මේ වෙලාවෙ ඒ අදහස හොඳින්ම ඒත්තු ගැන්වෙන සිංදුවක් විදියට මට මතක් උනේ චන්දන ලියනාරච්චි මහත්මයාගේ ප්‍රේමය ලොව හැම තැනම ඇතී.. කොයි තරම් ඇහුවත් එපා නොවෙන, ටිකක් පරණ උනත් හැමදාටම වලංගු ලස්සන සිංදුවක්... ඔන්න මම සිංදුවෙ වචන ටික දැම්මා.. කැමති කට්ටිය බලන්ඩකො..
ආදරේ කියන්නේ හරියට දුකයි සතුටයි දෙපැත්ත ගහපු කාසියක් වගේ. කොයි පැත්ත පෙරලෙයිද කියල බිම වැටෙන කල් කියන්න බැහැ.. මම ආදරේ නිසා තාමත් විඳවනවා.. තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරන එක තමයි ආදරේ.. අවුරුදු ගානක් ආදරේ කරල කරල ඒ මත්තෙ නැහිල කසාද බැන්දට පස්සෙ වෙනස් වෙන නෝනල මහත්තයලා කොච්චර නම් ඉන්නවද ඒ වගේම කිසීම දෙයක් නොදැන යෝජිත විවාහයකින් විවාහ වෙලා දරු මල්ලොත් හදාගෙන බොහොම අපූරුවට ජීවිතේ ගෙනියන අහිංසක අම්මල තාත්තලත් එමටයි..පෙර ආත්මෙ කරපු පින් පව් අනුව ඒ දේවල් වෙනව ඇත්තෙ..
මම ඔය ආදරේ නිසා ගොඩක් දුක් විඳපු කෙනෙක්.. ඕනාවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියන එක තමා ආදරේ ගැන මම දරන අදහස. මොකද ආදරේ කරන තරමට නැති උනාම දැනෙන වේදනාව වැඩි නිසා.. කව්රුත් ආදරේ කරන්න ඕනා,ආදරේ ලබන්න ඕනා.. මම නෑ කියන්නෙ නෑ.. ඒත් බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක්.. වැරදි කෙනෙක් ජීවිතයට ළං කර ගත්තොත් නම් ඉතින් ජීවිතේම දුකේ තමයි... ජීවිතේ විඳින්න හැමෝම ආසයි විඳවන්න කවුරුත් කැමති නෑ...ඒ නිසා කාටවත් දුක් දෙන්න,හිත් කඩන්න,බොරු සෝබනේට නම් ආදරේ කරන්න එපා.. අන්තිමට ආදරේ කරපු එකත් දුක් විඳිනවා,ලබපු එකත් දුක් විඳිනවා.
කොලු කෙලි වයසට ආදරේ ගැන හිතෙනව.. ඒක සමහරවිට උසස් පෙළ කරද්දි පටන් ගත්තා වෙන්න පුලුවන් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ කරද්දි පටන් ගත්තා වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ඊටත් කලින් වෙන්නත් බැරි නෑ. ඒ කොයික උනත් මම නම් අනුමත කරන්නේම නෑ. ඉස්කෝලෙ යනකල් හීනලෝකෙ පාවි පාවි ඉඳී.. විභාගෙ ළං උනාම තරු පෙනෙයි.. ප්‍රථිපල ආවම තරු විසි වෙයි... මටත් ඒ වගේ තරු පෙනුනා..
ලියන්න ගත්තෙ ඊයෙ.ඒත් දැන් තමයි ඉවර කරන්න වුනේ..
මේක මට facebook එකේ හම්බවුන එකක්.. කියවන ඔයාලගෙ අදහසුත් දැනගන්න මම කැමතියි..
ලිව්වෙ shani වෙලාව 01:24 AM
හ්ම්ම් ඔන්න අදයි මම මේ පැත්තට ගොඩ වුනේ. හැමදාම ඔන්න මම එනවා.හුරේ මම 1
ReplyDeleteආදරේ කරලා දුක විදින කෙනෙක් මමත්. එත් බොලද ආදරයක් නෙමෙයි. එකයි තාම ඒ මතකයන් හිතෙන අයින් කරගන්න බැරි..
