සිනාසෙමි මම..
හඬනු බැරුවා නොව නවත්වනු බැරි නිසා
ඔබ එයි කියා නොව දකින්නට
හෝ ලැබෙයි කියා
ඔබ දෙස බලමි මම..
ඔබ සිනා සෙයි කියා නොව
අහක නොබලනු ඇතැයි සිතා
බලාපොරොත්තු ඇති කර
ගනිමි මම..
මා ගැන නොව ඔබ මගේම වෙයි
කියා
ජීවත් වෙමි මම..
මැරෙනු නොහැකිව නොව මැරුනොත්
ඔබ මට නැති වේය කියා
තවම ඔබ ගැන සිතමි මම..
අමතක කරනු නොහැකිව නොව
ඔබ මගේ ජීවිතය නිසා
හිත හදා ගනිමි මම..
ජීවිතය තව දුර නිසා
කොහොමහරි අන්තිමට හිත හදාගත්ත නම් එච්චරයි....
ReplyDelete@Kasun
ReplyDeleteඔව් අයියේ.. හිත හද ගත්තා මම. නොලැබෙන දෙයකට ආසා කරලා හිත රිද්දගන්න බෑ තවත් මට.
හ්ම්ම්
ReplyDeleteකොහොමහරි හිත හදාගෙන නේ
හ්ම්..ඇත්ත සිදු වීමක්ද? ලස්සනයි....
ReplyDeleteමේකට උත්තර විදියට මම ලියපු නිසදැසක් දාන්නම් ඊළගට
ReplyDeleteසිහිනෙක කිමිද ඔබ ගැන සිතපු.....
ReplyDeleteකාලේ ගෙවිලා
නොසිතුව විලස මා නෙතු ගාව.....
කදූළු පිරිලා
ඔබ යලි හැරිලා
මා දෙස බලලා
එන හැටි දුවලා
මවා සුසුම් හෙළුවා........සිහිනෙන්
තේමාව:-ආදරය එන්නේ ඉබි ගමනින් ඒත් අපි හිතන්නැති වෙලාවට ආදරය පියඹන්නේ අපිට හිතාගන්නවත් ඉඩක් නොතියා.ඒතට අපිවත් ඒ ආදරයවත් පලි නෑ.මොනා උනත් ඒවා දරාගෙන අපි ජීවත් වෙන්න ඕනේ....
සැලෙන්න එපා අක්කේ ජීවිතේ රස වෙන්න මේ දේවල් අවශ්‍යයි.ලියන්න දිගටම එතකොට දුක අඩුවෙනවා කියලා මම දන්නවා
ජය වේවා
මොකද මේ ඔයාට වුනේ.පැමිණෙන දුක පැණි රසයි බෝ සතුන් සිතුවො .එහෙමයි බුදු බණේ තියෙන්නේ
ReplyDeleteආ ඒක නෙමෙයි කොහොමද නංගිගේ රිසල්ට් එහෙම...හොඳින් සමත් වෙලා ඇති කියල හිතනවා..:)
ReplyDeleteගොඩක් ලස්සනයි...
ReplyDelete@මහිම මධුරංග
ReplyDeleteඔව් අයියා,හිත හදාගත්තා..
@සයුරි
ReplyDeleteඔව් අක්කෙ,ඇත්ත සිදුවීමක් තමයි.දැන් ටිකක් කල් හැබැයි..ඒකනේ කිව්වේ "හිත හදා ගනිමි මම" කියලා.රිසල්ට් මම ඔයාගේ මූණු පොතට එවන්නම් අක්කෙ.
@ගැමියාගේ පත් ඉරුව
ඔව් මල්ලි,අපි නොසිතපු වෙලාවක අපි ලඟට ඇවිත් නොසිතපු වෙලාවක අපිව දාලා යන ආදරේ ගැන මම දැන් හිතන්නේ නෑ.. හිත හදා ගෙන ඉවරයි.
ඔයාගේ නිසදැසත් ගොඩාක් ලස්සනයි.ඔව් මම දිගටම ලියනවා.එතකොට දුක තුනී වෙවී.
ජය වේවා!
