හැමදාම වගේ මගේ අත්දැකීම් විස්තර කරන මම අද හිතුව පොඩි වෙනසක්
කරන්න. හොඳද කියල කියවලම බලන්නකෝ... J
මේ මගෙම චූටි අය්යා ගැන කතා ටිකක්...
අපේ චූටි අයියා ඉපදුණේ මට අවුරුදු පහකට කලින්. මේ කියන සිද්ධිය
වෙන කොට එයාට අවුරුදු හතරක් විතර. ඒ කියන්නේ මම නෑ. ඉතින් අම්මගෙන් තමා කතාව
අහගත්තෙ.
එයා ගෙදරට එන කට්ටියට චණ්ඩිකම් දදා ඉන්නවලු. ඔන්න එක පාරක්
අපිට නෑ කමට කිරිඅම්මා වෙන කෙනෙක් එයාගෙ පොඩි ළමයත් එක්ක ආවලු සිංහල අවුරුද්දට අපේ
ගෙදර. ඉතින් කැබිනට් එකේ චූටි අයියගෙ සෙල්ලම් බඩු දාල තියෙන පැත්තට ගිහින් ඒ අයියා
(මාමා) අපේ චූටි අයියගෙ සෙල්ලම් බඩු දිහා බල බල ඒවා අත ගගා ඉන්නවලු. මෙන්න එක
පාරටම චූටි අයියා කියනවලු
“අල්ලන්න එපා මගෙ සෙල්ලම් බඩු” කියල..
එතකොට ඒ කිරිඅම්මා ඒ ළමයට කිව්වලු
“අනේ පුතේ ඒ අයියා
වසයි. අල්ලන්න එපා එයාගෙ සෙල්ලම් බඩු” කියල.
තව දවසක් චූටි අයියා ලොකු අයියගෙ කාමරේට ගිහින් දොර වහගත්තලු. ඒක පිටින් අරිනවනම් යතුරෙන් අරින්න ඕන දොරක්. ඇතුලෙ ඉන්න කෙනාට ඇරගෙන එන්න
පුළුවන්. ඉතින් දැන් මෙයා දොර ඇරගන්න බැරිව කාමරේ ඇතුලෙ බෙරිහන් දිදී අඬනවලු. අම්මල එළියෙන් කාමරේ ජනේලෙ ගාවට ඇවිත් අඬනවාලු. එයාට දොර අරින හැටි කොච්චර
කියාදුන්නත් තේරුනෙත් නැතිලු. අන්තිමට බාස් උන්නැහේ කෙනෙක් ගෙන්නලා අගුල කඩලා තමා
චූටි අයියව එළියට අරං තියෙන්නෙ...
88 අවුරුද්දේ අපේ ගෙදර නැවතිලා ඉස්කෝලේ යන්න අපේ නෑදෑ අයිය
කෙනක් ආවලු. එයයි ලොකු අයියයි එක අවුරුද්දක පරතරය. ඒ අයියා වැඩිමල්. ඉතින් දෙන්නම
එකම කාමරේ ඉඳලා තියෙන්නෙ. (අපේ ගෙදර ඉස්සරහම කාමරේ) ඒ කාමරේ දැනටත් ඇඳන් දෙකක්
තියෙන්නෙ ඒක වෙන්ටැති..) 89 අවුරුද්දේ එක්තරා දවසක මේ දෙන්න කාමරේ ඉඳං පාඩම්
කරනකොට චූටි අයියා කාමරේ දොර වහලා එයාලට එළියට එන්න දෙන්නෙ නැතුව කාමරේ මුර
කරනවලු... එයා පොඩ්ඩක් එහා මෙහා වෙනකල් අර දෙන්න කාමරෙන් එළියට ආවොත් කොස්ස අරං ගේ
වටේ ඒ දෙන්නව එළවනවලු. ඒ දෙන්නත් දුවනවලු... J
අපේ චූටි අයියා ඉපදෙද්දී සුදුම සුදුයිලු. ලොකු අයියා චූටි
