වෙලාව දවල් 12 .20 ට
විතර ඇති.මම ඔහේ කාමරයට වී පාඩුවේ පොතක් කියව කියව හිටියෙ.ටික වෙලාවකින් මට බයික් එකක සද්දයක් ඇහුනා..ඒ ගමන්ම හුරු පුරුදු
කටහඬ වල් කීපයකුත් ඇහුනා..කියව කියව හිටිය
පොත පැත්තකින් තියලා මම නැගිටලා එළියට ගියා.ඇවිත් තියෙන්නේ ලොකු අය්යා.එයත් එක්ක
පොඩ්ඩයි පොඩ්ඩිත් ඇවිත්.දැන් ඉතින් මට සිදුවීමට
යන සන්තෑසිය මට ඉවෙන් වගේ තේරෙනවා.
“බබෝ,පොඩ්ඩක් මේ දෙන්නාව බලාගන්න.”( බැඳලා පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්න, මට වඩා අවුරුදු
ගාණක් වැඩිමල් එයාට මම තවමත් බබා .) ඉතින් මාත් බයික් එක ලගට ගිහින් පොඩ්ඩි ව වඩා
ගත්තා.එයත් පැන්න ගමන් මගේ අතට ආවා.පොඩ්ඩත් බයික් එකෙන් බැහැලා මා ලඟට ආවා. අපි
කට්ටිය ගෙට ගියාම ලොකු අයියා ගියා . මට එතරම් විස්තරයක් අහ ගන්නත් බැරි
උනා. පොඩි උන්ගෙන් ඕවා අහන්න ගිහින් බොරු
කිව්වොත්.. මම ඉබේම ගියේ ලැපී ගාවට..ඒ ටීවී එකෙන් මට එතරම් සතුටක් ලැබෙන්නෙ නැති
නිසා..එතනට යැවුනාට කරන්නේ මොනාද යැයි හිතා ගන්න බෑ..අවුරුදු හතරහමාරක පොඩි එකී “මට
අම්මා ඕනෑ” කියලා අඬනවා .ඒකි මගේ
අතින් බහින්නෙත් නෑ..කොහොමින් හරි එයාවත් වඩාගෙනම වයර් පටලවාගෙන ඔන් කර ගත්තා .වයර් ඔක්කොම ගසා තිබුනා නම් මේ කරදරේ නෑ..දැන් ප්‍රශ්නය අවුරුදු
හතරහමාරක කෙල්ලෙක්ට හා අවුරුදු හයහමාරක කොල්ලෙක්ට සුදුසු දෙයක් මගේ ලැපී තුළ ඇද්ද
කියන එකයි.. මා ගාව තිබ්බ ෆිල්ම් වලින්
කීපයක් සුදුසු යි කියලා හිතුනු නිසා මුලින්ම Home Alone දැම්මා.මොනා උනා මන්දා එකක් වත් display උනේ නෑ..ඊට පස්සෙ මතක උනේ ටින් ටින් ව. කාටුන් අතර මගේ ප්‍රියතම
කාටුන් එක ඒක.. උන් දෙන්නා කැමති නෑ. දැමූ වෙලේ සිට පොඩි එකාගේ එකම චරු චුරුවය.
“අනේ නැන්දි ,ඕක එපා. ඕක
මම බලලා තියනවා .වෙන එකක් දාන්නකෝ.”කණක් ඇහිලා ඉන්නට නම් බෑ.. ඊගාවට මම Harry
Potter collection cd එක දැම්මා.. ටික වෙලාවක්
යද්දී පොඩ්ඩා ට ඒකත් එපා උනා..මට දැන්
හෙණම මළ..ඇයි යකෝ මුන්ට දවල්ට කෑම කවන්න ඕනෙත් මම.. මුන්ට මම දාන එක ෆිල්ම්
එකක්වත් අල්ලන්නෙත් නෑ .. ඉතින් හත්වලාමේ කාට කියන්නද මේ දුක කියල මම ආයෙත් ෆිල්ම්
ලිස්ට් එක චෙක් කරලා බලන කොට අහු උනා Cats
& Dogs (පරණ එක නෙමේ අලුත් එක ) ..දෙන්නම් වැඩේ කියලා මාත් එක දාලා දෙන්නට බලන්න කියලා කුස්සියට ගියා කෑම
ටිකක් බෙදා ගෙන එන්න . එනකොට පුත්‍ර රත්නය නම් හොඳට හරි බරි ගැහිලා ඇහැ කටේ දාගෙන ඒක බලනවා.. බඩුම තමා කියලා
මාත් ළඟින්ම වාඩි වී වැඩේ පටන් ගත්තා. පොඩ්ඩි ට නම් ෆිල්ම් එකේ වගේ වගක්
නෑ..
