අද
ඉස්කෝලේ කතාවක් කියන්නයි යන්නෙ මම... ඉස්කෝලේ කිව්වට ඉස්කෝලෙම නෙමේ,ඉස්කෝලේ යන
කාලේ වෙච්ච එකක්... මේකෙ ප්‍රධාන චරිත දෙකයි. මමයි මගේ යාළුවයි. එයාගේ නම සඳලි... දැන් ඉතින් සඳලි කවුද කියලත් කියලම හිටියනම් තමා හොඳ..
සඳලි
කියන්නෙ මම එක වසරෙදිම අඳුර ගත්තු යාලුවෙක්. ඒ දවස් වල ඉඳන්ම චිත්‍ර අඳින්න, නටන්න,
සිංදු කියන්න මේ හැම එකකටම එයා දක්ෂයි. ඉතින් ඒ වෙද්දි මගේ හොඳම යාළුවා සඳලි නෙමේ
උණත් ගොඩාක් හොඳ යාලුවෙක් වෙලා තමා හිටියේ. 5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු
පැත්තට යද්දි අපි දෙන්න පන්ති දෙකකට වැටුණේ. එයා D මම F ..(ලොකු පැත්තයි පොඩි පැත්තයි වෙන් උනේ මහා පාරෙන්. දැන්
නම් ගුවන් පාලමකුත් තියෙනවා) 11 වසරට වෙනකල් අපි දෙන්න මුණ ගැහුණේ අතිරේක විෂයකට
කරපු Commerce
ඉගෙන ගනිද්දි විතරමයි. යටගිය අපේ යාළුකම ආයෙත් අලුත් වුණේ සාමාන්‍ය පෙළ ඉවර වෙලා
උසස් පෙළට ආවම අපි දෙන්නම එක පන්තියට අහු වුණ නිසයි....
සඳලි
කියන්නෙ සුදු බෝලෙ වගේ ලස්සනම ලස්සන කෙල්ලක්. දකින ඕන කෙනෙක්ට ආපහු හැරිල බලන්න
තරම් හිතෙන ලස්සන කෙල්ලෙක්. කොල්ලො සෑහෙන්න ඒකිට කෙළ හල හල උන්නත් ඒ හැම
බලාපොරොත්තුවක්ම කඩ වුණේ ඒකි O/L පන්තියෙදීම කොල්ලෙක් එක්ක යාලු උන එකෙන්. (තාම
ඒකම තමා) සඳා හිනා වෙද්දිත් හරිම සිරියාවයි.
2009 අවුරුද්දෙ මුල හරියේ.. ඒ කියන්නෙ ජනවාරි අග තරම් සඳලි අපේ ගෙදර නැවතිලා පාඩම්
කරන්න ආවා. (2009 කියන්නෙ මම විභාගෙ කරපු අවුරුද්ද) අපි දෙන්නම එකම මට්ටමේ වගේ තමා උන්නේ.. ඉතින්
විභාගෙට ඇඩ්මිෂන් දෙනකල්ම අපි දෙන්න පාඩම් කලේ අපේ ගෙදර.. එයාලගෙ ගෙදර පාඩම්
කරන්නත් අමාරුලු.. මොට්ටිසෝරි යන නංගි බබෙකුත් හිටියනෙ.
ඒ දවස්
වල අපි ඉස්කෝලෙ ඇරිල ආවෙ බස් එකේ. ආයේ බස් එකෙන් බැහැලත් පයින් විනාඩි 10ක්
විතර ඇවිදින්න තියෙනවා ගෙදර යන්න. ඕන නම් විනාඩි 15 ක් කරන්නත් පුළුවන්. මගේ වේගෙට විනාඩි 10 යි..
කියව කියව එන්න ගියාම විනාඩි 10 නිකන්ම 15 වෙනවා..ඇවිත්
පටාස් ගාල ඇඟ හෝදගෙන පොත් දිග ඇරගෙන දෙන්න හරි හරියට පාඩම්. ෂෝර්ට් නෝට් ගහනවා,
එකෙක් අනිකට පාඩම් කරපු එව්ව පාඩම් දෙනවා එක විකාරයයි.. බයෝ නම් කොහොමත් අපි
දෙන්නට අවුලක් තිබ්බෙ නෑ. සඳාට අමාරු කෙමිස්ට්‍රි. මට පිකිස්.. ඒ විෂයන් දෙකට තමා
වැඩි අවධානය දුන්නෙ.
