කලින් කොටස කියවපු නැති අයට සහ අළුතින් මේ පැත්තට ආපු අයට...
කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ...
------------------------------------------------------------------------
අද
එතැන් සිට...
“තරූ... නැගිටින්න දුවේ”
අම්ම
මගේ උරහිසෙන් අල්ලලා මාව නැගිට්ටවන්න හැදුවා. මම නැගිටලා ලෑස්ති වෙලා අම්මටයි
තාත්තටයි වැඳල, පොත් බෑග් එකත් අරගෙන බස් හෝල්ට් එකට යන්න පිටත් උනා. යන මඟදී මට
යාළුවෙක් හම්බුණා එහා පංතියේ. එතරම් යාළුකමක් නැති උණාට කතා බහ කරල හිනාවෙලා ඉන්න
නිසා ඉස්කෝලෙ ගාවට එනකල් බස් එකේ ඉඳගෙන ගියෙත් එයා එක්කමයි. ඒත් හිතේ තියෙන්නෙ
කුතුහලයක්..
“කවුද
මේ සඳුනිල් නිමන්ත.. මම දන්න කෙනෙක්වත්ද?” මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළා. හිත
පිළිතුරු දෙන්න දන්නෙ නැති නිසා නිහඬ වුණා.
පංතියට
ගොඩවෙද්දීම මුලින්ම හම්බුණේ බුද්ධිමා. අපි හැමෝම කිව්වෙ මාෂි කියලා. පංතියේ ගැහැණු
ළමයි 12ක් උන්නට අපේ සෙට් එකේ හිටියෙ හතර දෙනයි. මම,මල්, මාෂි සහ
මධූ..
“තරූ.. අන්න මල්කි ඔයා එනකල් බලං ඉඳල කැන්ටිමට ගියා”
“ආ.. එහෙමද? හරි මාෂියො.. මම ගිහිං බලන්නම්කො.. කෝ තාම මධූ ඇවිත් නැද්ද?”
“නෑ
නෑ... තාම නෑ.. එයා එන්නෙ ඉතින් බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලනේ”
අපි
දෙන්නම හිනවේගනම පංතිය ඇතුළට ගියා.
“කෝ අද
මල් ගෙනාවද කෞෂි.. ගෙනාව නම් මල් ටික හදල බුදු පහන තියන්න. ගිනි පෙට්ටිය ගුරු මේසේ
ලාච්චුවේ ඇති.”
පංති
නායිකාව විදියට මට පැවරිලා තිබ්බ එක වගකීමක් වුණු ඒ කටයුත්ත ඉවර කරලා මම මිදුලේ
පිරිසිදු කරන තැනට ගියා. උදෑසන ඒ වැඩ ඔක්කොම ඉවර වෙලා මම පංතියට එද්දි මල්කි ඇවිදින්. ටියුට් එක
ඉල්ලන්නත් කලින් මමම දුන්නෙ මතක් වෙලා.
“අපි
දන්නවානෙ ඉතින් තරූට මොනාහරි ගේන්න කිව්වොත් ආයේ අමතක කරන්නෙ නෑ කියල.”
මල්කිය
එහෙම කියාගෙන ටියුට් එක අතට ගත්තෙ හිනා වේවි.. ඉගැන්වීම් ආරම්භ උණා.. ප්‍රධාන
විෂයන් තුන ඉවර වෙලා පංතියේ හැමෝගෙම ආසම කාලය වෙච්චි ඉංග්‍රීසිත් ඉවර වෙලා පාසල අවසන් කරන සීනුව නාද උණා.
