විඩාපත් ගත සුසුම් ලන විට
දුරු ගමනෙ හුදකලාවේ...
කවුළුවෙන් එන සිහිල් පවන්
රොදට
වසඟ වී නටන අකීකරු
කෙහෙරැල්ල
ගෙනෙයි මුවගට සිනා
කැන් ළපටි ...
මොහොතකට පහව ගිය විඩාවේ
ඇසිල්ලකින් සිත දුවන අතීතය....
සිතින් පොඩි එකෙකු වී මා
අම්මාගේ ඇකයේ උණුහුමට
තුරුල් වී....
ගොසින් ආයෙමි පුංචි සවාරියකුත්
දැහැනින් මිදී එළඹි කළ
ලොවට පියවි
ශේෂ විය මගේ නෙත් මායිමේ
පුංචිම පුංචි සීතල එක
කඳුළු බිංදුවක්...
යළි නොඑන හුරුබුහුටි කාලේ
සිතින් විතරයි පෙනෙන්නේ...
**********
අතීතය සිහිනයක් පමණයි
ReplyDeleteහ්ම්ම්... සිහිනෙන් හරි අතීතයේ ඉන්න මම ආසයි.. අද ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නෙ ඔයා.; කොමෙන්ටුවට ස්තුතියි !!!
Deleteයළි නොඑන හුරුබුහුටි කාලේ...හ්ම්ම්..
ReplyDeleteඒකනේ අක්කෙ... එනවා නම්... :(
Deleteමම නම් හරිම හොරයි කවි කියවන්ඩ.. වස කම්මැලි වැඩක් මට ඕක..
ReplyDeleteපස්සේ එන්නම් වෙන එකක් කියවලා යන්ඩ.
අපොයි කවියක් කියවන්න ඔතරම් කම්මැලිද? කමක් නෑ ආපු එක සතුටක්.. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට..
Deleteලස්සනයි ශානි නංගියේ.. අපි කවුරුත් කැමතියි ඒ පොඩි කාලේ ආයෙම එනවනම්..
ReplyDeleteඑන්නේ නෑනේ ඉතිං.. මක් කරන්නද?
Deleteහරිම ලස්සනයි ශානි අක්කේ.අතීතයත් වර්තමානයත් එක්ව තනන්නාවූ අනාගතය ඇත්තේ අතීතය පදනමක් කොට ගෙනමය.මුල අමතක කරන්න හොඳ නැහැ නෙ
ReplyDeleteස්තුතියි... කතාව ඇත්ත... මුල අමතක කරලා වැඩ කලාම හරියන්නේ නෑ.. වැරදෙනවාමයි...
Deleteඅපි හැමදාම ජීව්ත් වෙන්නේ අතීතයත් එක්කයි නංගො .
ReplyDeleteහ්ම්ම්ම් සුන්දර අතීතය...ආසයි නේද අක්කෙ
Deleteෂා.. නියමයිනේ කවි පොඩ්ඩ! වදින්න ම ලියලා තියෙනවා, ඇඬෙන්නැති එක විතරයි!
ReplyDeleteමටත් සීතල කඳුළු බිංදුවක් උණපු එකේ .. එහෙම නොවී තියේයැ...
Deleteම්... මතක් වෙද්දිත් අාසයි! :)
ReplyDeleteඒක තමයි...!!!
Deleteඅලේ... ඒ කාලෙට යන්න ඇත්නම්.... මොනවා කරන්නද තාම ටයිම් මැශින් හදලා නෑ නෙ..
ReplyDeleteමාත් නිතරම මනෝගහන වෙලාට්‍වට මතක් කරන්නෙ ටයිම් මැෂීන් තිබුනනං කියල. පරණ ගොංකං අතාරින්න.
Delete@ නිසුපා & රාජ්
Deleteඑහෙම එකක් හොයාගත්තොත් මට කියන්න ඈ.. මාත් එනවා යන්න...
ගෙවෙන හැම තත්පරයක්ම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හිතුවොත් ආයෙත් හුරුබුහුටි කාලෙට යන්න ඕන වෙන්නෑනෙ..
