සඳ,
අසනු නොමැන මාගෙන්
නිහඬ ඇයි මගෙ සඳ කියා...
මා නිහඬ වූවා නොවසැවොම නුඹ සඳ ගොළු කළා...
එනමුදු
සිටිය නොහැක මා හට නිහඬව
මෙසේ පද වැල් බඳිමි
එහෙයින් නුඹේ නමට....
හැඬුමට අවැසි මුත්
නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්
කියන්නට කිසිවෙකු නැති නියා....
අසන්නට කිසිවෙකු නැති නිසා...
(සිතුවිල්ලක් පමණිම නෙවෙයිද මන්ද...)
ප.ලි - අපේ ගෑණු ළමයි සෙට් එකගේ බ්ලොග් එක පැත්තෙ යන්නත් අමතක කරන්න එපා... මේ තියෙන්නේ ලින්ක් එක..
අනිත් එක, ඔයාල පරිඝනක ගැන තමන්ගේ දැනුම වැඩි කර ගන්න කැමති නම් මේ පැත්තෙත් ගිහින් බලන්න... ඊට අමතරව ඔයාල දැනගන්න කැමති දේවල් කමෙන්ටු හැටියට ලියන්න... පිළිතුරු ලැබේවි..
හැඬුමට අවැසි මුත්
ReplyDeleteනැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්
කියන්නට කිසිවෙකු නැති නියා....
අසන්නට කිසිවෙකු නැති නිසා...
මේ ටිකේ මටත් ඕහොමමයි..:(
මම කියන්න ගියෙත් ඔ්කම තමා!
Delete@හිතුවක්කාරී
Deleteඅනේ හිතූ, ඒ මොකෝ.... එහෙනම් අපි දෙන්නම අඬමු.... :(
@තනි අලියා
ඈ අලියෝ... මොකෝ අලියට උනේ???
හිතූ කිව්ව වගේ මටත් ඔහොමම වුනා.
Deleteඒ පද ටික හිතට වැදුනා.
ලස්සනයි
@අපිවගේ
Deleteඅප්පච්චියේ... මල්ලිටත් එහෙමද...
අගය කළාට ස්තුතියි...
කිසිත් නොකියමි මේ ගැන මම :(((
ReplyDeleteඅනේ අපොයි.... කිසිත් නොකියා කොහොමද???? :(((
Deleteමට කවි වැඩක් නැහැ බං.. කියපි කොහෙද බොල හැංගිලා හිටියේ ?
ReplyDeleteඑහෙම කියන්න එපා සෑමෝ.... හැංගිලා නෙමේ... සදහටම නැති වෙනවට වඩා මෙහෙම හරි ඇවිත් යන එක ගැන සතුටු වෙන්නකෝ... :(
Deleteඅනේ මන්දා!!
ReplyDeleteඇයි ඒ අනේ මන්ද???
Deleteඅරුත සොයන කවිය නම් අගය කල යුතුමය. කෙටි කවි පන්තියක් වුව එයින් මතු කරන අදහස නම් සුළු නොවේ.
ReplyDelete"නුඹ සඳ" යන පද දෙක ඊට යොදා නොතිබුණා නම් එහි වටිනාකම මැනිය නොහැකි තරමට ඔබේ හැකියාවත් කවි සිතත් පිරිපුන්ව පවතිනවා නිසැකය. ඒත්
"හැඬුමට අවැසි මුත්
නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්
කියන්නට කිසිවෙකු නැති නියා
අසන්නට කිසිවෙකු නැති නිසා"
මේ කොටස නම් විශ්ෂ්ඨ බව නොකියා කොහොමද?
ඇත්තෙන්ම මා තුළ කවි ලිවීමට නිසඟ හැකියාවක් නෑ... පාසල් කාලයේදී යහළුවෙකුගේ සමරු පොතක ලිවීමට පවා පද ගළපා ගැනීම මට බොහෝ අසීරුයි... නමුත් දැන් නම් ටිකක් විතර ඒ අපහසුව මඟ හැරිලා... මම හිතට එන හිතුවිලි සියල්ලම ඔහේ සටහන් කරනවා පමණයි...