අපි 4 දෙනාටම එදා පංති දවසක්. ඉස්කෝලෙ ඇරිලා කට්ටිය තොර තෝංචියක් නැතුව කියව කියව ඇවිත්
ඉස්සෙල්ලම ඉස්සරහට හම්බුණු බස් එකේ නැග්ගෙ පංති යන්න. පංති පටන් ගන්න විනාඩි 45ක්
විතර තියෙද්දි අපි පංතියට ගියා. අම්මල කරදරේට බැඳල දෙන බත් මුල් ටික දිගහැරගෙන කාල
ඉවර වෙලා අත් හෝදගෙන ආවට පස්සෙ මධූ යෝජනාවක්
කළා.
“කඩේට ගිහිං එන්න යමුද? පොඩි රවුමක් ගහන්නත් එක්ක.”
“මාෂි,
උඹයි මධූයි මල්කියයි ගිහිං වරෙල්ල මම පංතියේ ඉන්නම්. ඔළුව රිදෙනව වගේ” මම අතුරු යෝජනාවක් දැම්ම.
“ඒ මොකෝ
තරූ හදිස්සියේම..? එහෙනම් මම ඉන්නම් උඹට තනියට. උඹ මාෂිත් එක්ක ගිහිං වරෙන් මද්දෝ. එද්දි පැනඩෝල් දෙකකුත් අරං වරෙන් මතක් කරල.” මල්කි යෝජනාව සභා සම්මත කරල ස්ථිර කළා.
“පංති
පටන් අරගෙන ගොඩක් වෙලා නෙ සර් පංති ඉවර කරන්නෙ නැද්ද මන්ද..”
මම
තනියම හිතුව. මාෂිගේ මූනෙත් ඒ ප්‍රශ්නාර්ථයම රැඳිලා.. වෙනදට වඩා අද වෙලාව යන්නෙත්
හෙමීට කියල මට හිතුනෙ හිතේ තියන නොසංසුන් කම නිසා වෙන්න ඇති. පංති ඉවර වෙච්චි ගමන්
මං එතැනින්ම බස් එකට නැග්ගෙ රෑ බෝ වෙන්න කලින් ගෙදර යන්න ඕන නිසාමයි.
කරුවල
වැටෙන්න කලින් ගෙදරට පය තියාගන්න පුළුවන් උණා යන්තම්. පහුවදා ගම්පහ පුස්සැල්ල
සර්ගේ පංති නිසා මම ගෙදර ආව ගමන් ඇඟ හෝදගෙන, කාල, පංති පොත් ටික අතට ගත්තෙ කලින්
සතියෙ ගෙදරින් හදන්න දීපු ගණන් ටික හදලද
බලන්න..
වැඩේ
හරි. එව්ව හදල තියෙන්නෙ. ටිකක් වෙලා ෆේස්බුක් ගිහිල්ලම නිදා ගන්නව කියල හිතාගෙන
කම්පියුටරේ කළා.ෆේස්බුක්
ලොග් උණා විතරයි මැසේජ් දිහාටයි ඇහැ ගියේ. මැසේජ් දෙකයි. දෙකම සඳුනිල් ගෙන් !!! ඒ කියන්නෙ අදත් එකක් ඇවිත්.. වැඩිය හිත හිතා ඉන්නෙ නැතුවම මම ඒක
උඩ ක්ලික් කළා..
Sandunil Nimantha Dabarera
Oya Tharushi Nayananjali Weerasekara neda? Town eke
thiyena mixed school ekata neda yanne?
(22 hours ago)
Sandunil Nimantha Dabarera
Ada oyata Bio clz thibba neda? Oyage konde kotai
neda? (2 hours ago)
මට
දෙය්යන් බුදුන් සිහි උණා. මම ෆේස්බුක් දාල තිබ්බෙත් Tharushi Weerasekara කියල
විතරයි. ඒත් මෙයා මගෙ මැද නමත් දන්නවා..
“කවුද
දෙය්යනේ මේ මම නොදන්න, මාව දන්න සඳුනිල්?”