ReplyDeleteහරි ඉතිං එහෙමයි කියල ඔයා ආසා නැද්ද හිතින් වත් පුංචි කාලෙට යන්න....
Deleteමාත් හරිම ආසයි ඔහොම හීනයක් හරි බලන්න තියෙනවනම්. කාලය හරහා යන්න තියෙනව නම් අම්මෝ කියලා වැඩක් නෑ. කෝ මේ මිනිස්සු වැඩක් නැති දේවල් හොයා ගන්නවා මහන්සි වෙලා මෙහෙම එකක් හෙයා ගන්නෑනේ.
ReplyDeleteඒකනේ අක්කෙ බලන්නකෝ.... තාම තාක්ෂනේ එතරම් දියුණු නෑ වෙන්ටැති.... හීනයක් උණත් සුන්දරයි...!!!
Deleteයාපනය අත්දැකීමක් වගේ!:P
ReplyDeleteනෑ නෑ...එව්වා පසුවට... :D
Delete//යළි නොඑන හුරුබුහුටි කාලේ
ReplyDeleteසිතින් විතරයි පෙනෙන්නේ...//
සිරාවටම ශානියෝ!!! :(
එහෙමවත් පේනවනෙ නේද හිතූ... සැනසෙන්න එයම මදැයි..!!!
Deleteඅතීතය සිහිනයක් පනයි
ReplyDeleteසබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොඹැඳුනා නම්
මෙදා වියොවක් නෑ
ඔහොම කිවුවට කවුද පුංචිකාලෙට ආස නැත්තෙ.
ඒක නේන්නම්... පුංචි කාලේ තරම් සුන්දර කාලයක් ආයේ ජීවිතේ නෑ..
Deleteලෝබ හිතෙන අතීතයක් ලස්සනට පද ටිකට ගලපල..හරිම ලස්සනයි..
ReplyDeleteලෝබ නොහිතෙනවා නම් තමා පුදුම... ස්තුතියි !!!
Deleteපුංචිම කාලෙට ආයි ගියොත් එහෙම දනගහන් චක්කරේ පාඩං කරන්න වෙනව... අම්මගෙන් ගුටිකන්නත් වෙනව :)
ReplyDeleteඅයියෝ... සාතන් අයියට අම්ම ගැහුවද චක්කරේ පාඩම් කරද්දී... මටත් චක්කරේ පාඩම් කෙරෙව්වේ නම් අම්ම තමා.. හැබැයි ජීවිතේටම ගහල තියෙන්නෙ එකම එක පාරයි.. :)
Deleteසිතින් ඇවිද යමි මම
ReplyDeleteඅතීතය වෙත
ගතින් යන්නට නොහැක
ඒ දුර
ආයමත්...
තනිව ඇවිදිමි, විඳිමි
ඒ මතක යළි යළිත්
මා බාල කාලේ...
කවියට කවියෙන් පිළිතුරක්... දැන් නම් ආයෙත් කවියක් ලියන්නට නම් බැහැ... ඔබතුමා ෆේස්බුක් හරහා සම්බන්ධ කර ගැනීමට කැමතියි.. කැමති නම් මෙතනින් එන්න
Deleteසිරාවටම ලස්සනයි
ReplyDeleteඑවුනට සතන් අයියා කියපු කේස් ඒක තමා අවුල :)
හයියෝ මෙන්න ඉන්නවා තවත් කෙනෙක්... ගුටි කෑවත් පොඩි කාලෙට යන්න ආස නැද්ද අෆ්ෆා... ෂෝක් නේ..
Deleteපුංචි සන්දිය හරි සුන්දරය් තමය් :)
ReplyDeleteඔන්න මල්ලිත් මගේ පැත්තට... ඒකනේ.. ආයේ එන්නෙ නෑනේ... ඉස්කෝලෙ ගිහින් ඉවර උනාමත් ඕකම තමා...
Deleteපුංචි කාලෙට යන්න තියෙනවනම්.රස්සාවක් කරන්න ඕනේ නැහැ.තාත්ත හම්බකරන දෙයින් අම්ම උයල දෙන කෑමෙන් කිසි වගකීමක් නැතුව කුරුල්ලෙක් වගේ ඉන්න තිබුනා.