කොහොමහරි ප්‍රමාණවත් කියලා හිතෙන තරම් කෑම ටිකක් කවා ගන්න පුළුවන් උණා . කොයිතරම්
ෆිල්ම් තිබුනද මට නම් ඕවා බැලීමට එතරම්
ආසාවක් නෑ.. කෑම කවලා මං නැගිට්ටේ මගේ
වැඩක් කර ගන්න යන්නයි.. ඒත් කොහෙ යන්නද ..පොඩි එකී මම යන යන තැන පස්සෙන්
එනවා..ලැපී ගාව ඉඳං කුස්සියට,කුස්සියෙන්
කාමරයට ,කාමරයෙන් සාලයට ,සාලයෙන් ආයේ කාමරයට.. මේ හැම තැනකටම මාත් එක්ක
ආවා..අන්තිමේදී මං ලෑස්ති වුනේ නා ගන්නයි
. බොහොම අමාරුවෙන් මං එනකල් අපේ අම්මා එක්ක ඉන්න කැමති කර ගත්තා..අනේ දෙවියනේ,
කියලා මාත් සැනසිල්ලේ නා ගන්න බාත්රූම්
ඒකට ආවා.. එහෙන් අම්මා “ඉක්මනට එන්න” කියලා මට කෑ ගානවා.. අනේ කාලේ
වනේ වාසේ කියලා.. මාත් ඉතින් රෙදි හේදීම හෙටට කල් දාලා ඉක්මනින් ගෙට ගියා.. වැඩිම උනොත් විනාඩි 5 ක්
යන්න ඇති .. ලෑන්ඩ් ෆෝන් එක රිං උනා. කෝල් එක තාත්තාගෙන් කියාගෙන පොඩ්ඩිත් දුවන්
එනවා..කෙල්ල හරි .. කෝල් එක ලොකු අයියාගෙන්.
“බබෝ ,අක්කා නර්සින් හෝම් එකේ. පොඩ්ඩක් ලෑස්ති
වෙලා ඉන්නවද ? මම ත්‍රීවීල් එකක් එවන්නම්”. “හරි මම ලෑස්ති වෙලා ඉන්නම්”.මාත් කිව්වා.. ඒත් දැන්
අම්මට සිද්ධිය කියන්නත් බෑ.. දෙන්නාම හොරෙන් ඇන්ටෙනා දාගෙනයි ඉන්නේ..මම “තාත්තා
මට එන්න කිව්වා” කියලා කාමරයට ගිහින්
දොරත් වහගෙන ඇඳුම් අඳින්න පටන්
ගත්තා.. ඒ ගමන පොඩි එකීගේ කරදරය නම් ඉවසන්නට බෑ.. “නැන්දි, දොර අරින්නකෝ..මට
ඇතුලට එන්න ඕනෑ”. මෙන්න ටික වෙලාවකින් ආයෙත්.. “නැන්දි, තාම ඉවර නැද්ද?”