අයියව ඉස්සෙල්ලම බලන්න හොස්පිටල් එකට ආපු දවසේ ගෙදර ගිහින් අම්මගේ අම්මට කියල
තියෙන්නෙ
“ කිරි අම්මේ, අම්මට
සුදුම සුදු මල්ලියෙක් හම්බවෙලා”
කියල. කොච්චර සුදුද කියනවා නම් අපේ වටේ
පිටේ ගෙවල් වල අයත් එයට කියල තියෙන්නෙ සුද්ද කියල... (සික්.. එයාගෙ සුද බලන්න මම
හිටියෙ නෑනේ) මම දන්න කාලෙ වෙද්දී නම් එතරම් සුදක් තිබුණේ නම් නෑ. හැබැයි කළුත්
නෑ.. හැබැයි සා.පෙ. ඉවර වෙද්දී නම් ලස්සනට කළු වෙලා තිබුණා ක්‍රීඩා කරපු නිසා. දැන් නම් ටිකක් සුදු වෙලා ආයේ.. J
එක පාරක් කතරගම ගිහින් එයාට තුවක්කුවක් අරං දුන්නේ නෑ කියල
පාරෙ වැටිලා නිදාගෙන උන්නලු අරං දෙනකල්ම.. අම්මලට ලැජ්ජයිනෙ ඉතින් වහාම අරං
දුන්නලු. ඒ වගේම තව පාරක් කොහෙද මන්ද ගිහින් බටේ තියෙන වතුර බෝතලයක් ඉල්ලලා ඇඬුවාලු. තාත්තා බටේ නැති වතුර බෝතලයක් අතට ගත්තම කිව්වලු
“තාත්ත දන්න ලබ්බක් නෑ කියල”
තාත්තට මොනා හිතුණද දන්නෙ නෑ එවෙලෙ. මොනා කරන්නද ඉතින් ගහන්නයැ
කියල ඉන්න ඇති. මෙයා ඔක්කොම වැඩ දාල තියෙන්නෙ මම ඉපදෙන්න කලින් නේ.. L
ලිපිය අවසන් කරන්න කලින් තව චූටි කතාවක් මතක් උණා. ඒකත් එයාගෙම
වැඩක් තමාලු. මට අවුරුදු දෙකේදී විතර මාව පුටුවෙන් වට්ටලා, තුවල වෙලා..මගෙ නිකටේ තාම ඒ කැළල තියෙනවා. ළඟක් වෙනකල් නිකටේ කැළලකට
තිබ්බේ එච්චරයි...
හිහ් ඔන්න පොරවල්.. :-)
ReplyDelete// මෙයා ඔක්කොම වැඩ දාල තියෙන්නෙ මම ඉපදෙන්න කලින් නේ.. //
ඒ කියන්නේ මෙයා එය්යගේ රෙකො0ඩ් කඩලද.. ?
මගේ රෙකෝඩ් ගැන පසුව ලියමි.. ඉවසන්න ඉවසන්න... :)
Deleteසෝක් අයියා කෙනෙක්..ඉතින් ඔයා ඉපදුනාට පස්සේ එයා දඟ වැඩ කරන එක නවත්තුවද?
ReplyDeleteඔහෙ නෑ මං හිතන්නෙ. ඔය ශානි අක්කව පුටුවෙන් වැට්ටුවයි කියන්නෙ. :)
Deleteආ...ඔව් නේන්නම්...
Delete@ සයුරි
Deleteමම ඉපදුණාට පස්සෙ එතරම්ම දඟ වැඩ නෑ.. කළත් මට අමතක, මම නොදන්න කාලේ....
@බට්ටා
ඕක දැනගත්තෙත් අම්මගෙන් අහලනේ.. තව දඟ වැඩ කළාදත් මන්ද... හොඳ වෙලාවට මුණ බලපු ගමන් නිකටේ කැළල පේන්නේ නෑ...
@සයුරි
:D
අයියත් පුදුම චන්ඩි වැඩ තමයි ඒ දවස් වල කරලා තියෙන්නේ....දැනුත් එහෙමද යාලු...