Deleteඔබේ විචාරය මගේ මේ කුඩා කවි පන්තියට ආලෝකයක්...
බොහොම ස්තුතියි...
ගොළු සඳක් කල කඳුළු කවිකම්
ReplyDeleteමී ගොඩයා ඉන්නේ මීගොඩ වෙන්න ඕන.. මට මී ගොඩ කිව්වම මතක් වෙන්නේ සුනාමියෙන් නැති වුණු මීගොඩ හාමුදුරුවෝ...
Deleteහ්ම්ම්ම්.. ගොළු සඳක් කළ කඳුළු කවිකම් තමා...
මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි යාළුවා...
"හැඬුමට අවැසි මුත්
ReplyDeleteනැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්
කියන්නට කිසිවෙකු නැති නියා....
අසන්නට කිසිවෙකු නැති නිසා.."
:'(
කෝ බොල කමෙන්ට්...??? :( විතරද?
Deleteහහ් කට්ටිය ගැන්සියකුත් හදන් තියෙන්නෙ..
ReplyDeleteමගේ පරණ ඔෆිස් එකෙත් ඔහොම කෙල්ලො ගැන්සියක් හිටියා.. අපි ඒකට කිව්වෙ " කුටු කුටු ගැන්සිය " කියලා.. කොයි වෙලේ බැලුවත් මුල්ලක් අල්ලන් කට්ටිය කුටු කුටු ගානවා. අනුන්ගෙ රෙදිම තමා හේදුවෙ.. හරි ලාබෙට වැඩේ කළා.. :-)
ජයම පතමි !!!
කෝ කවිය ගැන මොකුත් නෑනේ....
Deleteඉන්නකෝ ඉතින්... මම ඒකේ 9 වෙනියා... තාම ලිව්වේ නෑ මම....
ටැංකු ටැංකු..!!!
ගෑනු කියන්නේ මැරෙන තුරා පලි ගන්න ජාතියක්
ReplyDelete!!!!!!!!!
Deleteමාර වැඩේ.කෝ ඒත් ගහල නෑනේ කාගෙවත් ඇගේ පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න කියලා.
Deleteහැබැයි පිරිමි නම් ඕක ගහපු ටී එහෙම ඇදන් යනවා.:D
අමුතුවෙන් ගහනං දෙයක් නැහැ. දැක්ක ගමන තේරුම ගන්න පුළුවන්.
Delete@ඔක්කොටම
Deleteපිරිමිත් එහෙම තමා.... හිතං ඉන්නේ බෝධිසත්වයො කියල වෙන්ටැති.... :P
ඔන්න මමත් කියෙව්වා. ඒත් කියන්න දෙයක් හිතට ආවේ නෑ. ජය...!
ReplyDeleteඈ.... ඒ මොකෝ ඒ.... කවි ටික අස්පට් ද???.... කියෙව්වට ස්තුතියි!!!
Deleteකියන්නට කිසිවෙකු නැති නියා....
ReplyDeleteඅසන්නට කිසිවෙකු නැති නිසා...
අයියෝ මෙහෙම කියන්නේ ඇයි..මේ අපි ඉන්නෙ..;)
ලස්සනයි..
ඒක නේන්නම් අක්කේ ඔයාලට කියන්නේ.... :)))
Deleteස්තුතියි ඈ....
මේ අපි ඉන්නෙ! දැං නාඩ ඉන්...න
ReplyDeleteඒක තමා ඔයාලට කිව්වේ..... හරි හරි අඬන්නේ නෑ.............................
Deleteඒක තමා ඇත්ත තමා
Deleteකියන්න මුකුත් හිතට එන්නේ නැ නේ :(
ReplyDeleteඅයියෝ....ඔයාටත් එහෙමද? ඇයි අනේ මගේ කවිය හොඳ නැද්ද?