. “මම කොන්ඩෙත් පීරගෙනමයි එන්නේ.” මම
කිව්වා. ඒ ගමන පොඩි එකී කියනවා මට
හිතුනාලු. අනේ අනේ ,බටු ඇටේ වගේ ඉන්න එකිටත් හිතෙන දේවල්.මම කිව්වා එහෙනම්
හොඳයි නේ කියලා.. කොහොමහරි දොර වහපු වෙලේ ඉඳං අරින කල් දොර ගාවින් හෙල්ලුනේවත්
නෑ.මම එයාලට නොතේරෙන්න අම්මට යන්තමට ශේප් එකේ කතාව කියලා
දැම්මා. මම ටවුන් එකට යනවා කියලා
ලැපී කාමරේ දාලා ලොක් කරලා ටීවී එකෙන් බලන්න Harry Potter දාලා දුන්නා.දැන් මුන්ගේ හිතේ මම කඩේට යනවා කියලා.. මට දුන්න බඩු ලිස්ට් එකක්ම එද්දී නොවරදවාම
අරන් එන්න කියලා. කඩල පැකට් 2 යි,චොකලට්
බිස්කට් පැකට් 2 යි,ඩේලි 2 යි,තවත් මොනාදෝ කිව්වා මට මතකත් නෑ. ඇත්ත සීන් එක
කිව්වා නම් එහෙම කෙලීව නළවන්න අක්කව නර්සින් හෝම් එකෙන් එක්කන් එන්න වෙනවා.
ලෑස්ති වෙලා විනාඩි 10න් විතර ත්‍රීවීල් එක ආවා .මම යද්දී අය්යා අක්කට වතුර පොවනවා. දෙන්නගේ මාර
ලව් එක ඉතින්.මම අක්කා ගාවට වෙලා ඉද්දි
අයියා එළියට ගියා.ගිහින් ටිකකින් ආවා.නිකන් නෙමේ, ක්‍රීම් සෝඩා 2 කුයි ටොෆි
වගේකුයි අරන්.දීලා එයා ගියා. දැන් මට අරක බොන්නේ කොයි වෙලේද කියලා සිහියක් නෑ.(දෙකක් ගෙනාවේ මටත් එක්ක වෙන්නැති නේ) ඉතින් අක්කත් අමාරුවෙන් ඉන්න නිසා මට
අහන්නත් බෑ. චාටර් නේ. සද්ද නැතුව උන්නා.නර්ස් කෙනෙක් ඇවිල්ල රිමෝට් 2 දීල ගියා
ටීවී එකේ කියලා.(ඩයලොග් ටීවී තිබුනේ.) ඔන්න දැන් අක්කා ඇඳේ හාන්සි වෙලා උඩ බලාගෙන
ඉන්නවා. ඒ ගමන මෙයා කියනවා. “නංගි , මෙතනින් වතුර වැටෙනවා නේද ?” කියලා.අනේ හත්ඉලව්වේ, මම උඩ බලන් හිටපු එකක් යැ. ගිහින් බැලින්නම් වතුර වැටිලා
තමා ... කතාව ඇත්ත. තව ටිකක් වෙලා බැලුව.හීන් පොදකුත් ගියානේ.තාම ඉවරයක්
නෑ.කියන්න කෙනෙකුත් නෑ. නර්ස් කෙනෙක්ටම තමා කියන්න වෙන්නේ.මම කාමරෙන් එළියට ගිහින්
ඔලුව දාලා බැලුවා. ලෙඩ්ඩු ගොඩක් ඇවිත් වගේ.නර්ස්ලා කඩිමුඩියේ එහෙ මෙහෙ දුවනවා,ඒ
අස්සේ වතුර වැටෙනවා කියන්න ගියොත් යකා නගී කියලා මම ආයෙත් ඇතුලට ආවා.කොහොමත්
සර්ජන් එන වෙලාව ලං වෙද්දී නර්ස් කෙනෙක් ආවා.මම කිව්වා “මිසී ,මෙතන වතුර
වැටෙනවා” කියලා.සුදු ටයිල් එකේ පේන්නෙත් නෑ. හදිසියේ කවුරු හරි දැක්කෙ නැතුව ලෙස්සල වැටෙන්න උනත් පුළුවන් නේ.යන්තම්
ඊට පස්සෙ වැඩ කරන එකෙක් ගෙන්නලා වහලෙට නග්ගල ඒකත් හැදුවා. සර්ජනුත් ඇවිල්ලා අක්කව
බලලා ඇසිස්ටන්ට් දොස්තරට කඩ්ඩෙන් මොනාද මන්ද බස බස ගාලා කියවල ගියා.