ReplyDeleteඑතකොට මම....??? ම්ම්ම් කිරිල්ලියක් වගේ ඉන්න පුළුවන් මට... තාම නම් එහෙම තමා ඉන්නේ..:))
Deleteබොහොම ලස්සනයි නංගි....මේ ඒක නෙවෙයි කෝ මට තල් හකුරු.....
ReplyDeleteඒවා ඉවරයි නෙ අයියේ... ස්තුතියි ඈ... ඒ ගැන පෝස්ට් එක පසුවට
Deleteපුංචිම පුංචි කාලෙයි පාසල් කාලෙයි කියන්නේ අමතක කරන්න බැරි සෑහෙන්න මතකයට එකතු වෙන කාලයක් ඒත් කවමදාවත් ආයේ අපිට ඒ කාලයට යන්න බෑ ටයිම් මැෂිමක් තිබ්බනම් කියලා හිතෙනවා සිරාවටම.. ස්තූතියි අක්කේ
ReplyDeleteඇයි මල්ලි ස්තුතියි කිව්වෙ... කතාව ඇත්ත... ඉස්කෝලෙ කාලෙත් මේ වගේම තමා.. ගිහින් ඉවර උනාම තමා ආස හිතෙන්නේ වැඩිපුරම... ඔයා හදන්න ටයිම් මැෂිමක්.. මම එන්නම් අතීතෙට යන්න..:)
Deleteදුක තමයි රංජනී කිව්වලු.:( ඒව ඉතින් දැන් මතක් කරන්න විතරයි තියෙන්නේ.
ReplyDeleteරංජනී.. ඒ කවුද ඒ??? මතක් කරලා හරි සතුටු වෙන්න පුළුවන් අතීතයක් තියන එක කොයිතරම් හොඳද නෙ... දුක් වෙන්න එපා ඉතිං... හිනා වෙලා ඉමුකො අපි... :)
Delete//අම්මාගේ ඇකයේ උණුහුමට තුරුල් වී....//
ReplyDeleteලෝකෙම ප්‍රශ්න අමතක වෙන මොහොතක් නේද.....
නැතුව නැතුව... ඒ ටිකම මදැයි... මම නම් දැනටත් එයා එක්ක යද්දී ඔහොම තමා...
Deleteචුටි කාලේ තරම් සුන්දර කාලයක් තවත් කොයින්ද. මට මටහ්කයි මම 3 වසරේ ඉන්නකොට අපි ගියා මහියංගනේ වැද්දෝ බලන්න. වැදි ළමයි ටිකක් එක්ක මගේ පින්තුරයක් මන් ගාව තාම තියෙනවා. අපේ කට්ටිය මට විහිලු කරනවා වැදි ළමයින්ගෙයි මගෙයි වෙනසක් නෑ කියලා :D
ReplyDeleteඑහෙනම් ඔයා 3 වසරෙදි කොහොමද කියල මට හිත ගත්තහැකි... (විහිලුවට..!!!) ඇත්තමයි කෙල්ලේ... ආයේ එනවා නම්... ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන්නෙ ඒක තමා..
Deleteයළි නොඑන පුංචි කාලේ............(සුසුමක්)
ReplyDeleteසුසම් තමා දැන් හෙලන්න තියෙන්නෙ... මක් කරන්නද?
Deleteචූටිකාලේ..
ReplyDeleteහ්ම්............ඇත්තටම ආයෙ එනවනම්...එක මොහොතකට හරි.....
පුදුම විදියට දැනෙනව අක්කියෝ......
මටත් දැනෙනවා නගා... අවුරුදු 22 ක් උණත් දැනටත් මම කොහෙහරි යද්දී අම්මගේ ඔඩොක්කුවෙ නිදාගෙනම තමා යන්නේ... ආසයි ඒකට හුඟාක්.. මම බාලයා නිසා කවුරුත් මොකුත් කියන්නෙත් නෑ..