එදා
අඟහරුවාදා දවසක්. අපි දෙන්නටම පන්ති නෑ. පුරුදු පරිදි ගෙදර ඇවිත් පාඩම් කරන්න පටන්
ගත්තා.මට මතක හැටියට කාබනින රසායනය ෂෝර්ට් නෝට් වගයක් හද හදා උන්නෙ.. ටික ටික
හවස් වුණා... රෑටකාල ටික වෙලාවකින් සඳා ඇඳට ගියා ඔලුව රිදෙනවා කියල ... (ආහ්.. කියන්න අමතක උණා කලින්, හැමදාම අම්මගේ කාමරේ නිදියන මට තාවකාලිකව චූටි අයියගෙ
කාමරේ ඩබල් ඇඳට ට්‍රාන්සර් එකක් හම්බුණා සඳා නිසා) ඉතිං මම තනියම පාඩම් කලේ..
අපේ
අම්ම ඇවිත්
“ඇයි ඒ ළමය ඇඳේ?” කියල
ඇහුව.
“එයාගෙ ඔලුව රිදෙනවා කිව්ව”
කියල මම අම්මට කිව්වා.
අම්මා
මට කෝපි ගෙනත් දුන්න උණු වතුර බෝතලයක් පුරෝලා.. හූ හූ... සඳාට නෑනෙ කියල මාත් ඉතිං
සුට්ට සුට්ට ඇද්ද 12.30 විතර වෙනකල්... ගෙදර කස්ටිය 11
වෙද්දි නිදි... තනියම පාඩම් කරල කම්මැලි කමටත් එක්ක මම පොඩ්ඩක් නිදිත් මතේ උන්නෙ..මෙන්න
බොලේ හෙවණැල්ලක් පේනව පාඩම් කරන තැනට.. ටික ටික ලං වෙනව. මට දැන් බයයි බයයි වගේ..ඔන්න ටිකකින් බැලින්නම් සඳා ඇහැරලා !!! ඒ කියන්නෙ මේකි නිදාගෙන තියෙන්නෙ බොරුවට,
ඔලුව රදේ කිව්වෙ බොරුවට.. දෙයි සන්තෝ මෙහෙමත් එකියක්.. අච්චර වෙලා ෆෝන් එකෙන් මල් කඩ
කඩ ඉඳලා.. රහසින්.. ඇඳට වෙලා. මම අහරෙ පොත් එක්ක ඔට්ටු වෙද්දි.. දැන් මට
නම් නිදි මතයි හොඳටම.. මෙයාට එළියට යන්න ඕනලු කතා කරන්න. මළ හත්ඉලව්වයි... මේකි
දන්නවයි අපේ ගෙදර දොරවල් වල යතුරු, අගුලු ගැන..
මම
ඉතිං කෝකටත් කියල චූටි අයියගෙ කාමරේ ජනේලේ ඇරලා දාල ඒකිව එළියට දාල දොර වැහුව.