මේ වෙද්දී රෑ කෑම විදියට ඉඳිආප්ප
1010101100දහයක් පමණ සහ අල හොදි සමඟ මාළු හොදි අපිට
දීලයි තිබුනේ.අක්කා දවල්ටත් කාලා නැතිලු. සර්ජන් ගියා විතරයි “අපි කමුද නංගි?” කිව්වා.මාත් ඉතින්
කිසිදු පැකිලීමකින් තොරව හා කිව්වා.(අරුන් දෙන්නට කවලා මට පන ගිහින් උන්නේ,ඉතින්
මම දවල්ට කාලත් නෑ.ඒත් ඉතින් ඕක අක්කට කිව්වම එයාගේ කෑම එක මටත් කන්න
වෙනවනේ,නැත්නම් අයියට කියලා ගෙන්නවල හරි දෙයි.මම නිසා මොටද කාටවත් කරදර. මම අක්කට
කෑම දීලා මගේ පාඩුවේ හිටියා.)
දැන්ම බේත් දෙන පාටකුත්
නෑ වගේ. අක්කටත් නිදිමතයි ලු. ගියා වෙලේ සිට ක්‍රියාත්මක වූ මගේ කට නිසා එයට නිදා
ගන්න වුනෙත් නෑනේ..ඒ කමටමද කොහෙද එයාට හරි ඉකමනටම නින්ද ගියා.මම දැන් කාමරේ ඇතුලේ
තනියම. ඔන්න එවෙලේ මීටරේට ආවා අපිට දීල ගිය රිමෝට් 2...රු .7000 ක් ඩිපොසිට් කලේ බම්බුවකට
යැ. ටිපෝ එකකට නැගල ටීවී එක දාගත්තා.ඒ ඩයලොග් ටීවී කෙහෙල්මල මෙලෝ දෙයක් පෙන්නේ
නෑ.අරාබි අකුරු වලින් මොනාද display
වෙනවා,අක්කයි මායි දන්නා
අරාබි. මට දැන් රිමෝට් 2 පොලේ ගහන්න තරම් තරහ.. ඇයි දෙයියනේ අක්කත් නිදි කොට මමං ඒ
කාමරේ ඇතුලේ මොන මඟුලක් කරන්නද? ඒකට ඔට්ටු වෙච්ච ඔට්ටු විල්ලට අක්කත් ඇහැරිලා.දෙන්නටම බැරි උනා. අන්තිමේ වහල දල නිකන් හිටිය.. ආයෙත් නොදැනීම අක්කා නිදි. මම
ඉතින් කාමරේ ජනේලෙ ගාවට ගිහින් පාර දිහා බලාගෙන උන්නා.
මේ දවස වල හවසට අපේ පැත්තේ නත්තල් සිංදු දානවා.හීමිට ඒ සිංදුවක් මුමුණ මුමුණ ඉද්දි අක්කට කෝල් එකක් ආවා අයියගෙන්. පොඩි උන් දෙන්නා අපේ ගෙදර නිසා මම යන්න ඕනෑ එයාලව කවලා නිදි කරවන්න. අපේ අම්මත් මම ඇවිත් පැයකින් විතර කතා කරලා කිව්වා දෝනි ඇඬුවා කියලා. අයියා මට ගෙදර යන්න කලින් ත්‍රීවීල් එකම එව්වා. ඒ දෙන්නගේ බඩු ලිස්ට් එක මතක වෙලා මම යන ගමන් බිස්කට් පැකට් 3 කුයි බීම බෝතලෙකුයි අරන් ගියා.
අනේ,මම යනකොට පොඩි එකී
සෙටි එකේ දොයි.පුතා නම් අරක බල බලා උන්නා .(මම හවස දාලා දීලනේ ගියේ) අම්මා
කිව්වා පුතා කිව්වලු “කිරි අම්මේ, මට
හොඳ රසට සම්බෝලයක් හදල දෙන්න බත් කන්න”
කියලා. අපේ අම්මා දෙන්නටම කොහොමහරි කවලා.කද්දී පුතා කිව්වලු “ම්ම්ම්... අපේ අම්මගේ සම්බෝලේ වගේමයි” කියලා. මම ගෙදර ගියා
ගමන් පොඩි එකීව උස්සල ඇඳෙන් ගිහින් තිබ්බා. පොඩ්ඩාට ගෙනාපු බිස්කට් පැකට් 1 කුයි
බීම ටිකකුයි දීල එයාවත් නිදි කලා.