@අසරණයා
අද ඊයේ වෙච්ච දෙයක් නෙමේ අයියේ දැන් ටිකක් කල්.ඉතින් බෝ සතුන් එහෙම සිතුවාට අපිට දුක දැනෙනවනේ,අපි බෝධිසත්වයො යැයි.. කොහොමත් ගියා දේ ගියා..ඒ දේ මට අයිති නෑ..
@හර්ෂ එම්. හේරත්
මේ පැත්තේ ආවටයි කමෙන්ට් කලාටයි ස්තුතියි සහෝදරයා..ඔයාලා කියවන නිසානේ මම ලියන්නේ..
මොනවාහරි කරලා දෙයියනේ කියලා හිත හදා ගත්තා නම් එච්චරයි. මොකද හිතක් කඩලා දාලා ගිය එකාවත් එන්නේ නෑ අන්තිමේදි ඒ හිත හදන්න. තමන්ම තමයි තමන්ගේ හිත හදාගන්න ඕනේ.
ReplyDeleteකතාවටත් කියන්නේ තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා.
හ්ම්ම්... ඒක තේරෙන්න ටිකක් පරක්කු උනා. ඒකයි තාම හිත දුක් වෙන්නේ.. ඒත් ඒ හිතුවිලි වලට ඉඩදෙන්නේ නෑ මම.. අලුත් අවුරුද්දක්.අලුත් ආරම්භයක්... මේ පැත්තේ ආවටයි කොමෙන්ටුවටයි ස්තුතියි අයියේ.:D
ReplyDeleteඔව්වා ඔහොම තමයි... මොනා කරන්නද බන්
ReplyDelete@වර්ණා
ReplyDeleteහ්ම්ම්.. කරන්න දෙයක් නෑ බන්, හිත හදා ගන්නවා මිස...
හ්ම්............ලස්සනයි..
ReplyDeleteස්තුතියි... කොමෙන්ටුවට වගේම ෆලෝ කරාටත්. ජය වේවා!!!
ReplyDeleteහ්ම්...මොනවා කියන්නද හිතා ගන්න බැ..
ReplyDeleteතවම ඔබ ගැන සිතමි මම..
අමතක කරනු නොහැකිව නොව, ඔබ මගේ ජීවිතය නිසා
හිත හදා ගනිමි මම..
ජීවිතය තව දුර නිසා
බොක්කටම වැදුනා....
හිතුවාට මම තවම ඔබ ගැන
සිහින ලෝකෙක තනිවෙලා
වෙනත් කෙනෙකුගේ සුරත අරගන
ඔයා යන්නට ගිහිල්ලා .........
ස්තුතියි... බොක්කෙන්ම ලිව්වම බොක්කට වදිනවා නේ..? ඔයාගේ කවියත් හුඟක් ලස්සනයි රෙප් මහත්තයා..:)
ReplyDelete//අමතක කරනු නොහැකිව නොව ඔබ මගේ ජීවිතය නිසා
ReplyDeleteහිත හදා ගනිමි මම..
ජීවිතය තව දුර නිසා//
නියමයි ශානි!! අවසානෙදි විය යුත්තෙ ඕක තමා.. හිත හදාගන්න එක..
මේ පැත්තට ආවට ස්තුතියි යාලුවේ... හ්ම්ම්, හිත හදා ගත්ත තමයි.. ආයෙත් එන්න, ජය වේවා!!!
Deleteඅලුත් ලිපියෙ කොමෙන්ටුවෙන් තමා මේ පැත්තට තල්ලුවෙලා ආවෙ.. බොක්කටම වැදුන..
ReplyDelete“හිත හදා ගනිමි මම..
ජීවිතය තව දුර නිසා...“ මෙන්න මේ ටික නම් කාට කාටත් ආදර්ශවත්.. ජය ශ්‍රී..!!!
බොක්කටම වැදුනා නම් එච්චරයි.. :) ජය වේවා මල්ලි!!!
ReplyDeleteඔයා ලියපු නිසදෙස් වලින් මට නම් එලම මේක...
ReplyDeleteහ්ම්ම් වැඩියම නිසඳැස් ලියන්නේ නෑ මම... බුකියෙත් පොඩි කවි (වගේ) කෑලි දානවා... ස්තුතියි..!!!
ReplyDelete