ප්‍රශ්න
වැලක පැටලුණු මම තනිවම මිමිණුවා.හිතේ තිබුණු කුතුහලය දෙගුණ තෙගුණ උණා. එයාගෙ ප්‍රොෆයිල්
එකට ගිහිං මොනා හරි දැනගන්න හැදුවත් ඉස්කෝලෙ නමයි උපන්දිනෙයි ඇරෙන්න කිසි දෙයක්
දැනගන්න පුළුවන් උණේ නෑ. ඉස්කෝලෙ නම් ටවුමෙ තිබ්බ ජනප්‍රියම පිරිමි පාසල. ඒත්
කිසිම ෆොටෝ එකක් තිබුනෙ නැහැ එයාගෙ.. බලාපොරොත්තු කඩවුණු සිතින් මම ආයෙත් මැසේජ්
බොක්ස් එකටම ආවෙ වෙන කරන්නම දෙයක් නැති නිසා පණිවිඩයක් වත් යවන්න හිතාගෙන..
Oya kohomada mawa danne? Mama oyawa danne nane.. Oya
kawuda?
මැසේජ්
එක යවලා මම නිදාගන්න ඇඳට ගියේ පාන්දර 3.30 ට නැගිටින්නත් එපැයි කියල හිතන ගමන්..
------------------------------------------------------------------------------------------------------------
“සුදු
මැණිකේ.. නැගිටින්න නැගිටින්න. අන්න තාත්ත නැගිටල ඇඟ හෝදන්නත් ගියා.ඉක්මණට ලෑස්ති
වෙන්න. මම කෑම එක හදලත් ඉවරයි.”
සෙනසුරාදට
සුපුරුදු දේශනාවත් එක්ක දඩ බඩ ගාල නැගිටල ඇඟ හෝදන් ලෑස්ති උණු මම කලින් දා රෑම
පොත් දාල තිබ්බ බෑග් එකත් අරගෙන බයික් එකේ වාඩි උණේ සීතලේ ගැහි ගැහි.. 4.20 කෝච්චිය අල්ල ගත්තෙ නැත්නම් යාළුවො ටික මඟ හැරෙනවා..
මම
ස්ටේෂන් එකට යද්දි මල්කියයි
මධූයි ඇවිත්. අපි තුන් දෙනා කෝච්චිය එනකල් බලං ඉඳල
කෝච්චිය නවත්තපු ගමන් පොර කාගෙන නැග්ගෙ මාෂිටත් සීට් එකක් අල්ල ගන්න ඕන නිසා.. ඊළඟ
නැවතුම්පොලෙන් මාෂිත් අපිට එකතු උණා.
තුන්
දෙනාම ඉන්න නිසා හිතේ තියෙන නොසංසුන් කම මඟ හැර ගන්නත් එක්ක මම කතාව කියන්න පටන්
ගත්ත.
“මේ
උඹල දන්නවද අර ටවුමෙ පිරිමි ඉස්කෝලෙ සඳුනිල් නිමන්ත කියල ළමයෙක්ව අපේ වයසෙ?”
“කවුරු??”
ඇස්
දෙක ලොකු කරගෙන එහෙම ඇහුවෙ
මධූ..
“සඳුනිල්
නිමන්ත බං... උඹල තුන් දෙනාගෙන් එකෙක් වත් දන්නවද එහෙම ළමයෙක්ව?”
යාළුවො
තුන් දෙනාගෙන්ම කිසිම යහපත් ප්‍රතිචාරයක් ලැබෙන පාටක් නෑ..එතැනින්ම ඒ කතාව අමතක කරල දාපු අපි ජා - ඇලින් බැහැල
ආයෙමත් ගම්පහ බස් එකක නැග්ගෙ ඔරලෝසු දිහාට ඇස් කරකවන ගමන්.. බස් එකෙන් බැහැපු ගමන්
ඉස්සරහ ඩෙස්ක් එකක් අල්ල ගැනීමේ මෙහෙයුම දියත් කරන්න තියෙන නිසා මමයි මාෂියයි
ගම්පහ ඉස්පිරිතාලෙ පහු කරල ටිකක් දුර තියෙන කඩේ ගාව උදේ කෑම ගන්න ඉද්දි අනිත්
දෙන්න පංතියට විද්දා...