ReplyDeleteචූටි කාලේ අපේ පවුලෙන් වසම එයාලු.. දැන් නම් හරි හොඳයි යාලු....
Deleteමට නං ඉතිං චූටි චූටි අයියලා නෑ. ඉන්නේ චූටි මල්ලි කෙනෙක්. ඒකටත් දැං ඉතිං චූටි කියන්න බෑ. 8 වසරෙනේ. හැබැයි එයාට නං ඉන්නවා චූටි අයිය කෙනෙක්. :D
ReplyDeleteඅහ්හ් එහෙමද එහෙනම් මගේ අයියල දෙන්නටත් ඉන්නවා චූටි නංගියෙක්.... :D මට බාල කවුරුත් නෑනේ...
Deleteඔයා චුටි අයියාට වඩා සැරයිද?.මන හිතන්නේ දැන්නම් හොඳ අහිංසක එකෙක් වගේ ඉන්නවා ඇති හරියට මං වගේ..
ReplyDelete:D ඇයි? මං වගේ! :)
Delete@අසරණයා
Deleteඅනේ මන්ද ඉතිං... අපි දෙන්න රණ්ඩු උනාට ආයේ ටිකකින් යාලුයි... දැන් නම් එයාගෙ වසකම් නෑ.. හරි හොඳයි... ඔව් ඔව් ඔයා වගේ තමා.. :)
@බට්ටා
ඔව් ඔව් ඔයා වගෙත් තමා...!! :D
ඔන්න මමත් ආවා සානිකාගේ බ්ලොග් එකට,,අයියා නම් මරු පොරක් වගේ තමා
ReplyDeleteඔන්න ඔන්න ඉතිං වැරදියට නම් රෙජිස්ටර් කරලා.... සාදරයෙන් පිළිගන්නවා...!!! ඒ කාලේ එහෙම උණාට මේ කාලේ හරිම හොඳයි...
Deleteඅයියා කෙනෙක් ගැන නංගියෙක්ගෙ මතක සටහන්. හරි අපූරුයි .
ReplyDeleteස්තුතියි අක්කා... පොඩි පොඩි කතා ගොඩක් මෙතන ලිව්වේ ඒ සිද්ධි විස්තර කරන්න තරම් කරුණු නැති නිසා...
Deleteදඟකාර අයියා කෙනෙක්...! ඉතිං අයියා ගැන විතරද කියන්නෙ..? ඔයා කරපු දඟ වැඩ ගැනත් අම්මගෙන් අහලා අපිට කියන්නකො..:)
ReplyDeleteචූටි කාලේ තමා එයා දඟකාර... දැන් ශෝක්... නෑ නෑ අයියගේ දඟ වැඩ විතරක් නෙමේ මගේ දඟ වැඩත් ලියනවා... මම අම්මගෙන් අහල තියං ඉන්නේ... :)))
Deleteචූටි කාලෙ හැමෝම ඉතින් දඟ වැඩ කරනවනේ.
ReplyDeleteහ්ම්ම්ම්... ඔව්නේ... ඒත් අපේ පවුලෙන්ම වසට හිටියෙ චූටි අයියලු.. දැන් නම් වස නෑ පොඩ්ඩක්වත්... [ නැත්තෙත් නෑ.. යන්තමට :D ]
Deleteඅනේ මට නෑනෙ අයිය කෙනෙක්... :(
ReplyDeleteඉතිං අක්කෙ මටත් නෑනේ අක්කල, නංගිලා, මල්ලිලා... අයියල විතරයි ඉන්නේ.. :(
Deleteචූටි අයියගෙ වැඩ ලියන්න ගිහින් ශානිගෙ මූණෙ තවත් කැලලක් ආවොත් අපි නම් නෑ ඔන්න..
ReplyDeleteතාමත් චූටි අයියා වසයිද?
