ලෝකෙට ආපු අය

Wednesday, April 10, 2013

අද හොඳම දවස - ඔබ එනවා නම්...

අද...2013.04.10 වෙනිදා... අද මගේ ජීවිතයේ සුවිශේෂී දවසක්... අවුරුද්දටම එක පාරක් එන ඒ දවස උදා වෙනවා... මොකක්දඒ තමයි මගේ උපන්දිනේ... J J J වෙලාව හරියටම උදේ 6.32ටලු.. මාව හම්බවෙලා අම්මා ගෙදර ආවා කියන්නෙ අප්‍රේල් 12 වෙනිදායි...හැම මාසෙම 10 වෙනිදා මගේ උපන්දිනේ යෙදෙනවා නම් මේක ඒ හැටි සතුටක් වෙන දෙයක් නෑ මට... ඒත් මේ දවස එනකල් මම බලං උන්නේ ගිය පාර උපන්දිනේ පහු වෙච්චි දවසෙ ඉඳලමයි.. 


ඉතින් ඇයි මං මේ දවසට මේ තරම් ආදරේ කරන්නේ???
මගේ ආදරණීය අම්මා එදා උදේට කිරිබත් උයනවා... ඉස්සෙල්ලම කෑල්ල මට කවනවා... උදේම චූටි අයියාලොකු අයියාඅක්කාපුතාදුව... මේ හැමෝම මට කතා කරලා සුභ පතනවා වෙන වෙනම... අම්මගෙන් උණුසුම් හාදුවකුත් ලැබෙනවා එදාට... (වෙනදටත් ලැබෙනවා.. නමුත් උපන්දිනය දවසෙ වැඩිපුර දැනෙනවා) ඒ විතරක්යැ... දවල්ට රසම රස එළවලු බත් හදලාකට්ලට්,පපඩම් ඇතුළු මම කන්න කැමති කෑම ජාති ටිකක් හදලා... එහා ගෙදරටත් බත් පිඟානක් ගිහින් දීලා තමයි සමරන්නෙ... ඒ වගේම චූටි අයියාඅම්මා සහ ලොකු අයියලාගේ පවුලේ හැමෝම වෙනුවෙන් උපන්දින සුභ පැතුම් පත් 3ක් අනිවාර්යයෙන්ම මට ලැබෙනවා... (ඒවා එකතු කරන්නත් මං හරි ආසයි... අවුරුදු ගාණක ඉඳං මම එකතු කරපු කාඩ් තොගයක් තියෙනවා) ලොකු අයියලාගේ පවුලෙන් නම් සමහර විට පුංචි පුංචි ලස්සන තෑගී පවා ලැබෙනවා... J J J අවුරුද්දට එක පාරනේ නේද? ඒත් අවුරුදු ඉතාම කිට්ටුව උපන් දිනේ යෙදෙන නිසා වෙන කවුරුත් නම් උපන්දිනේට මොකුත් දෙන්නෙ නෑ... එකලඟ දෙපාරක් දෙන්න වෙනවනෙ නැත්නම්...

ඒත් මේ පාර උපන්දිනය ගැන මට ටිකක් දුකයි... L L L මේක මම අම්ම නැතුවතාත්තා නැතුවලොකු අයියා,අක්කා,පුතා,දුව මේ කිසි කෙනෙක් ළඟ නැතුවමගේ කොට්ටෙ නැතුවමගේ මේසෙ නැතුව... කිලෝමීටර් ගාණක් ඈත තනියම සමරන්නේ... සමරන්නේ කිව්වට කා එක්ක සමරන්නදසමරන්නෙ නෑ... අඩු ගානේ මේ පෝස්ට් එක ඔයාල බලන වෙලාව වෙද්දීත් මම ගෙදර නැහැ... අම්ම කතා කරාවි... ලොකු අය්යලා කතා කරාවි... චූටි අයියත් කතා කරාවි... යාළුවෝ මැසේජ් වලින් සුභ පතාවී...  ඒත් ගෙදර ඉන්නවා වගේ සතුටක් පිට තැනක තියෙයිදL

මේක මම බ්ලොග් අවකාශයේ සැරිසරන්න ගත්තට පස්සෙ පසුකරන දෙවෙනි උපන්දිනය... ඒත් ඔයාලත් එක්ක දුක - සතුට බෙදා ගන්න පළවෙනි උපන්දිනය...මේ දවස් වල හරියට වියදම්... අර චීත්ත ගවුම මහන්නයි මේ සාරි ජැකට් එක මහන්නයිඅරක ගන්නයිමේක ගන්නයි.... හයියෝ එපා වෙනවා... ෆුල් ලොස් වෙලා ඉන්නේ...  ඒත් උපන්දිනේ දවසෙ මාව බලන්න ආපු ඔයාලව හිස් අතින් යවන්නෙ නෑ... J J J

ම්ම්ම්... උපන් දිනේ දවසෙ මම කැමතියි මෙච්චර කාලයක් ඔයාලගේ බ්ලොග් අතරේ ගැවසිච්ච මාව ඔයාලට හැඟෙන්නේදැනෙන්නේ කොහොමද කියල දැනගන්න... ඉතිං කාලා බීලා පුළුවන් අය ඒකටත් පිළිතුරක් දාලම යමු නේද?