------------------------------------------------------------------------------------------------------------
අද
ගෙදර ගියාම තරූෂිට සඳුනිල් කවුද කියල දැනගන්න පුළුවන් විදියේ පණිවිඩයක් ලැබිල
තියේවිද?
හමුවෙමු
තවත් කුතුහලය රැඳි කොටසකින්...
අම්මියෝ...සෑහෙන්ඩ හයානකයි වගේ....:O
ReplyDeleteහ්ම්ම්... අනිවා... :O
Deleteඔය තියෙන්නෙ නියමට.ජයටම ලියනු මැන
ReplyDeleteහි හි... හලි හලි... ලියනවා...ස්තුතියි...!!!
Deleteඑයානම් ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න ඇති..
ReplyDeleteඑහෙම කෙනෙක්ද දන්නෙත් නෑ... බලමුකො...
Delete21 ශතවර්ශයේ ෆේස් බුක් ලවක් වගේ...
ReplyDeleteලස්සනට ලියනවා.. දිගටම ලියන්ඩ.. අපි කියවමින්..
අපි ඉතින් 20 වන සියවසේ ඉපදිලා 21 වන සියවසේ ජීවත් වන අයනෙ සහෝ... :)
Deleteස්තුතියි... දිගටම ලියන්නම්... ආයෙත් එන්න...!!!
ටිකෙන් ටික කතාව විස්තර කරන විදිහ ලස්සනයි යාලු.අපි දිගටම එනව කියවන්න.
ReplyDeleteහුඟාක් ලස්සනයි.
විස්තරාත්මක ගතිය වැඩිද මන්ද... එහෙම වගේ නම් කියන්න හොඳේ... ඔයාල දිගටම එන නිසානෙ මම ලියන්නෙ..
Deleteහුඟාක් ස්තුතියි...
බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා..
ReplyDeleteහ්ම්ම්... 3 වෙනි කොටසෙදි බලමු මේ කොල්ල මොකාටද එන්නෙ කියල.. :)
Deletehmm....the story is moving nicely...we are on reading..:)
ReplyDeleteThank you very much friend... See you in next episode... Keep in touch.. :)
Deleteසුවර් එකටම ෂර්ලෝක හොල්ම්ස් ගේ කවුරැ හරි... :o
ReplyDeleteඅනේ මන්ද අෆ්ෆා... ඔන්න සයුරි අක්කත් කියනවා එයා ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්න ඇතිලු.. :O
Deleteඔය අෆ්ෆා, ෆට්ට, .. මොන බාසාවෙ වචනද ? මමනම් විරුද්ධයි ඔය සිංහල මැරිල්ලට.
Deleteතරහ ගන්න එපා සෙන්නා සහෝ... ඔයා කතාව කියවල කමෙන්ට් කරලා යන්නකෝ.. මම කතාවේ එහෙම වචන දාන්නෙ නෑ නෑ නෑමයි....
Deletemokuthma kiyanne ne. ayeth mage comment me katawa iwara unama tama. mama rep mahaththaya
ReplyDeleteඑහෙම කරන්න එපා ඉතින් මම පව් නේ.. හැමදාම කියවන්න එන්න රෙප් මහත්තයා... :( ඉවර වෙන්න ටිකක් කල් යයි..!!!
Deleteඑළ එළ දැන් ඉතින් බලන් ඉඳපල්ලකො සඳුනිල් නිමන්ත එනකං......ඒක නෙවෙයි ශානි ඔයා ක්ලාස් ගියේ ගල් අඟුරු කෝච්චියේද?