තව එකක් තියෙනවා... හැබැයි ඒකට චූටි අයියා පලි නෑ.... නෑ නෑ අක්කෙ දැන් වස නෑ..දැන් හොඳායි.... :)))
Deleteමං ගැනනං මෙහෙම ප්‍රචාර වෙන අවදානමක්.............. ඉස්සර නං නෑ! :D
ReplyDeleteඒ කියන්නෙ අලියට බාල සහෝදර සහෝදරියෝ නැද්ද? ඉස්සර නෑ කියන්නෙ දැන් තියෙනව නේ.... :DD හා හා ඔය හොර අහුවෙන්නේ....
Deleteඅයිය සුදුවෙලා ෂානි මෙච්චරම කළු මොකද........
ReplyDeleteහයියෝ.... කතා කරල වැඩක් නෑ... මොනා කළත් උපන් කැත ඇරිය හැකියැ... :)))
Deleteශෝක් චුටි අයියා කෙනෙක් ඉඳලා තියෙන්නේ.. :)
ReplyDeleteහ්ම්ම්... ශෝක් තමා... හැබැයි චූටි අයියා තාම ඉන්නවෝ....:)
Deleteඅපේ අයිය නම් දග නෑ. එයාටත් එක්ක ඒ කාලෙ මම තමයි දග වැඩ කලේ.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් දඟකාර බට්ටියෙක්... ඉන්නකො පොඩ්ඩක්...මගේ කතා ඉස්සරහට එනෝ...!!!
Deleteඅයියගේ චන්ඬිකම් නැවතුනා කියන්නේ නංගී ඊට වඩා ච්න්ඬියෙක් වෙන්න ඇති..
ReplyDeleteඅනේ ඉන්නකො පොඩ්ඩක්... ඒව එහෙම කිව්වහැකියැ... වෙලාවට කියන්නම් මගේ කතාවස්තු ටිකත්...
Deleteමෙයා චන්ඩි නෙමෙයි නොන්ඩි!:P
Deleteහා හා ඔයා ඉන්න නිකන් පේන කියන්නෙ නැතුව... තාම ලිව්වෙ නෑ එව්වා... :PPP
Deletechuti ayyawa rata patawala baya netuwa mada gahanawa neda? mama wage ayiya kenek una nam mirikanawa kana.
ReplyDeleteඈ... කවුද බොලේ මම නොදන්න මාව දන්න ඇනෝ... (විමතියෙන්)
Deleteහා හා දැන් ඔය දන්නෙ නැති කට්ටිය දැනගන්න.. අපේ චූටි අයියා ඉන්නේ රට.... මෙව්ව මඩ නෙමේ.. සුන්දර මතකනේ ඇනෝ !!!
mama oyage ayya thamaa he he heeee. innako man enakan mirikanna kana.
Deleteහඃ... ඔයා කීයක් ඔට්ටු ඇල්ලුවත් මගේ අයිය නම් නෙමේ ඒක මට 500% ෂුවර්.. (අපේ චූටි අයියා මගෙ කණ මිරිකන්නේ නැතෝ... :PPPP)
Deletemama oyage chuti ayya kiyala kiwwe ne ne. eth man oyage ayya thama :P
Deleteඔයා මගේ අයියා නෙමේ...
Deleteඅයියත් හරි ශෝක්නෙ අප්පා.
ReplyDelete“තාත්ත දන්න ලබ්බක් නෑ කියල” කියද්දී තාත්තට මොනවා හිතුනද දන්නේ නෑ. මොනා උනත් ඉල්ලන ඉල්ලන දේ ළමයින්ට අරන් දෙන්න හොඳ නෑ කියලයි මම නම් අහල තියෙන්නේ ඕන්.
ඔව් අනේ ශෝක් තමා... වස නැතුවට දැනටත් එයා ශෝක් තමා...
Deleteපොළව පලාගෙන යන්න හිතෙන්න ඇති නේ? ඔයා කියන කතාවත් ඇත්ත... මේ පැත්තට ඇවිත් කමෙන්ට් කරල ගියාට ස්තුතියි....!!!