Deleteඕවා අපට කිව්වට වැඩක් නෑ බං. අර පල්ලෙහා ඉන්නේ මැරෙනතුරු පලිගන්න එක්කෙනෙක්. එයාට කිව්වා නම් විසදුම් ලැබෙයි :((
Deleteඅඬන්න එපා නවලන්ඩ කවුරුත් නෑ!!!
ReplyDeleteනවලන්ඩ කට්ටිය බල බලා අඬන්න බෑ අනේ....!!!
Delete(සිතුවිල්ලක් පමණිම නෙවෙයිද මන්ද...)
ReplyDeleteමලා......... :0
සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!
හ්ම්ම්ම් හ්ම්ම්ම්.... එහෙම තමා.... :(
Deleteටැංකු ටැංකු....
//..හැඬුමට අවැසි මුත්
ReplyDeleteනැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්..//
ලස්සන පද ටිකක් අනු....
ස්තුතියි ඔයාට මේ කොමෙන්ටුව දාල ගියාට.....
Deleteහැමදාමත් මුනිවත රකින හඳෙන් ඔය ප්‍රශ්නෙ අහල වැඩක් තියෙයිද?
ReplyDeleteවැඩක් නැති උණත් වෙන අහන්න කෙනෙක් නෑ අයියා....
Deleteකවුද දන්නේ ඔයාට එහෙම දෙයක් වෙලා කියල.
ReplyDeleteහිටි ගමන ඇවිත් පොස්ට් එකක් දාලා අයෙත් අතුරුදහන් වෙනවා.මොකද ඒ..
කවුරුත් දන්නේ නෑ තමා... මොනා කරන්නද?
Deleteඑහෙම කරන්න වෙලා තියෙනවා අසාර් අයියේ... නැත්නම් මෙහෙමවත් නැති වෙන්න ඉඩ තිබුණා...
දැන් කවුද ඔයාව නිහඬ කලේ?
ReplyDeleteඇයි අනේ අර කවියේ තියෙන්නේ... සඳ සඳ....
Deleteඅඩන්නට ඇත කඳුලු
ReplyDeleteමඟ බලන්
අවසර දෙනතුරු
එලියට පනින්නට
කඳුල කොහොම අවසර දෙමිද
මම බයයි ලෝකයා හට
මගේ කවියට ඔයාගේ කවි පිළිතුරත් ගොඩක් ලස්සනයි... හැබැයි දැන් නම් මට කවි ලියන්න බැරියෝ..... :(
Deleteමගේ කවියට ඔයාගේ කවි පිළිතුරත් ගොඩක් ලස්සනයි... හැබැයි දැන් නම් මට කවි ලියන්න බැරියෝ..... :(
Deleteඅප්පටසිරි බූට් එකක් වත් වැදුනය :ඩ
ReplyDeleteබූට්.... හි හී.... මල්ලිත් මොනා කියනවද මන්ද? :))
Deleteමලා.....මොකැයි උනේ....
ReplyDeleteහයියෝ.... තාම කවුලුත් මලේ නැතෝ......
Deleteඅඩන්න හිත හැදේවි :D
ReplyDeleteපිටට පේන්න අඬන්න මම අකමැති යාළුවේ.... :)))
Deleteකියන්නට කිසිවෙකු නැති නිසා කියන්න කෙනෙක් හොයා ගන්න
ReplyDeleteඅසන්නට කිසිවෙකු නැති නිසා අසන්න කෙනෙක් හොයා ගන්න.
ඔහොම ඉඳල පලක් නෑ.
හ්ම්ම්ම්ම් පැතුම් කියන කතාව ඇත්ත....
Deleteමල් හැලෙන බ්ලොග් එකේ කඳුලු කවියක් ඇයි...?