ReplyDeleteඑයා එයි වෙලාවට... හදිස්සි නොවී ඉන්නකෝ... මම ජීවිතේට කෝච්චියක ගිහින් නෑ පිස්සො.. මේක කතාවක් නේ... :)
Deleteහෑ... ජීවිතේකට කෝච්චියේ ගිහින් නැහැ කිව්ව :O
Deleteඔව් අනේ.. මම කෝච්චියේ යන්න හරි ආසයි... තාම ගිහිං නෑ.. :)
Deleteපෙස් බුක් ලවක් ද...?
ReplyDeleteබලමුකො ඉස්සරහට... දිගටම කියවන්න එන්න............
Deleteසඳුනිල් කියන්නෙ fake account 1ක් බන්!:PP
ReplyDeleteමෙකි අහුවෙලා!:PP
මෙකි කිව්වෙ තරූ වෙන්ටැති නේ... මොනව වෙයිද කියල අනිත් කොටසෙදි බලමු.. :PP
Deleteඅඩේ එන්න එන්න වැඩේ අතිශය සංකීර්ණ වේගෙන යනවනේ කෙල්ලෙක්ම දීපු ගේමක් කියලා හිතුනේ නැත්තම් ඌට දිවැස් තියෙනවැයි....කුතුහලේ වැඩිම කරපු නිසා අනිත් කොටස ඉක්මන්ට දාන්න හලේ
ReplyDeleteහි හි... ඒකනේ බලන්නකො මල්ලි දිවැස් නැත්නම් ඔහොම කියන්න පුළුවනැයි... මොකද වෙන්නෙ කියල ඊළඟ කොටසෙන් බලමු.. හැබැයි ඊළඟ පෝස්ට් එක කතන්දරය නෙමේ...:)))
Deleteඅහ්හ් මම ඉතින් මුකුත් නොකියම බලාගෙන ඉන්නම්කො :D
ReplyDeleteඑහෙමත් එපා ඉතිං මොනා හරි කියල යන්න මෙයා... :D
Deleteහික්ස්...
ReplyDeleteඅනේ මට ඒලෙවල් කරන කාලේ fb account එකක් තිබ්බේ නෑ නේ.. එහෙනම් මාත් තරුශිට මෙසේජ් එකක් දානවා..
කතාව දිගටම කියවන්න නම් වෙන එකක් නෑ සහෝදරී.මොනවා වුනත් ඔයා එළටම ලියනවා ..ජය වේවා !!
හිකිස් හිකිස්........
Deleteඅපරාදෙනේ තිබ්බෙ නැද්ද... අප්පොච්චියේ තරූෂි පව්.....
හ්ම්ම් මම දන්නව...ගොඩක් අයට කතාව දිගටම කියවන්න වෙන්නෙ නෑ කියල මට කිව්වා..
පුළුවන් වෙලාවක ඇවිත් යන්න එන්න.. සුභ පැතුමට ස්තුතියි...!!!!
ඇඩේ බන් අපි පව් කියල හිතෙන්නැද්ද කුතුහලය පපුව ඇතුලේ තෙරපෙනවා, ඉක්මනට දැම්ම නම ඊළඟ එකත් :p
ReplyDeleteපොඩ්ඩක් ඉවසපන් මල්ලියේ... ඊළඟ කොටසින් කුතුහලය සංසිඳවනවා.. කතාව මතක තියං ඉන්න... ඊළඟ පෝස්ට් එක කතාව නෙමේ...!!!! :))
Deleteමෑන් ඔක්කොම විස්තර හොයාගෙන වගේ. හ්ම්ම් බලමුකෝ ඉස්සරහට.
ReplyDeleteඅළුත් යාලුවෙක් ඇවිදින්... සාදරයෙන් පිළිගන්නවා... හ්ම්ම් හ්ම්ම් සෙල්ලං නෑ නේ.. ඊළඟ කොටසෙ මොකද වෙන්නෙ කියල බලමු... කමෙන්ටුවට ස්තුතියි...!!!