“ඉවර උනාම කතා කරහන්”
“යකෝ ගිහින් දොර ඇරපන් මම එලියෙ”
කියල.. එතකොට තමා නිදි මත පලා ගිහින් වහා සීනි කෝන් එක මීටර් උණේ.. මේකි මට ගහල තියෙන්නෙ ජම්බු ගෙඩියකින්.. :) මම හොරා වගේ සද්ද නොකර
ගිහින් පිටිපස්ස දොරේ අගුල් ඇරලා එක්කන්
ආවා කෙල්ලව. ආව ගමන් සඳා ඇඳට වැටුණා. මම ලයිට් එක දාල බැලුවා වෙලාව, පාන්දර එකත්
පහු වෙලා. මට දැන් හරි සන්තෝසයි...ලයිට්
එක නිමලා මාත් ඇඳේ ඇල උණාට අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් නින්ද ගියේ නෑ.. ඒ මදිවට
පහුවදා පිකිස් ප්‍රායෝගික පරීක්ෂණයක් ලියාගෙන එන්නත් කිව්ව. ඒක කරල තිබ්බෙත් නෑ
අපි.. ඉතිං අපි දෙපල කතා උණා පහුවදා ( නියම විදියට නම් එදා දවසෙ) ඉස්කෝලෙ නොගිහින්
ඉන්න. ලයිටුත් නිවාගෙන නිදා ගන්නෙත් නැතුව එලි වෙනකල් කල් මැරුවා.. පාන්දර 5 විතර
වෙද්දි අපි දෙන්නම ඇඳෙන් නැගිට්ටා. මම කිව්ව අම්මට අද ඉස්කෝලෙ යන්නෙ නෑ ගෙදර ඉඳං
පාඩම් කරනවා කියලා.. අම්ම මොකුත් කිව්වේ
නෑ.. අපි හවස 2
විතර වෙනකල් පාඩම් කළා. හවස 3ට අපි දෙන්නටම පන්ති. පංතිත් ගියා වෙලාවට ලෑස්ති
වෙලා.
හ්ම්ම්... මේ විදියට පාඩම් කිරීමේ ප්‍රථිපලය වුණේ .... එක්කෝ ඒක ඕන නෑ...
හ්ම්ම්... මේ විදියට පාඩම් කිරීමේ ප්‍රථිපලය වුණේ .... එක්කෝ ඒක ඕන නෑ...
දැන්
කස්ටිය කියයි මේක මට උනු වැඩක් කියලා.. පළවෙනි පාර එක්සෑම් කරලා ප්‍රතිපලත් ආවට පස්සෙ තමා දෙයියනේ කියල මට ෆෝන් එකක් අරන් දුන්නේ..
ප.ලි- සඳා
දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය පාටමාලාව
හදාරන පළමු වසර සරසවි කෙල්ලකි.
මගේ යාළුවා පව්නේ.. ඒ නිසා නම නම් මනඃකල්පිතයි...
කොල්ලෝ වගේම තමා නේ
ReplyDeleteඑහෙම වෙන්න එපැයි ඉතිං..
Deleteහප්පොච්චියේ ඔයා මහ රෑ ඒ ළමයව එළියට දාල දොර වැහැව්වද?කරල තියෙන වැඩක්.
ReplyDeleteඉස්කෝලෙ කතා කියවන්න ගොඩක් ආසයි.ලස්සනට ලියල තියෙනව යාලු.ලත කල කල කියෙව්ව.....හික්.
ඔව් අනේ දොර වැහුව තමා... නැත්නම් අපේ ගෙදර කවුරුහරි බැරි වෙලාවත් නැගිට්ටනම් එහෙම, දොර ඇරලා නිදා ගත්ත කියල මට ගොඩාක් ප්‍රශංසා කරන්න ඉඩ තිබුණා...
Deleteඉන්න ඉන්න තව ඉස්කෝලේ කතා ඉස්සරහට... හි හි..
ආපහු පාසල් කාලෙට ගියා වගේ දැනුනා . මල් කඩන්න ගියම වෙලා යනවා තේරෙන්නෙත් නෑ නේද ?
ReplyDeleteමම මොනවත් කියන්නේ නැහැ...
Delete@ගිම්හානි
Deleteතව පාසල් මතක තියෙනවා.. ටික ටික ලියන්නම්කො අක්කෙ.. අක්කටත් තියෙනව නේ එක්ස්පීරියන්ස්... මොනා උණත් හැබැයි ඇත්ත කතාව..
@අසරණයා
මොනා කියන්නද? ඔයා මල් කඩලා නැද්ද කියල ඇහුවම හරිද මන්ද?
මම හිතුවේ අපි විතරයි ඔහොම වැඩ කරන්නේ කියලා.. ඔවුනේ ඉතින් අපි රෑට ඔහොම මල් කඩද්දි අනිත් අයත් ඉතින් එහෙම වෙන්න එපැයි..