මෙහෙම වෙන වෙන්නනම් ඇයි හමුවෙන්නේ කියලා හිතෙනවා මට.
ජිවිතේ ආදරේ කරගතහොත් මම අද ජිවතුන් අතර නැහැ. ඒ නිසා සහෝදරිය අපේ වෙන්න ඕනා යුතුකම් ගැන හිතන්න දැන්. එක නරක හීනයක් කියලා අමතක කරන්න උත්සහා කරන්න. මටත් බැහැ. එත් මම උත්සහා කරනවා.
බොරුවට ඉස්කොලේයන කාලේ කොල්ලෝ කෙල්ලෝ ජෝලියට කරන ආදරය , එයාලට කවදාහරි ඒවලට ප්‍රතිවිපාක විදින්න සිද්දවෙයි කෙනෙක්ව රවට්ටනවානම්..
මම වෙන්න ඇති මේ බ්ලොග් එකේ පලවෙනි සාමාජිකයා. මමත් බ්ලොග් අවකාශයට අලුත්. එත් උදව්වක් ඕනානම් මුණු පොතේ මගේ නම හොයලා ඇඩ් කරගෙන ඕන උදව්වක් ඉල්ලන්න. ජය නියතයි...
මුලින්ම word verification අයින් කරමු,.
ReplyDeleteGo to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න
පට්ටා ඈ...
ReplyDelete@වර්ණා..
ReplyDeleteවර්ණා අක්කට ගොඩාක් ස්තුතියි කරපු උදව්වට....ඔන්න ඔයා කියපු විදියට මම ඒක කළා..ඔව් අක්කෙ මම දැන් ජීවිතය,ආදරය තේරුම් ගනිමින් ඉන්නවා..ඒකට උත්සහ කරනවා...බ්ලොග් එකේ පළවෙනි සාමාජිකයා ඔයා වීම ගැන මට සතුටුයි...
@කම්මලියා
ස්තුතියි සහෝ!පළවෙනි පෝස්ට් එකටම ඔයලගෙ කමෙන්ට් ලැබීම ගැන මට ගොඩක් සතුටුයි...
හොදයි දිගටම ලියන්න
ReplyDeleteඅපි ඉන්නවා කියවන්න
@වර්ණා
ReplyDeleteඅනේ අක්කා මට ඔයාගේ නම මූනුපොතේ හොයාගන්න බෑනේ..ඇඩ් නම් කරගන්නම ඕනා......
@මහිම
ReplyDeleteස්තුතියි සහෝ..! දිගටම ලියන්න තමයි මාත් හිතන් ඉන්නේ..මේ කමෙන්ට් තමා මාව ලියන්න පොළඹවන්නෙ..
https://www.facebook.com/profile.php?id=100003067309307&ref=tn_tnmn
ReplyDeleteඔන්න මම
Thank you අක්කා..
ReplyDeleteබ්ලොග් අවකාශේ යෝධයෝ අතරේ අසරණයා බ්ලොග් එක කරනන් ලිලිපුට්ටගෙන් උණුසුම් සුභපැතුම් හැමදාම ලියන්න ජයෙන් ජය!!
ReplyDelete@අසරණයා
ReplyDeleteසුභ පැතුමට ස්තුතියි සහෝ... අනිවාර්යයෙන්ම ලියනවා..
ෂා ආරම්භයම හොඳයි... ඔහොම යමු... ආදරයෙන් කටු කාපු හිත් ඇතුලෙ හොඳ කතා ගොඩගැහෙන බව මමත් ඔන්න දන්නව... සුභ ගමනකට සුභ පැතුම්!
ReplyDelete@චරිත්
ReplyDeleteසුභ පැතුමට ගොඩක් ස්තුතියි සහෝ...! ළගදීම ඊළග එක ලියනවා මම..
කලින් ඇවිත් ෆලෝ කරලා ගියාට දැන් තමයි හරියට කියෙව්වේ. ඔය විදියටම තමයි මාත් පටන් ගත්තේ. දිග ගමනකට අපෙන් සුභ පැතුම්!