Deleteවැඩේ ලේසි වෙන එකක් නෑ වගේ.:)
ReplyDeleteඒ වගේ නේද? හ්ම්ම් හ්ම්ම් ඉස්සරහට මොකෝ වෙන්නෙ කියල බලමුකො... :)
Deleteනියමයි..අසාවෙන් කියෙවුව....ඊලඟ කොටසත් ඉක්මනට....
ReplyDeleteස්තුතියි.. ඊළඟ කොටස දාන්න කලින් මම වෙන පෝස්ට් එකක් දාන්නයි හිතං ඉන්නෙ.. මතක තියං ඉන්න කතාව...... :))
Deleteඅනිවා ඕක fake account එකක් :P
ReplyDeleteමෙයාට පිත්තු...
Delete@මහිම මදුරංග
DeleteFake account එකක්ද Original account එකක්ද කියල ඊළඟ කොටසෙදි බලමුකො... :)))
@Anonymous
කියන්න බෑ නේ ඇනෝ, කෙල්ලෙක් තරූෂිව මෝඩය කරන්න හදනවද දන්නෙ නෑනේ... පිළිතුර ඊළඟ කොටසෙන්..
මාරයිනෙ හෆ්ෆා.. එය අකොහොමද එච්චර විස්තර දන්නෙ??? ඊලඟකොටස ඉක්මනට දන්නෝ
ReplyDeleteඒකනේ අෆ්ෆා... උඩ දෙන්නෙක්ම කමෙන්ට් කරල තිබ්බෙ එයා රහස් පරීක්ෂකයෙක් කියල... කොහොමද වැඩ??? ඊළඟ කොටස තව පෝස්ටුවකට පසුව... පොඩ්ඩක් ඉවසන්න... :)))
Deleteනවීන තාක්සනේ උපරිමයෙං පාවිච්චි කරනව වගේ නේ :D :P
ReplyDelete21 වන සියවසේ කතාවක් නේ... එහෙම වෙන්න එපැයි ... :D :P
Deleteහොද වැඩේ පේස් බුකියේ රිංගනවාට ;)
ReplyDeleteඋඹේ ලියුම තාම වැඩකරල නැතුවවත්ද ?
Delete@sAm (සෑම්)
Deleteඑහෙම කියන්න එපා තරූ පව් අෆ්ෆා... :)
@Senna
මොන ලියුමද හැබෑට???
:O :O :)
ReplyDeleteමේ මොකෝ රජෝ අන්ද මන්ද වෙලාද ඔයා?? :))
Deleteකොටස් දෙකම කියෙව්වා නංගියෝ.. වැඩේ හරියන්නෙ නෑ..
ReplyDeleteඑනපාට නිකන් "අ" යන්නකට හැරෙන්න වගේද.. :D
ඉතින් ඉතින්.. ඉතිරි කොටස.. :)
මොකට හැරෙයිද බලමු ඊළඟ කොටසෙන්.. :))
Deleteඉතිං ඉතිං ඊළඟ කොටස එනකල් ටිකක් බලං ඉන්න නම් වේවි හොඳේ... කතාව මතක තියන් ඉන්න අක්කේ...
ලස්සන කතාව..
ReplyDeleteඊළඟ කොටසත් ඉක්මනට දාන්නෝ...
ස්තුතියි ඈ...
Deleteඊළඟ කොටස ඉක්මණට දාන්නම් හැබැයි තව පෝස්ට් එකකට පස්සෙ......... :))
කතාවෙ ඊළග කොටසෙ මොකද වෙන්නෙ කියලා කියවන අයට කුතුහලයක් ඇතිවන විදියට ලියල තියෙනවා. මේක හොඳ ලේඛිකාවකගෙ සැබෑ දක්ෂතාවයක්.
ReplyDeleteලස්‍සන යොවුන් ප්‍රේම කතාවක්. මට හිතෙන හැටියට නම් යෙහෙළියන් අතරින් කෙනෙක් දීපු ලනුවක් වගේ සේයාවක් පේනවා.