මේ කතාව දැක්කමයි මතක් වුණේ මගේ මාමිගේ ලොකු දුව මට වඩා අවුරුදු 2 ක් බාලයි.. අපි පොඩි උන් කාලේ එක දවසක් මේ පොර ගෙදර ඉස්සරහ කාමරේට ගිහින් දොර වහගෙන. කොච්චර කිව්වත් එයාට ලොක් එක අරගන්න තේරෙන්නේ නෑ,ඒ මදිවට බයවෙලා හොඳටම අඩනවත් එක්ක. අන්තිමට මං ජනේලෙන් පැනලයි දොර ඇරගත්තේ. පොඩි කාලේ ඉඳන්ම කෙට්ටු ශරීරයකට උරුමකම් කියන මට ජනෙල් ග්‍රිල් අස්සෙන් රිංගන එක හෙන සිම්පල් වැඩක්.. හික් හික්...
ReplyDelete//*මට අවුරුදු දෙකේදී විතර මාව පුටුවෙන් වට්ටලා, තුවල වෙලා..මගෙ නිකටේ තාම ඒ කැළල තියෙනවා. ළඟක් වෙනකල් නිකටේ කැළලකට තිබ්බේ එච්චරයි...//*
හරි ඉතින් එච්චර කල් පිම්පල් එකක්වත් තිබ්බේ නෑ කිව්වා නම් ඉවරනේ ශානි අක්කෝ.. :DD
මේකනේ වැඩේ නඟා... අපේ ගෙදර තියෙන ග්‍රිල් රිංගන්න පුළුවන් විදියේ එව්ව නෙමේ ළමයෙකුටවත්... නැත්නම් අවුරුදු හතරේ පොඩි එකාව ජනේලෙ ලඟට අඬගහල එතනින් ගන්න තිබ්බනේ...
Deleteනෑ නෑ වරදවා වටහා ගෙන.... ඊට පස්සෙත් නිකටේ කැළලක් ඇති උණ බව නොකියා කිව්වෙ අයිස් නඟා... :DDD
//එක පාරක් කතරගම ගිහින් එයාට තුවක්කුවක් අරං දුන්නේ නෑ කියල පාරෙ වැටිලා නිදාගෙන උන්නලු අරං දෙනකල්ම//
ReplyDeleteමමත් ඕකම කරලා තියෙනවලු අක්කේ මොන්ටිසෝරි යද්දි තුවක්කුවක්ම තමයි මටත් ඕනේ වුනේ.වඩාගෙන යන්න හදද්දි කකුල් දික් කරගෙන හිටියලු අන්තිමට අත්දෙකෙන් උස්සන් ගිහිනුයි බස් එකට පටවලා තියෙන්නේ...මොන තරම් පලි ගැහුවත් අරන් දුන්නේ නෑනේ.
දවසක් අම්මා මට ගහන්න එද්දි මම ගේ ඇතුලට පැනලා දොර වහගෙන ලොක් කරලා.අම්මා කියනවලු දොර අරින්න කියලා දොර ඇරියොත් මට බඩු හම්බුවෙනවා කියලා දන්න නිසා මම ඇහෙන්නේ නෑ වගේ බිම පෙරලි පෙරලි ඉඳලා.තාත්තා වැඩ ඇරිලා එනකන්ම අම්මා එලියේ මම ඇතුලලු....
කොලුකම කියන්නේ නිකන් යැ අක්කේ හි හි මාත් තව මොනාහරි අපේ අම්මගෙන් අහගන්න ඕනේ
හා හා ... ඔය එන්නේ පොඩි කාලේ කතා එළියට... මලයාගේ කොලුකම් වගේ මගෙත් තියෙනවා කෙලිකම්... ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වෙමි... :)))
Deleteෂෝයි අයිය කෙනෙක් නේ. අර නිකටේ ලපේ බලපු ගමන් පේන එකක් නම් අපිට අයිය ගැන හොඳ වචන ටිකක් අහගන්න තිබුනා.:D
ReplyDeleteහයියෝ... ,මම ඒ වගේ වචන වලට කැමති නෑ... තමන්ට ඒ වගේ වචනෙකින් කතා කරද්දී කොයි තරම් රිදෙනවද? මම කාටවත් එහෙම බනින්නේ නම් නෑ අයියා... :)))
Deleteඅම්මට තව එක්කෙනෙක් හිටියා නම් එයත් බ්ලොග් එකක් ලියයි අම්මගෙන් අහලා චූටි අක්කගේ වැඩ කියලා... හා නැද්ද මම අහන්නේ?
