කියවලා යන්න හැදුවේ.දන්නෙම නැතුව ඔක්කොම කියවලා...:D
කතාව නම් මරු..ඊලඟ කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා..:)
ඔව් අක්ක ඇවිත් නෑ තමා... සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...
Deleteඔක්කොම කියෙව්වා කියන්නේ කතාව ලස්සනයි කියන එකනේ... ස්තුතියි..
ඊළඟ කොටස ළඟදීම...!!!
හ්ම්... ඒ කියන්නෙ කෙල්ලො කාලෙකට ඔන්ලයින් එන්න වෙන්නෙ නෑ කියල දාන්නෙ බොරුවට :)
ReplyDeleteඒ කෑල්ල මහිම මන්දහාසි කතාවෙන් උපුටා ගත්තු කෑල්ලක් බං අයියේ... :)))
Deleteකෙල්ලගේ ස්පීඩ් එක නම් ටිකක් වැඩියි වගේ.;) බලමු මොකද වෙන්නේ කියලා.
ReplyDeleteඅෆ්ෆටසිරි ස්පීඩ් එක වැඩියිද... එහෙනම් අඩු කරන්නද? ඉස්සරහට සළකා බලන්නම්කෝ...
Deleteඅර කිව්වත් වගේ කෙල්ලගෙ ස්පීඩ් එක නම් වැඩියි තමා. සඳුනිල් නිල් වෙලා යන්න ඇති.. හැක්...හැක්... කොහොමඳ තරුෂි සඳුනිල්ට ගත්තම අනිත් පැත්තෙන් සුදු අයිය කතා කලොත්.. හැක්..හැක්... පට්ටම ආතල්.. එසේම වේවා..!!! අක්කට ජය ශ්‍රී..!!!!
ReplyDeleteඅපොයි දැන්නම් අඩු කරන්න වෙයි වගේ...ස්පීඩ් එක... !!! නිල් වෙලාද වෙන කාව හරි නිල් කලාදා බලමු...
Deleteඅම්මෝ එහෙම උනොත් නම් හොදි ඕන් නෑ.... ස්තුතියි මල්ලි... ජයවේවා!!!
අහ්හ්හ්.............. දෑන් මේක එක්දහස් නමසිය බර ගනන් වල උන එකක්ද කොහෙද?
ReplyDeleteහරි මට මතක් උනා ඈයි කොල් කරන්න එපා කිවේ කියලා.... කොල්ලගේ ෆොන් එකේ මයික් එක වෑඩ නෑතිව ඈති... කොහොමහරි එක හදාගෙන එනකන් වෙන්න ඈති කතා එපා කිවේ... (හිකිස්)
ලස්සනයි ඔන්න නන්ගි බබෝ කතාව.. තරහ එපා මම ලේට් උනාට
ඒ මොකෝ ඒ එක්දහස් නමසිය බරගණන් කතාවක් මෙතනට ආවේ...
Deleteපේන කියන්න ගත්තද අයිය බබත් ඒ පාර??
තරහ නෑ.... ලේට් වෙලා හරි ආවනේ... ස්තුතියි...!!!
මේ දවස්වල ටිකක් busy.. කතාව කියවන්න ලේට් වුනේ ඒකයි...:). සෙමින්... සෙමින්... සියුම්ව කතාව ගෙන යන ආකාරය නම් නියමයි ශානි!.... ඔහොම යං.....:-)
ReplyDeleteකමක් නෑ... කොහොමහරි ආවනේ... ස්තුතියි... :)))
Deleteහපොයි....! බලාගෙන ගියාම, ගොඩාක් කමේන්ට් කරලා තියෙන්නේ 2012 අවුරැද්ද මුල් කාලයේනේ.......ඒ කියන්නෙ මේ augට් වලින් පස්සේ දාපු 1ක කමේන්ට් වත් නැහැ නේ......ඒ කියන්නෙ මම පරක්කු...යි වගේ, සමහර විට මට ප්‍රතිකමේන්ට්ටුවක් (reply) නොලැබෙන්න පළුවන්, කොහොම උනත් ඔයාගේ රචනා ශෛලියට මම හුගාක් කැමතියි..,
ReplyDeleteහිකිස්.... ඔව් මේක ලියන්න ගත්තේ පෙබරවාරි 29... කමක් නෑ... පරක්කු වුනාට මේල් එකෙන් දැක්ක නිසා මම ආවා... අගය කිරීමට ස්තුතියි...
Delete