ඉතුරුටිකත් කියවලම බලමු.
කුතුහලය ඇති කිරීම තමා මම බලාපොරොත්තු උණේ... එතකොට එක එක්කෙනා කතාව පුරෝකථනය කිරීමට පෙළඹෙනවා.. අගය කිරීමට ස්තුතියි...
Deleteතාම ප්‍රේම කතාව පටන් ගත්තෙ නෑ.. යෙහෙළියක් ලණුවක් දීල වෙන්නත් පුළුවන්...
ඊළඟ කොටසින් මොකද උණේ කියල හරියටම දැනගමු...
උදේ 4.20 කෝච්චිය කියලා කිව්වේ මුතු කුමාරිය ද ?
ReplyDeleteඅර කුතුහලය ඉවර නෑ තාම. (හරියට මට ඉක්කා හැදෙනවා වගේ. කොච්චර වතුර බිව්වත් අඩු වෙන්නෑ නෙවා
ඉක්මනටම කියන්ඩ කවුද ඒ සඳුනිල් කියන්නේ කියලා.
4.20 ට මුතු කුමාරි කෝච්චියක් තියෙනවද අයියේ..මම දන්නෙ නෑ.. කෝච්චියේ නෑනේ මගෙ ගමන් බිමන්.. ඒක නිකමට හිතල දාපු වෙලාවක්.. මේක කතන්දරයක් නේ..
Deleteඅනේ ඉක්කයි මායි කොළඹ ගියා කියලවත් නවත්තගන්න බලන්න... හරි හරි ඊළඟ කොටසින් බලමු හොඳේ...
පාඨකයාගෙ කුතුහලය ඇවිස්සෙන පරිදි පාඨක සිත අතරමග රස්තියාදු කිරීම/සිත කළඹා තනිකර අතහැරීම හා ඒ සමඟින් පාඨකයාට රසවින්දනයක් ලබාදීම යන චෝදනා සඳහා වරදකරු වන ශානි අක්කා නමැති තැනැත්තියට දඬුවම් ලෙස මම ජීවිතාන්තය දක්වා බ්ලොග් ලිවීමට දිඝාසිරි පතන අතර, බරපතල වටිනාකම් සහිත ලිපි මාලාවක දඩයක්ද පනවමි. බ්ලොග් දිවිය තුල එම දඩය ගෙවා දැමීමට අපොහොසත් වුවහොත් සියලු බාධක මඟ හැරී යාමට ප්‍රාර්ථනා ගොන්නක් සහිත දඩමුදලක්ද දෛනිකව ඊට එකතුවේ.
ReplyDeleteජය ශ්‍රී...!!!!
ජීවිතාන්තය දක්වා බ්ලොග් ලිවීමට දිඝාසිරි පැතුවට ස්තුතියි මල්ලියේ... දඩය ගෙවන්න පුළුවන් වෙයිද බලමු... :)) දඩ මුදල නම් ගෙවන්න ඇහැක් වෙයි... ඉතිං මේ පැත්තේ ඇවිත් ලස්සන කමෙන්ටුවක් දැම්මට ස්තුතියි මලේ...
Deleteජය වේවා!!!
කවුද අප්පේ තරූ ගැන මේ තරම් හොයන්නේ???
ReplyDeleteඅනේ මන්ද අක්කේ... ඊළඟ කොටසෙන්වත් හොයාගන්න පුළුවන් වෙයිද බලමුකෝ....
Deleteඔය ලියන්නේ ලස්සනට... ඇත්තමයි එක දිගට කියවන් යන්න හිතෙනවා... කිසිම එපා වීමක් නෑ... ඔහොම යං..
ReplyDeleteස්තුතියි මල්ලි... හැබැයි මගේ ඊළඟ පෝස්ට් එක නම් කතාව නෙමේ... එතකල් කතාව මතක තියං ඉන්න... ( හැමෝම කතා කියවන්න කැමතිත් නෑනේ ) ජය වේවා!!!