ඔහොම පැය 2 ක් විතර ගියා. මෙන්න කෙල්ල අඬාගෙන නැගිටගෙන එනවා “නැන්දි”..
කියාගෙන. ඉතින් එලවන්නැයි . ඇඳට එක්ක ගිහින් ටිකක් වෙලා යනකල් මාත් ඇඳටම වෙලා
උන්නා.නින්ද ගියාමයි කියලා ස්ථිර වෙනකල්. ආයෙත් මම නැගිටලා ලැපී ගාවට ගියා. මූණු
පොතේ හිටියේ මම.අම්මා සාලේ ටීවී බලනවා. වෙලාව හරියටම 11.25 යි.ඔන්න අයෙමත් මට
ඇහෙනවා “නැන්දි” කියාගෙන එනවා. මේ පාර
කොල්ලා .ඒකා ඇඳේ චු දාලා .දැන් ඉතින්
මැරෙන්නය.මම කාලත් නෑ රෑට. කන්නත් ඕනෑ,පොඩ්ඩාගේ ඇඳුම් මාරු කරන්නත්
ඕනෑ,නිදි කරවන්නත් ඕනෑ.. අනේ දෙයියනේ, මම ලැපී ඕෆ් කරලා එන්න කියලා අම්මා ගාව පොඩ්ඩක් ඉන්න කියලා කාමරේට ආවා. කොරේ පිටට මරේ.අනිකත් අයෙ ඇහැරලා. දැන් දෙන්නාම සාලේ අම්මා එක්ක ටීවී බලනවා. වෙලාව 12 ට විස්සයි. මම ලැපී ඔෆ් කරලා කෑම ඒකත් අරන් සාලෙට
ගියා. අම්මා බයිනවා මට “කොයි වෙලේද බෙදල? අනිත් දවස ඔයාට උයන්නේ නෑ. බොරුවට කන්නෙත්
නෑ” කියලා.
අම්මටත් පොඩි බටර් පාරක්
ගාල කාල ඉවරවෙලා පොඩි දෙන්න එක්කම
මම ඇඳට ගියා . ශේප් එකේ චූ ඒරියා එක මඟහැරලා වෙන පැත්තකට වෙන්න දැන් අපි තුන් දෙනාම
නිදි. ටිකක් හොඳටම නින්ද ගියා. මෙන්න මගේ කනට රහසින් කව්ද මොනවද කියනවා. “නැන්දි,මම
චූ දැම්මා.අපි වෙන ඇඳුමක් දාමුද?” කාලා වරෙන්කො. මට දැන් ඌරු ජුවල්. එහෙමයි කියලා ගහන්නයැ ඉතින්.නැගිට්ටා. එක්කගෙන ගිහින් ඇඳුම මාරු කළා.අනේ දැන්වත් මට නිදාගන්න දීපල්ලා වස්තුවේ..(කිව්වේ නෑ මං හිතින් එහෙම හිතුවා.) සෑහෙන වෙලාවක් යනකම්
කරදරයක් උනේ නෑ. මට කලින් කොහොම හරි දෙන්නම නැගිටලා,කිරිත් බීලා. මම තාම පොඩි එකා වගේ ඇඳට වෙලා හිටියා. දැන් මට තද නිදි මතකුත් නෑ, ඒත්
හොරට ඇඳට වෙලා හිටිය..අයියෝ..... ඔහොම සැපට ඉද්දි එක පාරටම පොඩ්ඩා කිව්වේ නැතයි “අත්තා
කිව්වා නැන්දි ව නැගිට්ටන් එන්න කියලා”. මට දැන් තාත්තා එක්කත් තරහා.ඇයි වදේ
පොඩ්ඩක් නිදාගන්න හැදුවම බාල්දිම පෙරලනවා.