ReplyDeleteනෑනේ.. ඉතින් මට වඩා පොඩි එක්කෙනෙක් අපේ පවුලේ නෑනේ... ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් මගේ වැඩ මමම ලියන්න තීරණය කළා...
Deleteදැන් ඉතින් මොන මොන කතා අහන්න වෙයිද මන්දා..... :D
Deleteචූටි අයියා වැඩ කාරෙක් වගේ ෂුවර් එකටම නංගිත් දෙවෙනි නැතුව ඇති :)
ReplyDeleteඅනිවා... අයියා වැඩ කාරයා තමා... නංගි ගැන පසුවට බලමු... ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට...!!!
Deleteචූටි කාලෙනේ :)
ReplyDeleteහ්ම්ම්....ඒක තමා නේද?... :)
Delete//“තාත්ත දන්න ලබ්බක් නෑ කියල”//
ReplyDeletehikiss..හෆ්ෆොච්චියේ... චූටි අයියා මාර කොල්ලෙක් තමා.. හිනා යනවා හෆ්ෆා එයාගෙ වැඩ වලට. හිනා වුනාම මොකද, අපේ මල්ලිත් ඔය ව්අගේමයි.. මරු වැඩ කලේ චූටි කාලෙ.. හිකිස්ස්...
අයියා එහෙමනම්, නංගිත් ඉතින්.... ------ ;)
බලාගෙන ඔයාගෙ මල්ලිය ලියයි අක්කගේ වැඩ.... මට බලාගන්න විදියක් තිබ්බේ නෑනේ ඉතින්... අහල තමා මාත් හිනා උනේ..
Deleteනංගිගේ වැඩ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි...:)))
ඒ කිව්වේ...
Deleteදැන් පුලුවන්නම් කියන්න ඒ කියන්නේ ඉන්ගිලිති හෝඩියේ මුල් අකුර කියල...
මෙන්න චූටි ඇනෝ බබෙක් ඇවිල්ලා... බබා.. ඔයා කොහෙද මොන්ටිතෝලි යන්නේ? ඉන්ගිලිති හෝඩිය තාම කියාදුන්නේ නෑ....??
Deleteමගෙ නිකටේ තාම ඒ කැළල තියෙනවා. ළඟක් වෙනකල් නිකටේ කැළලකට තිබ්බේ එච්චරයි..
ReplyDeleteඅනේ ඉතින් දැන් කැලල් ගොඩයිද නංගෝ........ හිකිස්....
මමත් පොඩි කාලේ ඔහොම තමා..........
නැ නැ දැන් වගේම හරි අහිංසකයා....
බිමින් තිබ්බහමවත් කොහෙවත් දුවන්නේ නැතුව එතනම ඉන්නවලු....
ඔන්න වරදවා වටහා ගැනීමක්... නෑ නෑ ළඟදී ආයෙමත් නිකටේ කැළලක් ඇති උණා.. ඒ ගැනයි මේ කිව්වේ...
Deleteඅනේ පව්... නිදා ගත්තමද දන්නෙ නෑ අහිංසක.......
ඒක ඉතින් අහන්න ඕන අයියගෙ අම්මගෙන් තමා...
ඔනේමනම් අම්මාගෙන් අහන්නකෝ... මම කොහොමත් අහිංසකයි තමා ගොඩාක් දෙනෙක් කියනවා,//
Deleteඅනේ මගේ මුන බැලුවහමවත් එහෙම පෙන්නේ නැද්ද?