කේක් කන්න කැමති අයට කේක් දෙවර්ගයෙන්ම තියෙනවා ඔන්න...  




අයිසින් වලට කැමති අයට මේක...

  
බටර් කේක් කන්න ආස අයට මේක (මං වගේ)


බොන්න තියෙන්නේ නම් කෝපි තමයි...

 

හ්ම්ම්... ඉතිං යාළුවනේමගේ දුප්පත් පාටිය ඉවරයි... ලබන අවුරුද්දේ මීට වඩා හොඳ පාටියක් දෙන්න බලන්නම්කො... මේ පැත්තට ඇවිත් ගිය හැමෝටම ස්තුතියි... ඔන්න මං ගානේ ආපු හැමෝටම ලෙංගතු හාදුවක්...!!!

ලබන සතියේ ආයෙමත් පුරුදු  කතාවෙන් මුණ ගැහෙමු...

34 comments:

  1. සුබ උපන් දිනයක් වේවා!!!!

    කේක් හරිම රසයි, ඔයාද හැදුවේ?

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.... අනේ මම නම් නෙමේ හැදුවෙ අයියා... කවුරු හැදුවත් මොකෝ රස නම් කමක් නෑ... බොහොම ස්තුතියි අයියේ!!!

      Delete
  2. සුබ උපන් දිනක් වේවා.......
    ඒ වගේම තමා ඉතින් සයිබරයෙන් දැන ගත්තට කොහොමෙයි අපි ඔයා ගැන කියන්නේ.. අන්න ඕකට හොදම කෙනා සාත්තර නදිනි එයානං කිරිගහට ඇන්නා වගේ කියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා... !!!
      හි හී... මං තාම ඒ පැත්තේ ගිහින් නෑනේ... කමක් නෑ කමක් නෑ...

      Delete
  3. හානේ.....හැපි බර්ත් ඩේ ඈ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ.... ටැංකු ඈ...g-)

      එසේම වේවා එසේම වේවා...!!!

      Delete
  4. මට මුකුත් නෑ ඉහි ඉහි... එග්ලස් කේක් එකකුත් දාන්න.නැත්තං මං විශ් කරන්නේ නෑ!!!


    ReplyDelete
    Replies
    1. කෝම හරි කමක් නෑ.ඔයා මං කියන දේ අහලා කතාව ලියනවනේ.ඔයා හොද අක්කියා....උම්මා....හැපී බර්ත්ඩේ සුදූ!!! මේ අවුරුද්දෙන් මුළු ජීවිතේම වෙනස් වෙලා සතුටින්ම පිරෙන්නෝනේ ඔයාගේ ජීවිතේ!

      Delete
    2. ම්ම්ම්... එහෙම කේකුත් තියෙනවද නංගියේ...? හා හා එහෙම එකකින් කෑල්ලක් දුන්න ඔන්න හරිදෝ... බොහොම ස්තුතියි නංගා... :-* මං වෙනුවෙන් කරපු විශ් එක වෙනුවෙනුත් ගොඩක් ස්තුතියි... ඒක එහෙමම වෙන්න කියලත් විශ් කරමු...

      Delete
  5. හැපි හැපි බර්ත් ඩේ :D

    මොකෝ මේ හුඟක් තැන්වල JJJ තියෙන්නේ ??

    ReplyDelete
    Replies
    1. හි හී... ස්තුතියි ස්තුතියි...!!!

      අයියා ක්‍රෝම් බ්‍රවුසර් එකෙන් නෙමේ නේද එන්නේ? ඒකයි ඒ...

      Delete
  6. ඇයි අනූ නංගි දැන් ගෙදර නෙවෙයිද ඉන්නේ. හ්ම් හ්ම්. ඕන එකක්.