ReplyDeletehenryblogwalker the Dude
එහෙම තමා... පිටින් පේන්නේ මල් හැලෙනවා තමා... ඇතුළ කාටවත් පේන්නේ නෑ.... :)
Deleteමම එක දෙයක් කියන්නද ගෑණු ලමයට? මට අද තියෙන්නෙ ගිය මාසෙ අද වගේ දවසක තිබිච්ච ප්‍රශ්ණෙ නෙවෙයි. එදා මම හිතුවෙ මගෙ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒකයි කියලා. නමුත් අද තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. ඒකත් පේන්නෙ ජීවිතේ ලොකුම ප්‍රශ්නෙ වගෙ තමයි. එතකොට එදා තිබ්බ එක. ඒකත් තියෙනවා, නමුත් ඒක දැන් ප්‍රමුභතා ලැයිස්තුවේ පහලව ගමන් කරලා.
Deleteමේක කිව්වෙ ඔයාගෙ ප්‍රශ්ණෙ අවතක්සේරු කරන්න නෙවෙයි. ප්‍රශ්න ඔහොමය් කියලා කියන්නයී.
henryblogwalker the Dude
ඔව්...අයියගේ කතාව ඇත්ත... වෙන කෙනෙකුගේ ප්‍රශ්නයක් දකින කල් අපි හිතන්නෙත් ලෝකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට කියල...ඒත් අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද කියල දැක්කම අපේ ප්‍රශ්න අමතක වෙනවා...
Deleteසම්පුර්ණයෙන්ම එකඟයි
මමත් හෙන්රි අය්යා වගේ ඒක අහන්නම් කියලා පහලට එනකොටම ඉතින් ඒක අහලානේ...
ReplyDeleteහ්ම්ම්ම් බුට් නම් නැහැලුනේ... ඒත් ඉතින් ඇයි මෙහෙම.....
මොනවට ඕවා ගැන හිතනවද?
හි හි.... ඔයා ලේට්.....
Deleteනෑ නෑ බූට් නෑ..... ඒත් ඉතින් එහෙම තමා... :))
නොහිතත් බෑ නේ අයියා....
අයියෝ ඇයි අක්කෝ අච්චර නම් තොගයක් කියද්දි එතන නැති නමක්ම දාගත්තේ.... මදෑ වෙච්චි මහන්සිය...
ReplyDeleteතව ගැන්සියකුත් හදලා මාරයි මට කාන්තා සමාජේ ගැන ලියන්න පට්ට අදහසක් ආවා ලඟදීම කෙටි කතාවක් විදියට දානවා... එතකං හිටුකෝ මේ කාන්තා විප්ලව කොයිබටද කියලා ජනතාව දැනුවත් කොරන්නංකෝ..
කවිය නම් සෑහෙන්න දුක්බර පාටයි ඒත් පුංචි පද පේළිවලින් සෑහෙන්න ලොකු අදහසක් දීලා තියෙනවා..
සිතින් හඬන්නට
නෙතු නොහඬන්නට
සඳ මෙතරම් ලං වෙන්න ඇති..
කඳුලැලි පිසදා
දොඩමළු වන්නට
සඳ තවමත් තව කැමති ඇති...
සෙනෙහෙ පුදන්නට
ආපසු යන්නට
කාලය නම් ඉඩ නොදෙනු ඇති...
ඒ හැම පරදා
නැගී සිටින්නට
හැකියාවක් නැති නොවනු ඇති...
වැටුනොත් නැගිටිමු යලි යලි නැගිටිමු අක්කෝ ජය වේවා....
මොනා කරන්නද මලේ උපන් නම එතන නෑ.... :( මහන්සිය අගේ කරනවා.... හි හි... ඔයා ලියන කෙටි කතාව බලන්න දැන් නොයිවසිල්ලෙන් ඉන්නේ... ඉක්මණට ලියන්න....
Deleteලොකු අදහසක් දෙන්න තමා මාත් හැදුවේ... ඉතින් එහෙම තේරුණා නම් මටත් සතුටුයි... හැබැයි දැන් නම් ඔයාගේ කවි පිළිතුරට කවියක් ලියන්න නම් මට බෑ මල්ලි....
වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙමු නේද? ඔයාටත් ජය වේවා!!!