ඒමොකක්ද ඒ අලුත් කැලල
ඒක දිග කතාවක්... පස්සේ කියන්නම්...
Deletemune witharak newey kelel godayi. shani sarcus puruduwenna gihilla wetila.:(
Deletesarcus.... ඒ මොනාද අෆ්ෆා ඒ කන බොන දෙයක් වෙන්න ඇති..කමක් නෑ.. ඇනෝගේ අහිංසක ආසාව නේ ඔන්න ඔහෙ ඕන දෙයක් කියාගත්තුදෙන් කියල ඉම්මු..
Deleteචූටි අයියගේ චූටි චූටි කතා කියනව කොට මාත් මගේ චූටි කාලේ මතකයට චුට්ටක් ගිහින් ආවා.
ReplyDeleteචූටි කාලේ කවුරු කවුරුත් මේ වගේ චූටි චූටි දඟ වැඩ කරනවා. ඒවා ඉතින් ලොකු වෙනකොට නැති වෙලා යනවා නෙහ්. :)
ම්ම්ම්ම්ම්.....කෝ ඉතින් ඒ චූටි චූටි දඟ වැඩ අපිටත් කියන්නකෝ... ලොකු වෙලත් දඟ අය ඉන්නව ඒ උනාට... :)))
Deleteචුටි අයියා එල පොරක්නේ...මාත් පොඩි කාලේ ඔය වගේලු හෙහ් හෙහ්
ReplyDeleteයා යා... එල පොරක් තමා.... ඔයත් එහෙමද... ශා මරුනේ... දිනේෂ් අයිය දන්නවද දන්නෙ නෑ ඒ වගේ කතා නේ? :DD
Deleteසූටි අයියා මලු නොවැ.
ReplyDeleteමලුද කියලත් අහල... මලුම තමා... :)))
Deleteචුටි අයියා ගැන ලියල තියන සටහන හොඳ සහෝදර බැඳීමක අතීත සැමරුමක්.
ReplyDeleteමේක කියෙව්ව ගමන් මට මතක් වුනේ නන්දා මාලනිය ගැයූ මේ ගීතය.
ඇත්තටම ඒ තමයි සහෝදර බැඳීම
අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
එක වහලක් යට වැලි කෙළිමින් උන්නා
එක කුස් උන් සුවඳින් සෙනෙහස වැඩුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුනා
නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
දර දිය ඇද්දේ මට බත සපයන්නයි
කුස ගිනි දැරුවේ මා කුස පුරවන්නයි
වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි
සොයුරන් ඇත ලොව මවුවරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන්
෴ නන්දා මාලනී ෴
ඇත්තටම මම චූටි අයියගේ දඟකාරකම් ගැන මෙහෙම ලිව්වට දැන් නම් හරිම නිස්කලංකයි.. ඉගෙනීමට දක්ෂයි. චූටි අයියා අපි ළඟ නෑ.. ඈතක ඉන්නෙ, ඉතින් එයා නැති අඩුව ගෙදර තනියෙන් ඉන්න මට දැනෙනවා.. එයා මට ගොඩක් ආදරෙයි..
Deleteහැමදාම වගේ අසා නුපුරුදු ගීතයක් සමීප කරවීම වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය.. ලස්සන පබැඳුමක්..
හලේ කලුමෙත මං එකා යකානෙ......:(
ReplyDelete:'(:'(:'(:'(
නැට්ටන් මාට් මේම එව්ව ලියනවනේ......:'(
ඒකත් නරක නෑ... හැබැයි ඉතින් කවුරුහරි හිටියම නම් හොඳයි නේද?
Deleteඔයාගේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි බ්ලොග් ලියන්න ගත්තොත් නම් ඉවරයි ඉතින් ඈ... හරි හරි අම්මගෙන් ඔයා පොඩි කාලේ කරපු දඟ වැඩ ටිකක් අහං ලියන්න හොඳේ..:)))
චුටි අය්ය දැන් පාතාලේද??:p
ReplyDeleteනෑ නෑ...චූටි අයියා දැන් පිටරට... :PP
Deleteඅනේ අර තුවක්කුව අරන් දෙනකම් පාරෙ නිදාගන්නව කිව්වම සීන් එක මැවිල පෙනුන චූටි අයිය ආතල් පොරක් වගේ නේ...........:))))
ReplyDeleteඔව් අනේ හිතන්නකො ඉතින් පාරෙ නිදාගත්ත කිව්වම විලි ලැජ්ජාවයි නේ... :)))
Deleteඅයියගේ ආබාසෙ නංගිටත් ගිහින්ද දන්නෑ.... ;)
ReplyDeleteහි හි... කියන්න බෑ... ඉස්සරහට බලමුකෝ එව්වත් ලියන්න... :)
Deleteෂා... ෂෝක් පොඩි යකා.. හැක්...හැක්.... අපි මල්ලිත් ඔන්න ඔය වගේම තමයි පොඩිකාලෙ, දැන් නම් එහෙම නෑ... මට නම් ඉතින් අයියල අක්කල නෑ.. තුවක්කු කේස් එක කිව්වම මතක්වුනේ, අපේ මල්ලි පොඩිකාලෙ තාත්තට තුවක්කුවක් ගේන්න කියල තාත්ත ගෙනාවෙ නෑ, තාත්ත ඔෆීස් එකේ ඉඳන් ගෙදරට කෝල් කලාම මල්ලි කිව්ව, අද එනකොට තුවක්කුවක් ගේන්න.. නැත්තම් කන පැලෙන්න එකක් දෙනව කියල.. හැක්..හැක්.. මොනව කිව්වත් ඉතින් මරන්නයැ, පොඩි එකානෙ... තාත්තත් සද්ද නැතුව හිටිය, තුවක්කු නම් ගෙනාවෙ නෑ මූ තවත් මැරෑටි වෙයි කියල, කාර් එකක් ගෙනත් දුන්න.. මගේ කොමෙන්ටුව ජයග්‍රාහී 82වෙනි කොමෙන්ටුව ඈ... සමාවෙන්ට ඕනෑ වැඩි අගයකින් යුතු කොමෙන්ටුවක් දැමීම ගැන... ජය ශ්‍රී...!!!
ReplyDeleteමටත් නංගිලා, මල්ලිලා, අක්කලා නෑ මලේ... ඉන්න අය්යල දෙන්න ගැන තමා කියන්න තියෙන්නේ... ඔයා කොයි වගේද කියල අම්මගෙන් තමා අහන්න වෙන්නේ.. මල්ලිලා දැකල තියෙනවයි ඔයාගේ වැඩ.. මල්ලිගේ මල්ලිත් සිරා ටෝක් එකක් නේ දීල තියෙන්නේ.. හි හී... පොඩි කාලේ ඉල්ලන හැමදේම දෙන්න හොඳ නෑ..
ReplyDeleteඅනේ මලේ කොමෙන්ටුවට වැඩි අගයක් එන්නේ පාඩම් කරන නිසා වෙන්ට ඇතිනේ.. අවුලක් නෑ.. ජය වේවා!!!
එතකොට දැන් නිකටෙ කැලැල් කීයක් තියෙනවද? ;)
ReplyDeleteදැන් දෙකයි.... :)))
Deleteපවුලේ එකම දුව උනාම එයානේ රජ වෙන්නේ....එක යකා කියනවනේ...නංගි අවට පස්සේ නංගි අය්යව බයකරලා වගේ...:)
ReplyDeleteහි හි මගෙත් තියෙනව රස කතා... ඉස්සරහට ලියන්නම්කො... :P
Deleteමගේ අතීතෙත් මතක් උනා... මමත් නඟාගෙ දතක් කැඩුව... පොඩි එකා නිසා ගුටි නොකා බේරුනේ... අම්මනම් බයේ හිටියෙ,කොහොමහරි දත හැලිල අළුත් එකක් ආපු නිසා මං ශේප්... :D
ReplyDelete