    සුබ උපන් දිනයක් වේවා..!! අයිසින් කේක් වල මල් විතරයි මං කන්නේ. :D

    ReplyDelete
    Replies
    1. හයියෝ නෑ අයියා... ගෙදර ආපු ගමන් ආවා ඔයාලව බලන්න... :(

      ස්තුතියි ස්තුතියි... මොකෝ මල් කන්නේ... යට තියෙන පුන්නක්කු කන්නෙ නැතෙයි? =))

      Delete
    2. //යට තියෙන පුන්නක්කු කන්නෙ නැතෙයි?// උඹල ඒවත් කනව ද බං.. :D:D:D

      Delete
    3. අයිසින් කේක් වල උඩ විතරනෙ බං රහ... යට නිකන් පුන්නක්කු වගේ... මම කන්නෙ බටර් කේක් බං... :D :D :D


      Delete
  7. අනේ පොඩි නංගියේ ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා කියල මම පතනවා කේක් නම් එල කෝ බොල ලොකු අයියලාට දෙන්නේ කෝපි විතරද? මෙලෝ රහක් නැහැ. :P ඔයාගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල මම පතනවා :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා... ලොකු අයියල කෝපි බොනවා නම් කොච්චර හොඳද? සැර එව්වට නංගා අකමැතියි නේ... රහ දැනෙන්නෙ නෑ ඉතිං ඔය දිවවල් පිච්චිලා වෙන්ටැති.... :P

      ප්‍රාර්ථනාවටත් ගොඩාරියක් ස්තුතියි අයියේ... :-h

      Delete
  8. සුභ උපන්දිනයක් වේවා! නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා...

    (මොකක්ද මේ JJJ, LLL කියල දාල තියෙන්නෙ ?)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියේ....

      (ක්‍රෝම් වලින් බලන්න එන්නෝ... මට නම් ස්මයිල් ෆේසස් ලස්සනට පේනවෝ)

      Delete
  9. සුභ උපන්දිනයක් වේවා! ඔන්න මම අයිසින් කේක් කෑල්ලක් ගත්තා, හොඳ ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...!!! ඔයා ආස එව්වටද? ඇයි එකක්, ඉල්ලන්නකො දෙකක්...

      Delete
  10. ඔන්න උපන්දිනේට උණුසුම් සුභ පැතුම්.. උපන්දිනේ වෙනුවෙන් දුන්න එව්වා අපිත් ගත්තා.. හරිම රහයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....!!! රහ නම් එච්චරයි...

      Delete
  11. පරක්කු වෙලා හරි හැපි හැපි උපන් දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ආ... බොහොම ස්තුතියි...!!!

      Delete
  12. බොහොම ස්තුතියි... එසේම වේවා...!!! කිරියෙන් පැණියෙන් ඉතිරේවා...!!!

    ReplyDelete
  13. මට මේ පෝස්ට් එක මිස් වෙලා අයියෝ ....
    මම ඉතින් ඔයාට උපන් දිනේට සුබ පැතුවනේ ...තලහ වෙන්න එපා ඉතින් ...



    ඔයාටත් ඔයාලගේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා අනු නංගි ...

    ReplyDelete
    Replies
    1. මිස් වෙලා නෙමේ කරලා....
      ඒක තමයි නේද? නෑ නෑ දැන්නම් සුට්ටක් වත් තරහ නෑ... :)

      බොහොම ස්තුතියි අයියා... ආයෙමත් එසේම වේවා...!!!

      Delete
  14. අයියෝ.. මටත් අනූගේ උපන්දිනය මගහරිලා.. ඒත් කමක් නෑ මේක පමාවූ සුබ පැතුමක් කියල හිතා ගන්න. එතකොට පමාවූ හැම සුබ පැතුමක්ම ඊළග අවුරුද්ද එනකල් මතකයේ රැදෙනවා..

    එහෙනම් නිරෝගි දිවියෙන් සපිරි සුබම සුබ උපන් දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. අයියෝ... කමක් නෑ... ලබන අවුරුද්දට තියාගමුකො නේද? උපන්දිනය විතරක් නෙමේ කාලෙක ඉඳං බ්ලොග් එකම මඟ හැරිලා.. තාම පරණ එකනේ එල්ලං ඉන්නේ...


      බොහොම ස්තුතියි..!!!

      Delete
  15. අවුරුද්දටඇවිත් යන්න ආව. මේකි ලෝබ කමට කලින් තිබ්බ කේක් එක එහෙම්මම තියා තියල. :P

    සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි..!!

    ReplyDelete
    Replies
    1. අනේ අලුත් එව්වා හොයන්නත් වෙලාවක් තිබ්බේ නෑ... හදිස්සියේ ලිව්වේ මේක... :(

      එසේම වේවා අයියා..!!!

      Delete
  16. මට නම් මිට කලින් උඹ ගැන කිසි මතකයක් නැහැ බං. ඇත්තටම උඹ කවුද ?

    ReplyDelete
    Replies
    1. [ma+][co="green"]අඩේ එළ බං... කොච්චර ශෝක් ද?[/co][/ma+]

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..