මම නැගිටිද්දීම 8.10 යි. එතකොට අයියා ඇවිත්, ඒ
දෙන්නට අදත් ඩාන්සින් ක්ලාස්. ඉතින් දනී පනි ගාල මාත් දත් මැදලා මුණ හෝදන් ඇවිත් උන් දෙන්නගේ කොස්ටියුම් ඇන්දෙව්වා...කොන්ඩෙත් පීරලා, මගේ ඔඩිකොලෝන් බෝතලෙනුත්
ටිකක් ඔළුගෙඩි 2 ට හලලා ලෑස්ති කරලා යැව්වා.වෙලාව 8.30 යි.දැන් මගේ වෙලාව..ආයේ එන්න කලින් කොරගන්න දෙයක් තමා.අක්කා
තාම අහරෙනේ. මම ඉතින් උන් දෙන්නා එන වෙලාව
වෙන කල්ම ලැපී දාගෙන උන්නා. එන්න ටිකකට කලින්
රෙදි ටික ලෑස්ති කරා හෝදලා දාන්න. ආව ගමන් පොඩ්ඩට ඕනෑ ෆිල්ම් 1 ක් බලන්නයි,
පොඩ්ඩි වැඩිය අසා නෑ ඕවට. අදත් මං පස්සෙමයි. වෙලාවකට එපා වෙනවා. අඩියක් හොල්ලන්න
බෑ. රෙදි හෝදන්න ගියාම බාත්රූම් එකේ දොර ගාවට වෙලා ඉන්නවා. අරයා අහරේ ෆිල්ම්
බලනව.. රෙදි වනද්දීත් මා ගාව .. අද දාලා
දුන්නේ Denis.. කොහොමහරි අදත් ඒ
පිහිටෙන් කෑම කවා ගත්තා . මාත් එතන ඉඳගෙන
ඒක බැලුවා.
ඒක ඉවර වුනාම දැන්
දෙන්නට දාංගලේ . මිදුලට පැනගෙන අයියා නංගිව විල්බැරෝ එකේ තියන් තල්ලු
කරනවා,කෝම්පිට්ටු හදනවා.එකම මඩ ගොඩයි.පුතා කෝම්පිට්ටු 11 යි, දුව 7 යි. මෙන්න ඒ අතරේ කෝල් එකක්. “ බබෝ,
පොඩි දෙන්නාව ලෑස්ති කරලා තියන්න, දැන් අපි එනවා”.. මම පොඩි දෙන්නට කිව්වා “
හරි හරි දැන් ඕක නවත්තල එන්න ඇඟ හෝදන්න,තාත්ති එනවලු” කියලා. කිව්වා විතරයි දෙන්නා පැනගෙන බාත්රූම් එකට
දිව්වා. දෙන්නා ගියාම ඇඟ හෝදනවා නෙමේ ජල
ක්‍රීඩා කරනවා. වදෙන් පොරෙන් ඇඟ හේදුවා .ඒ පාර බැලින්නම් අඳින්න ඇඳුම් ගෙනල්ල දීල නෑ ලොකු අය්යා.. අපේ අම්මට ආවා ගණ දෙවි නුවණ .. අම්මා ඇඳුම් බෑග් එකක් අරන්
ආවා. ඒ අම්මා අපේ පරණ ඇඳුම් ලස්සනට
පරිස්සම් කරලා අරන් තියන් ඉන්න බෑග් එක. අම්මයි මායි දෙන්නම එකතු වෙලා දෙන්නට ඇඳුම් හෙව්වා. ලොකු
අයියා චුටි කාලේ ඇදපු ඇඳුමක් පුතාටයි මගේ පුංචි කාලේ ඇඳපු සායකුයි හැට්ටේකුයි දුවටයි ඇන්දුවා. “ම්ම්ම් දෝණිට මගේ ඇඳුම් හරි හැඩයි
නේ” මට නිකන්ම කියවුණා.