ReplyDeleteඇයි අනේ ඒක සර්ව සාධාරණ ධර්මතාවයක්නේ.... :) දෙගොල්ලොම ඔහොම තමා.. රෑට නෙ ලේසිම...
Deleteහොඳා හොඳා පාඩම් කිරිල්ල...
ReplyDeleteඒකනේ අක්කෙ... හොඳටම පාඩම් කොළා...
Deleteමේකෙ මාතෘකාව කෙමිස්ට්‍රි පාඩම වුනේ කොහොමද බන්.... හැබැයි මටත් දිරවපු නැති විශයක්... තාම දන්නෙ නෑ මැත කරපු මට මොන මඟුලට කෙමිස්ට්‍රි ඉගෙනගන්න වුනාද කියල...
ReplyDeleteකෙමිස්ට්‍රි පාඩම උණේ එදා රෑ පාඩම් කළේ කෙමිස්ට්‍රි නිසා බං...මට ඊට වඩා පිකිස් තමා අවුල. ඕකම මටත් හිතුනා බයෝ අපිට මොටද පිකිස් කියල..මොන මඟුලට හරි දැන් ඉගෙන ගෙන ඉවරනේ...
Delete// කාමරේ ජනේලේ ඇරලා දාල ඒකිව එළියට දාල දොර වැහුව.
ReplyDeleteඈ...බොලේ.. මෙහෙම වෙන්නේ කොහොමෙයි? හෆෝයි... මෙහෙමත් කෙල්ලො, අපි හිතන් හිටියෙ කෙල්ලො රෑට තනියම එලියට යන්න බයයි කියලනේ!!!!!
හික් හික්... ඒ ඉස්සර අනේ... දැන් කෙල්ලො බය කළුවරට නෙමේ එළියට... ජනේලේ අරින්නේ නිදා ගත්ත නම් ඒකි මට දෙහි කපයි අයියෙ.. :)
Deleteඒ ශානියෝ මම සහෝදර ප්‍රේමෙට අහන්නේ තාමත් සදා අර වගේම ලස්සනද ඈ..
ReplyDeleteයස් ඔෆ් කෝස්... ඉස්සර වගේමයි... හරිම හැඩයි...
Deleteඅපි හොඳයි නේ බලන් යනකොට! දැන් මේ කියන නංගිත් පස්සෙ කාලේ එහෙමද දන්නේ නෑ.;)
ReplyDeleteහා.... ඔයාල හොඳයිද? පස්සෙ කාලෙ එහෙම කරන්න උණේ නෑ අෆ්ෆා... මම අනිත් පාර එක්සෑම් කරද්දී අම්ම රෑට පාඩම් කරන්න දුන්නෙ නෑ.. කවුරුත් ආවෙත් නෑනේ.. :)
Deleteහික්ස්ස්.... මරු වැඩනෙ කරන්නෙ...:D හැබැයි මහ රෑ ජාමෙ එළියට යන්න නම් බය හිතෙනවනෙ??:D
ReplyDeleteහික්ස්ස් තමා... මරේ මරු... ඔයා බයයිද හිතූ... මම නම් චුට්ටක් බයයි වැඩිය බය නෑ..:DD
Deleteආදර්ශවත් චරිත දෙකකි. :)
ReplyDeleteඅපි නේ..ආයෙත් අහලා... :)
Deleteමෙයා ඉතිං මේ පාර කැම්පස් යනව නොවැ..
ReplyDelete//පාටමාලාව// මොන පාටද දන්නෙ නැහැ නේද ශානියෝ.. "පාඨමාලාය" 'ට' යන්න ශිෆ්ට් එක සමග ගසන්න.. ;)
බලමු කොහේ යන්න වෙයිද කියන්න බෑ...
Deleteඒක රත්තරන් පාටයි අනේ... ස්තුතියි සෑමෝ.. පස්සෙ ගැසුවාම පාඨමාලාව හරියට ආවා:)
වෙද ගෙදර මහ වෙදනා,ආයුර්වේද වයිද්‍ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් හැටියට,මේ ඔබේ අවධානය යොමු කල යුතු කරුණකි...