ReplyDeleteහ්ම්ම්ම්.. සහෝදරී පෝස්ට් එක දාලා තියෙන්නෙත් පුදුම දවසක.. මගේ ආදරේ මට නැති උන දවසෙම.. මමත් දැන් පරක්කු වැඩියි...ඔන්න මගෙනුත් සුබ පැතුම්.. දිගටම කියවන්නම්.. දිගටම ලියන්න.. ජය!
ReplyDelete@කසුන්
ReplyDeleteස්තුතියි අයියෙ සුභ පැතුමට... ටික ටික හෙමීට කරගෙන යන්න හිතාගෙන ඉන්නවා..ඒකට ඔයාලා තමයි උදව් කරන්න ඕනා..
@යසයා
ස්තුතියි සහෝදරයා.. ඔයාට වගේම ඒ දවස මගේ ජීවිතේටත් ගොඩක් සම්බන්ධ දවසක්..අනිවාර්යයෙන්ම මම ලියනවා
හා හපුරා කියලා මමත් ඔයාගේ හිත ලඟ නැවතුනා ඕන්..
ReplyDeleteලොව හැමතැනම ඇති
සියල්ලෝම දැක විඳ ඇති
නමුත් කිසිදා කිසිවෙකුට
නොතේරෙන ආදරේ..
සත්තමයි මට නම්
මහ කරදරේ.. ;)
හිතට ආපු අදහසක්.. වැඩිය හිතට නොගත්තට කමක් නැ. ලිපිය හොඳයි.. ජය වේවා..
@Red Riding Hood
ReplyDeleteහරි හරි මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ ඕන්.. මේ පැත්තට ආවට ස්තුතියි අක්කේ.. :D
ඔන්න මාත් දිගටම කියවන්න සෙට් උනා. ඔන්න වෙන ඈයෝ වගේ ටික කාලයක් ලියලා ආයෙම නොලියා ඉන්න එපා. අපි ඕ ගැන විමසිල්ලෙන් ඉන්නේ.
ReplyDeleteඑහෙනම් බ්ලොග් කළාවේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා සුබ පතනවා.
@මධුරංග
ReplyDeleteහරි හරි අයියා..නොලිය ඉන්නවා නෙමේ.. මම ලියනවා. කියවනවා නම් ලියන්නම්කො ඉතින්.මේ පැත්තට ආවට සහ සුභ පැතුමට ස්තුතියි සහෝදරයා..
ආදරයක් තියෙන්න නම් වෙනසකට හරි පොඩි වලියක් තියෙන්න ඕනේ. නැත්තම් එකේ කිසි ආතල් එකක් නැ. පොඩි කාලේ ඉදන් ලව් කරලා හරි යෝජනා කරලා කසාද බැදල හරි ඒ විදියට සන්තෝසෙන් ලව් කරගන ඉන්න අය කොච්චර ඉන්නවද? මොනවා කර ගත්තත් හිතේ සතුට තියෙනවා නම එච්චරයි (පෙර ආත්මෙ කරපු පින් පව් අනුව තමා ඒ දේවල් වෙනව ඇත්තෙ..)
ReplyDeleteහික් හික් ඔව් ඔව් ... පොඩි වලියක් නැතුවත් කිසි ජොලියක් නෑ තමා අෆ්ෆා... ඒත් ඉතින් හැමදාම වලි දැම්මොත් කචල් නෙ.. ඔය පෙර පින් පෙර පව් ඔක්කොම බෞද්ධ අයට තමා අනේ, කතෝලික උන් මොනා කලත් පෙර පිනුත් නෑ පෙර පවුත් නෑ.. සංසාරේ සංසාරේ..
ReplyDeleteඔන්න පටන් ගත්ත තැනටම ආව.. හොඳ ආරම්භයක් අරන් තියන්නේ.. :)
ReplyDeleteස්තුතියි අයියා මුලටම ආවට.... දිගටම එන්න ඇවිත් යන්න..
Delete