කොන්ඩෙත් පීරගෙන දැන් දෙන්නා එයාලගේ අම්මට දෙන්න අපේ
ගෙවත්තෙන් මල් නෙලාගෙන ඉන්නවා. ලොකු
අයියගේ බයික් එකේ සද්දේ ඇහුන විතරයි දෙන්නා දුවගෙන ගිහින් එයාලගේ ඇඟේ එල්ලුනා.
එයාලව දැකල අක්කටත් හිනා. දවස් 1.5 ක්
විතර අපේ ගෙදරම කාපු, බීපු, නටපු පොඩි උන් දෙන්නා අම්මටයි මටයි වැඳලා අත වනාගෙන හිනා වෙවී පිටත් උනා..
කොයිතරම් තරහා ගියත් මම
එයාලගේ හිත රිද්දන්න කැමති නෑ. මොකද ළමයි කියන්නේ ළමයිම මිසක් පොඩි වැඩිහිටියන්
නොවන නිසා.
ලස්සන කතාවක්. ළමයි අපිට කරදර කරනවා තමයි. ඒත් ඒ එයාලගේ හැටි....
ReplyDeleteඕවා ඉතින් පුරුදු වෙන්න වෙයි ඉස්සරහට , ඒ නිසා දැන්මම....
ReplyDeleteඕවා ඉතින් පුරුදු වෙන්න වෙයි ඉස්සරහට , ඒ නිසා දැන්මම....
ReplyDeleteහම්මෝ පොඩි එවූන්........මට නම් මාරම ඇණ තමයි කාලෙකට කලින් පස්සේ ඉතින් මමත් පාඩුවෙ මලක් කඩන් ඉන්නත් ඕනේ නිසා පොඩි එකෙක් දැක්කොත් අඩවන්න ගත්තා අම්මලානම් මට තාමත් බනිනවා ඒත් ඉතින් පොඩි එවුවෝ දැන් මම ඉන්න පැත්තක එන්නේ නෑ
ReplyDeleteකථාව හරි ලස්සනට ලියලා තියෙනවා ජය වේවා.....
ඕවාට පුරුදු වෙන්න වෙයි තමයි
@Pradeep
ReplyDeleteකතාව හොඳද මම ඔහේ ලියාගෙන ලියාගෙන ගියා.. ෆොටෝ එකක්වත් නෑ..ඔව්,ඒ නිසා අපි තමා ඉවසගෙන ඉන්න ඕන..මේ පැත්තේ ආවට ස්තුතියි..:D
@ලහිරු
අනිවා..ඒකනේ මේ දැන්ම පුරුදු වෙන්නේ.. ඔයා කමෙන්ට් කාලේ බාගෙටද?...මේ පැත්තේ ආවට ස්තුතියි..:D
@ගැමියාගේ පත් ඉරුව
පව් අනේ එහෙම කරන්න එපා.ළමයි මල වගේ.ලොකු අය ගාව තියෙන විසකුරු අදහස් ළමයි ගාව නෑ..මොනා කලත් එයාලා අහිංසකයි..
ම්ම්ම්.. ලස්සනද? ඔයාලා එහෙම කියන එකත් මට සතුටක්...ඔව් ඔව්..ඒකනේ දැන්ම පුරුදු වෙන්නේ:D
අදයි මම මේ පැත්තට ගොඩ උනේ.. පොඩි එවුන්ගේ වැඩ නම් ඔහොම තමයි..
ReplyDelete@Dinesh
ReplyDeleteහ්ම්ම්..ඒ දඟ වැඩ දකිද්දී මටත් ආයේ පුංචි කාලෙට යන්න තිබුනා නම් කියලා හිතෙනවා.මේ පැත්තට ආවට ස්තුතියි. :D
බලන්න ඔයාගේ අය්යා මොන තරඟ හොඳ වැඩක් ද කරලා තියෙන්නේ.දැන්ම ඕවට පුරුදු වෙන්න ඕනේ ජයවේව!..
ReplyDeleteඔව් ඔව් ඒක තමා මම මේ පුරුදු වෙන්නේ... අපේ අයියා කොහොමත් ඉතින් හොඳයි තමා.. කොමෙන්ටුවට ස්තුතියි. :D
ReplyDeleteහාහා...වෙලාවට මම කොල්ලෙක් වෙලා ඉපදුනේ,,බලපංකො ළමයි!!