ReplyDeleteඅපිට බයෝ & කෙමිස්ට්‍රි දෙකම ඕ/එල් ඉගැන්නුවෙ එකම ටීච [1960 ගණන් වල මේ කියන්නෙ] අපි ටීචට කිව්වෙ 'මුණ කචල් #ක හුරතල් ' කියල
හි හි... මහ වෙදනා මහත්තය මෙහෙ නොඑන නිසා හොඳයි..!!! ශ්..... කියන්නෙ එහෙම නෑ ඔබා මාමා...
Deleteඕ/එල් වලටත් බයෝ & කෙමිස්ට්‍රි තිබුනද? හ්ම්ම් හ්ම්ම් අනේ පව් ටීච...
මටත් ලාවට මතකයි පාඩම් කලාවගේ.
ReplyDeleteදැන් ගොඩක් කල් නෙ නේ... ලාවට හරි මතකයි නම් කමක් නෑ..
Deleteමට නම් ඔය කණ්ඩායම් පාඩම් කිරිල්ල අල්ලන්නේ නෑ.
ReplyDeleteතනියම 11 වෙනකන් පාඩම් කරන එක තමා හරි යන්නේ. එලි වෙනකන් පාඩම් කලත් ඔලුවට වදින්නේ නෑ !!!
11 වෙනකන් පාඩම් කලා ! ඊට පස්සේ ටීවි එක දාගෙන බැලුවා. ඔය කාලේ තමා ඔලුව නාලිකාවෙන් එක එක වැඩසටහන් දැම්මේ. ගෙදර කට්ටිය නිදි නිසා ඒවත් බලන්න චෑන්ස් එක වැදුනා !! හික්ස් :)
ඔය පාඩම් කිරිල්ල තිබ්බේ 2009 විතරයි... ඊට පස්සෙ මම තනියෙන්... මාත් 11 වෙනකල් පාඩම් කළේ.. ටීවී නම් බැලුවෙ නෑ, නිදාගත්තා... :)
Deleteකෝ මම දාපු ක්මෙන්ට් එක වැටිල නෑනෙ.
ReplyDeleteකෝ අනේ එහෙම එකක් නෑනෙ..ස්පෑම් වලත් නෑ.. මම බැලුවා... :(
Deleteහික් හික්.... පව් ශානි අක්කා.. :DD
ReplyDeleteඔව් අනේ... මම පව් නේන්නම් නංගා... :))
Deleteහලේ හොඳා හොඳා............
ReplyDeleteමම නම් තවම හවුලේ පාඩම් කොරලා නැත.
හි හි... කොරන්ටත් එපා... තනියම කරද්දී ඊට වඩා හොඳා...
Deleteඅපෝ මෙයාල මහ නෝටියොනෙ අපි නම් වැඩ කරා අම්බානෙක ඔය වගේ කයිය ගහනවද පාඩම් කරන්න සෙට් වුනාම මේ පිස්ස දිහා බලලවත් හැදෙන්නකො අප්ප.
ReplyDeleteආ.... කයිය ගහන්නෙ නැතුවම ඇති කස්ටිය... පිස්සා දිහා බැලුවට පේන්නේ නෑනේ..ඒකනේ අවුල...
Deleteමං නං ජීවිත කාලෙටවත් රෑ දහයෙං පස්සෙ නැගිටල ඉඳල නෑ :D :D :D
ReplyDeleteයාලුවට සුභපැතුම්! :)
ඔන්න යාලු බොරු කියනෝ... එහෙනම් මූණු පොතේ ඉන්නේ... ආ.. ඒ කාලේ වෙන්ටැති... :))) හා හා මම කියන්නම්කො.. !!!
Deleteඅපි නං ඔය කාලේ පාඩං වැඩ විතරයි..මල් කැඩිලි ගැන දන්නෙවත් නෑ ඒ කාලේ...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් බොහොම හොඳ ළමයි වගේ..(ඉස්සර) මල් කඩන්න ඒ කාලේ ෆෝන් තියෙන්න නැතුව ඇති...
Deleteහිකිස්.......අපි නම් ඉතින් ඒ කාලෙ වගේම මේ කාලෙත් ඔහොම්මම තමයි...