Delete//යළි නොඑන හුරුබුහුටි කාලේ//.....අපි හැමදාමත් ආදරෙයි ඒ කාලෙට...ඒ කාලෙනම් ජීවිතේ මෙච්චර බරක් පීඩනයක් දැනෙන්න් නැහැනෙ...ලස්සනයි ඒ කාලෙ...හරිම සැහැල්ලුවෙන් ගෙවුනු අතීතයක්....:(
ReplyDeleteලස්සන පෝස්ට් එකක් යාලු...අම්මගෙ ආදරෙ ගැන කියවුන කොටස ගොඩක් හිතට දැනුනා.....
ආසයි නේද අතීතයට පියාඹන්න.. කුරුල්ලෙක් උනා නම් ඉක්මණට ගිහින් එනවා.... :)))
Deleteඅම්ම තරම් වටින වස්තුවක් තව තියෙනවද? මේක ලිව්වෙ අම්ම ගැන කියන්න නෙමේ.. එයා ගැන ලිව්ව නම් ඉවර කරන්න වෙන්නේ නෑ...
ඒ කාලේ තමා ඒ කාලේ..
ReplyDeleteශානි ගෙ හිත කවි හිතක් වෙලා නොවැ.. ;)
මේ කාලේ නෙමේ ඒ කාලේ..
Deleteඇයි අපි කවි ලිව්වම නරකද??? :)
සිහිනෙන් ගෑ සුවඳක් වාගේ....
ReplyDeleteඅක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් කෑල්ලට...
Deleteසිහිනය සුවඳයි සැමදා... :)))
යන්නට ඇත්නම් බාල කාලයට
ReplyDeleteසාමා අමරව හමුවෙලා එන්නට
සුදු ටීචගෙ රස කතා අහන්නට
මගෙ හෝඩිය අමතක නෑ මට
ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා... ආයෙමත් එන්නෙ නෑ අපි කොච්චර ආසා උණත්....
Deleteඔන්න මම ජයග්‍රාහී 65වන කොමෙන්ටුව දානව, සමාවෙන්ට ඕනෑ මේ පැත්තට එන්න පරක්කු වුනාට. පෝස්ට් එක කලින් කියවල තිබුනෙ, කොමෙන්ටුව වැටෙන්නෙ දැන්... වෙරි සොරි හොඳේ... මීට පස්සෙ වෙලාවට එනවා කොමෙන්ටුවක් දාන්න... මම කවිය දැක්ක ගමන් කියවන්න පටන්ගත්තෙ අක්කගෙ පරණ ලව් සීන් එක ඔලුවෙ තියාගෙන, හත්වලාමේ කියවල බලද්දි අක්කට පොඩිකාලෙ මතක් වෙලානෙ... හැක්...හැක්... කවිය මැදට එනකොට ඒත් මම කල්පනා කොලා දෙයිහාමුදුරුවනේ අම්මට තුරුල්වෙලා කොල්ලට ලව් කරනවද කියල,,,, හැක්...හැක්.... කවි පේලි හමාර වෙන්න අවසාන සැතපුම් කණුව අසලදි තමයි වැඩේ හරියටම සෙන්ටිමෙන්ටල් වුනේ... පට්ට කවිය... මම මුල ඉඳන් නොමග ගියපු නිසා, තව පාරක් හරිමග ඉඳන් කවිය කියෙව්ව... ජය ශ්‍රී...!!!!
ReplyDeleteඅලේ... මොන පරක්කුවක්ද මන්ඩි මලේ.. කියවන බව දන්නව ඔයාලා... පුළුවන් වෙලාවක ඇවිත් යන්න එන්ට..
Deleteඅනේ අනේ හැමදාම ඒක ගැනම කවි ලිව්ව හැකිද මලේ.. පොඩි කාලේ නොවුණත් ගෙදර පොඩි එකී වීම නිසා තාමත් ඔය වගේ තමා... හි හි.. අම්මට තුරුල් වෙලා අම්මගෙ ආදරේ විඳිනවා...
ස්තුතියි කොමෙන්ටුවට.. අන්තිමට හරි තේරුණා නම් එච්චරයි නේ... දෙපාරක්ම කියෙව්වට ආයෙමත් ස්තුතියි... ජය වේවා!!!