Deleteඅදයි ඔයාගෙ බ්ලොග් එක අල්ල ගත්තෙ..වෙලාවක් තිබ්බෙ නැහැ ඔන්න අද ඉඳන් එන්නම් බලන්න හොඳේ?..ලස්සනට ලියනවා ඔය විදියට සරල සිංහල වලින් ලියන බ්ලොග් විතරයිනෙ මම බලන්නෙ...
ReplyDeleteඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගේට... හි හි... මම ඉතිං මොනා ලිව්වත් සරළව තමා ලියන්නේ.. අඩු ගානෙ සංකීර්ණ කවියක් වත් මට ලියාගන්න බෑ.. කොමෙන්ටුවට ස්තුතියි..!!!
Deleteඅහ් කවුද බොලේ ඒ........බලමු ඊලග කොටසෙවත්...
ReplyDeleteහ්ම්ම්ම්.... බලමු ඊළඟ කොටසෙවත් එළියට බහීද කියල මේ කොල්ලා... :))) කවුද කියල බලන්න ටිකක් ඉන්න වෙනව හැබැයි...
Deleteහෆෝයි...එක්සෑම් නිසා මේ පැත්තේ එන්නත් බැරිවුණා. ඇත්තටම ගෑණු ළමයි මේ දේවල් ගැන ඔයතරම් හිතනවද... දන්නැති නිසයි ඇහුවේ ඕං! ඊළඟ ටික ඉක්මනට දාන්න.
ReplyDeleteඑහෙමයි කියල හිතනවා... ඉතිං මේක කතන්දරයක් නේ... ඉස්සරහට මොකද වෙන්නෙ බලමු... ඊළඟ එක ටිකක් කල් යනවෝ...
Deleteඔන්න පලවෙනි කොටසත් කියෙව්වා ශානි අක්කියෝ... ආරම්භය නියමයි..:DD
ReplyDeleteලස්සන කතාවක් වෙයි.. ඉතුරු කොටස එනතෙක් නොයිවසිල්ලෙන් පසුවෙමි.. :D
[ඒත් ඉක්මනින් ලියන්න කියල කරදර කරන්නේ නම් නෑ ඔන්න..]
ස්තුතියි නංගා... කොහොම වෙයිද කියල ඉස්සරහට බලමු හොඳේ.. [ කොහොමත් ඉක්මණට ලියන්නෙ නෑ නංගා, අතරින් පතර වෙන පෝස්ට් දාන්නත් ඕනනේ..:D ]
ReplyDeleteහොඳයි හොඳයි.මෙයා දන්න කියන කෙනෙක් වෙන්න ඇති සමහර විට.බලමුකොඉ ඊලඟ කොටසත්..
ReplyDeleteහා හා ඊළඟ කොටස බැලුවද????
Deleteහිහී...අප්ත් කාලයක් ඔහොම පාන්දරම පණ කඩාගෙන දිව්වනෙ පුස්සගෙ ක්ලාස් එකේ තැන් අල්ලන්න...නායියෝ ඒ කාලෙ නං පණ යනව වුණාට දැන් නං ආසයි මතක් වෙද්දිත්.... :)
ReplyDeleteකථාව ගැන කියනව නම් "මල්හතයි", ඒත් උඩහ "පුස්සැල සර්"ගැන කමේනට් කිහිපයක සදහන් වෙලා තිබුනා, මේ කමෙන්ට් දාන මමත් නුගේගොඩ පුස්සැල සර් ගේ clz ගියා, ඒ කාලේට මට ආයේ යන්න හිතෙනවා.
ReplyDeleteමල් හතයි... මට දැන් මල් පෙනී පෙනී ඉන්නේ... පාසල් කාලේ හරිම සුන්දරයි නේද?
Delete