ReplyDeleteඅනේ අනේ.. තාම එහෙමලු... මම කියනවා ගෙදරට........:) හි හි..
Deleteහිහිහී.. යාළුවෙක් හිටියා මල්කඩන්න රෑට එළියට යන්න බය නැති.. අනිත්වෙලාවට රෑට යන්න බය..
ReplyDeleteදෙන්නම ලබන අවුරුද්දෙ මැරිකරන්න යනවා කියලා තමයි ආරංචිය..
අෆරාදෙ නෙව ජනේලය ඇරලා නිදාගත්තෙ.. :D
හයියෝ ජනේලේ ගැන නම් කියල වැඩක් නෑ... නැත්නම් සඳා මාව සෑහෙන්න වර්ණනා කරන්න ඉඩ තිබුණා... යාළුවො දෙන්නට මගෙනුත් සුභ පැතුම්..!!!
Deleteරෑට මල් කැඩුව කිව්වේ ??:-/
ReplyDeleteසේපාලිකා මල් වෙන්ටැති!හිකිස් :DD
ආ... ඔව් ඔව් සේපාලිකා මල් තමා..:))) රෑටනෙ පිපෙන්නේ.. හිකිස් හිකිස්.. :))):...
Deleteවෙලාවට ඉස්කොලේ යන කාලේ ඔය ෆෝන් එකක් කියන ජාතිය දැකලවත් නැත්තේ
ReplyDeleteනැත්නම් අකාලයේ මගේ නින්ද විනාස කර ගන්නවා අපරාදෙ නින්ද
එක පාරක් කරපු වැඩේ ආයේ කළේ නෑ... අනිත් අවුරුද්දෙ රෑට හොඳට නිදා ගත්තා... කොහොමත් ඉතිං ඉගෙන ගන්න කාලේ නිදි මරන්නම වෙනවනේ හොඳට පාඩම් කරන්න...
Deleteයාළුවො දෙන්න මරැ වැඩනෙ කරලා තියෙන්නෙ.
ReplyDeleteඅපි පළවෙනි පාර පාඩම් කලේ පන්සලෙ. හැබැයි ඔය පෝන් තිබුනෙ නෑ. කන බොන එක තමා වැඩියෙන් කලෙ.
අපිට ඉතිං මොන පන්සල් ද? කෙල්ලො නෙව...
Deleteමට තිබ්බෙත් නෑ මල්ලී පළවෙනි පාර කරද්දී..
මටනම් පාඩම් කරල පුරුද්ද තිබුනේ තනිවමයි. යාලුවොත් එක්ක සාකච්ඡා කරල පාඩම් කරන්න ගියාම පාඩම වෙනුවට වෙන වෙන දේවල් තමයි කතා කලේ.
ReplyDeleteතේරුණේ...දැන් තමයි වගේ වැඩක් නෙ උණේ... ඊළඟ පාර ඒක නිවැරදි කර ගත්තා...
Deleteමල් කඩන්න යාළුවව එලියට යැව්වා වගේ නෙමෙයි කවුරුහරි යාළුවව ඇදගෙන ගියානම් එහෙම ඔයා දන්නෙත් නැහැ
ReplyDeleteඇයි ඉතින් යාළුවා මර නින්දේනේ :))
අනිවා, යකා ගැහුවත් මම නම් දන්නෙම නෑ තමා... මේ පැත්තේ ඇවිත් යන්න ආවට ස්තුතියි ඈ..
ReplyDeleteඇත්තටම ඔයාගෙ යාලුවා මාරයිනෙ..රෑ 12 ට විතර එලියෙ ඉඳන් මල් කඩන්න..අම්මෝ මතක් වෙද්දිත් බයයි.. :D
ReplyDeleteඕව හෙන සාමාන්‍ය දේවල් අක්කේ.. ගණන් ගන්න එපා... දැන් ළමයි එව්වට බය නෑලු !!!
ReplyDeleteමල් නෙලීමටම උපන් යාළුවෙකි..:)))
ReplyDeleteඅපට එහෙම යාළුවෝද සිටිති... :))))
Delete