අපොයි මම එනකොට ඔයා අඬලා ඉවරත් ඇති...ඒ හින්දා දැන් මුකුත් කියලා වැඩක් නෑ නේ...
ReplyDeleteහි හි ඔව් අක්කේ... දැන් ඉවරායි....
Deleteඅන්තිම ටික හුගක් හිතට දැනුනා නංගෝ...විබාගේ නිසා පොඩ්ඩක් වැඩ වැඩි උනා...පරක්කු උනානේ එන්න...:( ආදරය කියන්නේ දුකක්ම විතරයිද මන්දා..:( පිටතින් නොහඩුවත් හදවතින් අඩනවට වඩා හොදයි නංගෝ පිටතින් හඩලා හිත සැහැල්ලු කර ගන්න එක..
ReplyDeleteහිතට දැනුනා කියන්නේ මගේ උත්සාහය සාර්ථකයි නේද? කමක් නෑ අක්කේ පරක්කු වෙලා හරි ආවනේ.... ඒත් මම අඬන්නේ නෑ ඔන්න... :))))
Deleteසේරටම වඩා හිතට අල්ලලා ගියේ කවියට යටින් චූටි අකුරෙන් දාල තිබුන වචන හතර.. :-)
ReplyDeleteමම නෑවිත් හිටියේ නෑ, පුළුවන් වෙලාවට ආව හොඳද...
ම්ම්ම්ම්.... නරක නෑ.. අයිය විතරයි ඔහොම කතාවක් කිව්වේ.... :-)
Deleteහෑ හෑ කමක් නෑ... පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න.... මම තලහ නෑ.... (හැබැයි මොන්ටිසෝරිය නැවත්තුවොත් නම් තලහම තලහයි...)
ම්ම්ම්ම්.....
ReplyDeleteඈ සෝරෝ මොකෑ ම්ම්ම්ම්ම්.....
Delete//ඉදින් හඬමි මම
ReplyDeleteනෙතින් නොව සිතුවිලි වලින්//
ඇඩෙන්නම ලියල තියනවනෙ.... පු0චි වුනත් සිරාම කවිපෙලක්..
ඇඩෙනවා නම් අඩන්න අයියෝ.... ටැංකු ටැංකු.....
Delete"කියන්නට කිසිවෙකු නැති නියා....
ReplyDeleteඅසන්නට කිසිවෙකු නැති නිසා..."
සිත නිවෙන තුරු සැප දුක බෙදා ගනිමු මිතුරිය :)
ස්තුතියි මගේ යාළුවේ... දුක සැප කියන්නට ඔයාල ඉන්න නිසා තමා කියන්නේ....
ReplyDeleteදවසක හිතෙයි කවුරුවත්ම නැතුව තනිවෙන එක කොච්චර හොඳද කියල :)
ReplyDeleteඅනිවා මචං.++++++++++++++++++++++++++++++++++++++++++
Deleteතනිකම තරම් සුන්දර ආතල් දෙයක් තවත් නෑ කියලා මටත් දැනිලා තියෙනවා සමහර වෙලාවට. අරක කරන්න එපා මේක එපා. නීති මොකුත් නෑ, මයි කාර් මයි පෙට්‍රල් එල ....:D :D (Y)
හා හා ඉතින් අපිට මොකෝ? සාතන් අයියයි රෙපා අයියයි දෙන්නා ඕන දෙයක් කරගන්න එකනේ තියෙන්නෙ... :)
Deleteහ්ම්ම්... පිටට පේනවට වැඩිය දෙයක් කවියේ තියනවද කියලා හිතෙනවා. අනේ මන්ද.......
ReplyDeleteගොඩක් අය කිව්වා වගේ අන්තිම කෑල්ල නම් පට්ට ලස්සනයි.
තියෙනවා තියෙනවා එහෙම දෙයක් තියෙනවා :)))
Deleteලස්සනයි නම් කමක් නෑ......................................... ටැංකු ටැංකු