ReplyDelete@Dulitha Samrrea
ReplyDeleteඑහෙම තමා අනේ..ඒත් ඉතින් ඔය තරම් නිදහසක් හැමදාම හම්බෙන එකක් නෑ සහෝ.. :D මේ පැත්තට ආවට ස්තුතියි..
අනේ පොඩි ළමයි ෂෝයි.
ReplyDelete@වර්ණා
ReplyDeleteෂෝයි තමා..මාර ෂෝයි... :D
//පොඩි ළමයි ෂෝයි//
ReplyDeleteඅඬන්නෙ හෙම නැතුව ඉන්නකන් ...හෙහ්...හෙහ්... :-)
@Observer
ReplyDeleteකියලා වැඩක් නෑ ඔබා මාමෙ ඒ වෙලාවට නළවන්න අම්ම අප්පා ඉන්න තැන් වලින් ඇදන් එන්න ඕන අපි...
පොඩි එවුන් එක්ක ඉන්න තියෙනවා නම් මරු. ආයේ දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ. එවුන් කරන පිස්සු වැඩ දිහා දවසක් උනත් බලන් හිටියෑකි.
ReplyDelete@මධුරංග
ReplyDeleteඇත්ත අයියේ, ඒක නම් එහෙම තමා. දඟලනවා දඟලනවා ඇති වෙනකල් දඟලනවා.. බලන් ඉන්න ආසයි.
පට්ටම මෙව්ව එක ඈ... මටත් ඕය කට්ට කාල හොදට පුරුදුයි, අපේ නංගිල තුන් දෙනාම මට ඔය රුග් එක දීල තියෙනව, බාලම එකී තාමත් මට ඔය රැග් එක දෙනව... පොඩි එවුන් කියන්නෙ පොඩි එවුන්ට නෙව... හැක් හැක්... කතාව මාරම ගති, ජය වේවා..!!!
ReplyDeleteවෙලාවට අපේ ගෙදර බාලයා මම...නැත්නම් මටත් ඔය සබ්බුව හම්බෙන්න ඉඩ තිබුනා. අය්යාගේ පොඩි උන් මෙහෙ නෙමේ නේ ඉන්නේ.. ස්තුතියි සහෝ. ජය වේවා!!!
ReplyDeleteමීට පස්සෙ පොඩ්ඩො ආවම ඇඳට ඉටිරෙද්දක්වත් එලල බෙඩ් ශීට් එලන්න. සමහර ගෙවල් වලට ගියාම කාමර ගඳ ඇයි කියල ඔයාට දැන් තේරෙනව ඇති නේද?
ReplyDelete@ඊ මේල් කවිකාරි
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්... තේරුණේ දැන් තමයි... මේ පැත්තේ ආවට ස්තුතියි. (උපදෙසටත් එක්කම... :D )
ඔව්ව නැනලාගේ යුතුකම් හා වගකීම් හා අනාගත ආයෝජන. පොඩි උන් එක්ක වැඩ කරන හැටිත් දැන්ම තියල පුරුදු වෙලා ඉන්න එක හොදා. හික්.. හික්.. හැක.. හැක ..හික්
ReplyDeleteමොකද බොලේ, හිනාවෙන කැත... හික් හික් හැක හැක හික්...!!! :( ඔය නෑනලගේ වගකීම් හා යුතුකම් මම කලේ 10 වසරේ ඉඳං මචෝ....
ReplyDeleteමෙහ්..... මට ශෝක් අදහසක් ආව.... මමත් කවද හරි මැරි කොරපු දවසකට එනව ඔයාවත් අපේ ගෙදර එක්කන් යන්ට...... වැඩිය නෑ... දුසිම් බාගයක් විතර හදන්ට කියලයි බැලුවෙ....
ReplyDelete:D
හා හා එන්නම්කෝ.... මේ මටත් කීයක් හරි ගෙවන්න වෙයි වැඩ කොරල දෙනවට හරි? පිනට වැඩ නෑ... :D
Delete